ලංකාවට බුදුදහම ලැබීමත් එක්කම වැඩ වසම් රාජ්‍යය ඇතුලේ අධ්‍යාපනය ඇති වෙන්න පටන් ගත්තේ පන්සල් ආශ්‍රිතව.

මොකද සමාජය ඇතුලේ ඒකට අවකාශයක් සහ ඉඩක් නැති නිසා. කොටින්ම කිවුවොත් රජු වැසියන්ට අධ්‍යාපනය දෙන්න ගියේ නෑ. පන්සල් ආශ්‍රිතව ධර්මය ප්‍රචාරය කිරීමේ අරමුණින් ආගමික අධයාපනය ඇතිවෙන්න පටන් ගත්තා. එතැනින් එහාට අධ්‍යාපනය ලැබුනේ රජ පවුලට සහ බලවත්තුන්ට.

ක්‍රමිකව සමාජය විකාශනය උනා. අධ්‍යාපනයත් පන්සල මූලික කරගෙන පැවතියා. මහා පිරිවෙන් බිහි වෙන්නේ ඒ අනුව. අවසානය විශ්වවිද්‍යාල ලංකාවේ බිහි වෙන්නෙත් පිරිවෙන් ආශ්‍රිතව.

ඉන් පස්සේ අධ්‍යපනය ලබා දීම සමාජයේ විකාශනයත් එක්කම සමාජය තුල වූ මධ්‍යස්තාන වලට ව්‍යාප්ත උනා. පෙර පාසල ඉස්කොලේ විශ්වවිද්‍යාල මේ වෙද්දි පෞද්ගලික අධ්‍යාපන ආයතන එතැනින් ගියාම විදේශ අධ්‍යාපනය දක්වා අධ්‍යාපනය ලැබීම දියුනු උනා. එතකොට අධ්‍යාපනය පන්සලෙන් ගැලවුනා. හාමුදුරුවන්ට ඉගැන්වීමේ පිරිවෙන් විතරක් ඉතුරු උනා.

සමාජය වේගයෙන් දියුනු වීමත් එක්කම අධ්‍යාපන පද්ධතියත් දියුනු වෙන්න පටන් ගත්තා. උගතුන් බුද්ධිමතුන් බිහි වෙන්න පටන් ගත්තා. අලුත් ලෝකය හොයාගෙන යන්න පටන් ගත්තා. විශ්ව ගම්මානයක් උනා. අලුත් දැනුම ආවා.

හැබැයි වැඩේ කියන්නේ පන්සලේ අධ්‍යාපනය අතීතයේ විදියමයි ඒක යාවත්කාලින උනේ නෑ.වර්ධනය උනේ නෑ. සාම්ප්‍රදායිකයි.නව දැනුම නෑ.විද්‍යාව නෑ. තර්කනය නෑ.කලමනාකරණය ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාව ආදි එකි නොකි මෙකි කිසිම දෙයක් පන්සලේ අධ්‍යාපනය ඇතුලේ වර්ධනය උනේ නෑ.

 

පන්සලේ අධ්‍යාපනය අතීතයේ විදියමයි ඒක යාවත්කාලින උනේ නෑ. වර්ධනය උනේ නෑ. සාම්ප්‍රදායිකයි. නව දැනුම නෑ. විද්‍යාව නෑ. තර්කනය නෑ. කලමනාකරණය, ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව ආදි එකි නොකි මෙකි කිසිම දෙයක් පන්සලේ අධ්‍යාපනය ඇතුලේ වර්ධනය උනේ නෑ.

 

වැඩවසම් රාජ්‍ය පාලනය ඇතුලේ රජු රාජ්‍ය පාලනයට හාමුදුරුවරු සම්බන්ද කරගත්තා. මොකද ඒ දවස්වල තිබිච්ච සමාජ තත්ත්වයත් එක්ක.ඉතින් ඕක තමයි ඔය දැං මහලොකුවට කියන්නේ හාමුදුරුවරු රජුට අර්ථයෙන් හා ධර්මයනේ අනුශාසනා කරා කියලා. ඇත්තටම පන්සල කරේ ඒ වැඩවසම් රාජ්‍ය ය පවත්වාගෙන යන්න රජුට උදව් කිරීම විතරයි. ඒ වෙනුවෙන් පන්සලට වරදාන වරප්‍රසාද වතු පිටි ඉඩම් කඩම් ලැබුනා. සාමාන්‍ය ජනතාව අධ්‍යාපනිකව හෝ දියුනු කරල ගන්න උත්සාහයක් තිබ්බේ නෑ.ඒකට හොදම උදාහරණය තමයි ඒ කාලේ සාහිත්‍ය වර්ධනය උනා කියනවනේ. හැබැයි ඒව වැඩිපුරම ලියල තියෙන්නේ හාමුදුරුවරු නැත්තං රජවරු. සාමාන්‍ය ජනතාව නෙමයි. එකෙන් තත්ත්වය හොදටම පැහැදිලියි.

