රටේ රාළ ඊයේ විපක්ෂයට විවෘත ආරාධනාවක් කළා. ඒ තමයි 2024 ජනාධිපතිවරණයට දැන්මම පොරබදන්නේ නැතිව ඉස්සෙල්ලා මේ ව්‍යසනයෙන් රට බේරගෙන ඉමු කියලා.
 
රට බේරගමු කියන එක ඔය කාටත් අදාළයි. කෝකටත් කට්ටියට නම් වශයෙන්ම මතක් කරන්න ඕනි කියලා රටේ රාළට හිතුණා. සජබය, එජාපය, ජවිපෙ, 43 සේනාංකය, දෙමළ මුස්ලිම් දේශපාලන පක්ෂවලට, පෙරටුගාමීන්ට ඔය ඔක්කොටෝම මේක අදාළයි.
 
ඒ වගේම තමයි දේශපාලනයෙන් ඈත් වෙලා ඉන්න කරූට, වගේම චන්ද්‍රිකාටත් මේක අදාළයි. ඇත්තටම මේ ආණ්ඩුව ඇතුළේ ඉන්නවානම් හෘද සාක්ෂිය තියෙන කෙනෙක් ඒ අයටත් අදාළයි.
 
අපි අතර විවිධ දේශපාලන මත තියෙන්න පුළුවන්. ඒක අපේ පිලිගැනීම හා විස්වාසය. 
 
මේ මොන දේශපාලන මතිමතාන්තර තිබුණත් ඒවාට අපේ මාතෘ භූමියට තියෙන ආදරය අතික්‍රමණය කරන්න බෑ. 
 
මෙතන දේශපාලන වශයෙන් මත ගැටුමක් එන්න පුළුවන් තැන් දෙකක් තියනවා. ඉස්සෙල්ලා ඒක හරියට ලෙහන්න ඕනි. 
 
එකක් විවෘත ආර්ථිකය. අනික පුද්ගලීකරණය. ඕක පිලිගන්න අය වගේම නොපිලිගන්න අයත් ඉන්නවා. 
 
කොහොම උනත් රටේ රාළ හිතුවා ඒ ගැන රටේ රාළගේ මතය කියලා ඉන්න. ඇත්තටම අද අපට තියෙන්නේ ගෝලීකරණය වෙච්චි ලෝකයක්. හැමදේම ගෝලීකරණය වෙලා නැතත් මේ ගෝලීය තත්වය හොදයි. 
 
ඒක නිසා කිසි කෙනෙකුට මේ ලෝකය අස්සේ හැංගිලා ඉන්න බෑ. උතුරු කොරියාව වගේ රටක් ගත්තත් එයාලටත් තවදුරටත් විවෘත නොවී ඉන්න අමාරුයි. රටේ රාළ හිතන්නේ එයාලාත් විවෘත වෙන්න ලෑස්ති. හැබැයි යටත් වෙලා විවෘත වෙන්න ලෑස්ති නෑ.
 
මෙච්චර සන්නිවේදනය ගෝලීකරණය උන ලෝකෙක අපට හංගන්න දෙයක් දැන් නැති තරම්.
 
එදා ජේ.ආර් විවෘත ආර්ථිකය නොගෙනාවත් මේ වෙනකොට කවුරු හරි එක ගෙනත් දානවා. හැබැයි අපි විවෘත ආර්ථිකය කියලා වැලදගත්තේ ඇත්තම විවෘත ආර්ථිකයද කියන ප්‍රශ්නය ගොඩක් අයට තියනවා. 
 
 DPM
                  තරගය ඇතුළේ හොදමදේ තෝරගන්න නිදහස අපට නෑ. හැම ඒකේම ඒකාධිකාරී හදලා.
 
 
රටේ රාළ කියන්නේ මේ විවෘත ආර්ථිකය නෙවෙයි. මේක කුණු ආර්ථිකය. නැත්තං කෝ විවෘත ආර්ථිකය යටතේ තියෙන්න ඕනි වෙළඳපොල තරගය. එහෙම එකක් නෑ. තරගය ඇතුළේ හොදමදේ තෝරගන්න නිදහස අපට නෑ. හැම ඒකේම ඒකාධිකාරී හදලා.
 
යුක්‍රේනයෙන් කුණු ගේන එක කොහොමද විවෘත ආර්ථිකය වෙන්න. චීනයේ මළ අපද්‍රව්‍ය ගේන එක කොහොමද විවෘත ආර්ථිකය යටතේ කාබනික පෙහොර ගෙන්වීම වෙන්නේ. ඔය වගේ උදාහරණ නං සියගානක් කියන්න පුළුවන්. 
 
