රටේ රාළ දිගටම මේ ආණ්ඩුවට චෝදනාවක් කළා. ඒ තමයි ආණ්ඩුව හිතාමතාම Covid පතුරවනවා කියලා. ඒ ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් කියලත් කිව්වා.
ඒවට හේතුත් කියලා ඇති.
ඇත්තටම ආණ්ඩුව කොරෝනා වෛරසය තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා ගන්නවා.
රටේ රාළ අදත් මේ හදන්නේ ඒ ගැන තවත් තර්කානුකූල ප්‍රවේශයක් ගොඩනගන්න.
අපි දන්නවා අද ලෝකයේ අංක එකේ මාපියාවක් තමයි ඖෂධ ජාවාරම.
ලාභ ඉපැයිම හා සූරාකෑම අතින් ඖෂධ මාපියව දෙවෙනි වෙන්නේ ආයුධ ජාවාරමට විතරයි.
අපි රටක් විදිහට අවුරුදු ගානක් තිස්සේ මේ ඖෂධ ජාවාරමේ ගොදුරක් බවට පත්වෙලා.
ඒවායේ නිෂ්පාදකයෝ තමයි ලෝකයම බූවල්ලෙක් වගේ වෙලාගෙන හූරගෙන කන අධිරාජ්‍යවාදීන්ගේ කොම්පැණි වළල්ල.
අද ලෝකය සූරාකෑම වෙනුවෙන් මේ බහුජාතික සමාගම් අතර වෙළඳ කතිපයාධිකාරියක් ගොඩනැගිලා.
හූරගෙන කෑම වගේ අධිරාජ්‍යවාදය ලෝකය පාලනය කරන තවත් එක මෙවලමක් බවටත් මේ බහු ජාතික සමාගම් මාපියාව පත්වෙලා.
පසුගිය දශක ගණනාවක් තිස්සේ අපි පාන්පිටි හා කිරිපිටි පරිභෝජනයට වැඩි වශයෙන් හුරු වුණා. අපි ජාතියක් විදිහට එතෙන්ට තල්ලු කළේ අපේ පාලකයෝ.
අපිත් ගොන්නු වගේ අපේ ආහාර සංස්කෘතියකට පයින් ගහලා ඒක බදාගත්තා.
අන්තිමට කොකාකෝලා නැතිව කන්න බැරි එවුන් මේ රටේ හැදුණා.
ප්‍රතිථල තමයි අපේ රටේ ජනගහනය අතර බෝ නොවන රෝග වේගයෙන් පැතිරීම.
අද අපේ රටේ වැඩිහිටි ජනගහනය විතරක් නෙවෙයි ළමා හා තරුණ ජනගහනය අතර පවා බෝ නොවන රෝග සීග්‍රයෙන් පැතිරෙනවා.
අපි ඒ රෝගවල ගොදුරු බවට පත්වෙච්චි ජාතියක්.
දියවැඩියාව,ප්‍රෙෂර්, හෘදයාබාධ, පිලිකා, කොලෙස්ටරෝල්, වකුගඩු රෝග අපේ ජනගහනයෙන් අති බහුතරයකට වැළදිලා.
මේ රෝග බෝ කරන්න අවශ්‍ය පාන්පිටි, කිරිපිටි, විවිධ ආහාර වර්ග, කෘමිනාශක, පොහොර මේ සියල්ල අපට එව්වේ බහුජාතික සමාගම්.
ඒවා එවලා අපිව ජාතියක් විදිහට ලෙඩ්ඩු කළේ උන්.
ඊළඟට ඒ ඒ ලෙඩවලට බෙහෙත් ටික එව්වෙත් උන්.
අපට ලෙඩේ බෝකරලා ඒකට හරියන පෙත්තත් හදලා එව්වා.
පෙත්ත ගහලා අපි තව තවත් ලෙඩ වුණා.
දැන් අපට රටේ නැති ලෙඩ. නැති ලෙඩක් නෑ. ෆුල් ඔප්ෂන්.
මේක අද චක්‍රයක් වෙලා. හරියට සංසාර චක්කරේ වගේ බෙහෙත් චක්කරයකුත් හැදිලා.
