2002 දී රනිල්ට නූතන දොන් ජුවන් ධර්මපාල කියලා කිව්වේ විමල් නෙවෙයි. විමල් රනිල්ට කිව්වේ දොන් ජුවන් වික්‍රමසිංහ කියලා. 
 
විමල් එහෙම කිව්වේ නිකම්ම නෙවෙයි.ඉතිහාසයේ උනු සිද්ධියක් වර්තමානයත් එක්ක සන්සන්දනය කරමින්. විමල් ඒ තර්කය හරි ලස්සනට ගොඩනැගුවා.
 
දොන් ජුවන් ධර්මපාල කියන්නේ කෝට්ටේ යුගයේ මෙරට රජකම් කළ රජෙක්. රජෙක් කිව්වට පෘතුගීසීන්ගේ රූකඩයක්. එයා රජකම් කළේ කොළඹ පෘතුගීසි බලකොටුව ඇතුළේ ඉදන්. 
 
  
දොන් ජුවන් ධර්මපාල කොච්චර පෘතුගීසීන්ගේ රූකඩයක් උනාද කියනවා නම් 1580 අගෝස්තු 12 වෙනිදා තමන්ගේ රාජධානිය තෑගි ඔප්පුවකින් පෘතුගාලයේ රජාට ලියලා දුන්නා. ඒක ලංකා ඉතිහාසයේ සිද්ධවුණ දැවැන්තම පාවාදීම්වලින් එකක්. තමන්ගේ රාජධානිය පරදේශක්කාර රජෙකුට ලියලා දෙන්න දොන් ජුවන් ධර්මපාල මොනතරම් නිවට රූකඩයක් වෙන්න ඕනිද? 
 
 
විමල් ඒ උදාහරණය තමයි 2002 කට ගැලැප්පුවේ. ඒ වෙනකොට මේ රටේ අගමැති රනිල්. රනිල් මේ රට තුළ ඒයාගේ ආර්ථික වැඩපිළිවෙල විදිහට ක්‍රියාත්මක කරමින් හිටියේ Regaining Sri Lanka වැඩපිළිවෙළ. 
 
එතකොට විමල්ලා,රටේ රාළලා ඔක්කොම ජේවීපී. ජවිපෙ එදා රනිල්ගේ Regaining Sri Lanka වැඩපිළිවෙළට කිව්වේ රට බෙදන රට විකුණන වැඩපිළිවෙළ කියලා.
 
ඇත්තටම එදා අපේ රටේ සම්පත්, රාජ්‍ය ආයතන, දේපල, රටේ ආර්ථික හා උපායමාර්ගික මර්මස්ථාන බටහිර කොම්පැණිය වළල්ල අතට පත් වෙමින් තිබුණා. මේකට විරුද්ධ එදා ජවිපෙ සටන් කළා. ඒ සටනේ ඉදිරිපෙළ ප්‍රකාශකයා උනේ විමල්.
 
එදා දොන් ජුවන් ධර්මපාල පරංගින්ට රට පවා දුන්නා වගේ අද රනිල් වික්‍රමසිංහ බටහිර අධිරාජ්‍යවාදයට රට පාවලා දෙනවා කියලා තමයි විමල් එදා තර්ක කළේ. එදා ගනුදෙනුව තිබුණේ පෘතුගීසීන් හා දොන් ජුවන් ධර්මපාල අතර. 
 
2002 වෙන්කොට ඒ ගනුදෙනුව බටහිර අධිරාජ්‍යවාදීනුයි, රනිලුයි අතට මාරු වෙලා තිබුණේ. ඒක නිසා එදා හිටපු දොන් ජුවන් ධර්මපාල සංකේතවත් කරමින් විමල් රනිල්ට දොන් ජුවන් වික්‍රමසිංහ කියලා කිව්වා. 
 
ඇත්තටම ඒක ලංකාව ඇතුළේ නැගලා ගිය තර්කයක්. රනිල් දේශද්‍රෝහීයා වෙලා විමල් දේශප්‍රේමීයා වුණා. 
 
