මන්ත්‍රී ‍රිෂාඩ් බද්‍යුදීන්ගේ නිවසේදී 16 හැවරිදි හිෂලිනී මිය යාමට අදාළව කියවෙන බාලවයස්කාරියක සේවයේ යොදවා ගැනීම,

ලිංගික අතවරයට ලක්වීම ආදී සියලු කතන්දරවල මූලය ලංකාවේ අධ්‍යාපන අවස්ථා අහිමිවීම පිළිබද ගෑටළුවයි.

කවර පැත්තකින් සිද්ධියේ වැරදිකරුවන් සෙව්වත් පාසල් යායුතු දැරියක් පාසල් නොයාමයි ගැටළුවේ මුල වෙන්නේ. පවුලේ නැති බැරිකම තවත් පැත්තක කතාවක් බව ඇත්ත. ඒ නිසා මේ මරණයට ඍජු වරදකරුවන් කවුරුන් වුවත් ලාබාල දැරියකගේ අධ්‍යාපන අවස්ථාව අහිමි කර ඇත්තේ "සමාජවාදි ජනරජයක්" කියා කියන ශ්‍රී ලංකාව කියන රට. රාජ්‍ය. විටින් විට රට පාලනය කරන ආණ්ඩු.

පක්ෂ නායකයෙක් වගේම කැබිනට් මණ්ඩලයද නියෝජනය කළ දේශපාලකයෙක් මෙලෙස ලාබාල දැරියක තම නිවසේ මෙහෙකාරකමට තබා ගැනීම නින්දිතයි. කොළඹ ඇතුළු සමහර ප්‍රදේශවල සමාජයේ වැදගත් තනතුරු දරණ ඇතැම් නෝනා මහත්වරුන්ගේ නිවෙස්වලත් මෙහෙම දරුවන් මෙහෙකාරකමට තියා ගෙන ඉන්නවා. ඒත් වගකිව යුතු රාජ්‍ය ආයතන මර නින්දක ඉන්නේ.

හිෂලිනීගේ මව කියන කතාවට අපේ හදවත් රිදෙනවා. ණය බරින් දෙමාපියන් ගලවා ගන්නයි ඇය යන්නේ. අපේ කුඩා කාලෙත් මෙහෙම හිතුන අවස්ථා තිබුණා. දැරිය වගේම අසරණභාවයේ ගිලී සිටින දෙමාපියන්ද එහිදී සාධාරණයි.
ග්‍රාමීය දුගී දුප්පත් වැඩිහිටියන් දන්නේ ළමයින්ගේ බඩ කට පුරවන්න විතරයි. අධ්‍යාපනයේ වටිනාකම දැනුනත් නොදැනුනත් ඔවුන්ට කළ හැක්කක් නැහැ. ඒ නිසා තමයි දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් රටක ආණ්ඩුවකට අත්නොහල හැකි වගකීමක් තිබෙන්නේ.

 

ග්‍රාමීය දුගී දුප්පත් වැඩිහිටියන් දන්නේ ළමයින්ගේ බඩ කට පුරවන්න විතරයි.
අධ්‍යාපනයේ වටිනාකම දැනුනත් නොදැනුනත් ඔවුන්ට කළ හැක්කක් නැහැ.
ඒ නිසා තමයි දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් රටක ආණ්ඩුවකට අත්නොහල හැකි වගකීමක් තිබෙන්නේ.

 

ඒත් අපේ රටේ මෙතෙක් කලක් පැවති ආණ්ඩු අඩුම තරමින් අධ්‍යාපනයේ සම අවස්ථා වැඩි කිරීම සඳහා කරලා තියෙන්නේ අඩුම වැඩ කොටසක්.

ගමටයි නගරයටයි සැලකෙන්නේ දෙවිදියකට. ගමේ නම් හෝ දුප්පත් නම් යන්න තියෙන්නේ අඩුම පහසුකම් ඇති පාසලට. "නගරෙට කිරි ගමට කැකිරි" කට කහනවට කියන කතාම නොවෙයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ රියදුරු මහතෙක් හෝ ඔහුගේ මිතුරෙක් මට කී කතාවක් මතකයි. තමන් ජීවත්වන ප්‍රදේශයේ තරමක් පහසුකම් ඇති පාසලකට තම දරුවා ඇතුලත් කර ගැනීමට අදාළ රියදුරු මහතාට නොහැකිවෙලා. ඔහු මේක එවක අධ්‍යාපන ඇමති විජමු ලොකුබණ්ඩාරයන්ට දැනුම් දී උදව් ඉල්ලුවා. "තමුන්නාන්සේලාගේ ළමයි ඇයි පොඩි ඒවට යන්නේ. ඔහේලා වගේ අයගේ ළමයි තමයි ලොකු ඉස්කෝලවලට යන්න ඕනෑ" කියූ ඇමතිතුමා එම දරුවා කොළඹ ප්‍රසිද්ධ පාසලකටම දමලා දුන්නලු.

