ගාමු සොඳ සේ - නාමු රිසි සේ
අරන් සිතු සේ - සබන් සතොසේ

 

කිංබානට්තුමාට 'චන්දන ඇඟ ගාලා' සිංදුවේ රීමික්ස් එකක් ඇහෙන්න පටන් ගත්තා.

 
" තෙල් මිල උස්සාලා
ගෑස් බර බස්සාලා
සීනි ගැසට් ගසාලා
ආණ්ඩුවම නාලා වගෙ....
දාහේ මල්ල  දීලා 
පොල් තෙල්  නග්ගාලා
ෆේස් මාස්ක් හදාලා 
බන්දු අයියා සේල්ස් ‍රෙප් වගේ....
හොද්දට කහ හෙව්වා රට වටේ
කීරි සම්බා දෙසීයයි අනේ
වැක්සීන් තව නෑනේ 
ප්‍රාඩෝ මග එන්නේ ... 
ලා...ලාලා.ලාල...ලාල....ලා..."
 
බන්දු අයියා පෙට්ටියකුත් අරන් කොරන්ටයින් වෙලාවේ ගෙවල් ගානේ යනවා.
 
 
" මොනවද පෙට්ටියේ ...? "
කිංබානට්තුමා බන්දු අයියව නතර කරලා ඇහුවා. 
 
 
බන්දු අයියා පෙට්ටිය පරිස්සමින් බිම තියලා මේස් බැනියමෙන් දාඩිය පිහි දැම්මා.
 
" ටොප් බඩුවක් ගෙනාවා මේ සැරේ..."
 
එහෙම කියලා බන්දු පොඩි සබන් කැටයක්  අතට ගත්තා .
 
" TFM 59 යි... ඇෆ්ලටොක්සින් නැති පොල් තෙල් දාලා හදලා තියෙන්නේ ... කුණු යනවා නිකං සට සට ගාලා....
විස්වාස කරන්න සර් මං පෙරේදා මේක ගාලා නාලා හේදිලා ගිය ඇඟේ කුණුවලින් කොම්පෝස්ට් පෝර කිලෝ දොළහාමාරක් හැදුවා ..."
 
" අම්මපා කියහං...."
 
" අම්මපා සර්...මේ කැටයක් රුපියල් 40 යි වෙන්නෙ...අර බණ්ඩාරවෙල යවපු ජංගියට දාපු ඉලාස්ටික් එකක්වත් ඒ ගානට ගන්න බෑ..."
 
එහෙම කියලා බන්දු අයියා සබන් කැටේ කිංබානට්තුමාට දුන්නා.
 
" ඇයි මේ වගෙ නිෂ්පාදනයක් කරන්න හිතුවේ ...? "
 
" මගෙනුත් මොකක් හරි දායකත්වයක් දෙන්න ඕනනේ..."
 
 
" ඒ කිව්වේ...? "
කිංබානට්තුමා ෆුල් මංඥං.
 
" ආණ්ඩුවේ උපදේශකයෝ දෙන ලනු හින්දා මේ ආණ්ඩුව ඇදගෙන නානවනේ...."
 
" ඉතින්....? "
 
" ඒ නාන නෑමට සබන් කැටේකින් හරි මාත් සප් එක දෙන්න එපැයි ...! "
 
එහෙම කියලා  බන්දු අයියා ආපහු සබන් පෙට්ටිය කරට ගත්තා.
 
 
(King Barnet ෆේස්බුක් පිටුවෙන්...)
 
 
##########
 
THE LEADER TV 
 
ලන්සා 'ස' ට ටොකු දෙද්දී : බැසිල්ටත් කොක්කක්...!
 
 
 
බැසිල්ට ගෙදර නවතින්නම ප්‍රහාරයක්! 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්