ඇත්තටම තමන් දක්ෂ නම් ඕනිම කෙනෙකුට තර්කයක් ගොඩනගන්න පුළුවන්. හැබැයි තර්කය ගොඩනගන්න ඕනි යථාර්ථය මතු කරගන්න. ඒ තර්කය යථාර්ථය නම් අපිට පුළුවන් වෙන්න ඕනි ඒ තර්කයත් එක්ක ජීවත් වෙන්න. ඒක ඇත්ත නම් ඒ ඇත්ත අපේ ජීවිතයට එකතු කරගන්න.
 
මෙතන යථාර්ථය රනිල් රට විකුණන්න හදපු එක. අපේ ජීවිතවලට එකතු කරගන්න ඕනි කවදාවත් අපි රට විකුණන්න රහසින්වත්, සෘජුව හෝ වක්‍රවවත් උදව් කරන්නේ නෑ කියන ජීව ගුණය. විමල් තර්ක ගොඩනගන්න දක්ෂයෙක්, හැබැයි ඒ තර්කනයෙන් යථාර්ථය මතු කරගෙන ඒක ජීවිතයට එකතු කරගන්න තරම් නිහතමානී කමක් නැති දේශපාලන කපටියෙක්.
 
  
එදා 2002 දී රනිල්ට දොන් ජුවන් වික්‍රමසිංහට කියපු ඉතිහාසයේ සරදමට අද විමල් ලක්වෙලා. ඇත්තටම විමල්ට දිට්ඨි දම්ම වේදනීය කර්ම පටිසන් දීලා. බලය අහිමි වීමෙන් අද රනිල් අගමැති නෙවෙයි නිකම් නිකං මන්ත්‍රී රනිල්. හැබැයි අද කවුරුත් රනිල්ට දොන් ජුවන් වික්‍රමසිංහ කියලා කියන්නේ නෑ. මොකද දැන් එහෙම කියන්න පදනමක් රට ඇතුළේ නෑ. 
 
 
රටේ රාළ යෝජනා කරන්නේ අද ඒ නම ගැලපෙන්නේ විමල්ට. විමල්ට දොන් ජුවන් වික්‍රමසිංහ කියන්න බෑ. ඒත් විමල්ට දොන් ජුවන් වීරවංශ කියන්න පුළුවන්. ඒ නම එයාට හොදට ගැලපෙනවා. රටේ රාළ මේ හදන්නේ ඒක ඔප්පු කරලා පෙන්නන්න.
 
එදා රනිල්ගේ Regaining Sri Lanka වැඩපිළිවෙළ පරද්දන්න ජවිපෙට පුළුවන් වුණා. අද ජවිපෙත් එකක් මොනතරම් ප්‍රශ්න තිබුණත් එදා ජේවීපී කාරයෙක් වීම ගැන රටේ රාළ අදත් ආඩම්බර වෙනවා. 
 
ඊට අවුරුදු 18 කට පස්සේ විමල් මූලික වෙලා ගෝඨාභය - මහින්ද ආණ්ඩුවක් හැදුවා. දේශප්‍රේමීතත්වය ගැන ලෝකේ හැම අස්සක් මුල්ලක් නෑරම තියෙන උදාහරණ ගෙනත් විමල් රාජපක්ෂලාගේ ඇගේ තැවරුවා. ලෝකයේම සමස්ථ දේශප්‍රේමීත්වයේ සංකේතය බවට රාජපක්ෂ පවුල පත් කලා. ඒකේ Symble එක මහින්ද කළා.
 
විමල් එදා කිවිවේ මේ මව්බිමේ අවසාන අවස්ථාව කියලා. මැස්ස ගහලා වැල මැස්සට ගත්තා කියලා. දැන් මේ වැල මැස්සට ගෙනාවේ විමල්. වැල මැස්සට ගේනකොටම විමල් කිව්වේ මේ ආණ්ඩුව වැරදි කළොත් ඉස්සෙල්ලාම පාරට බහින්නේ විමල් කියලා. 
 
