කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට දෙනවාට විරුද්ධව නැගුණු ජනතා විරෝධය හමුවේ ආණ්ඩුව ඒක අකුළ ගත්තා.
 
හැබැයි ඒක අකුළ ගත්තේ නැගෙනහිර ජැටිය වෙනුවට බටහිර ජැටිය ඉන්දියාවට දෙන බව පොරොන්දු වෙලා.
 
ඒක ගැන අපේ රටේ කුප්‍රකට දේශප්‍රේමීයා කිව්වේ බටහිර ජැටිය ඉන්දියාවට නෙවෙයි බටහිර ඉන්දියාවට දුන්නත් කමක් නෑ කියලා. ඔන්න ඒක බටහිර ඉන්දියාවට නෙවෙයි ඉන්දියාවේ අදානිටම දීලා.
 
 
ඊයේ ඒ ගිවිසුම අත්තන් කළා. අනික ඒක කළේ ඇමරිකාවට දුන්න යුගදනව් බලාගාරයයේ හා LNG එකාධිකාරී වවුල් ගිවිසුමේ උණුසුම මැකෙන්නටත් ඉස්සෙල්ලා. ඔය කියන දේශප්‍රේමීන් යුගදනව් එක බේරගන්න ජනාධිපති එනකං සාකච්ඡාවක් ගන්න බලා ඉන්න අතරතුර.
 
 
ඇත්තටම දැන් එක්ක පැහැදිලියි. ජනාධිපතිගේ ඇමරිකානු සංචාරයෙන් පස්සේ රටේ සම්පත් විකුණගෙන කෑම, නැත්නම් අන්සතු කිරීම වේගවත් වෙලා.  
 
ඉන්දියාවේ විදේශ ඇමතියි, ජී.එල් අතර ඇමරිකාවේදී වෙච්චි සාකච්ඡාවලදී ආපු එකඟතාව තමයි දෙරට අතර අත්සන් කිරීමට නියමිත ද්විපාර්ශ්වික ගිවිසුම් ඉක්මනින් අත්සන් කරමු කියලා. ඒ සාකච්ඡාවල ප්‍රතිථල තමයි මේ එන්නේ.
 
හෙට හරි අනිද්දා හරි ඉන්දියාවේ උසස් රාජ්‍ය තාන්ත්‍රිකයෝ කීපදෙනෙක් මෙහේ එන්නත් නියමිතයි. අපරාදේ කියන්න බෑ දෙතුන්ගොල්ලොම එකතුවෙලා රට නං ඉවරෙටම සුද්ධ කරනවා.
 
ඊයේ අත්සන් කරපු ගිවිසුමෙන් අපට සම්පූර්ණයෙන් බටහිර ජැටිය අහිමි උනා. කොටස්වලින් 51% අදානිට.  34% ජොන් කීල්ස්ලට. ඉතිරි 15 % වරාය අධිකාරියට. ඒකත් ඕනි වෙලාවක අන්සතු කරන්න පුළුවන්. 
 
 
ඇත්තටම මේ මොකක්ද වෙන්නේ. වෙන මොකවත් නෙවෙයි රටේ රාළ හැමදාම කියනවා වගේ විශාල අත යට ගනුදෙනුවවට මාතෘ භූමිය පාවාදීම. විකුණා දැමීම. මේකෙන් වෙන්නේ අපේ වරාය අධිකාරියට තියෙන ආදායම තවත් අඩුවෙන එක. නැගෙනහිර ජැටියත් විකිණීමට ඕනි පදනම මේකෙන් හැදෙනවා.
 
 
මුලදී වරායේ බහාලුම් මෙහෙයුම්වලින් අපට 100% ක් තිබුණ ආදායම දැන් 30% කට බැහැලා. කොළඹ වරාය වගේ ගැඹුරු වරායක් ඉන්දියාවට නෑ. ඒක නිසා අපේ වරායට ලැබෙන බහාලුම් මෙහෙයුම්වලින් 66% ක් ඉන්දියාවේ ඒවා. ඒ ආදායම එන්නේ වරාය අධිකාරියට. ඒ කියන්නේ රාජ්‍ය භාණ්ඩාගාරයට.
 