ඒ වගේම ලෝකේ මොන රටද තමන්ගේ දේශිය ආර්ථිකය විනාශ කරගෙන ලෝකය මත විතරක් යැපෙන තැනට පල්ලම් බහින්නේ. 
 
ඒකට හොඳම උදාහරණය ඉන්දියාව. ඉන්දියාවේ නිෂ්පාදන ගොඩක් තියනවා. ඒවට ආදේශක පිටරටින් ගේන්න බෑ. ඒක තමයි ඉන්දියන්කාරයට තියෙන ආඩම්බරය. ඉන්දියාවනු නිෂ්පාදනය පරිභෝජනය කරන්න එයාලට Mother India සංකල්පය ගොඩක් වැදගත් උනා.
 
අපි එහෙමද අපට උරුම වෙලා තියෙන ස්වායක්ත ආර්ථික අපි විනාශ කලා. තවමත් අපි විනාශ කරමින් ඉන්නවා. උදාහරණයක් ගන්න දේශීය කිරි කර්මාන්තය. මේ රටේ පශු සම්පත් ඇමතිලා කීයක් හිටියද? හැබැයි කවුද අපේ රටේ දේශීය කිරි කර්මාන්තය දියුණු කළේ. 
 
අපේ රටේ ගව සම්පතෙන් බොහෝම පොඩි ප්‍රතිශතයක් තමයි කිරි කර්මාන්තයට යොදා ගන්නේ. අනික් ඔක්කොම ආයාලේ යන හරක්. හරියට මේ ආණ්ඩුව වගේ. ඒකට බලන්න ඉන්දියාවේ අමුල් සමාගම. අද ඉන්දියාව දියර කිරිවලින් ස්වයංපෝෂිත කරලා ඉවරයි. 
 
 
 
අනික තමයි පුද්ගලීකරණය. ඇත්තටම මේ ගෝලීය ලෝකය ඇතුළේ ඒකාධිකාරී ධනවාදයට පවතින්න අමාරුයි. ඒ කියන්නේ ආණ්ඩුව මැදිහත් වෙලා සියල්ල කරන්න බෑ. ඒක නිසා පුද්ගලික අංශ සහභාගී කරගන්න වෙනවා. හැබැයි ලෝක දියුණු රටවල් තියෙනවා ඒකට හදපු ප්‍රතිපත්තියක්. අනිවාර්යෙන්ම රජය විසින් පවත්වාගෙන යන කිසිසේත් අන්සතු නොකරන ලයිතුවක් තියනවා.
 
උදාහරණ ජාතික ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍ය, බලශක්තිය, දත්ත පවත්වාගෙන යෑම....වගේ තව ගොඩක් තියනවා..
 
ඊට පස්සේ රජය හා පෞද්ගලික අංශයේ හවුලේ කරන ව්‍යාපාර. ඊළඟට සම්පුර්ණයෙන් පුද්ගලික අංශයට විවෘත ව්‍යාපාර. 
 
මේ හැම එකටම Police එකක් තියනවා. රාජ්‍ය සමාගම් තියනවා, අර්ධ රාජ්‍ය සමාගම් තියනවා, පෞද්ගලික සමාගම් තියනවා. යමක් පෞද්ගලීකරණය කරනවා නම් ඉස්සෙල්ලම අවස්ථාව දෙන්නේ දේශීය ව්‍යාපාරිකයාට. 
 
ඉන්දියාව වගේ රටකට පිටින් ආයෝජකයෙක් එනවා නම් එයා දේශීය සමාගමක් එක්ක හවුලේ තමයි බිස්නස් කරන්න ඕනි. එතන ශක්තිමත් දේශීය සමාගම. ඉන්දියාවට එංලන්තයේ Leland සමාගම ආවහම ඉන්දියාවේ Asok සමාගමත් එක්ක එකතුවෙලා Asok Leland හදන්න උනා. Germany යෙන් Bolero සමාගම එනකොට ඉන්දියාවේ Mahendra සමාගමත් එක්ක Mahendra Bolero හදන්න උනා. එහෙමයි අද ඉන්දියාව ලෝකයේ දැවැන්තයෙක් වුනේ.
 
ඒ නායකයෝ දේශපාලන මතවලින් වෙනස් උනාට හැමෝම Mother India කියන සංකල්පයට යටයි. 
 
බලන්න කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට අරන් දෙන්න ඉන්දියාව අපට කොච්චර බලපෑම් කළාද? අපට අනුව ඒක වරදි වෙන්න පුළුවන්. ඒත් ඉන්දියාවට අනුව ඒක හරි. ඒක තමයි කියන්නේ ඉන්දියන් නායකයෝ නියම දේශප්‍රේමීයෝ කියලා. 
 