වර්තමානයට ආවම ඔය හාමුදුරැවන්ට ඉගැන්වෙන ධර්ම කාරනා, බෞද්ධ සාහිත්‍ය හා සංස්කෘතිය ආදි එකි නොකි මෙකි හැම එකකම තියෙන්නේ අති‍්තයේ රජ දවස. රජ දවස තමයි හාමුදුරැවන්ගේ අධ්‍යාපනය ඇතුලේ වැඩිපුරම තියෙන්නේ. බුදු ගේ ඇතුලට ගියත් රජ දවස. පොතෙත් රජ දවස. කතා වලත් රජ දවස. ඉතින් නව ලෝකයේ නව නව දැනුම නෑ.ඉතින් ස්වභාවිකවම සහ ඉබේම හාමුදුරුවන් ඒ අධ්‍යාපනය ඇතුලේ මනසින් වැඩවසම් වෙනවා. උන්නාන්සේලා ජීවත් වෙන්නේ අතීතයේ පෙර රජ දවසේ. හොදම උදාහරණය අරන් බලන්නෙකෝ ඔය හාමුදුරැවන් බණක් කියද්දි තනිකරම ඉතිහාසයනේ කියන්නේ. රජ කාලේ වැඩවසම් ක්‍රමය ගැනනේ කියන්නේ. ඒ තමයි ඒ හුරුව. රජ දවස උත්කර්ෂයට නංවන්නේ ඒකයි.

 

ඔය හාමුදුරුවන් බණක් කියද්දි තනිකරම ඉතිහාසයනේ කියන්නේ. රජ කාලේ වැඩවසම් ක්‍රමය ගැනනේ කියන්නේ. ඒ තමයි ඒ හුරුව. රජ දවස උත්කර්ෂයට නංවන්නේ ඒකයි.

 

වැඩේ තියෙන්නේ එතැන නෙමෙයි. වැඩවසම් රාජ්‍යෙයන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට වගේම විද්‍යාවෙන් තාක්ෂනයෙන් දියනු සමාජයක රාජ්‍ය පාලනයට පාලකයාට උපදෙස් දෙන්න හාමුදුරැවෝ යෑම. මේ සමාජයේ ආර්ථික වර්ධනය වෙනුවෙන් හාමුදුරැවන්ට දෙන්න දායකත්වයක් නෑ. දෙන්න තිබුනත් එහෙම උපදෙස් දෙන්න තරම් පරිණත කමක් උගත් කමක් දැනුමක් අත්දැකීමක් විශේෂඥතාවයක් උන්නාන්සෝලාට නෑ.

හොදම උදාහරණය තමයි පහුගිය කාලේ පාසල් වලට ලිංගික අද්‍යාපනය එක් කරන්න ආපු වෙලාවේ හාමුදුරුවරැ දක්වපු තබදල විරෝධය. හැබැයි ලංකාවේ ලමා අපයෝජන සෑහෙන්න ප්‍රමාණයක් පන්සල්වලින් වාර්තා වෙනවා.වාර්තා වෙන ඒව ටිකයි.නොවෙන ඒව ගොඩයි. ඒ වගේම ආර්ථික කාරනා වලදී මැදිහත් වෙන අමන විදිය. හාමුදුරැවරු තාම ඉන්නේ වැඩවසම් යුගයේ කියන එකට හොදම උදාහරණය තමයි ඥානසාර උඩුවේ ධම්මාලෝකලා මඩකලපුවේ තග් වහන්සේ වගේ සෙට් එක. බලයෙන් කතාවෙන් ආවේගයෙන් මිනිසුන් යටපත් කරන්න හදන ඒ සිස්ටම් එක තියෙන්නේ වැඩවසම් ක්‍රමය ඇතුලේ.

වර්තමාන පාලකයිනුත් මේ ක්‍රමයට කැමතියි. මොකද බලය අල්ලගන්න පුලුවන් රටේ ජනතාව මේ මොහයෙන් අන්ධ කරපු තරමට. ඒක නිසා තමයි මිථ්‍යාව බෙදාහැරිමේ ප්‍රධාන මධ්‍යස්ථානය විදියට පන්සල දියුනු කරන්නේ .ඒක නිසා තමයි කැලනි ගග දෙබෑ කරගෙන නයෙක් ආව කිවුවම නොදියනු මිත්‍යාෙවන් ගිලුනු සමාජය ඒක පිලිගන්නේ. ඒක නිසා තමයි සාෆි වද සැත්කම් කරා කියලා සමාජය මතය හදන එක හාමුදුරැවරු භාර ගන්නේ.ඒක නිසා පාලකයින් මේ සම්බන්ධයට මාර කැමතියි. වරදාන, වරප්‍රසාද, වාහන, ගැහැනුන්, රජ බලය, ප්‍රභු බලය දීල ඒක මේන්ටෙන් කරන්නේ ඒකයි. ඒක ඇවිල්ලා ඡන්ද ගන්න මැෂිමක්. රටේ පාලන බලය තීරණය කරන තීරණාත්මක සාධායකයක් විදියට එයාල වරගන්වල තියෙන්නේ ඒකයි.

