කිංබානට්තුමා දවස් 69 ක් තිස්සේ නිදි වරාගෙන කල්පනා කළා.
 
VAT 69 එකක් බිබී කල්පනා කළා.
 
කුවේණියගේ සාපය වගේ අපේ පස්සේ 69 එළවනවා නේද කියලා කිංබානට්තුමාට හිතුණා.
 
ගෝඨාභය මහත්තයා මේ රටේ ජනාධිපති කළේ 69 ලක්ෂයක් ජන්දය දීලා .
 
ගෝඨාභය මහත්තයා ජනාධිපති වෙන 2018 අවුරුද්ද වෙනකොට එතුමාගේ වයස 69 යි.
 
එතුමා පත් කළ කැබිනට් හා රාජ්‍ය ඇමැතිවරුන්ගේ එකතුව ගත්තාම 69 යි.
 
මේ ළඟදි බ්‍රහ්ම ටෝක් ගම්මන්පිල ඉන්ධන මිල වැඩි කළ මිලේ එකතුව ගත්තාම 69 යි.
 
ගෝඨාභය මහත්තයා ජාතික අමතන්න ගත්තු කාලයත් විනාඩි 69 යි.
 
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශේෂ ගුවන් යානයකින් එංගලන්තයට යවන්නේ රුපියල් මිලියන 69 ක් වියදම් කරලා.
 
එංගලන්තයත් එක්ක ගහපු දෙවෙනි T20 මැච් එක තමයි ලංකාව පැරදුනු 69 වැනි T20 මැච් එක .
 
69 සාපයෙන් ගෝඨාභය මහත්තයා ගලවාගන්නේ කොහොමද කියලා කිංබානට්තුමා කල්පනා කළා.
කිංබානට්තුමා පැය 69 ක් එක දිගටම කල්පනා කළා.
 
69 පල්ලා ඒත් අයිඩියා එකක් ආවේ නෑ.
 
ඔන්න එතකොට කිච පීරිස්  ඔතනින් ගියා.
 
කිච පීරිස්ව දැකපු ගමන් කිංබානට්තුමාට අයිඩියා එකක් ආවා.
 
" ඒයි කිචා , මෙහෙ වරෙන් මට ක්‍රමයක් සෙට් වුණා......"
කිංබානට්තුමා කිව්වා. 
 
" මොන ක්‍රමයක්ද ...? "
කිච පීරිස් ඇහුවා. 
 
" 69 ලක්ෂයෙන් එක එකා දවස ගානේ හැලෙන එක නවත්තන ක්‍රමයක්...."
 
" ඒ කොහොමද ...? "
 
" ඇයි බං අර එංගලන්තයේ ඉඳලා
ලංකාවට දක්කාගෙන ආපු ක්‍රිකටර්ස්ලා 3 දෙනා ගෙන් වැඩේ ගොඩ දාගන්න පුළුවන් ...."
 
" ඒ කිව්වෙ කුසල්ගෙනුයි, දනුෂ්කගෙනුයි, දික්වැල්ලගෙනුයි....? "
 
කිච පීරිස්ට හරියට බවුසරයක් ඔලුවට ආවා වගේ.
 
" ඔව් බං...  ඔය යක්කු තුන් දෙනා දවස් 69 කට නිරෝධායනය කරලා අවුරුදු 69 කට ක්‍රිකට් තහනම් කළා නං 69 ලක්ෂය විතරක්  නෙවෙයි...දෙකෝටි 69 ලක්ෂයම  ගෝඨාභය මහත්තයා ගේ පැත්තේ...! "
 
කිංබානට්තුමා එහෙම කියලා ඉතුරු වෙලා තිබ්බ VAT 69 කොටේ කටේ හළා ගත්තා .
 
 
(King Barnet ෆේස්බුක් පිටුවෙන් උපුටා ගැනිණ )
 
 
##########
THE LEADER TV 
ස'ටත් කොළේ වහපු ඩො.මි. 130ක ටෙන්ඩර් මගඩියක්! 
 
 
නිලීකා මලවිගේ එන්නත් කමිටුවෙන් අස්වුණේ චීන සයිනොවැක් නිසාද?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්