පහසුකම් දෙන්න බැරි නම් එහෙමවත් පොඩි මිනිහට උදව් කරන දේශපාලකයන් විරලයි. අපේ රාජ්‍ය නායකයකුගේ ආර්යාවක් පෙර පාසල් දමා ගෙන කොළඹ ප්‍රධාන පාසල් ටිකේ පළමු වසරේ ඉඩ කොල්ලකන යුගයකුත් අප දැක තිබෙනවා.

තමන් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සිටියදී දිවයින පුරා නවීන විද්‍යාගාර සහිත ගොඩනැගිලි 1000 ක් ඉදිකිරීමට ජනාධිපතිවරයාගෙන් ප්‍රතිපාදන වෙන්කරවා ගත් හැටි බන්දුල ගුණවර්ධන මහතා පසු කලෙක කිව්වා මතකයි. ඔහු කිව්වේ ඒවට "මහින්ද්‍යෝදය විද්‍යාගාර" කියලා නම දාමු කියලා බෝලයක් බස්සලා සල්ලි වෙන්කර ගත්තා කියලා.

රටේ නායකයින් ගම ගැන මහත් ග්‍රාමීය ප්‍රේමයකින් කතා කළත් ගමට ගිහින් දරුවන් රුවා ගත්තත් ගමේ මිනිස්සුන්ගේ දරුවන් උඩට ගේන්න නගරෙට තරම් ගමට වැඩකරන්නේ නැහැ.

ජනප්‍රිය පාසල්වල ප්‍රධාන ආරාධිතයන් වන ජනාධිපතිවරුන්, අගමැතිවරුන් හෝ ඇමතිවරුන් අඩුම තරමින් දුෂ්කර පෙදෙසක ඉස්කෝලෙක කිනම් හෝ උත්සවයකට සහභාගී වී තියෙනවද? සම අයිතිවාසිකම් හිමියැයි කියන රටක ඒ අහිංසක ළමයින්ගේ මුහුණුවල සිනහවක් දකින්න ඔවුන් අකමැතිද?

ප්‍රසිද්ධ ජාතික පාසල්වල අවුරුදු 20-25 එක දිගට වැඩකළ ගුරුවරුන් පවා මාරු කිරීමට මේ ඇතැම් නායකයන් ඉඩ දුන්නේ නැහැ. ඒ තම පංතියේ මිනිස්සුන්ගේ දරුවන් වෙනුවෙන් එකී ගුරුවරුන් එම පාසල්වලම තබා ගැනීමට සහ ජනප්‍රිය පාසල් මාෆියාව නිසා. එහෙත් හිටපු අධ්‍යාපන අමාත්‍ය Akila Viraj Kariyawasam මහතා එකී අභියෝගයට මුහුණ දෙමින් ඒ දෙය කළා.

"හොඳ පාසල්වලට හොඳ ගුරුවරු. දුෂ්කර පාසල්වලට නරක ගුරුවරු" වගේ ප්‍රතිපත්තියක් තමයි තවමත් රටේ තිබෙන්නේ. වතුකරයේ පාසල්වලට අදත් ගුරුවරු හිගයි. හිෂලිනීලට අධ්‍යාපන වරම් අහිමි වීම ගැන තවත් කවර කතාද?

 

"හොඳ පාසල්වලට හොඳ ගුරුවරු. දුෂ්කර පාසල්වලට නරක ගුරුවරු" වගේ ප්‍රතිපත්තියක් තමයි තවමත් රටේ තිබෙන්නේ. වතුකරයේ පාසල්වලට අදත් ගුරුවරු හිගයි. හිෂලිනීලට අධ්‍යාපන වරම් අහිමි වීම ගැන තවත් කවර කතාද?

 

හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා "ළඟම පාසල හොඳම පාසල" බවට පත් කිරීමේ වැඩක් පටන් ගන්නකොටත් ටැබ් දෙන්න හදන කොටත් ගමට ආදරේ කරන හා දේශප්‍රේමය උතුරා යන ජනතා නායකයින් විවිධ කතන්දර කිව්වා. එදා එකී දේවල් සිදුවූයේ නම් ඔන්ලයින් ඉගැන්වීම් මීට වඩා හොඳින් සිදුවීමට ඉඩ තිබුණා.

අධ්‍යාපන ‍රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉකුත්දා පාර්ලිමේන්තුවේ කියනවා දැක්කා කොළඹ විශාකා - රෝයල්, ගම්පහ රත්නාවලී බාලිකා මාස තුනකට කලින්ම උසස් පෙළ සිලබස් අවසන් කරනවලු. අනෙක් අයට බැරි ඇයි වගේ ප්‍රශ්නයක් ඔහු අහන්නේ.

