2021 ක අවුරුද්ද ඉවර වෙන්න තවත් මාස හතරක් තියනවා. ඒකත් ඉතින් Covid එක්කම ගෙවිලා යයි.
 
 
තව Covid රැල්ලක් නොඑන්න වග බාලා ගන්න එක අපි හැමෝටම අයිති වැඩක්. 
 
තව රැල්ලක් ආවත්, නැතත් Covid වලින් නිර්මාණය කළ දේශපාලන, ආර්ථිකය, සමාජ අර්බුදය තව අවුරුදු දෙක තුනක් තියේවි. 
 
ඇත්තටම 2022, 2023, 2024 අවුරුදු ගැන හිතෙනකොට රටේ රාළට නං ලොකු බයක් දැනෙනවා. දේශපාලනය ත්‍රිල් එකට හරි, වාසියට හරි කරන අයට ඒක දැනෙන එකක් නෑ.
 
හැබැයි දේශපාලන නාඩි තියෙන අයට, දේශපාලනයේ තාල පෑගෙන අයට නං ඒ බය දැනෙන්න ඕනි.
 
ඔය අවුරුදු තුන ඇතුළේ අපේ රට තුළ විප්ලවීය තත්වයන් ගණනාවක් නිර්මාණය වෙනවා. 
 
සමහර ඒවා ක්ෂණිකව මතුවෙලා ක්ෂණිකව නැතිවෙලා යයි. සමහර ඒවා සැලකියයුතු කාලයක් තියෙයි. අපි දැනුත් ඉන්නේ විප්ලවීය තත්වයක් උඩ තමයි. ඒත් ඒ තත්වයන් කොරෝනා විසින් වහලා දාලා. 
 
 
විප්ලවීය තත්වයක් කියන්නේ වෙනසක් ඉල්ලන වෙලාවක් වගේම වෙනසක් කරන්න පුළුවන් වෙලාවක්. වෙනස් කිව්වම ගොඩක් අයගේ ඔළුවට එන්නේ ආණ්ඩු වෙනසක් ගැන. ඔව් ඒකත් නරකම වෙනසක් නෙවෙයි. හැබැයි නිවැරදි වැඩපිළිවෙලක් නැතිව ආණ්ඩුව වෙනස් කරලා වැඩක් නෑ.  රටේ රාළ නම් මෙතනදී වෙනසක් කියලා බලාපොරොත්තු වෙන්න සමාජීය වෙනසක්. System Change එකක්. ඒක කියන්නේ මේක ආයුධ අරන් කරන එකක් හෙම නෙවෙයි. සංකල්පවලින් කරන වෙනසක්. ආකල්පවලින් කරන වෙනසක්. හැබැයි ඒක කරන්න බැරි නම් දිගටම එන මේ විප්ලවීය තත්වයන් කොතනින් කොහොම කෙළවර වෙයිද දන්නේ නෑ.
 
  
මොකද සමාජයක් ඇතුළේ වෙනස් ඉල්ලන විප්ලවීය තත්වයන් මෝරලා ගියාට පස්සේ ඒක ඕනි පැත්තකට අරන් යන්න පුළුවන්. හොඳ පැත්තට වගේම නරක පැත්තට දෙකටම.
 
ඕක න්‍යායිකව කියනවා නම් රටේ විෂය මූලික තත්වය මෝරලා තියෙද්දී විප්ලවය වෙන්නේ නැත්නම්, ඒ කියන්නේ ඒ විෂය මූලික තත්වය වඩාත් හොඳ විදිහට කළමණාකරණය කරන්න පුළුවන් මනෝ මූලික තත්වයක් රටේ නැත්නම්, වෙනස ඉල්ලන සමාජයකට ඒ වෙනස දෙන්න මනෝ මූලික සාධක අසමත් නම් විප්ලවීය තත්වය ඉන්න මොකෙක් හරි එකෙක් එක්ක දීගයකට ලෑස්ති වෙන එක නවත්තන්න බෑ.
 