විමල්ට වැල මැස්සට ගෙනාවට රාජපක්ෂලා හොඳට ගෙව්වා. අද ඒ වරප්‍රසාදය සේරම විමල් භුක්ති විදිනවා. රටේ රාළ කියන්නේ මේ රටේ අධි සුඛෝපභෝගීම ජීවිත ගත කරන කීපදෙනාගෙන් එක්කෙනෙක් විමල්. ඒ ගැන ඉතින් රටේ රාළටයි, විමල්ටයි කතා දෙකක් නෑ. දන්නෝ දනිති.
 
හැබැයි විමල්ට අමතක උන දෙයක් මෙතන තියෙනවා. විමල්ට අමතක උනා කියලා නං රටේ රාළ හිතන්නේ නෑ. විමල් අමතක උනා වගේ ඉන්නවා. විමල්ලට මේ සියලු සැප දෙන්නේ වගේම රාජපක්ෂලා මේ සියලු සැප ගන්නෙත් මේ රට විකුණලා. 
 
  
එදා දොන් ජුවන් ධර්මපාල රට දුන්නේ පෘතුගීසීන්ට, රනිල් Regaining  Sri  Lanka හරහා රට දෙන්න හැදුවේ බටහිර අධිරාජ්‍යවාදයට. හැබැයි රාජපක්ෂලාට එහෙම Level එකක් නෑ.  චීනයට, ඉන්දියාවට, ඇමරිකාවට නෙවෙයි අතයට ගනුදෙනුව හොදයි නම් ඇෆ්ගනිස්ථානයට උනත් දෙන්න ලෑස්තියි. ඒ දෙන හැම වෙලේම විමල් ඒවට අත ඉස්සුවා. 
 
 
රනිල්ගේ Regaining Sri Lanka ම තමයි MCC කියලා ආවේ. ඒත් ඒකට රටේ මහා ජනතා විරෝධයක් මතුවුණා. විමල් ඒ ජනමතයට යටවෙලා පහුබැහැලා MCC විරෝධියෝ වගේ හිටියා. හැබැයි MCC කෑලිවලට කඩලා ඇවිත් අද රට ටික ටික ගිලගන්නකොට විමල්ලා හැංගිලා. විමල්ලා හැංගෙන්නේ ඒ හැම එකකටම අත උස්සලා.
 
කොළඹ වරාය නගර පනතට විමල් අත ඉස්සුවා, කොළඹ වරායේ බටහිර ජැටිය දෙන්න විමල් අත ඉස්සුවා. කොළඹ වරායට අයිති අක්කර දහතුන දෙන්න විමල් අත ඉස්සුවා. කොළඹ හා රටේ ඉඩම් ටික ගන්න සෙලන්දිවා වගේ කොන්ත්‍රාත් සමාගම් හදන්න විමල් අත ඉස්සුවා.
 
පහුගිය දවසක කෝට්ටේ අක්කර 37 දෙන්න විමල් අත ඉස්සුවේ නැද්ද? රට ඇතුළේ අක්කර ලක්ෂ ගානක් සමාගම්කාරයින්ට දෙන්න විමල් අත ඉස්සුවේ නැද්ද? කොළඹ ඉඩම් දෙන්න දැන් පත්තරවල ඇඩ් දාලා කරන බොරුව කරන්න විමල් අත ඉස්සුවේ නැද්ද? ඒ විතරක් නෙවෙයි කෙළවරපිටීය බලාගාරය ඇමරිකාවට දෙන කොන්ත්‍රාත් එකේ විමල් නැද්ද? පැහැදිලිවම ඉන්නවා. රටේ රාළ අභියෝග කරනවා පුළුවන් නම් නෑ කියන්න. 
 
විමල් එදා කැබිනට් එකෙන් ඇවිත් කිවිවේ බලාගාරය සතු මුදල් අමාත්‍යාංශයේ කොටස්වලින් 40% විතරයි දෙන්නේ කියලා. විදුලි බල මණ්ඩල සතු කොටස් දෙන්නේ නෑ කියලා. එහෙමයි විමල් ඔය ගිවිසුම සාධාරණීකරණය කළේ. 
 
