Image - Prasanna Weerakkody
 
අපි දාර්ශනිකව කල්පනා කළොත් හැම ප්‍රමාණාත්මක වර්ධනයක්ම ගුණාත්මක පරිවර්තනයකින් අවසන් වෙන්න ඕනි.
රටේ රාළට හිතෙන්නේ අපේ රට ඇතුළේ අධිරාජ්‍යවාදීන්ගේ මැදිහත්වීමත් දැන් ගුණාත්මක පරිවර්තනයක අවසන් සීමාවටම ඇවිල්ලා. පරිවර්තනය ආරම්භ උනාට පස්සේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ පිමි විදිහට.
 
අද අපි ලෝකයේ ප්‍රභල අධිරාජ්‍යවාදී කණ්ඩායම් තුනක බළපෑමට අහුවෙච්චි රටක්. ඇත්තටම කිව්වොත් බලපෑම කියන වචනය වැරදී, ඒකට හරි වචනය ග්‍රහනයට අහුවෙලා කියන එක. එක පැත්තකින් චීනය. අනිත් පැත්තෙන් ඉන්දියාව. ඊළඟට ඇමරිකාවේ.
 
මේ අයගේ මැදිහත්වීම් ගත්තොත් විවිධයි. චීනය තනි ප්‍රභල මැදිහත්වීමක් කරනවා. ඉන්දියාව හා ඇමරිකාව ඒකාබද්ධ මැදිහත්වීම් කරනවා. ඊට අමතරව ඉන්දියාව හා ඇමරිකාව වෙන වෙනමත් මැදිහත්වීම් කරනවා. දැන් මේ සමස්ථය ඇතුළේ තමයි අපේ දේශපාලනය තියෙන්නේ.
 
මේ මැදිහත්වීම් අයින් කරලා අපට දේශපාලන කතා කරන්න බෑ. කතා කරනවානම් නම් ඒක වැරදී. ඒක නිසා මේ උද්ගත වෙලා තියෙන හැම සමාජ, ආර්ථික ප්‍රශ්නයක්ම කතා කරන්න වෙන්නේ මේ අධිරාජ්‍යවාදී බලහත්කාරය ඇතුළේ ඉදින්. 
 
ඒ විතරක් නෙවෙයි අපේ ජාතික ආරක්ෂාවට අද බලපතල තර්ජනයක් තියනවා. නිකං හිතන්න ඇමරිකාව ගෑවෙනවා කියන්නෙම ඉල්ලං කෑමක් නෙවෙයිද කියලා? ලෝකයේ ඇමරිකානු බේස්වලට පහර දෙන්න බලාගෙන කීදෙනෙක් නං ඉන්නවාද?
 
අපේ ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාව නං දැන් වචන විතරයි. ඒ වගේම අපි නිසා කලාපීය ආරක්ෂාවටත් දැන් බරපතල තර්ජනයක් වෙලා. ඇත්තටම මීට සමාන තත්වයක් ගැන කියන්න ලෝකේ උදාහරණ හරි අඩුයි. ඉස්සර යටත් විජිත ගොඩනගන්න පෘතුගීසීන්, ලන්දේසින්, ඉංග්‍රීසින් අතර ඇතිවුණු තරගය මිට සමානයි. 
 
ඒවා මහ මුහුද මැද, යටත් විජිත භූමි ඇතුළේ ඇවිලුණු දරුණු යුධ ගැටුම්. ඒත් ඒ හැම එකකම අවසන් පරමාර්ථය උනේ අත්පත් කරගැනීම. 
 
 
 
 
දෙවන ලෝක යුද්ධය කාලේ මේ වගේ අද්දැකීමකට වියට්නාමයත් මුහුණ දුන්නා. එක පැත්තකින් ජපන් ආක්‍රමණය. ඊළඟට ප්‍රංශ ආක්‍රමණය. අවසානයේ ඇමරිකන් ආක්‍රමණය. සියල්ල අපට සමාන නැති උනත් වියට්නාම් ඉතිහාසයේ ඇතැම් තැන් අද අපි ඉන්න තත්වයට සමපාත වෙනවා. ඒ කියන්නේ එකවර අධිරාජ්‍යවාදීන් කිහිප දෙනෙකුට මුහුණදීමට සිද්ධවීම.
 
 
හැබැයි වියට්නාමය ඒක හරියටම කළා. ප්‍රංශකාරයට ගහලා එලවලා 1979 වෙනකොට ඇමරිකන්කාරයටත් ගහලා එළෙව්වා. අද වියට්නාමය නැගෙනහිර ආසියාවේ දැවැන්තයෙක්.
 
