යෝහානි ඩිලෝකා ද සිල්වා හා නිරූපමා රාජපක්ෂ කියලා කියන්නේ මෑතකාලීනව ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරට ගෙන ගිය කාන්තා චරිත දෙකක්. 
 
යෝහානි "මැණිකේ මගේ හිතේ" ශීතයෙන් ලෝකය දික් විජය කළා. නිරූපමා Pandora Papers වලින් ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරව අපවිත්‍ර කළා.
 
සිංහල ස්වහාවිත ශීතය ලොවට ගෙනිච්ච යොයානී ලෝකෙටම සිංහල ඉගැන්නුවා. නිරූපමා රාජපක්ෂවරු දුෂිතයන් කියලා ජාත්‍යන්තරය තුළ තිබුණ චෝදනාව තවත් තහවුරු කළා.
 
අයථා මුදල් රැස්කිරීම්, බදු පැහැර හැරීම්, මුදල් විශුද්ධිකරණය වගේම රහස් ගනුදෙනු ගැන දැවැන්ත අනාවරනයක් ඊයේ Pandora  Papers හරහා ලෝකයට සිද්ධ වුණා.
 
රටවල් 117 ක ධනකුවේරයෝ 100 ක් දේශපාලනඥයින් 30 ක් කෙලින්ම මේ චෝදනවාවට ලක්වුණා. Pandora Papers මගින් මේ ජාත්‍යන්තර හොරු ගැන කරපු හෙළිදරව් කිරීමට රටේ රාළ ඉස්සෙල්ලාම ඒ හෙළිදරව් කිරීමට කැපවුණ මාධ්‍යවේදීන්ට ස්තුතිවන්ත වෙනවා.
 
දැන් හොරකම සම්බන්ධව චෝදනා එල්ල වෙන අය කරුණු පැහැදිලි කිරීම් කරන්න පටන් අරන්. මෙතනදී අපි දැනගන්න ඕනිමදේ තමයි හොරා කවදාවත් තමන් හොරෙක් කියලා පිලිගන්නේ නෑ කියන එක. ඒක දැන් මේ පැහැදිලි කිරීම්වලින් තේරෙනවා.
 
ලංකාවේ නම් සදහන් දෙන්නා තවම පැහැදිලි කිරීමක් කරලා නැති උනත් වෙනත් අය එයාලා සම්බන්ධව කරන පැහැදිලි කිරීම්වලින් ඒක පේනවා.
 
මේ චෝදනවා එල්ලවෙන තිරිකුමාර නඩේෂන් හා නිරූපමා රාජපක්ෂ කියන්නේ ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරික වගේම දේශපාලන පවුලක්. නිරූපමා පාර්ලිමේන්තුව මන්ත්‍රීවරියක් වගේම හිටපු නියෝජ්‍ය ඇමතිවරියක්.
 
චමල්, මහින්ද, ගෝඨාභය, බැසිල් යන අයගේ  ඥාති දියණියක් (niece).  ඒ කියන්නේ රාජපක්ෂ කෙනෙක්. ඒක නිසාම කට්ටිය නිරූපමාගේ නම කියන්න බයයි. තිරිකුමාර නඩේෂන් කියලා හයියෙන් කෑගහලා කියලා. නිරූපමා කියලා හයියෙන් කියලා රාජපක්ෂ කියන කෑල්ල රහසින් කියනවා.
 
රටේ රාළ නං කියන්නේ හොරා රාජපක්ෂ නෙවෙයි මොන මල යකා උනත් හොරාට හොරා කියන්න ඕනි. දැන් සමහරු කියන්නේ නිරූපමා කියන්නේ උපතින් රාජපක්ෂ කෙනෙක් උනාට භෞතිකව රාජපක්ෂලා එක්ක හිටිය කෙනෙක් නෙවෙයිලු. එයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙලු. මෛත්‍රී තමයිලු එයාට ආසන සංවිධායකකම දුන්නේ.
 