එතකොට තමයි ජාතිවාදය එන්නේ. ආගම්වාදය එන්නේ, ආයෙත් වඳ කොත්තු, වඳ පෙති එන්න පටන් ගන්නේ. සන්නද්ධ කල්ලි නැගිටින්නේ. ඒ එකක්වත් මේ රටට වැඩක් නෑ. රටේ රාළලා කියන්නේ ඒවායින් බැටකාපු මිනිස්සු. ඒක නිසාම ආයෙත් ඒ වගේ තත්ත්වයට වැටෙන්න නොදී රට දැනුවත් කිරිම රටේ රාළගේ යුතුකමක්.
සමහරු කියයි දැන් ඉතින් අපිව අරගෙන යන්න මීට වඩා නරක තැනක් තියනවද කියලා. එයාලට අහුවෙන්න එපා. එයාලට තමයි අරාජිකවාදියෝ කියන්නේ.
 
ඔව් මීට වඩා නරක පැසිස්ට් තත්වයක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒක වෙන්නේ මෙහෙමයි. දැන් අපේ රටේ ආර්ථික අර්බුදය ඉතිහාසයයේ කිසි දවසක නොතිබුණු විදිහට රජයේ පාලනයෙන් ගිලිහිලා.
 
මතක ඇති රටේ රාළ දවසක් කිව්වා දැන් මේක මොළ හතට නෙවෙයි මොළ 1127 ක් දාලාවත් අදින්න බෑ කියලා.
 
තවත් සරලව කියනවා නම් දැන් මේ ආර්ථික අර්බුදය ඇත්තු දාහක් දාලාවත් අද්දන්න බෑ.
 
2022 පළවෙනි කාර්තුව වෙනකොට මේ තත්වය පාලනය කරන්න ආණ්ඩුව කොහොමත්ම බෑ. දැනුත් බෑ කියලා ඔයාලට තේරෙනවා ඇති.
 
දැන් ආණ්ඩුවේ එකම හිතවතා වෙලා තියෙන්නේ කොරෝනා. Covid තමයි දැනට තත්වය Balance කරන්නේ. Covid වලට අර්බුදය Balance කරන්න බෑ. ජනතා නැගිටීම විතරයි Balance කරන්න පුළුවන්.  
 
ඒකත් ලබන අවුරුද්දට අපි යන්නේම ඒ භායානක රතු කට්ටේ පැනගෙන. ඒක නිසා මේ ආර්ථික අර්බුදය ඉස්සරහා රතු කට්ටෙ පැනපු ජනතාව පාරට එනවා එනවාමයි.
 
ඇත්තටම මේ තත්වය යටතේ ජනතාව සටන්කාමී වෙලා පාරට ගන්න ලේසී. ඒක නිසා ආණ්ඩුවට වෙන්නේ ජනතාව එක්ක පාරෙදි ගනුදෙනුව බේරගන්න. 
 
 119881709 d4347684 54a8 4820 84f9 8058b5beaff9
 
ඒ ගනුදෙනුව බේරන්න මෙයාලා දෙපාරක් හිතන්නේ නෑ. ඒ අද්දැකීමත් මෙයාලට තියනවා. ඇත්තටම මේ නිර්මාණය වෙමින් තියෙන්නේ අර ජේ.ආර්ගේ ආණ්ඩුවේ අන්තිම කාළේ තිබුණ තත්වය. මර්ධනයට ආශීර්වාද කරන තත්වය. මර්ධනය වෙනුවෙන් නීති කෙටුම්පත් හදන අවස්ථාව. 
 
නිකං හිතන්න ඒ තත්වයට අපට මුහුණ දෙන්න පුළුවන්ද? ආයෙත් බලහත්කාරය විසින් නිහඩ කරපු සමාජයක් තමයි හැදෙන්නේ. මොකද අසංවිධානාත්මක සටන්වලින් ගේන්න පුළුවන් විනාශය විතරයි.
 
ඇත්තටම මොකද්ද මේකට විසදුම? වෙන මොකවත් නෙවෙයි වෙනස ඉල්ලන මේ සමාජය වඩා යහපත් වෙනසකින් කෙළවර කරන්න ඕනි. 
 
ඒක එක විසදුමක්. එහෙමත් නැත්නම් තව විසදුමක් තියනවා. 
 
අපිට හොඳම උත්තරය හදන්න බැරිනම්, නරකම තැනට යන්න නොදී අනාගතයේදී හරි හොඳ පැත්තට ගෙනියන්න පුළුවන් විදිහේ උත්තරයක් හදන එක.
 