වට කීපයකින් ඖෂධ මාපියව ඇතුළේ අපි උන්ගේ හූරගෙන කෑමට ලක්වෙනවා.
උන්ගේ මේ හූරගෙන කෑමට යටිතල පහසුකම් හැදුවේ අපේ ආණ්ඩු.
අපිත් එක්ක විතරක් නෙවෙයි මේ බහුජාතික සමාගම් ලෝකය පුරාම මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක මේ සෙල්ලම කරනවා.
රටේ රාළ කියන මේ කතාව අද ලෝකයම පිලිගන්න ඇත්තක්.
ඉතින් මේක කෝවිඩ්වලට වෙන්නේ නෑ කියලා කාටහරි කියන්න පුළුවන්ද?
නව කොරෝනා වෛරසයේ සම්බවය ගැන ඇමරිකාව හා චීනය අතර බරපතල මත ගැටුමක් තියනවා. අපි ඒ කතාව තාවකාලිකව පැත්තකින් තියමු.
අද Covid වටේට ලෝකය ඇතුළේ ලොකු වෙළඳ පොළක් හැදිලා.
ඒක හිතා ගන්නවත් බැරි තරම් දැවැන්ත වෙළඳ පොළක්.
අද කොරෝනා එන්නත නිපදවීම කරන්නේ අධිරාජ්‍යවාදීන්ගේ බහුජාතික සමාගම්.
ලෝක වෙළද පොළේ අද වැඩිම ඉල්ලුම තියෙන්නේ Covid Vaccine වලට.
තවමත් ලෝකයේ බොහෝ රටවල් Vaccine පෝලිමේ ඉන්නවා.
Vaccine ගන්න සල්ලි නැති ගොඩාක් රටවල් අසරණ වෙලා.
ඒ අසරණකම පාවිච්චි කරලා අධිරාජ්‍යවාදීන් තවත් වටයකින් ලෝකය මංකොල්ල කමින් ඉන්නවා.
අද ලෝකයේ විවිධ සමාගම් ගණනාවක් විවිධ වර්ගයේ Covid Vaccine ගණනාවක් නිෂ්පාදනය කරනවා.
ඒවා ලෝක වෙලඳ පොළේ ගිනි ගණන්වලට විකුණනවා.
අපට සයිනොෆාම් Vaccine එක හම්බ උනේ එකක් ඇමරිකන් ඩොලර් 15 ගාණේ. අනිත් ඒවත් ලොකු ගණන්.
අපට Vaccine එක ගන්න ලොකුම ණය මුදල දුන්නේ ලෝක බැංකුවෙන්.
Covid Vaccine එක විතරක් නෙවෙයි ඒ ආශ්රිත දැවැන්ත ජාවාරමක් අද ලෝකය තුළ ක්‍රියාත්මක වෙනවා.
Mask එක. PCR මැෂින්, ඇන්ටිජන් කට්ටල. පරීක්ෂණ, Ventilators, ඔක්සිජන්, ඔක්සිජන් මැසින්, ඔක්සි මීටර්, විවිධ ඖෂධ වර්ග ඇතුළු තවත් ගොඩක් ව්‍යාපාරය ඒ වටේ හැදිලා.
අද ඒ සියල්ලටම මිලක් තීරණය වෙලා. ඒත් ඒක සාධාරණය මිලක් නෙවෙයි. මහා මංකොල්ලයක්.
අහිංසක මිනිස්සුන්ට ඒක දරා ගන්න තියා දරාගන්නේ කොහොමද කියලා හිතාගන්නවත් බෑ.
දැන් අපේ රටේ ඒ ගැන ලොකු සංවාදයක් තියනවා. ඇන්ටිජන් එකක් කරන්න රුපියල් 2000 ක් යනවා. හැබැයි ඇත්තටම ඒක රුපියල් 600 කට කරන්න පුළුවන් කියලා කියනවා.
රටේ රාළ නෙවෙයි කියන්නේ. වෛද්‍ය විශේෂඥයෝ.