මෙයාලා හිතන් ඉන්නේ ලංකාවේ ඔක්කොම පාසල් විශාකා රෝයල් වගේ කියලද? අනේක දුක් විඳින ගුරුවරුන් සහ සිසුන් ගැන ඔවුන් නොදන්නවාද? එකම විභාගයකට මුහුණ දෙන ළමයි දෙවිදියකට ඉගෙන ගන්න රටක් මේක. සමහර ගමේ ළමයින්ට විභාගවලට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ "වලිගය නැති ගොනා මැස්සන්ට බැට දෙන්න දරණ වෑයම වගේ" ප්‍රවේශයකින්.

 

මෙයාලා හිතන් ඉන්නේ ලංකාවේ ඔක්කොම පාසල් විශාකා රෝයල් වගේ කියලද? අනේක දුක් විඳින ගුරුවරුන් සහ සිසුන් ගැන ඔවුන් නොදන්නවාද? එකම විභාගයකට මුහුණ දෙන ළමයි දෙවිදියකට ඉගෙන ගන්න රටක් මේක. සමහර ගමේ ළමයින්ට විභාගවලට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ "වලිගය නැති ගොනා මැස්සන්ට බැට දෙන්න දරණ වෑයම වගේ" ප්‍රවේශයකින්.

 

මේ අධ්‍යාපන අවස්ථා තවදුරටත් අහිමි කෙරෙන්නේ නම් වතුකරයේ ළමයින්ට තවදුරත් දෙමාපියන් මෙන් තේ දළු කඩන්නත් නගරෙටවිත් බැලමෙහෙවර කරන්නත් වෙයි. අනෙක් ගම්වල අයට මැදපෙරදිග යන්න වෙයි. ඒ ඉගෙන ගන්න බැරි නිසා නොවෙයි. මුතූර්වල රිසානා නෆීක් 17 වැනි වියේදිම සෞදිඅරාබියේදි මරණ දඬුවට ලක්වෙන්නෙත් අධ්‍යාපන අවස්ථා අහිමිවීම සහ නැතිබැරිකම නිසාම තමයි.
රටේ මහා සෞභාග්‍යය ගැන මෙන්ම ඉහළ සාක්ෂරතාව ගැන දේශපාලකයින් පුරාජේරු කතා කළද රට එහෙම තැනක නැති බව පිළිගත යුත්තක්. (ඔවුන් ඇතුළු පිරිසකට එහෙම සෞභාග්‍යයක් තිබෙන්න පුළුවන්.)

CWW කන්නංගර කියලා දේශපාලකයෙක් සිටිය බව හෝ කන්නංගර අධ්‍යාපන ප්‍රතිපත්තියක් ගැන නොදන්නා හෝ නොදන්නා ලෙස සිටින නායකයන්ට මේ රටේ සම අධ්‍යාපන අවස්ථා උදාකර දෙන්න බැහැ. ගමේ දුප්පත් පවුලක දරුවෙක් ටිකක් ඉහළට ඉගෙන ගන්නා විට වැඩියෙන්ම ඊර්ෂ්‍යා කරන්නේ ගමේ පොහොසත් මිනිස්සු. වත්මන් රාජ්‍ය යාන්ත්‍රණය සැකසී ඇත්තෙත් ඒ විදියට. නැත්නම් මීට වඩා සහකම්පනයක් රටක වගකිවයුත්තන්ට තිබිය යුතුයි.

"එක මවකගේ දරු කැල බැවිනා යමු යමු වී නොපමා.." කියලා කිව්වට එක වගේ කාටත් සලකන්නේ නැත්නම් හිෂලිනීලා වගේ බොහෝ අයට ප්‍රමාද වෙනවා. ඇයට අත්වුණු ඉරණම හෙට තව කෙනෙකුට අත්වෙන්නත් පුළුවන්..?

 

"එක මවකගේ දරු කැල බැවිනා යමු යමු වී නොපමා.." කියලා කිව්වට එක වගේ කාටත් සලකන්නේ නැත්නම් හිෂලිනීලා වගේ බොහෝ අයට ප්‍රමාද වෙනවා. ඇයට අත්වුණු ඉරණම හෙට තව කෙනෙකුට අත්වෙන්නත් පුළුවන්..

 

MRමහින්ද රුබසිංහ
සමාජ මාධ්‍ය ක්‍රීයාකාරික 

 

 

 

 


 

THE LEADER TV 
 
 
රිෂාඩ්ගේ නිවසේ මෙහෙකාර දැරියගේ මරණය ගැන සැඟවූ තොරතුරු මෙන්න !
 
 
  
වරෙව් කන්ඩ තව තියෙනවා - හඩ්සන්
  
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්