ආක්‍රමණ කියන වචනය අපට නුහුරු වචනයක් නෙවෙයි. අපේ ඉතිහාසය පිරිලා තියෙන්නේ ආක්‍රමණවලින්. ඒක අපේ ලිඛිත ඉතිහාසයටත් එහාට ගිය
කතාවක්.
 
එදා රාවණාගේ ලංකාපුරය ආක්‍රමණය කළේ රාමා. යක්කයින්ගේ යක් හෙලය ආක්‍රමණය කළේ විජය. චෝල අධිරාජ්‍යයේ කාලිංග මාඝලා, එළාරලාත් ආක්‍රමණිකයෝ තමයි. 1505 දී ආපු පෘතුගීසීන්, ඊට පස්සේ ආපු ලන්දේසීන්, ඉංග්‍රීසින් අපිව ආක්‍රමණය කළා.
 
පෘතුගීසීන්ට හා ලන්දේසීන්ට අපිව සම්පූර්ණයෙන් යටත් කරගන්න බැරි උනාට සුද්දා ඒක කළා. අපිට 48 ඊනියා නිදහස හම්බ වෙනකම් අපි සුද්දන්ගේ යටත් විජිතයක්. 
 
හැබැයි ඊට පස්සෙත් අපට ආක්‍රමණිකයෝ හම්බවුනා. හැබැයි ඒ ඇහැට පේන ආක්‍රමණිකයෙක් නෙවෙයි. අදෘශ්‍යමාන ආක්‍රමණයිකයෙක්. 
 
ඌ අර අපි ඇස් දෙකෙන් දැක්ක ආක්‍රමණිකයාට වඩා භයානකයි. ඒ ආක්‍රමණ අපිට ආවේ රාජ්‍ය තාන්ත්‍රික බලපෑම් විදිහට, බහුජාතික සමාගම් විදිහට, NGO  සංවිධාන විදිහට, ආගමික සංවිධාන විදිහට, විවිධ ගිවිසුම් විදිහට, ලෝක බැංකුව විදිහට, IMF එක විදිහට. ජාත්‍යන්තර ඔත්තු සේවාවල මෙහෙයුම් විදිහට වෙන එකක් තියා කසිකබල් චිත්‍රපටි විදිහටත් ආවා.
 
තවත් අපි නොදන්නා විදි ගොඩක් ඇතී. හැබැයි අපි ඒවත් අදුර ගත්තා. පරක්කුවෙලා හරි අදුරගත්තා. 
 
 78944549 che 1
 
 
නොපෙනෙන මේ ආක්‍රමණිකයා ගැන කියන්න, ඌව අපට පෙන්නලා දෙන්න පුළුවන් මිනිස්සු එදා අපි අතර හිටියා. රෝහණ විජේවීර කියන්නේ එහෙම කෙනෙක්. හිටපු විතරක් නෙවෙයි, ඉන්න ආක්‍රමණිකයා ගැනත් අනාගතයේදී එන්න පුළුවන් ආක්‍රමණිකයෝ ගැනත් විජේවීර රටට කිව්වා. අපේ රටේ පාලකයෝ ආක්‍රමණ ගැන අපට කියාදුන්න විජේවීර මරලා දාලා ආක්‍රමණිකයා තියාගත්තා.
 
 
ඒත් අපි ඇමරිකන් අධිරාජ්‍යයවාදය අදුරගත්තා. ඉන්දියන් ව්‍යාප්තවාදය අදරගත්තා. ඒවට විරුද්ධ සටන් කළා. ඒවට අපේ රටේ පැලපදියම් වෙන්න දුන්නේ නෑ. 
 
හැබැයි ඒ වෙනකොටත් අපි ලොකු ආර්ථික, සමාජ, දේශපාලන වගේම සංස්කෘතික ආක්‍රමණයකට අහුවෙලා ඉවරයි. 
 
ඇමරිකන් අධිරාජ්‍යයවාදයට ඒජන්තයෙක් මෙහේ හිටියා, ඒ තමයි UNP එක. ඒ කඳවුරටත් සෑහෙන පිරිසක් ගොනුවෙලා හිටියා. 
 