හැබැයි ඉන්දියාව හදන්නේ කොළඹ වරායේ මොකක් හරි ජැටියක් තමන්ගේ සමාගමකට අරන්දීලා ඒ ආදායමත් ඉන්දියාවට ගන්න. ඩොලර් කීයක් හරි පෙන්නුව ගමන් අපේ නිවටයෝ එක ගන්නේ දිවෙන් හින්දා ඉන්දියාවට ඒ චාන්ස් එක ගියා..
 
ඒක ලාබෙට කරගන්න තමයි අතයට ගනුදෙනුව වැඩි කරලා නැගෙනහිර ජැටිය ඉල්ලුවේ. ඒත් අපේ රටේ ජනතාව ඒකට ඉඩදුන්නේ නෑ. දැන් බටහිර දියකඩනයේ ජැටියක් හදලා ඒක කරන්න ඕනි. ඒත් පාඩු නෑ. උඩින් ලාභයි. 
 
අනික උපායමාර්ගිකව ඉන්දියාවට වැදගත්ම කොළඹ වරායේ බිම් කඩක් අල්ල ගන්න පුළුවන් උනා. දැන් ඉන්දියාව වැඩ දෙකම කරගෙන. ඩොලර් මිලියන 700 කට කුරුල්ලෝ දෙන්නම මරාගෙන. 
 
දැන් වෙනදේ රටේ රාළ හරියටම කියන්නම්. ඊළඟට ඉන්දියාව මේ නිවට ආණ්ඩුව හරහා නැගෙනහිර පර්යන්තය ක්‍රමයෙන් අඩපණ කරනවා. නැගෙනහිර ජැටියේ සංවර්ධන කටයුතුවලට තවම හරියට අත ගහලා නෑ. ඊට සමාන්තරව බටහිර ජැටිය වේගයෙන් ගොඩනගනවා. 
 
අපිට එතනදී ඉන්දියාවත් එක්ක හැරෙන්නවත් බෑ. පස්සේ ඉන්දියාව තමන්ගේ බහලුම් මෙහෙයුම බටහිර ජැටිය හරහා කරගන්නවා. ඒකට තව පොඩි ගානක් ඇමතිට දෙන්න විතරයි තියෙන්නේ.
 
ආදායම අහිමිවීමෙන් කඩාගෙන වැටෙන නැගෙනහිර ජැටිය ඉන්දියාවට හරි චීනයට හරි විකුණලා දාන එක හැර අපට වෙන විකල්පයක් නෑ. ඕක තමයි අපේ කොළඹ වරායේ අනාගත කදුළු කතාව.
 
මෙතනදී රටේ රාළට තවත් වැදගත් දෙයක් කියන්න ඕනි. රටේ රාළ දිගටම කිව්වා අපි අධිරාජ්‍යවාදීන් තුන්දෙනෙකුගේ ග්‍රහණයට අහුවෙලා ඉන්නේ කියලා. ඒ හරහා අපි චීන, ඉන්දියා, ඇමරිකා උපායමාර්ගය ඇතුළේ අතරමං වෙලා.
 
ඇත්තටම අපි අන්තර් අධිරාජ්‍ය ප්‍රතිවිරෝධයේ එක ගොදුරක් බවට පත්වෙලා. පහුගිය ලිපිවලින් රටේ රාළ එක දෙයක් නිශ්චිතව කිව්වා. තුන්වන ලෝක යුද්ධය නියතයක් කියලා. ඒ වගේම ඒක ආසියාව මුල්කරගෙන ඇතිවීමත් නියතයක් කියලා. 
 
