අගමැති මහින්ද පහුගිය දවසක ප්‍රසිද්ධ පුවත්පතකට කියලා තිබුණා ආණ්ඩුව නියෝජනය කරන සුළු පක්ෂවලට ඉන්න බැරිනං යන්න පුළුවන් කියලා. එයාලා ගියාට ආණ්ඩුව බිඳ වැටෙන්නේ නෑ කියලා. 
අගමැතිගේ මේ ප්‍රකාශය සම්බන්ධව තවමත් සුළු පක්ෂ කිසිම ප්‍රතිචාරක් දක්වලා නෑ. ගොඩක් සුළු පක්ෂ ඉන්නේ ඒ කතාව කිව්වේ අපට නෙවෙයි අර ගොල්ලන්ට වගේ ස්ථාවරයක.
 
කොහොම උනත් මහින්දගේ මේ ප්‍රකාශය කෙලින්ම බලපාන කණ්ඩායම් දෙකක් ඉන්නවා. එකක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අනික වාසු, විමල්, ගම්මන්පිලගේ සුළු පක්ෂ දහයේ සන්ධානය. මේ කණ්ඩායම් දෙක ඊට ප්‍රතිචාර දක්වන විදිහ දෙයාකාර වෙන්න පුළුවන්.
 
මොකද විමල්ලා උස්සන්නේ දහදෙනාගේ සන්ධානය, ශ්‍රීලනිපය ආයෙත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ Fome කරන්න හදනවා. මෙයාලා දක්වන ප්‍රතිචාරය මොකද්ද කියලා ඉස්සරහදී බලාගන්න පුළුවන්. 
 
හැබැයි මේකට තියෙන්නේ උත්තර දෙකයි. එක්කෝ ගෞරවාන්විතව එළියට බහින එක. නැත්තං නිවටයෝ වගේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න එක. ඒ ගැන මේ කණ්ඩායම් දෙක දක්වන ප්‍රතිචාර ගැන වෙන වෙනම කතා කරන්න ඕනි. 
 
හැබැයි අද රටේ රාළ කතා කරන්නේ මහින්දගේ මේ ප්‍රකාශය විසින් නිර්මාණය කරලා තියෙන පොදු දේශපාලන තත්වය ගැන. ඒක ඇතුළේ ලොකු දේශපාලනයක් තියනවා. ඒක මේ රටට හරියට ලෙහලා දෙන්න ඕනි.
 
මහින්දගේ මේ ප්‍රකාශයෙන් මතුවෙන ප්‍රධාන ප්‍රශ්න දෙකක් තියනවා. එකක් තමයි මෙහෙම එළවද්දී නිවටයෝ වගේ ඉන්න එක හරිද කියන ප්‍රශ්නය? අනික තමයි මෙහෙම එළවන එක හරිද කියන එක? රටේ රාළගේ ඒ ප්‍රශ්නයෙන් මේ පාර්ශවයන් තුනටම ඇගිල්ල දික්වෙනවා. ඒ කියන්නේ රාජපක්ෂලාට,  ශ්‍රීලනිපයට, ඒවගේම වාසු. විමල්, ගම්මන්පිල සන්ධානයට.
 
 
 
ඇත්තටම රාජපක්ෂලා තවදුරටත් ජනතාවාදී ගමනක් යන්න ලෑස්ති නෑ කියලයි මේ කියන්නේ. අද සෞභාග්‍යයේ දැක්ම කියන්නේ වචන හරඹයක් විතරයි. ඒකේ තියෙන්නේ තනිකරම පද පෙරළියක්. හරියට තුන් තේරවිලි වගේ. රාජපක්ෂලා සෞභාග්‍යයේ දැක්ම පවුලට ඕනි විදිහට අවභාවිතයේ යොදවනවා. 
 
හැබැයි සෞභාග්‍යයේ දැක්ම තමයි මේ රට ගොඩනගන්න තියෙන එකම උත්තරය කියලා රටට කියපු කට්ටියක් ඉන්නවා. අද ඔය උඩ බලාගෙන හූල්ලන්නේ ඒ කට්ටිය තමයි. 
 
රටේ රාළ හිතන්නේ එයාලා එහෙම කිව්වේ බොරුටම නෙවෙයි. ඒ තරමට එයාලව අන්දන්න රාජපක්ෂලා දක්ෂ වුණා. ඇත්තටම පොඩි ළමයි ටිකක් වගේ එයාලා රාජපක්ෂලාට රැවටුණා. හරියට අර වෙඩි කන්න කිට්ටු උන ඌරෙක් ටෝච් එළියට ගිනිකන වැටෙනවා වගේ. අද මේ මතුවෙලා තියෙන්නේ ඒ තත්වය.
 