ඊට විරුද්ධ හැදුණ කදවුර තමයි වමේ කදවුර. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වමේ කදවුර. ඒ කදවුර ඇතුළේ තමයි අධිරාජ්‍යවාදී ආක්‍රමණිකයාට එරෙහි බලමුළුව හිටියේ. නායකයොත් හිටියා. ඊටත් වඩා ඉදිරියෙන් අධිරාජ්‍ය විරෝධී බලවේගයක් හිටියා. ඒ කාලයේ ලංකාව කියන්නේ අධිරාජ්‍ය විරෝධයේ තෝතැන්නක්." අපි යන්නේ කොයි පාරේ පිදෙල් කස්ත්‍රො යන පාරේ " කියපු මිනිස්සු මෙහේ හිටියේ.
 
කොහොම උනත් ඒ කදවුරට නායකත්වය දුන්න ශ්‍රීලනිපයත් වේගයෙන් දක්ෂිණාංශයට හැරෙමින් තිබුණා.
 
ඒකේ කූටප්‍රාප්තිය තමයි මහින්ද ශ්‍රීලනිප නායකයා වීම. ඒ වගේම මහින්ද රටේ ජනාධිපතිවීම. මහින්ද ශ්‍රීලනිපයේ ඓතිහාසික ගමන් මඟ රාජපක්ෂ පවුලේ උවමනාවන්ට යටත් කළා. මේ කාලය වෙනකොට ලෝකයේ තවත් අධිරාජ්‍යක් බලවත් වෙමින් හිටියා. ඒ තමයි චීන රතු අධිරාජ්‍යය. රතු මකරුන්ගේ අධිරාජ්‍යය. 
 
 
ඇමරිකාවට, ඉන්දියාවට වඩා ගොඩාක් පහසුවෙන් චීන මකරුන් අපේ රටට ඇතුළ්වුණා. ඒකට එයාලා අතේ තිබුණ රතු කොඩිය වගේම අපේ රටේ මිනිස්සුන්ගේ තිබුණ වාමවාදී අදහසුත් බලපෑවා. මොකද මාවෝලගේ චීනයට ආදරය කරන මිනිස්සු තමයි අපේ රටේ හිටියේ. එයාලා චීනය දැක්කේ මාවෝ තුලින්. එහෙමත් නැත්තම් බෞද්ධ රටක් විදිහට. 
 
 
හැබැයි චීනා මෙහේ එනකොට තිබ්බේ මාවෝගේ වීනය නෙවෙයි. ඩෙන් ෂියාවෝ පින් හදපු චීනය. කොහොම හරි අපට නොදැනීම චීනය ඇවිත් මෙහේ පැලපදියම් උනා. අද චීන ගැති ආර්ථික ප්‍රතිපත්තියක් අපට තියෙන්නේ. ඒක මේ රටට ගෙනාවේ මහින්ද.
 
අද හැමතැනකම චීන්නු. රටේ ගොඩක් මර්මස්ථාන චීන්නුන්ගේ. හාල්ටික, බෙහෙත් ටික, පෝරටික එන්නේ චීනෙන්. අපි මුහුදට දත නියව නියව චීනය දිහා බලා ඉන්නවා. රතු කොඩිය දාගෙන ආපු චීනා ආක්‍රමණිකයෙක් කියලා අපි අදුන ගන්නකොට චීනා අපේ රටේ ගොඩක් දේවල් ආත්පත් කරගෙන ඉවරයි.
 
අපේ රට ඇතුළේ මේ චීන නැගිටීම ඇමරිකන් අධිරාජ්‍යයවාදින්ටත්, ඉන්දියානු ව්‍යාප්තවාදීන්ටත් දිරෙව්වේ නෑ. ඒ වෙනකොට එයාලාගේ ඒජන්තයා උන UNP යත් රට ඇතුළේ දුර්වල වෙමින් තිබුණේ. ඒක නිසාම නැගී එන චීන වෙළඳ අධිරාජ්‍යයට මුහුණ දෙන්න ආසියාවෙදි නම් ඇමරිකාවටයි, ඉන්දියාවටයි එකතු වෙන්න සිද්ධවුණා.
 
මේක තැනින් තැනට වෙනස්. ඒක නිසා දැන් අපට බටහිර අධිරාජ්‍යවාදය එන්නේ ඇමරිකා - ඉන්දියා ඒකාබද්ධ මෙහෙයුමක් විදිහට. මේ තත්වය තුළ අපි දශක දෙකකට වඩා ඇවිත් තියනවා. 
 
හැබැයි මෙතනදී ඇමරිකන්කාරයා කොහොමවත්ම ලංකාව අතහරින්න සුදානම් නෑ. පෙන්ටගනයේ යුධ සැලැස්මේ තියන ආසියාවේ රතු තිත ලංකාව. ඒක නිසා හරි වෙලාව එනකම් ඈමරිකන්කාරයා බලා හිටියා. 
 