රටේ රාළට කියන්න බැරි පළවෙනි වෙඩිල්ල පත්තු වෙන්නේ කොතනින්ද කියලා විතරයි. හැබැයි රටේ රාළ කිව්වා ඒක Port City එකට එල්ල වෙන ප්‍රහාරයකින් වෙන්නත් පුළුවන් කියලා.
 
 ඔන්න දැන් ඒ අවධානම තවත් ඉහළ ගිහින්. අදානිට බටහිර ජැටිය දීමත් එක්ක ඒ අවධානම තවත් ලොකු ප්‍රතිශතයකින් ඉහළ ගියා. මේක අවබෝධ කරගන්න පුලුවන් හරියට කොළඹ වරාය කේන්ද්‍රගත කරගෙන ඉන්දියාව, චීනය ඇමරිකාව කරන මැදිහත්වීම හරියට විශ්ලේෂණය කර ගත්තොත්. ඇත්තටම ඒක මහ භයානක අත්පත් කර ගැනීමක්.
 
 
කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ වැඩි කොටස් තියෙන්නේ වරාය අධිකාරියට. ඒ වගේම දකුණු ජැටියේ බලය තියෙන්නේ චීනයට. ඊට පිටිපස්සේ තමයි Port City එක තියෙන්නේ. ඒක චීන කොළනියක්. එතන හෙක්ටයාර් ගානක් චීනයට සින්නක්කර විකුණලා අප්පච්චි. එහෙනං ඒ චීනයම තමයි. ලංකාව නෙවෙයි. ඒ සින්නක්කර භූමිය ගැන තීන්දු තීරණ ගන්නේ චීනය. 
 
  
එක තමයි රටේ රාළ කියන්නේ කොයි වෙලේ හරි චීන නාවික හමුදාව Port City යට ගොඩබහිනවා කියලා. ඊළඟට කොළඹ වරායටයි, Port City එකටයි යාබද අක්කර දහතුනක ඉඩම අද චීනෙට දීලා. මෙයාලා බබාලා උනාට චීනා බබෙක් නෙවෙයි. ඌ ඔය හැම අත්පත් කර ගැනීමක්ම කරන්නේ ඌගේ Master Plan එකට අනුව. ඒකනේ චීනා බය නැතිව ඇවිත් පිටකොටුවේ ඇවිදින මන්තීරු වහන්නේ. ඒවා දැන් උන්ගේ. අපේ නෙවෙයි. බේබිලා කෝටි ගනන් වියදම් කරලා වැව් වනසලා මන්තීරු හදනවා. චීනා එක රැයෙන් ඒවා කඩලා, බිඳලා වහලා දානවා.
 
චීනා අත්පත් කරගත්ත වරාය පිවිසුමේ තියන අක්කර 13 ට අර රෝහිත කියන්නේ දකුණු ආසියාවේ මෙහෙයුම් මධ්‍යස්ථානය කියලා. රටේ රාළ නං කියන්නේ ඒක දකුණු ආසියාවේ යුද මෙහෙයුම් මධ්‍යස්ථානයක් කියලා.දැන් දකුණු ජැටියට වම් පැත්තේ තියන බටහිර ජැටියේ ඉන්නේ ඉන්දියාව. ඒක ඊයේ ඉඳන් අදානිලාගේ. එතන ගැටුමකට තියෙන්නේ එක කෙස් ගහක දුරක් විතරයි
 
ඊළගට අපි දන්නවා කොළඔ වරායට ආසන්න කොරවලපිටිය යුගදනව් බලාගාරය ඇමරිකාවේ අතට පත් උනා. ඒ විතරයක් නෙවෙයි අපේ රටට අවුරුදු 15 කට LNG සැපයිමේ ඒකාධිකාරියත් ඇමරිකාවට ගියා. ගියා නෙවෙයි අතයට කොමිස්වලට බන්දේසියක තියලා තෑගි දුන්නා. 
 
