ඉන්දියාවේ විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රින්ග්ලා සිව්දින නිළ සංචාරයකට ලංකාවට ඇවිල්ලා. මිනිහට ආරාධනා කරලා තියෙන්නේ අපේ විදේශ ලේකම් ජයනාත් කොළඹගේලු. 
අන්නෝන්‍ය වශයෙන් වැදගත් සෑම අංශයකම සුහද සබදතා ශක්තිමත් කරගැනීම හා රජයේ ප්‍රමුඛතාවය අනුව සංවර්ධන කටයුතුවලට දායකවීම අරමුණලු.
 
ඒක ඇහුව ගමන් රටේ රාළට නං බය හිතුනා. මොකද මේ රජයේ ප්‍රමුඛතාව රටේ රාළ හොදට දන්නවා. විකුණාගෙන කෑම තමයි මේ රජයේ ප්‍රමුඛතාවය. 
 
ජයනාත් කොළඹගේ ගේ ආරාධනාවට ආවා කියලා තමයි කියන්නේ. පහුගිය දවස්වල එක්සත් ජාතීන්ගේ සමුළුව අමතන්න ජනාධිපති ගෝඨාභය ගිය වෙලාවේ ඉන්දියාවේ විදේශ ඇමතියි, අපේ විදේශ ඇමති ජී.එල්ලුයි අතර එකඟතාවක් ඇති වුණා. ඒ තමයි ඉන්දියාවයි, ශ්‍රී ලංකාවයි අතර තියෙන ද්විපාර්ශවීය ගිවිසුම් ටික ඉක්මනින් අත්සන් කරලා ඉවර කරන්න.
 
ඒ එකඟතාවය අනුව තමයි ඔය හාදයා ආවේ. ඒක තේරුම් ගන්න බැරි බබ්බු මේ රටේ නෑ. ඔයිට ඉස්සෙල්ලා මතක ඇති ඉන්දියාවේ ජයශංකර් ලංකාවට ආවා. ඇවිත් යනකොට කියලා ගියේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට දෙන ගිවිසුම ඉක්මන් කරන්න කියලා.
 
හැබැයි එදා අපේ රටේ වෘත්තීය සමිති, බහුජන සංවිධාන එයාලට වඩා ඉස්සර වුණා. යන්තම් නැගෙනහිර ජැටිය බේරගත්තා. හැබැයි බටහිර ජැටිය දුන්නා. ඒ කියන්නේ කෙටි කාලීනව නැගෙනහිර ජැටිය බේරගත්තට දිගු කාලීනව බටහිර ජැටිය විසින් නැගෙනහිර පැටිය ගිල ගන්නවා. ඒක නවත්තන්න බෑ.
 
හරි දැන් බලන්න ඕනි මොනවද ඉන්දියාවත් එක්ක ගහන්න තියෙන අලුත් ද්විපාර්ශවීය ගිවිසුම් කියලා. 
 
එකක් තමයි අපි හා ඉන්දියන් ඔයිල් සමාගම අතර තියෙන ගිවිසුම 2023 අවසන් වෙනකොට අහෝසි වෙනවා. ඒ අහෝසි වීමත් එක්ක ඒ ඉන්දන පිරවුම්හල් ටිකයි, ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීරණයෙන් ඉන්දියාවට දීලා තියෙන තෙල් ටැංකි 16 යි තෙල් සංස්ථාවට අයිති වෙනවා. ඉන්දියාව ආයෙත් ගිවිසුම අලුත් කරන්න කතා කරයි. 
 
 
ඊළඟට ඉන්දියාව අපෙන් දිගටම ඉල්ලන තව දේවල් ගොඩක් තියනවා. ත්‍රිකුණාමල වරායත් එක තියෙන ඉඩම් අක්කර දහස් ගානකට ඉන්දියාව ඇහැ ගහගෙන ඉන්නේ. 
 
ඒ වගේ ත්‍රිකුණාමලේ තෙල් ටැංකි සංකීරණයේ තෙල් ටැංකි ටිකට, ඊට අමතරව මත්තල ගුවන් තොටුපල, ගොඩක් වෙලාවට ගාල්ල වරායටත් ඉන්දියාව කෙළ හලන තැනක්. 
 