අපේ රටේ නායකයෝ කියන්නේ දේශප්‍රේමීයෝ නෙවෙයි බොරු ජාත්‍යන්තරවාදියෝ. ලෝකේ කොහේවත් නැති ජාත්යන්තරවාදයක් තමයි මේ අප්පලට තියෙන්නේ. 
 
 
 
ලෝකේ තවමත් වලංගු ප්‍රබලම සංකල්පය තමයි ජාතික රාජ්‍ය සංකල්පය. මාතෘ භූමිය, පීතෘ භූමිය කියන සංකල්පය. ලෝකේ වැඩිම මිනිස්සු දිවිපුදලා තියෙන්නේ ඒ වෙනුවෙන්. අපට අනුව වැරදි උනත් ලෝකයේ කොතනින් හරි තමන්ට කියලා රටක් හදාගන්න දෙමළ මිනිස්සු කොච්චර උත්සාහ කරනවාද. ඒ වෙනුවෙන් කී දාහක් දිවි පුදලා තියනවද? 
රටේ රාළ නං බොරු ජාත්‍යන්තරවාදියෙක් නෙවෙයි. හැබැයි රටේ රාළ දන්නවා මේ ලෝකයේ එක තැනකදී ජාතික සීමා අහෝසි වෙනවා කියලත්. ඒකට තව අවුරුදු සියගානක් යයි. ඒක එදාට බලාගමු. එතකං අපට ජාතික රාජ්‍ය සංකල්පය වැදගත්. ඒක හැදුනේ ධනවාදය යටතේ තමයි. ජාතික රාජ්‍යට නියම වටිනාකම දුන්නෙත් ධනවාදය තමයි. එක කොඩියක්, ජාතික ගීයක් ඉස්සරහා රටක් පෙළගැස්සුවේ ධනවාදය තමයි. නියම දැනුවත් දේශප්‍රේමීත්වය කුළු ගැන්නුවේත් ධනවාදය තමයි.
 
ඒ නිසා රටේ රාළ ධනවාදයට වෛර කරන කෙනෙක් නෙවෙයි. ධනවාදයේ සියලු දියුණු ලක්ෂණ අපිත් අත්පත් කරගන්නා ඕනි. රටේ රාළ ධනවාදයේ නොපිලිගන්නේ ධනවාදය ඇතුළේ තියෙන බෙදා හැරීමේ රටාව. ඒක නං පුපුරවන්නම ඕනි. ඒත් ඒක පුපුරවන්න ඉස්සෙල්ලා ධනේශ්වර සංවර්ධන අපි අත්පත් කරගන්න ඕනි.
 
අපේ රටේ වමේ නායකයන්ට නොතේරෙන ඇත්ත ඕක. රටේ රාළගේ මේ විග්‍රහ ගොඩක් අයට පිලිගන්න පුළුවන් එකක්. ඒ අර්ථයෙන් බලනකොට අද අපේ රටේ විවෘත ආර්ථිකයක් නෑ. මොකද්ද අද තියෙන පෞද්ගලීකරණය?
 
 
3d393fad59e914aed9bdcc868c6753e5 L
               චන්ද්‍රිකාලා, රනිල්ලා ගසා කෑවේ නෑ. තමන් පිලිගත්ත දේශපාලන න්‍යාය ක්‍රියාත්මක කළා. 
 
 
හැබැයි අපේ රටේ පුද්ගලීකරණ වැඩපිළිවෙළ දැන් දශක හතරක්  තිස්සේ ක්‍රියාත්මක වෙනවා. චන්ද්‍රිකා ඒක කළා. රනිලුත් ඒක කළා. අඩුපාඩු ගොඩක් තිබුණා. ඒත් නායකයෝ විදිහට චන්ද්‍රිකාලා, රනිල්ලා ඒකෙන් ගසා කෑවේ නෑ. තමන් පිලිගත්ත දේශපාලන න්‍යාය ක්‍රියාත්මක කළා. 
 
රටේ රාළට හිතෙන විදිහට මෛත්‍රී පෞද්ගලීකරණයට විරුද්ධ කෙනෙක්. ඒකට එයා පක්ෂ උනත් එයා පිලිගන්නේ රාජ්‍ය සංකල්පයට යටත් පුද්ගලීකරණයක්. 
 
 
 
හැබැයි අද ක්‍රියාත්මක වෙන්නේ ඒ පෞද්ගලිකරණයද? නෑ මේක තනිකරම හොරකමක්. ඇත්තටම මේ කරන්නේ අතයට ගනුදෙනුවකට මාතෘ භූමිය විකුණන එක නෙවෙයිද? එක පවුලක අනාගතය වෙනුවෙන් සමස්ථ ජාතියක අනාගතය පවාදෙන එක නෙවෙයිද? මේක වලක්වන්න ඕනි නැද්ද? 
 