මේ කියන්නේ අපි කියන දේට යටත් වෙන්න බැරි නං පලයල්ලා කියලා. ඒක නිසා දැන් මෙතන තියෙන්නේ දේශපාලන පෞරුෂය සම්බන්ධ ප්‍රශ්නයක්. හදනවා කිව්වා දේශීය ආර්ථිකය වෙනුවෙන් සටන් කරනවාද? නැත්තං මෙයාලා හදන්න හදන අර්ධ චින ගැති, අර්ධ ඇමරිකන් ගැති ආර්ථිකය පිලිගන්නවාද කියන එක විතරයි.
 
 
 
ඇත්තටම මේක චීන ඇමරිකන් ගැති Hybrid ආණ්ඩුවක්. අපේ රටේ දේශපාලන පෞරුෂය සම්බන්ධ ප්‍රශ්නය ඉතිහාසය පුරාම ඇතිවෙලා තියනවා. ඒ වගේ අවස්ථාවලදී ප්‍රශ්න ගත කණ්ඩායම කාරණා දෙකක් සළකලා බලලා තියනවා. ඒ තමයි ප්‍රතිපත්තියද නැත්නම් වරප්‍රසාද කියන එක.
 
ඉතිහාසයෙත් බහුතරය කරලා තියෙන්නේ වරප්‍රසාද වෙනුවෙන් ප්‍රතිපත්ති පාවාදීම තමයි. හැබැයි ඒ අතර තමන්ගේ ප්‍රතිපත්තිය වෙනුවෙන් වරප්‍රසාද අතහැරපු මිනිස්සු අත ලොස්සක් හරි හිටලා තියනවා. ඒක අදත් ලොකුවට නැති උනත් සුළුවෙන් හරි කරන අයත් ඉන්නවා. හැබැයි ඒක 0.00001% වගේ තමයි.
 
වමේ දේශපාලනය ඇතුළේ එහෙම ආදර්ශ දීපු මහා මිනිහා විජේවීර. විජේවීරට ඕනතරම් වරප්‍රසාද දිනාගෙන ජීවත් වෙන්න පුළුවන්කම තිබුණා. හැබැයි කවදාවත් විජේවීර වරප්‍රසාද වෙනුවෙන් තමන්ගේ ප්‍රතිපත්ති පාවලා දීලා නෑ. 
 
 
z p09 I cannot 02
                                                   ගාමිණී ජයසූරිය
 
ධනේශ්වර දේශපාලනය ඇතුළේ ගාමිණී ජයසූරිය වගේ චරිතයක් උඩින්ම ඉන්නවා. ජේ.ආර්ගේ ඉන්දු -:ලංකා ගිවිසුමට විරුද්ධව එදා ගාමිණී ජයසූරිය කැබිනට් ඇමතිකමෙන් ඉල්ලා අස්වුණා. ඒ මහින්ද වගේ ජේ.ආර් යන්න කියලා තියෙද්දි නෙවෙයි. තමන්ගේ හෘද සාක්ෂියට ආපු කම්පනය විසින් ඇති කරපු දේශපාලන පෞරුෂයට එයාට පිටුපාන්න බැරි නිසා.
 
 
 
අද ඒ තරමටම නැති උනත් මේ දේශපාලනයේ ඉන්න මෛත්‍රීත් එහෙම මිනිහෙක්. තමන්ගේ ප්‍රතිපත්තියට අදාළ නැතිනම් තමන්ගේ පෞරුෂයට නොගැලපෙනවා නම් මෛත්‍රීත් ඒවා ප්‍රතික්ෂේප කළා. තමන්ගේ පෞරුෂයට නොගැලපෙන ඇමතිකමක් දෙන්න හදපු වෙලාවේ මෛත්‍රී ඒක එපා කිව්වා. තමන්ගේ ප්‍රතිපත්තිවලට එකඟව 20 ට ඡන්දය දෙන්න බෑ කියලා කිව්වා. 
 
හැබැයි එහෙම කරපු මෛත්‍රීගේ පක්ෂය අද ආණ්ඩුව ඇතුළේ තමන්ගේ පෞරුෂය කෙළස ගනිමින් ඉන්නවා. මෛත්‍රීත් එතන ඉන්නවා.
 