PCR එකට රුපියල් 6500 යි.හැබැයි ඒකත් රුපියල් 2000 ට කරන්න පුළුවන් කියලයි කියන්නේ.
මාස් එකත් හොඳ බිස්නස් එකක්.
සැනිටයිසර් එකත් එහෙමයි.
ඊළඟට දැන් මේ හැම දේකම බාල බඩු ඇවිත් අපේ වෙළද පොළ ආක්‍රමණය කරලා ඉවරයි.
හැබැයි අපි ඔරජිනල් කියලා ගන්නෙත් බාල බඩු තමයි.
ආණ්ඩුව ගෙනත් දෙන ඕනි කුණු ගොඩක් දැන් අපට ඔරජිනල් වෙලා.
ඒ කියන්නේ දැන් අපි ඔරජිනල් අසරණයෝ වෙලා.
නිරෝධායනය කියන්නේ වෙනමම ගසා කෑමක්.
මරණ බය අස්සේ ගසාගෙන කෑම හැමතැනම රජ වෙලා.
දැන් තව ටික කාලයකින් තුන්වෙන එන්නතත් එයි. හතරත් එයි.
ඈත්තටම මේවට වතුර දාලා විද්දත් අපි දන්නේ නෑ.
එහෙම පරීක්ෂණ තියනවා. අර බැසිල් දවසක් කිව්වේ.
එහෙම පරීක්ෂණ කරන්න බැරි අය නෙවෙයි මෙයාලා.
අපි මේ කිසිම දෙයක ප්‍රමිතියක් දන්නේ නෑ. ප්‍රමිතියක් දන්නේ නෑ නෙවෙයි ඇත්තටම ප්‍රමිතියක් නෑ.
මෙයාලගේ වෙළද අවශ්‍යතා ඉෂ්ඨ කරලා දෙන්න කාලකණ්ණි නිළධාරී කණ්ඩායමකුත් දැන් මේ රටේ හැදිලා.
එයාලත් බිස්නස්කාරයෝ තමයි.
මේ හැම තැනකම ඒ වගේ බහිරවයෙක් දෙන්නෙක් ඉන්නවා.
එයාලා දිවි හිමියෙන් තමන්ගේ මහ එකා ආරක්ෂා කරනවා.
කොතනින් හරි වැඩේ මාට්ටු වෙන්න ආවොත් අඩුම ගානේ දත්ත ටික හරි මකලා දානවා.
මේ මාපියාව ආරක්ෂා කරන්න අද මාධ්‍ය ආයතන හැදිලා.
ඒවගේ ලොකු ලොක්කෝ මේ ව්‍යාපාරයේ දළකාරයෝ.
උන් තමන්ගේ මාධ්‍ය දාලා බිස්නස් එකට ඕනි විදිහට ජාතියක මොළ හෝදනවා.
ඇත්තටම මේක සහගහන අපරාධයක්.
නිකං හිතන්න මෙහෙම ගසා කෑමක් රටේ නැද්ද?
මේ ගසා කෑමට අනුග්‍රහය දක්වන්නේ ආණ්ඩුව නෙවෙයිද?
ආණ්ඩුව හිතවත් සමාගම් හා පුද්ගලයෝ නෙවෙයිද මේ බිස්නස්වලට බැහෑලා තියෙන්නේ.
ඒවා යට ගනුදෙනු සිද්ධ වෙන්නේ නැද්ද?
එහෙනම් මේක බිස්නස් එකක් නෙවෙයිද?
මේ අපිව වෙලාගෙන ඉන්නේ අර බහු ජාතික සමාගම්වල දේශීය බූවල්ලා නෙවෙයිද?
අද ලෝකයේ ලාභ උපයන හොඳම වෙළඳ පොළ කොරෝනා වෛරස් වෙළද පොළ නෙවෙයිද?
ඒකට තවදුරත් කොරෝනා ඕනි නැද්ද? පළවෙනි, දෙවෙනි, තුන් වෙනි රැලි විදිහට මේ මතු වුණේ ඒ වෙළඳ අවශ්‍යතාවය නෙවෙයිද?