ඉතිහාසයේ අපට මතකයි මේ රටට සේන සහ ගුත්තික කියන වෙළඳ දෙබෑයන් ආවා. ඇවිත් අන්තිමට රටම ඇල්ලුවා. ලොරන්ස්සූදී අල්මේදා කළෙත් ඒක. ඉඟුරු දීලා මිරිස් ගත්ත දෙවෙනි රාජසිංහට උනෙත් ඒක. 815 කන්න උඩරට ගිවිසුමෙන් උනෙත් ඒක. ඔන්න දැන් ඒකේ නූතන අවස්ථාව ඇවිත්.
 
 
අද මේ රට අල්ලන එයාලා පාවිච්චි කරන්නේ ගෝඨාභය, බැසිල් කියන දෙබෑයන්. එයාලගේ ශ්‍රී ලාංකික සම්භවය ඒකට ගොඩක් වැදගත්. එයාලා ඇමරිකන් පුරවැසියෝ. මාරුවෙන් මාරුවට මෙහෙයි,එහෙයි ජීවත් වුණේ. 
 
  
එයාලා ජනාධිපති මහින්දගේ සහෝදරයෝ නිසා එයාලා ශ්‍රී ලංකා ආණ්ඩුවේ ඉහළ තනතුරු දැරුවා. එක්කෙනෙක් ආරක්ෂක ලේකම්, අනිත් කෙනා ආර්ථික සංවර්ධන ඇමති. මහින්ද අනෙක් සියලු නායකත්ව පෞරුෂයන්ට ගහමින් රාජපක්ෂ පවුල වටේට බලය ගොඩනැගමින් සිටීමත් එයාලගේ වැඩේ තවත් පහසු කළා. 
 
 
 
image db4d0482d6                                     අන්තිමට මේ රටේ දේශපාලන නායකයෝ බිහිවෙන්නේ රාජපක්ෂ පවුලෙන් විතරයක් වුනා...
 
 
අන්තිමට මේ රටේ දේශපාලන නායකයෝ බිහිවෙන්නේ රාජපක්ෂ පවුලෙන් විතරයක් උනා. අදත් අපට පක්ෂ විපක්ෂ ඇතුළේ දැවැන්ත නායකත්ව පෞරුෂ නෑ. 
 
මේ රිත්තකය ඇමරිකාව පිරෙව්වේ ගෝඨාභයගෙන්. මුලින් ගෝඨාභය ඇමරිකන් විරෝධියෙක්. ඒ චරිතය ගෝඨාභය ලස්සනට කළා. මේ රටේ දේශප්‍රේමීන් අන්ධයෝ වගේ ගෝඨාභයට බලය අරන් දුන්නා. අද ගෝඨාභය තමන්ගේ මව් රටට ඕනි විදිහට ලංකාව වෙනස් කරමින් ඉන්නවා. ශ්‍රී ලංකා පොලොව උඩ ඇමරිකන් මෙහෙයුමට පහසුකම් සපයමින් ඉන්නවා.
 
රටේ රාළ ඒ ගැන මිට ඉස්සෙල්ලා ලිපියකින් කතා කලා. ඒකේ ප්‍රධාන තැන් දෙකක් තියනවා. එකක් 20 වෙනි සංශෝධනය හරහා දිත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු ඒමට ඉඩ සැලැස්වීම. අනික ඒ හරහා බැසිල් පාර්ලිමෙන්තු ඇවිත් මුදල් ඇමති ලෙස දිවුරුම් දීම.
 
 
අද මේ රටේ මහ බැංකුව, රාජ්‍ය භාණ්ඩාගාරය, මුදල් අමාත්‍යාංශය තියෙන්නේ ඇමරිකන් පුරවැසියෙක් අතේ. එයා ඇමරිකාව වෙනුනේ දිවිහිමියෙන් කැපවීමට දිවුරුම් දුන් අයෙක්. ජනාධිපති ගෝඨාභයත් එහෙමයි. අද මේ පොලොව උඩ ඇමරිකන් මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා. එයාලා දිවුරුමට අනුව වැඩ.
 