පුද්ලීකරණය එකම ආර්ථික ප්‍රතිපත්ති කරගත්ත කෙනෙකුටවත් මේක පිලිගන්න බෑ. 
 
ජවිපෙ වගේ පක්ෂයකට මේක කොහොමවත් පිලිගන්න බෑ. මෙතනදී ජවිපෙ ගැනත් රටේ රාළට වචනයක් කියන්න තියනවා. රටේ රාළ ජවිපෙ දේශපාලනට එකඟ නෑ. හැබැයි ජවිපෙ ඉතිහාසය පුරාම රට විකුණන එකට විරුද්ධ උන පක්ෂයක්. මොන විවේචන තිබුණත් ජවිපෙ තවමත් ඒ ස්ථාවරය  නියෝජනය කරනවා.
 
වෙන වෙනම අරන් ජවිපෙ පුද්ගලයෝ ගැන කියන්න රටේ රාළ කැමති නෑ. හැබැයි ජවිපෙ ඒ දේශපාලන ප්‍රතිපත්තියට රටේ රාළ ගරු කරනවා. 
 
ඒක නිසා මේ ආණ්ඩුව කරන තක්කඩ් වැඩේ මොන දේශපාලන මතය දරන්නෙකුටවත් අනුමත බෑ. මේක පරාජය කරන්නම ඕනි. රටේ රාළ හිතන්නේ ඒක ගැන කාටවත් විසංවාදයක් නෑ කියලා.
 
ඒකට විපක්ෂය විතරක් නෙවෙයි ආණ්ඩුව ඇතුළේ ඉන්න හෘද සාක්ෂිය තියන සියලු දෙනා එකතු කරගන්න ඕනි. දැන් මේ රට රජ පවුලෙන් බේරගන්න දේශපාලන ව්‍යාපාරයක් ඕනි. ඒ එකතුවට එකතු වෙන්න අපි කවුරුත් නිහතමානී වෙන්න ඕනි.
 
 
image 6fb383c1d5
 ''අද මංගල නැති අඩුව මේ රටට දැනෙනවා. ඒ වෙන මොකවත් නිසා නෙවෙයි. මේ සටනට අවශ්‍ය එකතුව හදන්න හිටිය හොදම මිනිහා මංගල''
 
 
ඇත්තටම මෙතනදී රටේ රාළ එකක් කියන්න ඕනි. රටේ රාළ මංගලගේ දේශපාලනයට එකඟ නෑ. දේශපාලනයටත් වැඩිය එයාගේ සංස්කෘතිකට ඒකඟ නෑ. හැබැයි ඒක එයාගේ අයිතිය. මංගල විවෘතව අදහස් පල කරපු මිනිහෙක්. අද මංගල නැති අඩුව මේ රටට දැනෙනවා. මංගලගේ දේශපාලන විරුද්ධවාදියෙක් උන රටේ රාළටත් ඒක දැනෙනවා.
 
ඒ වෙන මොකවත් නිසා නෙවෙයි. මේ සටනට අවශ්‍ය එකතුව හදන්න හිටිය හොදම මිනිහා මංගල. ඒත් දැන් මංගල නෑ. දැන් මංගල නැති අඩුව කවුරු හරි පුරවන්න ඕනි. ඒක ඓතිහාසික කාර්ය්‍යක්. 
 
ඒකයි රටේ රාළ විපක්ෂයට යෝජනා කරන්නේ 2024 ජනාධිපති සිහිනය පස්සේ දුවන එක නවත්තලා මේ රට බේරා ගැනීමේ සන්ධානයක් වටේට එකතු වෙමු කියලා. 
 
කවුරු හරි කෙනෙක් මංගලගේ පාට් එක කරන්න ඕනි. කවුරුත් නැති උනොත් රටේ රාළ හරි ඒ පාට් එක කරනවා. මෙතනින් එහාට රටේ රාළගේ Political Strategy එක වෙන්නේ ඒක. ඒ පාරට රටේ රාළ ඇදලා දැම්මේ රටේ රාළගේ රුසියාවේ ඉන්න මිත්‍රයෙක්. ඇත්තටම නියම පුටින් දැක්ක මිනිහෙක්. අපි වගේ Duplicate පුටින්ලා දැක්ක කෙනෙක් නෙවෙයි.
 
 
 
Priynatha witharanaඑහෙනම් ගිහින් එන්නම්.
 බුදු සරණයි.
 මීට
රටේ රාළ
 
 (Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්....)
 

THE LEADER TV 

 

 
ඇමෙරිකන් පාලනයට???   
 

 
 
කෙහෙළිය - ජයසුමන මරා ගනී !
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්