හතරවෙනි හා පස්වෙනි රැලි විදිහට අනාගතයේදීත් මතු වෙන්න නියමිතව තියෙන්නේ ඒ මංකොල්ල කෑමේ උවමනාව නෙවෙයිද?
ඉතින් එහෙනම් බිස්නස්කාරයින් පාලනය කරන මේ ආණ්ඩුවට කොරෝනා ඕනි නැද්ද?
නෑ කියන්න පුළුවන් මොන බූරුවටද?
නවසීලන්ත අගමැතිනිය
ලෝකයේ තමන්ගේ රටේ ජනතාව වෛරසයෙන් බේරගන්න ඇත්ත උවමනාව තියෙන නායකයෝ ඉන්නවා.
ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තය ඇතුළු ලෝකයේ රටවල එහෙම රාජ්‍ය නායකයෝ කීපදෙනෙක් ඉන්නවා.
ඒ සමහර රටවලින් දැන් වෛරසය තුරන් කරලා.
අනිත් රටවල් වෛරසයට විරුද්ධ මාරාන්තික සටනක් දෙනවා.
ඒ නායකයෝ වෛරසය රටින් තුරන් කරන්න ඕනි හැම තීරණයම ගත්තා.
ඒ හැම තීරණයක්ම වෛරසය පැතිරීමට වඩා ඉක්මනින් ගත්ත තීරණ.
ඒ නායකයෝ බැලුවේ ජනතාවගේ ජීවිත අංක එකට තියලා.
ඒත් අපේ රටේ එහෙමද?
අපි සටන් කරන්නේ වෛරසය පැතිරෙන්න ඉඩදීලා.
අපේ එන්නත්කරණය තියෙන්නේ වෛරසයට ගොඩක් පිටි පස්සෙන්.
අපේ සියලු තීරණ වෛරසයට පැතිරෙන්න ඉඩ හදපු තීරණ.
එහෙනම් අපේ රටේ නායකයෝ සටන් කරන්නේ වෛරසය පැත්තේ හිටගෙන නෙවෙයිද?
එයාලගේ හතුරා වෛරසය නෙවෙයි.
එකම කොන්දේසි වෛරසය එයාලට බෝ වෙන්න බෑ
.අනෙක් මොකාට බෝ උනත් කමක් නෑ. බෝ වෙන්න බෝ වෙන්න එයාලට ලාබ. එයාලට කොමිස්.
ඒක නිසා රටේ රාළ කියපු තර්කය අද තව තවත් ඔප්පු වෙලා ඉවරයි.
ඒත් ඒක තේරෙන්නේ නැති වහල්ලු ටිකක් තවමත් මේ රටේ ඉන්නවා.
ඇත්තටම මේ පාලකයන්ට ඕනි එහෙම හිතන්න බැරි මිනිස්සු.
ඒ මිනිස්සු බොරු පුරාජේරු කතාවලින්, මිත්‍යා මතවලින් මුලා කරලා උන්ගේ සහයෝගයෙන් තමයි මේ ජනතා ද්‍රෝහී ගමන යන්නේ.
ඒක හින්දා තමන්ගේ ජීවිතයත් බේරගෙන මේ ගමන පරාජය කිරීමේ වගකීම අපට තියනවා.
ඇත්තටම මේක ජීවිතත් එක්ක කරන බිස්නස් එකක්.
නැත්නම් මේ රෝගය හරි සැලැස්මක් යටතේ පරද්දන්න පුළුවන්.
ඒත් අපි සටන් කරන්නේ රාජ්‍ය අනුග්‍රහය ලබන වෛරස් එකක් එක්ක.
පරිස්සමෙන් ඉන්න පක්ෂ විපක්ෂ යාලුවනේ, අපි ඔක්කොම හරියට පරීක්ෂණාගාරයක මීයෝ වගේ.
එහෙනම් ගිහින් එන්නම්.
බුදු සරණයි.
ජයවේවා.
මීට
රටේ රාළ
(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්....)
THE LEADER TV
අතීසාරෙට අමුඩ ගහනවා වගේ ආණ්ඩු කරන හැටි ...!
මංගල කියන්නේ සරසවියක්