 
මේ කතාවෙන් පස්සේ රටේ රාළ මරලා දායි. ඒත් ඇත්ත කතා කරන්න ඕනි. අද වෙනකොට එක පෑන් පාරෙන් මේ රට ඇමරිකානූ උපාය මාර්ගය ඇතුළට අරන් ඉවරයි. මහින්ද ගෙනාපු  චීන මෙහෙයුම් හැතැම්ම ගානක් පස්සට තල්ලු කරලා ඉවරයි. එක ගිවිසුමකින් ශ්‍රී ලංකා යටත් කරලා ඉවරයි. 
 
ඒ තමයි සැප්තැම්බර් 17 වෙනිදා අනගාරික ධර්මපාලතුමාගේ උපන්දිනය දවසේ බාර් ඇරලා, අපේ ඇස් වහලා මහ රෑ අත්සන් කරපු කොළවරපිටිය බලාගාර ගිවිසුම. ඒ හරහා අපේ රටේ බලශක්ති සුරක්ෂිතතාව ඇමරිකාවට පාවාදීලා ඉවරයි. ඇත්තටම ඒක හොර ගිවිසුමක්.
 
දැන් ඒක අත්සන් කරලා ඉවරයි. ඇමරිකන් කාරයා අපට ආදරයට ආවා නෙවෙයි. ඌට අපට පිනට ගෙනත් දෙන්න ස්වාභාවික ගෑස් එහේ නෑ. මේ කුවේට් ගෑස් ආකරවලින් මංකොල්ල කන ගෑස්. ඇමරිකන් කාරයා ගානක් තියාගෙන අපට විකුණනවා. 
 
එතකොට ඔයාලට හිතෙයි අපේ එවුන් කොමිස් ගන්න එකේ ඕක මොකක්ද කියලා. නෑ මේක ඒ තරම් සරළ  ගනුදෙනුවක් නෙවෙයි. ඒ ගිවිසුම ඇතුළේ අපේ රටේ බලශක්ති සුරක්ෂිතතාවය පාවලා දීලා ඉවරයි. රටේ ජාතික ආරක්ෂාව පාවලා දීලා. ඇමරිකානු අධිරාජ්‍යවාදයට අපිව යටත් කරන්න අලුත් ආරම්භයත් සපයලා ඉවරයි.
 
 හැබැයි ඒක කළේ ඔයාලා මල් තියලා වැදලා ගෙන්න ගත්ත ඇමරිකන් පුරවැසියෝ දෙන්නෙක්. වෙස්වලාගෙන ආපු  ඇමරිකන්කාරයෝ දෙන්නෙක්. ගෝඨාභය හා බැසිල් කියන්නේ වෙස්වලාගෙන ආපු ඇමරිකන් ආක්‍රමණිකයෝ දෙන්නෙක්. සමහරවිට ඔයාලට තවම එහෙම තේරෙන්නේ නැතිව ඇති. ඒත් ඔයාලටත් තේරෙන දවසක් එයි. හැබැයි එදාට අපට සිද්ධ වෙන්න ඕනි සියල්ල සිද්ධ වෙලා ඉවරයි.
 
ඒක නිසා රටේ රාළ තීරණය කළා ආක්‍රමණිකයාට බයේ ඊනියා දේශප්‍රේමීන් හැංගෙන මේ වෙලාවේ. එයාලට යටත් වෙන මේ වෙලාවේ. ජීවිත අවධානම් ගැන හිතමින් පණ කඩාගෙන දුවන මේ වෙලාවේ තනියෙන් හරි දෙපයින් නැගිටලා ආක්‍රමණිකයන්ට පහර දෙන්න ඕනි කියලා. රටේ රාළගේ ඉරණමත් එතනින් තීන්දු වෙයි. 
 
ඒත් ප්‍රශ්නය ඒක නෙවෙයි. මේ රටේ ඉරණමයි. ඔයාලා රටේ රාළගේ ඉරණම ගැන හිතන්න එපා. මේ රටේ ඉරණම ගැන හිතන්න. ඒක මහා ඛේදවාචකයකින් කෙළවර වෙන්න ඉස්සෙල්ලා පෙරට එන්න. 
 
තවමත් ඒක කරන්න පුළුවන්. ඒකට ඇමරිකන් ආක්‍රමණිකයෝ එලවන්න ඕනි.
 
 
එහෙනම් ගිහින් එන්නම්.
 
බුදු සරණයි.
ජයවේවා.
 
 
මීට
රටේ රාළ
 
Priynatha witharana(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්....)
 
 
 
 

THE LEADER TV 
 
ලොක්කා බයවෙලා ? 
 
 
රාජ්‍ය අනුග්‍රහයෙන් කෘෂි රසායන ජාවාරමක් ! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්