ඒක නිසා මෙතන තියෙන්නේ ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක්. ප්‍රතිපත්ති ගරුක කිසි කෙනෙකුට මේ ආණ්ඩුව ඇතුළේ තවත් නම් ඉන්න බෑ. යන්න කියනකං ඉන්නේ නැතිව හරිනං දැන් යන්න ලෑස්තිවෙලා හරි තියෙන්න ඕනි. 
 
ඊළඟට මෙතන ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් මතුපිටට පෙනුනට වෙන ප්‍රශ්නත් තියන අය ඉන්නවා. එයාලා ප්‍රතිපත්ති ගරුකයි වගේ රටට පෙන්නුවට එයාලගේ ඇති ප්‍රතිපත්තියක් නෑ. ප්‍රතිපත්තියක් තියනවා නම් දැන් ඉන්න ඕනි එළියේ. 
 
එයාලට එලියට බහින්න බැරි ප්‍රතිපත්තිය හින්දා නෙවෙයි. තමන්ගේ පෙර වැරදි ෆයිල් රාජපක්ෂලා අතේ තියෙන හින්දා. ඒවා ඇදුනොත් රටට ප්‍රතිපත්තිය ගැන කියලා බැස්සට එක තැනකදී නෝන්ඩි වෙනවා. 
 
අනික තමයි ඔය ගොඩක් අයට එළියට බහින්න බැරි තව ප්‍රශ්නයක් තියනවා. ඒ තමයි එළියට බැස්සට ඔක්කොම එන්නේ නෑ. ගොඩක් අය නතර වෙනවා. ඒක නිසා තවදුරටත් රෙදි උනා දාලා නිවටයෝ වගේ ඕක ඇතුළේ ඉන්න වෙනවා. හැබැයි ඒ ඉන්න වෙන්නේ ගහලා එළවනකම් විතරයි.
 
 
 
Fotor 160184006530843
 ජානිපේ මහා මිනිස් ක්‍රියාකාරීත්වයට තමයි මහින්ද සුළග කියන්නේ. 
 
 
 
ඊළඟට රටේ රාළ මතු කරන්නේ මහින්ද මේ යන්න කියන එක හරිද කියන ප්‍රශ්නය. ඇත්තටම ඒක වැරදී. ඒකෙන් පේන්නේ රාජපක්ෂලාගේ තියන දේශපාලන නරුමකම. එදා 2015 මහින්ද පැරදිලා ගෙදර ගියේ ආපහු එන්න බලාගෙන නෙවෙයි. ඇත්තටම හරි නං මහින්ද පවුල අද ඉන්න ඕනි හිරේ. බැසිල් රට පැන්නේ ඒකට බයේ.
 
හැබැයි එදා මහින්ද නැගිට්ටවන්න පළවෙනි පියවර තිබේ ජාතික නිදහස් පෙරමුණ. අද තියන නිවට ජාතික නිදහස් පෙරමුණ නෙවෙයි කොන්ද පණ තියෙන ගොඩක් මිනිස්සු හිටපු ජාතික නිදහස් පෙරමුණ. එදා ජානීපේ මහා මිනිස් ක්‍රියාකාරීත්වයට තමයි මහින්ද සුළග කියන්නේ. 
 
විමල් තනියෙම ඒ අයිතිය මංකොල්ල කෑවා. ඒක වෙනම කතාවක්. හැබැයී විමල් වේදිකාව උඩ වැඩේ හරියට කළා. කරලා ඇවිත් ඒ වේදිකාව හදලා දීපු මිනිස්සුන්ට ගැහුවා. ඒ වෙනුවෙන් මහන්සි වුන දරදිය ඇදපු, සල්ලි දුන්න මිනිස්සු සේරටම විමල් තනි කර කර ගැහුවා. ඒ අර්ථයෙන් හිතුවොත් විමල්ට මේ පලදීලා තියෙන්නේ ඒ දිට්ඨ ධම්ම වේදනීය කර්මය.
 
කොහොම හරි ජානීපේ ඒ පියවරෙන් ආය රාජපක්ෂලා නැගිට්ටා. එකට වාසු, ගම්මන්පිල, දිනේෂ් උදව් කළා. ඒ වගේම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුනුත් උදව් කලා.
 
ඒක තමයි අද මහින්දලා බලය ගැනීමේ පදනම. ඒක එහෙම උනේ නැත්තං පැනලා ගිය බැසිල් තවමත් ඇමරිකාවේ. ගොඩක් රාජපක්ෂලා මේ වෙනකොට යකඩ කූරු ගන්න කරනවා. කොහොම හරි ඒ ගමනේ ප්‍රතිථල තමයි මේ ආණ්ඩුව. 
 
පහුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිපය ගෝඨාභයට උදව් කරන්න ඉතාමත් දුෂ්කර තීරණයක් ගත්තා. ඒ තීරණය නිසා තමයි ගෝඨාභය දිනුවේ. ඒ දවස්වල මහින්ද, ගෝඨාභය, බැසිල් මෛත්‍රීට නොවදිනා වැදුම් වැන්දා. බලන්න ඔය තුන් කට්ටුව ඒ දවස්වල මෛත්‍රී ගැන කියපු දේවල්. ශ්‍රීලනිපය ගැන කියපු දේවල්. එහෙම කරලයි බලය ගත්තේ.
 
 
ඇත්තටම බලය ගැනීම වෙනුවෙන් රාජපක්ෂලා හැසිරිලා තියෙන්නේ දේශපාලන නිවටයෝ වගේ. ඒකයි අද මහ පොලොවේ ඉන්න ශ්‍රීලනිප පාක්ෂිකයට මල පැනලා තියෙන්නේ. ශ්‍රීලනිප නායකයෝ මොන තීන්දුව ගත්තත් පාකෂිකයෝ මේ ආණ්ඩුව දාලා ගිහින් දැන් ගොඩක් කල්. රාජපක්ෂලා බලය ගත්ත ගමන් ඉස්සෙල්ලාම ගැහුවේ ශ්‍රීලනිපයට. මෛත්‍රීට.
 
 
එදා ශ්‍රීලනිපයට,මෛත්‍රීට ගහන්න විමල්ලා තමයි රාජපක්ෂලාට උදව් කළේ.රාජපක්ෂලා ඊළඟට ගැහුවේ තමන් නැවත බලයට ගේන්න ලොකුම වැඩ කොටස කරපු වාසුලා, විමල්ලා, ගම්මන්පිලලාට. තවමත් බේරිලා ඉන්නේ දිනේශ් විතරයි. ඒකත් දිග කතාවක්.
 
ඇත්තටම මේ ගහන එක අස්සේ රාජපක්ෂලා රටට කියන දේශපාලන පණිවිඩය මොකද්ද? තමන්ගේ පවුලට බලය ගැනීම වෙනුවෙන් පාවිච්චි කරන්න ඕනි හැමදේම පාවිච්චි කරගෙන අද ඒ පාවිච්චි කරපුවා තූ තූ කරලා දාන එකේ තේරුම මොකක්ද?
 
දැන් මේ සියල්ල වෙන්නේ එක පවුලකට ඕනි විදිහට. ඒකට කවුරු හරි විරුද්ධ නම්, බාධාවක් නම් කොන්දේසි විරහිතව ගහනවා. ඒකට ඉතිහාසය, ආරම්භය, මුල, මැද රාජපක්ෂලට අදාළ නෑ. එයාලට ඕනි වර්තමානය හා අනාගතය විතරයි. පවුලේ වර්තමානය හා අනාගතය විතරයි.
 
අද බුදුන් ලංකාවේ හිටයා නම් මෙයාලා දෙව්දත් එකක් එකතු වෙලා බුදුන්ටත් ගහනවා. ජේසුතුමා හිටියත් එච්චරයි. මේක ඇත්තටම ලෙඩක්. මේකට රටේ රාළ නං කියන්නේ දේශපාලන මායා රෝගය කියලා.Political Hysteria වගේ ලෙඩක් මේක.
 
මහින්දගේ ඒ ප්‍රකාශයෙන් රටට හෙළිවෙන දේශපාලනය යථාර්ථය හරියටම කියන්න ඕනි. නැත්නම් රටේ රාළගේ දේශපාලන විග්‍රහය හෑල්ලු වෙනවා. වචන සරල කරලා ඒක හෑල්ලු කරගන්න රටේ රාළ කැමති නෑ. ඒ තමයි රටේ රාළගේ දේශපාලන පෞරුෂය. මේ තියෙන්නේ වෙන මොකවත් නෙවෙයි සුළු පක්ෂවල තියෙන දේශපාලන නිවටකම හා රාජපක්ෂලාගේ තියෙන දේශපාලන නරුමකම.
 
 
Priynatha witharana
එහෙනම් ගිහින් එන්නම්.
 බුදු සරණයි.
 ජයවේවා.
 මීට
රටේ රාළ
 (Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්....)
 
 
 
 
THE LEADER TV 
ස' ආපු ගමන් පී.බී. දොට්ට ! 

 

  62

ගුවන් •තොටුපොළෙ හොස්පිටල් මාෆියාවක්! 

 

65 66

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්