දැන් මේ LNG ගබඩා කරන්න කොළඹ වරායයි යුගදනව් බලාගාරයයයි අතර දැවැන්ත LNG ගබඩාවක් හදනවා. ඒක ගොඩක් වෙලාවට මුතුරාජවෙල තෙත් බිමට අයිති භූමියක සිද්ධ වෙයි.
 
  
දැන් බලන්න එකිනෙකට සතුරු කණ්ඩායම් දෙකක් වර්ග කිලෝමීටර සීයකට අඩු භූමියයක් ඇතුළේ ඉන්නවා. මේ හෑම කෙනාගේම ප්‍රහාරක හැකියාව කිලෝ මීටර් 10000 ට වැඩියි. එයාලා තම තමන්ගේ ඉළක්ක හොයාගෙන අනුන්ගේ රටක් පිරනවා. 
 
 
මොකද එයාලට අපේ රට පරිස්සම් කරන්න කියලා එකක් තියනවද? එයාලා අපට අපේ රට ගැන වගකියනවද? ඒ රටවල්වලට අයති ඔත්තු සේවා දැන් මේ කලාපය ඈතුළේ උපරිම සක්‍රීයයි. 
 
අනිකාට ගේම දෙන්න මෙහෙයුම් තමයි හදන්නේ. ඔත්තු සේවාවල සාමය, සංහිඳියාව කියලා එකක් නෑ. තියෙන්නේ යුද්ධය විතරයි. ලේවැකි යුද්ධය විතරයි.
 
ඉතින් අපිට මොන ජාතික ආරක්ෂාවක්ද?
 
අපේ පාලකයෝ ජාතික ආරක්ෂාව ගැන මහ ලොකු කතා කියවනවා. පිස්සෝ වගේ. දැන් අපේ රටේ ජාතික ආරක්ෂාව කියලා එකක් නෑ. ජාත්‍යන්තර ඔත්තු ජාලයේ මෙහෙයුම් සීමාව තුළට අපි කොටුවෙලා. යුද්ධය කොයි වෙලාවෙද කියලා තීරණය කරන්නේ අපි නෙවෙයි. ඒක තීරණය කරන්නේ ඉන්දියානු - ඇමරිකා මෙහෙයුමට චීනය දක්වන ප්‍රතිචාරය මත.
 
රාජපක්ෂලා කියන්නේ ඒ දෙපැත්තටම නැටවෙන රූකඩ විතරයි. තවමත් කවුරු හරි හිතාගෙන ඉන්නවා නං අපිව බේරගන්න ඉන්න පොරවල් තමයි රාජපක්ෂලා කියලා ඒ තරම් මෝඩයෝ ලොවෙත් නෑ. අපි සහ රාජපක්ෂලා ඔක්කොම දැන් ඉන්දිය, චීන, ඇමරිකා, මෙහෙයුම් ඇතුළේ ජීවත්වෙන ප්‍රාණ ඇපකාරයෝ විතරයි.
 
වෙනස තියෙන්නේ රාජපක්ෂලා බේරගෙන යන්න ඇමරිකාව පැත්තෙන් හරි, චීනය පැත්තෙන් හරි මුදාගැනීමේ මෙහෙයුමක් දියත් වෙයි. එයාලත් අපට ටටා බායි කියලා තම තමන්ගේ රටවල්වලට යයි. අපට යන්න තියෙන්නේ මේ මාතෘ භූමිය වැළඳගෙන දෙවියන් වහන්සේ ළගට විතරයි. ඕක තමයි ඉදිරි අවුරුදු දහය ඇතුළේ අපේ ඉරණම. ඒක හොඳට මතක තියාගන්න.
 
 
එහෙනම් ගිහින් එන්නම්.
 
බුදු සරණයි. ජයවේවා.
 
 
මීට
රටේ රාළ
 
Priynatha witharana(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්....)
 
 
 
 
 
 
 

 
THE LEADER TV 
 
පාස්කු ප්‍රහාරයේ සිරිසේන නම තියෙන තැන 
 
 
ස' ආපු ගමන් පී.බී. දොට්ට ! 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්