එතකොට ගිවිසුම ඇතුලේ ඉතුරු ටික කරගන්නවා කියලා විමල් දන්නේ නැද්ද? විමල් ඇගේ තෙමා ගන්න චූටි බබාද?දොන් ජුවන් ධර්මපාලගේ පාවාදීමේ ගිවිසුම ගැන කියන විමල් රාජපක්ෂලාගේ පාවාදීමේ ගිවිසුම ගැන කතා කරන්න බයද?
 
තවමත් විමල් ඒ ගැන වචනයක් කෙලින් කිව්වද? තමන්ගේ Facebook බලකාය දාලා විමල් විරුද්දයි කියලා මතයක් යටින් යවන එක මොනතරම් දේශපාලන නපුන්සක කමක්ද? ඇයි වීරයාට තමන්ගේ ස්ථාවරය රටට කියන්න බෑරි?
 
ඇමරිකන් සමාගමට ඔය කෙළවරපිටිය බලාගාරයේ 40% ඕනි නෑ. එයාලට ඕනි මේ රටට LNG සැපයීමේ ඒකාධිකාරිය.නල පද්ධතිය අතට ගැනීම හරහා අද එයාලා ඒක කරගත්තා. ඒක තමයි අවසන් ගිවිසුම.
 
ඒ බව ඊයේ New fortress energy ඇමරිකානු සමාගම නිල වශයෙන් කිව්වා. වැඩේ වෙන්න ඇරලා අද විමල්ලා තුට්ටුව බේරා ගැනීමේ සටනකට බැහැලා. 
 
සැප්තැම්බර් 06 වෙනිදා ගෙනාපු කැබිනට් පත්‍රිකාවේ සියල්ල සිද්ධ වෙලා 17 වෙනිදා ගිවිසුම ගහනකම් විමල්ලා බම්බු ගැහුවද? මොකුත් බැරිනං අඩුම ගානේ රටට කියන්න තිබුණා. දැන් මොන රංගනය කරන්න හැදුවත් ඉතිහාසයේ දේශද්‍රෝහී නාමලේඛණයට විමල් වීරවංශ කියන නම ඇතුල් වෙලා ඉවරයි.
 
එදා රනිල් රට විකුණනවා කියලා මහා ගෝරනාඩුවක් කරපු විමල්, රනිල්ට දොන් ජුවන් වික්‍රමසිංහ කියලා නම් පටබැදපු විමල්. අද රාජපක්ෂලා රට විකුණනන කොට ඒවට අත උස්සලා ඇවිත් රටට බොරු රංගන දානවා. විමල් සහ රනිල් අතර තියන වෙනස ඒකයි. හරි හෝ වැරදි රනිල් එදා තමන් ගෙනාව Regaining Sri Lanka වැඩපිලිවෙල වෙනුවෙන් පෙනී හිටියා.ඒ කොන්ද රනිල්ට තිබුණා.
 
හැබැයි අද විමල් ඒ ඔක්කොම අනුමත කරලා ඇවිත් එළියේ දේශප්‍රේමීයෙක් වෙන්න හදනවා. හැබැයි විමල් එකක් මතක තියාගන්න ඕනි රටේ රාළ රට විකිණීමට එරෙහි සටනේ ඉන්නවා. ඒකෙන් අයින් කරන්න විමල් දැන් අලුත් කුමන්ත්‍රණයක් පටන් අරන් කියලත් රටේ රාළ දන්නවා. ඒවට නං රටේ රාළ බය නෑ.
 
ඒ ද්‍රෝහිකම ගැන මරණ මංචකයේ ඉදන් උනත් රටට පෙන්වා දෙන්න තරම් රටේ රාළ ධෛර්යයමත්. ඒක නිසා විමල්ට දොන් ජුවන් වීරවංශ කියන නම රට ඉදිරියේ ප්‍රසිද්ධියේ පට බදිමින් රටේ රාළ නවතිනවා.
 
 
එහෙනම් ගිහින් එන්නම්.
 
බුදු සරණයි.
ජයවේවා. 
 
 
මීට
රටේ රාළ
 
Priynatha witharana(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්....)
 
 
 
 

 
THE LEADER TV 
 
ඇමරිකාවේ ඉන්න සිංහල කොටි නැගිටලා !
 
 
බැසිල් විරෝධීන් මෛත්‍රී කැඳවයි!
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්