කොහොම උනත් මෙතනදී රාජපක්ෂලා හිතන්නේ එයාලට මේ තත්ත්වය කළමණාකරණය කරන්න පුළුවන් කියලා. ඒක තමයි රටේ රාළ හැමදාම කියන එයාලගේ වැඩවසම් මනස. වැඩවසම් මනස ඇතුළේ ඉඳන් ධනවාදය විග්‍රහ කරන අයට එහෙම හිතෙනවා. අනික අද ධනවාදය අධිරාජ්‍යවාදය දක්වා ඇවිල්ලා තියෙන්නේ.
 
කොහොම උනත් රාජපක්ෂලාගේ උවමනාව අධිරාජ්‍යවාදීන්ට ඉෂ්ඨ කරන්න පුළුවන්. ඒත් රාජපක්ෂලාගේ බලය රැකලා දෙන්න හැමදාම එයාලට බෑ. අධිරාජ්‍යවාදීන්ගේ උවමනාවන් බැලන්ස් කරන්න රාජපක්ෂලාට කවදාවත් බෑ. ඒකට බැසිල්ගේ මොළ හතක් හොදලා ගෙනාවත් බෑ. 
 
අන්තර් අධිරාජ්‍ය ප්‍රතිවිරෝධය ගැන රාජපක්ෂලා මෙලෝ දෙයක් දන්නේ නැති බව පේනවා. ඒක නිසා මේක මහ දරුණු සෙල්ලමක්. ඒක Mistake එකකින් මහා විනාශයක් වෙන්න පුළුවන්. WW III වෙන්නත් පුළුවන්. ඇත්තටම මේකේ සීමාවක් තියනවා. ඒක හදන්නේ රාජපක්ෂලා ස්ව කැමැත්තෙන් මේ රටට ගෙන්න ගත්ත අධිරාජ්‍යවාදීන්. 
 
තවමත් වෙන වෙනම තැන් අත්පත් කරගන්න අධිරාජ්‍යවාදීන් මැදිහත් වෙන බව පේනවා. හැබැයි එක වෙලාවක් එනවා එයාලා එකම දෙයක් වෙනුවෙන් සටන් කරන. උදාහරණයක් ගත්තොත් ත්‍රිකුණාමලය වගේ තැනක්.
 
ඊළඟට මේ අලුත් තත්වයත් එක්ක රටපුරා ජාත්‍යන්තර ඔත්තු සේවා තුනක් වේගයෙන් සක්‍රීය වෙනවා. චීන ඔත්තු සේවය කියන්නේ ලෝකයේ අති ප්‍රභල ඔත්තු සේවයක්. ඒක ගැන අපි දන්නේ නැත්තේ ඒ ගැන කිසිම දෙයක් ලෝකයට එළිවෙන්න චීනා ඉඩදෙන්නේ නෑ.  ඉන්දියන් Raw එක ගැන අපි ටිකක් දන්නවා.  ඇමරිකන් CIA එක ගැනත් ටිකක් දන්නවා. ඒත් ඒවායේ අපි නොදන්න දේ ගොඩක් වැඩී. 
 
 
ඔත්තුසේවා, ඔත්තුසේවා අතර ගැටුම කියන්නේ අපට හිතාගන්න බැරි ගැටුමක්. ඒක මේ පාතාල කල්ලි දෙකක් ප්‍රසිද්ධියේ මරා ගන්නවා වගේ එකක් නෙවෙයි. රෑට ආයුධ පෙන්නන්න කියලා අරන් ගිහිල්ලා දේශපාලනඥයෙක්ගේ උවමනාවට කුඩුකාරයෙක් මරලා දානවා වගේ නිවට වැඩක් නෙවෙයි. අවුරුදු සීයකින් හරි රිටන් එක දෙන මහා භයානක ක්‍රීඩාවක්. එතනදී එයාලට අනිත් කිසිම දෙයක් වැදගත් නෑ.
 
 
අද ඇෆ්ගනිස්ථානයේ සිද්ධ වෙන්නේ ඒක. 1989 රුසියාවට තමන්ගේ හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කරගන්න උනේ CIA හා මුජව්දීන් ගරිල්ලන් නිසා. අද ආය රුසියන් ඔත්තු සේවය ඇමරිකාවට රිටන් එක දීලා ඇෆගන්වලින් තමන්ගේ මිනිස්සු, තමන්ගේ අවි ආයුධ දාලා දුවන්න. මේකේ කොනක චීනයත් ඉන්නවා.
 
