කිංබානට්තුමා අතට අලුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ නීති මාලාව හම්බ වුණා. 
ඒකට අනුව පන්සල්, පල්ලි ඇතුළු සියලු ආගමික සිද්ධස්ථාන තව දුරටත් තහනම්.
 
හැබැයි ස්පා ඇරලා.
 
කිංබානට්තුමා මේ ගැන කතා කරන්න හොඳ කාවද කියලා බැලුවා.
 
මුරුත්තෙට්ටුවේට කතා කරලා වැඩක් නෑ.
උන්නැහේ දන්නේ නර්ස් නෝනලාගේ මාසික ඔසප් වීම වගෙ ගැටළුනෙ.
 
ඒක නිසා ඇල්ලේ හාමුදුරුවෝ තමයි මේ වැඩේට හොඳ කියලා කිංබානට්තුමා තීරණය කළා.
 
" හාමුදුරුවනේ, දැක්කද අලුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ ටික ...? "
කිංබානට්තුමා ඇහුවා. 
 
 
" හැබෑටම මොනවද මහත්තයො 
ඕකෙ තියෙන්නේ ...? "
ඇල්ලේ හාමුදුරුවෝ විචාරා හිටියා.
 
" මේක අනුව පන්සල, පල්ලිය ඇතුළු ආගමික සිද්ධස්ථාන තව දුරටත් තනනම්... හැබැයි ස්පා ඇරලා..."
කිංබානට්තුමා විස්තර කෙරුවා.
 
" ඒ කියන්නේ සිත දමනය කරන තැන් ක්ලෝස්... ගත දමනය කරන තැන් ඕපන්...? "
ඇල්ලේ හාමුදුරුවෝ පෙරළා ප්‍රශ්න කළා.
 
" යර්ස් හාමුදුරුවනේ..."
කිංබානට්තුමා අනුමත කළා.
 
" ඕකෙන් ගම්‍ය වෙන එක කාරණාවන් තමයි ඔය සෞඛ්‍ය මාර්ගෝපදේශ හදපු සෙට් එකේ උදවියගේ පන්සලේ මුර දාන ජූලි මාසෙ යෙදිලා ඇති ... 
 
ඒක කට් කරන්න ඔහොම දෙයක් කරන්න ඉඩ තියෙනවා ...
 
...අනිත් අතට පන්සල් පල්ලි කියන්නේ මොනවද...? 
ඒවගෙන් අපේ ඒක පුද්ගල ආදායම වැඩි කරනවද...? 
 
දළ දේශීය නිෂ්පාදනය වැඩි කරනවද...? 
 
අපේ ඩොලර් සංචිත ඉහළ දානවද...? 
නෑනේ මහත්තයෝ....
 
 
ඉතිං ඕවා විවෘත කරලා මොකක්ද ඇති පළේ.....? "
ඇල්ලේ හාමුදුරුවෝ දීර්ඝ විවරණයක් කෙරුවා.
 
" එතකොට හාමුදුරුවනේ ස්පා ඇරපු  කාරණාව ....? "
 
" ස්පාවලට යන්නේ එක්කෙනා එක්කෙනානේ....අර අසේල උන්නැහේ ඒවගේ දොරකඩ ඉදලා ගනං කරලා තියෙනවානේ..."
 
" තව කාරණාවක් තියෙනවා ...කිව්වට කමක් නැද්ද මහත්තයෝ...? "
 
" ඒ ටිකක් ඔන්න ඔහේ කියලා දාමු හාමුදුරුවනේ..."
 
" ෂුවර් එකටම ඔය සෞඛ්‍ය මාර්ගෝපදේශ කමිටුවේ ඉන්න සෙට් එකම පන්සල් කෙසේ වෙතත් රෑට රෑට ස්පා වන්දනාවේ යනවා ඇති ..."
 
" අනේ සාදු...! "
 
කිංබානට්තුමා සාදුකාරයක් දුන්නා. 
 
" හැබැයි මහත්තයෝ ඔය සෞඛ්‍ය මාර්ගෝපදේශවල පොඩි අඩුපාඩුවක් වෙලා තියෙනවා ..."
 
" ඒ මොකක්ද හාමුදුරුවනේ....? "
 
" ස්පා ඇතුලේ මිරිකන්න ඕන තැන් මොනවද මිරිකන්න එපා තැන් මොනවද කියලා අර ලේඛනයේ දාලා නෑ...! "
කොරෝනා කතා වස්තුවේ එන ස්පා ගැටළුව ඇල්ලේ හාමුදුරුවෝ ඒ විදියට විග්‍රහ කළා.
 
(King Barnet ෆේස්බුක් පිටුවෙන්...)
 
THE LEADER TV 
 
 
බැසිල් අයියලට කොන්දේසි දමයි !
 
 
 
බැසිල්-විමල් සටන් විරාමය ! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්