මේවා තමයි එයාලට තියෙන ද්විපාර්ශවීය ගිවිසුම්. මේ එකක්වත් අපට වාසිදායක ගිවිසුම් නෙවෙයි. මේවා ඇතුළේ තියෙන්නේ රට විකුණාගෙන කෑම හා අත යට කෙරෙන මහා පරිමාණ ගනුදෙනු විතරයි.
 
හැබැයි රටේ රාළ කියන්නේ අපට ඉන්දියාවත් එක්ක අත්සන් කරන්න ඕයිට වැඩිය ද්විපාර්ශවීක ගිවිසුම් තියනවා. හැබැයි ඒ ගැන කවුරුත් මීක් ශබ්දයක් නෑ. ජනාධිපති, අගමැති, කැබිනට් මණ්ඩලය, දේශප්‍රේමියෝ ඔක්කොම ඉන්දියාව ඉස්සරහා දණ ගහලා. දණ ගහලා විතරක් නෙවෙයි දණ ගහගෙන වැදගෙනත් ඉන්නේ.
 
  
මේ දවස්වල ඔයාලා දන්නවා අපේ උතුරේ හා නැගෙනහිර මුහුදේ මාළු ටික මංකොල්ල කන්නේ ඉන්දියාව. එයාලා බලහත්කාරයෙන් අපේ මුහුදු සීමාවට ඇතුළ් වෙනවා. ඇතුළුවෙලා මාළු ටික හූරගෙනම යනවා. අපේ ධීවරයෝ පොඩි බෝට්ටුවක නැගලා මාළුවෙක් දෙන්නෙක් අල්ලාගෙන ඒ දිහා හූල්ල හූල්ල බලා ඉන්නවා. නාවික හමුදාවට මේ බලහත්කාරය දිහා බලා ඉන්නවා ඇර කරන්න දෙයක් නෑ.
 
  
එතකොට ඔයාලා අහයි රටේ රාළ කියන්නේ ඉන්දියාවට ගහන්න කියලද කියලා. ඔව් ගහන්න ඕනි. හැබැයි අවියෙන් නෙවෙයි ඔළුවෙන්, ඒකට තමයි රාජ තාන්ත්‍රික සබදතා තියෙන්නේ. ඒකට තමයි තානාපති සේවයක් තියෙන්නේ.
 
හැබැයි අපේ රටේ විදේශ ඇමති ජී.එල් ඉන්දියාව ඉස්සරහා පඹයෙක් විතරයි.
 
මේ හැම ඉන්දියානු මෙහෙයුමක්ම යන්නේ රාජපක්ෂවරුන්ගේ සම්පූර්ණ ආශීර්වාදයෙන්. 
 
ඒ මෙහෙයුමට අවශ්‍ය යටිතල පහසුකම් එයාලා හදලා ඉවරයි. ඒකට අනුව තමයි ජී.එල් විදේශ ඇමති වෙන්නේ. ජයනාත් කොළඹගේ විදෙශ අමාත්‍යාංශ ලේකම් වෙන්නේ. මිලින්ද මොරගොඩ ඉන්දියාවේ මහ කොමසාරිස් වෙන්නේ. ජනාධිපති උපදේශක විදිහට ලලිත් වීරතුංග පත් වෙන්නේ. මුදල් ඇමති විදිහට බැසිල් එන්නේ. 
 
මේ අයගෙන් අති බහුතරය Born Again කාරයෝ. පාත්පයින්ඩර්කාරයෝ. ඒක නිසා මේ තක්කඩි ආණ්ඩුව මේ රට ඇතුළේ වෙනමම ඉන්දියානු මෙහෙයුමකටත් ඒකාබද්ධ ඉන්දියානු - ඇමරිකානු මෙහෙයෝමකටත් යටිතල පහසුකම් හදලා ඉවරයි. ඒවා ගැන චෙක් කරලා බලලා හොදහිත වර්ධනය කරන්න තමයි හර්ෂ් වර්ධන් එන්නේ.
 
ඊළගට හොද හිත වර්ධනය කරගන්න එන එකා ඇයි ත්‍රිකුණාමලේ යන්නේ. මුහු හුලං වදින්නද? නෑ මිනිහා යන්නේ ත්‍රිකුණාමලයේ තියන තෙල් ටැංකි සංකීරණය බලන්න. අපේ හොද හිත වර්ධනය කරන්න නං වර්ධන් කරන්න ඕනි ඉන්දියාව අපේ මුහුදු තීරය ආක්‍රමණය කරන එක නැවැත්තීම.
 
