කිංබානට්තුමා සුරා බඩු කොමසාරිස්ව හම්බවෙන්න ගියා.
 
 
" අපි හිතුවේ මේ ආණ්ඩුව ජනහිතකාමී නෑ කියලයි.."
කිංබානට්තුමා කතාව පටන් ගත්තා.
 
 
" සම්පූර්ණයෙන්ම වැරදි අදහසක් නෙ... ආණ්ඩුව ජනතාව ගැන දිවා රෑ හිතනවා...."
සුරා බඩු කොමසාරිස් පැහැදිලි කෙරුවා.
 
 
" ඒක  ඇත්ත ...මිනිස්සු බොරුවට කෑගැහුවා තෙල් මිල වැඩි කළා කියලා .... දැන් බලනකොට තෙල් ටික ඔන්ලයින් ගෙදරටම ගේන්න කටයුතු සූදානම් කරලනෙ...."
 
 
" අන්න මිස්ටර්ට තේරුම් ගියා..."
සුරා බඩු කොමසාරිස් කිව්වා. 
 
 
" අර ජී. ඇල්. ට  ඔන්ලයින් අධ්‍යාපනය හරියටම කරගන්න බැරි වුණාට මට හොඳටම ෂුවර් මේක නං හරියටම කරනවා...."
 
 
" දැන් බලන්න මිස්ටර් මේ රටේ මිනිස්සු හාල් නැග්ගත් චුරු චුරුව.... පරිප්පු නැග්ගත් චුරු චුරුව....සීනි නැග්ගත් චුරු චුරුව.....පිටි නැග්ගත් චුරු චුරුව....ඒත් අරක්කු නැග්ගට කවදාවත් එක වචනයක් කියනවද...අන්න ඒ නොසැලෙන ගුණයට  අපි සලකන්න ඕන...."
 
සුරා බඩු කොමසාරිස් දිගටම කියාගෙන ගියා.
 
 
" දැන් කොහොමද අපි ඔන්ලයින් බඩු ඕඩර් කරන්නේ ...? "
කිංබානට්තුමා ඇහුවා. 
 
" හරිම ලේසියි ...ෆොරින් බඩු නං  ඉස්සෙල්ලා F ගහන්න ඕන ...
 
විස්කි නම් F හිස් තැනක් 1 ද, 
බ්‍රැන්ඩි නම් F හිස් තැනක් 2 ද, 
වොඩ්කා නම් F හිස් තැනක් 3 ද ගහලා 
SMS කරන්න තියෙන්නේ ...හරි සිම්පල් ...."
 
 
" ෂා මරු...! එතකොට ලෝකල් බඩු ගන්නවා නං...? "
 
 
" ලෝකල් බඩු ඕන  නං ඉස්සෙල්ලාම L ගහන්න ඕන ....
ගල් නම්  නම් L හිස් තැනක් 1ද, 
පොල් නම් L හිස් තැනක් 2 ද,
බියර් නම් L හිස් තැනක් 3 ද ගහලා  
SMS කරන්න ...පැයෙන් බඩු ගෙදරට ...."
සුරා බඩු කොමසාරිස් සිස්ටම් එක විස්තර කෙරුවා.
 
 
" එතකොට කසිප්පු ඕඩර් කරනවා නං...? "
කිංබානට්තුමා වැදගත් ප්‍රශ්නයක් දැම්මා.
 
 
" මෙහෙමයි මිස්ටර් දැනට අපි සිස්ටම් එකට කසිප්පු අප්ලෝඩ් කරලා නෑ...මොකද ගං වතුර හින්දා සප්ලයි ප්‍රොබ්ලම් එකක් තියෙනවා ... යථා කාලෙදි ඒ ගැනත් සලකා බලනවා...."
 
 
" තව අපේ වැලිව් ඇඩඩ් සර්විස් එකක් තියෙනවා ... 
 
වයිෆ් ඇහැරිලා  නං # ගහලා ☠️ සංකේතය එවන්න ...
 එතකොට අපි පාර ළඟට බඩු ගෙනැල්ලා කෝල් කරනවා....
 
වයිෆ් බුදි නං # ගහලා ?සංකේතය එවන්න ....දොරකඩටම බඩු ගේනවා...."
සුරා බඩු කොමසාරිස් තිතට විස්තරේ දුන්නා.
 
 
" එතකොට බයිට් එහෙම ඕන නං...? "
අන්තිමට කිංබානට්තුමා ඇහුවා. 
 
 
" සිම්පල් ...බයිට් එකට බයියෙක් ඕන නං B ගහන්න ... 
ටොයියෙක් ඕන නං T ගහන්න ... 
ජෙප්පෙක් ඕන නං J ගහන්න ...! "
 
(King Barnet) 
 
( මෙය King Barnet FB පිටුවේ අද උදැසන පලවූවකි. - මේ වනවිට මුදල් අමාත්‍යංශයේ ඔන්ලයින් මත්පැන් යෝජනාව රිවස්වී තිබේ. ඊට අවසර නොදෙන බව යුධ හමුදාපතිවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් දැනුම් දී ඇත. )
 
Online
 
 
 
 
 
 

THE LEADER TV 
 
ස'ට එරෙහිව: ජූලි කැරැල්ලක්!
 

 
 
 
රටම බංකොලොත්: ඉන්ධන හා ඖෂධ ගෙන්වීමත් දැඩි අවදානමක?
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image