 

වර්තමාන පාලකයිනුත් මේ ක්‍රමයට කැමතියි. මොකද බලය අල්ලගන්න පුලුවන් රටේ ජනතාව මේ මොහයෙන් අන්ධ කරපු තරමට. ඒක නිසා තමයි මිථ්‍යාව බෙදාහැරිමේ ප්‍රධාන මධ්‍යස්ථානය විදියට පන්සල දියුනු කරන්නේ .ඒක නිසා තමයි කැලනි ගග දෙබෑ කරගෙන නයෙක් ආව කිවුවම නොදියනු මිත්‍යාෙවන් ගිලුනු සමාජය ඒක පිලිගන්නේ. ඒක නිසා තමයි සාෆි වද සැත්කම් කරා කියලා සමාජය මතය හදන එක හාමුදුරැවරු භාර ගන්නේ.

 

ඒක නිසා සංඝයා කියන්නේ වර්තමානයේ ආර්ථික සංවර්ධනය ලොකුම බාධාවක්. ස්වාමින් වහන්සේලා ඉන්න ඕන සාමාජයේ මිනිසුන්ගේ අධ්‍යාප්තමික වර්ධනය සහ ලෞකික ජීවිතය සාර්ථක කරන්න මිසක් රාජ්‍ය පාලනයට හෝ රජයේ තීන්දු තීරණ වලට මැදිහත් වෙන්න නෙමෙයි.

මොකද සිදුහත් කුමාරයා රජ සැප අත් හැරල නිවන් මග සොයන් ගියේ.ජීවිතයට විමුක්තිය සොයන් ගියේ. බුදු බනේ රාජ්‍ය පාලනයට උපදෙස් දෙන් යන්නේ නැහැනේ. (ධර්ම කාරනා නොවේ). සංඝයාට රජුට උපදෙස් දෙන පරමාදර්ශය දෙන්න හොදටම දෙන්න පුලුවන්කම තිබුනේ බුදුරජානන් වහන්සේට. මොකද උන් වහන්සේගේ උරැමය ඒක නිසා. හැබැයි උන්වහන්සේ රාජ්‍ය පාලනයට උපදෙස් දෙන්න ගියේ නෑ. රාජ්‍ය පාලනය එකක්. ධර්මය එකක්.

ඒක නිසා වර්තමාන සංඝයා ඒක අවබෝධ කරගත යුතුයි. ඇත්තටම වර්තමාන සංඝයා වහන්සේලා කරන්නේ මේ රාජ්‍යය වැඩවසම් ක්‍රමයකට අරන් යන එකයි. කවද හරි මේ රට හදන්න පුලුවන් සංඝයාගෙන් උපදෙස් නොගන්න පාලකයෙක්ට විතරමයි. අර්ථයෙන් රාජ්‍ය පාලනයට උපදෙස් දෙන්න සංඝයාට බෑ. අවුරුදු 70ක සංඝයා දීපු උපදෙස් වලින් මේ රට හැදිලද කියන ප්‍රශ්නය තියනවනේ. ඒක නිසා පාලකයින් වගේම සංඝයාත් එකට තියලම මේ රට ෆේල් කරල තියෙන්නේ.

 

ඒක නිසා වර්තමාන සංඝයා ඒක අවබෝධ කරගත යුතුයි. ඇත්තටම වර්තමාන සංඝයා වහන්සේලා කරන්නේ මේ රාජ්‍යය වැඩවසම් ක්‍රමයකට අරන් යන එකයි. කවද හරි මේ රට හදන්න පුලුවන් සංඝයාගෙන් උපදෙස් නොගන්න පාලකයෙක්ට විතරමයි. අර්ථයෙන් රාජ්‍ය පාලනයට උපදෙස් දෙන්න සංඝයාට බෑ. අවුරුදු 70ක සංඝයා දීපු උපදෙස් වලින් මේ රට හැදිලද කියන ප්‍රශ්නය තියනවනේ. ඒක නිසා පාලකයින් වගේම සංඝයාත් එකට තියලම මේ රට ෆේල් කරල තියෙන්නේ.

 

ඒ නිසා සංඝයා සංඝයාගේ කාර්යභාරය අවබෝධ කරගන්නේ නම් ඉතා මැනවි.

එය මේ රටේ දුකින් පීඩිතව ඉන්න අසරණ මිනිසුන්ට ලොකු සරණක් වේවි.

 

 


 

THE LEADER TV 
 

ලොක්කා බයවෙලා ?

 

හොරපාරෙන් එන කෘෂි රසායන රටපුරා ! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්