Mr. Harsh V Shringla 2021.10.03 3
ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා අද (03) දහවල් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණ නිරීක්ෂණය කිරීමට පැමිණ තිබේ.
 
  
ඉස්සර නං ඉන්දියාවෙන් මොකෙක් හරි එනකොට මෙහේ කළු කොඩි දාන්න පොරක් හිටියා. ඒ කාලේ 1990 සුව සැරිය ගිලන්රථ සේවය ගේන කොට ඒවයේ රියදුරන් විදිහට රෝ ඔත්තුකාරයෝ එනවා කියලා කෑගහන්න දේශප්‍රේමියෙක් හිටියා. මේ ආණ්ඩුව වැරදි කළොත් ඉස්සෙල්ලා එලියට බහින්නේ අපි තමයි කියපු මිනිහා අද නෑ. අද මිනිහා හැංගිලා. 
 
ඔන්න දැන් අනතුර ආයෙත් එනවා. අනතුර එන පැත්තට බුරනවා කියපු මුර බල්ලත් නෑ. මුර බල්ලා දැන් අනතුර අරන් එන එකාට නකුට වනනවා. මිනිහටත් මස්කට්ටක් හම්බවෙලා. 
 
මංකොල්ලට තමන්ගේ අමාත්‍යාංශයෙන් කෙරෙන්න ඕනි යටිතල පහසුකම් ඔක්කොම හදන්නේ ගම්මන්පිල. අවුරුදු 60 ක් තිස්සේ කවුරුත් අත තිබ්බේ නැති ඛණිජ තෙල් පනත සංශෝධනය කරලා දෙන්නේ මිනිහා. ඉන්දියාව රිංගන්න හදන්නේ ඒ හිලෙන්. අපේ මුර බල්ලා කරන්නේ ඉන්දියාවට ඕනි තරමට හිල ලොකු කරලා දෙන එක.
 
ඒක නිසා මේ ආණ්ඩුව දැන් රටට කියන්න ඕනි ත්‍රිකුණාමල තෙල් ටැංකි ටික සම්බන්ධව තමන්ගේ ස්ථාවරය. බදු ගිවිසුම අහෝසි වෙන IOC එක ගැන තමන්ගේ ස්ථාවරය.
 
ඒ වගේම ගම්මන්පිල බිරුවේ නැති උනාට කමක් නෑ. හැබැයි මේවා සමිබන්ධ එයාගේ ස්ථාවරය රට කියන්න ඕනි. විමලුත් තමන්ගේ ස්ථාවරය කියන්න ඕනි. අඩුම ගානේ යුගදනව් බලාගාරය දුන්නේ ඇමරිකාවට නෙවෙයි ඇමරිකන් සමාගමකට කිව්වා වගේ මේ ඉන්දියාව නෙවෙයි ඉන්දීය සමාගමක් කියලා හරි කියන්න ඕනි.
 
දැන් රටේ රාළ මෙච්චර කල් කරපු භූමිකාව විමල්ට හා ගම්මන්පිලට ස්වේච්ඡාවෙන්ම කරගන්න අවස්ථාව ඇවිත්. ස්වේච්ඡාවෙන්ම තමන් දේශද්‍රෝහීන් කියලා රටට ඔප්පු කරලා පෙන්නන්න දැන් එයාලට පුළුවන්.
 
කොහොම උනත් රටේ තත්වය බරපතලයි. දැවැන්ත ජනතා නැගිටීමකින් හැර මේ තත්වය දැන් වලක්කන්න බෑ. දැන් රට ඒකට සුදානම් කරන්න ඕනි.
 
එහෙනම් ගිහින් එන්නම්.
 
බුදු සරණයි.ජයවේවා.
 
 
මීට
Priynatha witharanaරටේ රාළ
(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්....)
 

 

 

 


 

 

THE LEADER TV 
 
 
 
අං පාරේ දෙයියංගේ ජාතික ආරක්‍ෂාව ? 
 
 
 
රොකට් චිචීගේ පුසී හොයමු!
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image