ඒ දෙකම කරන්න පුළුවන් දියුණු මනෝ මූලික තත්වයකට විතරයි.
 
  
ඒ රිත්තකය සමාජයේ තියනවා කියලා දේශපාලන නාඩි හරියට වැටෙන කෙනාට දැනෙනවා. ඒක නිසා ඒ ජනතා විරෝධය හරි පැත්තට හරවන්න දේශපාලන වැඩපිලිවෙලක් ඕනි. නැත්තං මේක ආයෙත් බයිලාකාරයෝ ආක්‍රමණය කරනවා. එයාලට ජනතාව රැවටෙනවා. 
 
අපි එක උදාහරණයක් ගමු. අද හැම භාණ්ඩකම මිල වැඩී. ඒක මතු කරලා කෑ ගහන්න ඕනි තරම් ඉන්නවා. මොකද ඒක හරි ලේසි. ඒ ජනතාවට ඒ පීඩනය දැනෙන නිසා. ඒ අවුස්සන අය කියන්නේ අපේ කාලේ මෙහෙම නෙවෙයි. අපි ගෑස් දුන්නේ මේ ගානට, හාල් දුන්නේ මේ ගානට කියලා ඒ කාලේ ගාන කියනවා.
 
ඒකත් ඇත්ත. ඒක නිසා ජනතාව ආයෙත් ඒ පැත්තට හැරෙනවා. හැබැයි කවුරුත් අහන්නේ නෑ ඔයාලා බලයට ආවම කොහොමද බඩුමිල අඩු කරන්නේ කියලා. රටේ නිෂ්පාදනය ආර්ථිකයක් නැතිව ලෝක වෙළඳ පොල දිහා කට ඇරගෙන බලා ඉන්න ඔයාලා කොහොමද ගෑස් අඩු කරන්නේ. සීනි මිල අඩු කරන්නේ කියලා. කවුරු හරි ඒ ප්‍රශ්නය ඇහුවොත් එයාලට උත්තර නෑ. 
 
උත්තරයක් තියෙන්නේ System change එකක් ගැන හිතන කෙනෙකුට විතරයි. දැක්කනේ බලය ගන්න ඉස්සෙල්ලා මහින්දලාගේ උත්තර. ඕවා නං මොනවද කියලා කිව්වේ.
 
ඒක නිසා අළුත් මතවාදයක් එක්ක දේශපාලන දේහය ඇතුළට කඩාගෙන පනින්න හොඳ කාලය ඇවිත්. ඒත් ඉතින් මොකා කඩා පනින්නද? එහෙම එකෙක් සමාජයේ නෑ. නෑ ඇත්තටම එහෙම එවුන් ටිකක් සමාජයේ ඉන්නවා. හැබැයි උන් ඉන්නේ විසිරිලා. උන් අලුත් දෙයක් හොයනවා. අලුත් කතාවක් කියනවා. අද මේ සමාජයයේ දේශපාලන මත ගොඩක් තියනවා. හැබැයි ඒවා ගොඩක් යල් පැනලා. ධනවාදයේ මතයත් එහෙමයි. සමාජවාදයේ මතයත් එහෙමයි. දැනට තියනවා කියන මැද මාවත්වල තත්වයත් එහෙමයි.
 
 
ඒක නිසා අලුත් මතයක. ප්‍රායෝගික වැඩපිලිවෙලක විලි රුදාවෙන් ලාංකීය සමාජය පෙළෙනවා. රටේ රාළට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඒ වින්නඹුකම කරන්න පුළුවන් දේශපාලන දොස්තරලා මේ සමාජයේ ඉන්නවා.
 
හරි එහෙනම් ගිහින් එන්නම්.
 
බුදු සරණයි.
ජයවේවා.
 
මීට
රටේ රාළ
 
Priyant 2021 1(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්....)
 

 

 


 

THE LEADER TV 
 
 
 
මොණරවිල අලුත් පාරක් සොයයි! | මොණරවිලගේ ලියමන 2
 
 
 
ප්‍රශ්න යටගහන අලුත් තුරුම්පුව පහන්තුඩාව SEX වීඩියෝව!
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්