රටේ රාළ කියන්නේ ඒක මහ බරපතල සටනක්. ඒක මේ මහපොළොව උඩ ඇතිවුන දවසට රාජපක්ෂලා වගේ බයියන්ට පුළුවන්ද ඒක බේරන්න. එදා ඔයාලට මතක ඇති ආණ්ඩුව කොළඹ වරාය නගර පනත සම්මත කරනකොට රටේ රාළ මේ අනතුරු ඇගවීම කළා. හැබැයි ඒක කියලා මාස තුන හතරක් යන්න උනේ නෑ ඇමරිකාව අපේ රටට තීරණාත්මක මැදිහත් වීමක් කරලා. ඒ යුගදනව් බලාගාර ගිවිසුම හරහා අවුරුදු 15 කට අපේ රටට LNG සැපයීමේ ඒකාධිකාරිය අතට අරන්.
 
ඊයේ රටේ රාළ ඒ ගැන කිව්වා. ඒකෙන් නව තත්වයක් රට ඇතුළේ  ඇති කරලා තියනවා. ඒක තමයි රටේ රාළ කියන්නේ මේක පිමි විදිහට වර්ධනයත් වෙනවා කියලා. 
 
 
 
එක වෙලාවක පොට් සිටියේ තමන්ගේ කොටසේ ආරක්ෂකව චීන නාවික හමුදාව අතට ගන්න බැරි නෑ. ඇත්තටම මේක අධි අවධානම් තත්වයක්. කොරෝනා රතු කලාපයෙන් එළියට එමින් තියෙන අපි දැන් අන්තර් අධිරාජ්‍ය ප්‍රතිවිරෝධයේ රතු කලාපයට ඇතුළ් කරලා ඉවරයි.
 
 
මේක ඇතුළේ නිර්මාණය කරලා තියෙන අලුත් තත්වය තමයි අපට වැදගත්. නව අධිරාජ්‍ය විරෝධී දේශප්‍රේමී විමුක්ති අරගලයකට දොරක් ඇරිලා තියනවා. 
 
එදා කැප්පෙටිපොලගෙන් ගිලිහුණ කඩුව, බූටෑවේ රටේ රාළගෙන් ගිලිහුණු කඩුව, වීර පුරන් අප්පුගෙන් ගිලිහුණ කඩුව අහුලගෙන අපට ආයෙත් සටන් කරන්න වෙලා. මව්බිමේ උස් නිදහස වෙනුවෙන් සටන් කරන්න වෙලා. ජාතික, ආගම්,දේශපාලන භේද පැත්තකින් තියලා මව්බිමේ විමුක්ති වෙනුවෙන් සටන් කරන්න වෙලා.
 
ඒක නිසා රටේ රාළ විපක්ෂයේ මහත්වරුන්ට යෝජනා කරනවා, ඔය ජනාධිපති සිහින පැත්තකින් තියලා එන්න රට බේරගන්න. අපි 2024 දී ඒ ප්‍රශ්නය බේරගම්මු. එතකන් මේ රටේ ජනාධිපති ගෝඨාභය.ඒක වෙනස් කරන්න බෑ. ඒක වෙනස් කරන්න ඕනිත් නෑ. අප ඒක වෙනස් කරන්නත් බෑ. හැබැයි එතනින් එහාට ඒ තනතුර ඇමරිකන් පුරවැසියෙකුට යන එක අනිවාර්යයෙන් නවත්තන්න ඕනි.
 
හැබැයි ඊට ඉස්සෙල්ලා මේ රටේ ජාතික සම්පත් විකුණන එක නතර කරන්න ඕනි. කොහොම හරි නතර කරන්න ඕනි. ඒක තමයි මේ වෙලාවේ අපට තියෙන ජාතික යුතුකම. වගේම ජාතික සටන. 
 
පොලොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය බේරාගැනීමේ සංවිධානය දැන් හැදිලා ඉවරයි. හැබැයි ඒක පරාක්‍රම සමුද්‍රය බේරා ගැනීමකට සීමා කරන්න එපා.ඒක මව්බිමේ සම්පත් රැක ගැනීමේ ජාතික සටනක් දක්වා පළල් කරන්න ඕනි. ඒ සටන පටන් ගමු. ඒක තමයි පළවෙනි පියවර. නුතන අධිරාජ්‍ය විරෝධී නිදහස් සටනත් ඒක ඇතුළෙන් ගොඩනගන්න පුළුවන්. 
 
 
එහෙනම් ගිහින් එන්නම්.
බුදු සරණයි.
ජයවේවා.
 මීට
රටේ රාළ
 (Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්....)
 
Priynatha witharana
 
 
 
 
 
 
 
THE LEADER TV 
සිරිසේනගෙන් තව උගුලක්
 

බැසිල් - විමල් ගැටෙයි: අගමැති නිහඬයි !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්