හැබැයි මේ අනාවරණය කරන්නේ 2011 වංචාවක් ගැන. ඒ කාලේ ශ්‍රීලනිප නායකයා එහෙනං එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක වෙන්න ඇති. මාර වැහිල්ලක් වහලා රාජපක්ෂලා බේරගන්න හදනවා.
 
Mahinda pa 
 
ඇත්තටම ඒ දරන උත්සාහයෙන් වෙන්නේ ඔය කියන රාජපක්ෂලා මේ ගනුදෙනුවට සම්බන්ධ නැතත් එයාලා ගැනත් සාධාරණ සැකයක් ජනතාව තුළ ඇති කරනවා. 
 
රටේ රාළ නං කියන්නේ ශ්‍රී ලංකා ද,UNP දරාජපක්ෂ ද, සිංහල ද,දෙමළ ද වැඩක් නෑ. හොරා නං හොරාම තමයි. හොරාට දඩුවම් කරන්න ඕනි. අනික රාජපක්ෂලා හොරු නම් ඒකත් කෙලින් කියන්න පෞරුෂයක් තියෙන්න ඕනි.
 
රටේ රාළ නං ඔය ඕනි හොරෙකුට කෙලින් හොරා කියනවා. ඇත්තටම පවුලක් විදිහට හිතද්දී රාජපක්ෂ පවුලට තරම් දුෂණ චෝදනා එල්ල වෙච්චි පවුලක් තවත් මේ රටේ නෑ. ලෝකය එකක් සංසන්දනය කලත් පළවෙනි පවුල් දහය අතර නං ඇති. ඒ චෝදනා ජනාධිපතිගේ ඉදන් පහලට සියලු රාජපක්ෂවරුන්ට එල්ල උනා. 
 
චෝදනා නැත්තේ අර අලුත උපන් රාජපක්ෂලා දෙතුන් දෙනාට විතරයි. ඒ විතරක් නෙවෙයි රාජපක්ෂ බිරින්දෑවරුන්ට, එයාලාගේ පවුල්වල අයටත් ඒ චෝදනා එල්ල වුණා.
 
අද ඒ චෝදනා ගොඩකින් එයාලා නිදොස් කොට නිදහස් වෙලා. ජනාධිපතිට එල්ල වෙච්චි චෝදනා ගැන නඩු විභාග ඉදිරියට පවත්වාගෙන යන්න ඉඩක් නෑ. ජනාධිපතිට හිමිවෙන මුක්තියේ බලය නිසා. හැබැයි රටේ රාළ මෙතනදී එකක් කියනවා රාජපක්ෂලාට එල්ල වුණ චෝදනාවලින් එයාලා නිදහස් උනේ සාධාරණ විදිහට නෙවෙයි. වංචා සහගත විදිහට.
 
අදත් මල්වානේ ගෙදරට අයතිකාරයෙක් නෑ. ඇතැම් මුදල් ඉපැයිම් සම්බන්ධව කියලා තිබුණේ ඩේසි ආච්චි ඇවිත් මැණික් මල්ලක් දීලා ගියා කියලා. ඒ නිසා රාජපක්ෂලා එල්ල උන දූෂණ චෝදනා වලින් එයාලා යුක්ති සහගතව නිදහස් උනේ නෑ. ඒක ඔය 69 ලක්ෂය ඇතුළු හැම දෙනාම දන්නවා. අද රාජපක්ෂවරුන්ගේ හැසිරීමෙන් ඒක එයාලම ඔප්පු කරලා තියනවා.
 
ඒක නිසා ලංකාවේ අධිකරණ තුළ ඒ චොදනා වලංගු නැති උනාට ජනතා අධිකරණය තුළ ඒ චෝදනා තවමත් වලංගුයි. ඒවා තව ගොඩක් කල් නොනැසී පවතීවි. 
 
රාජපක්ෂවරුන්ට විතරයක් නෙවෙයි මේ රටේ ජනතා දේපල මංකොල්ල කාපු හැම දෙනාටම ඒක වංගුයි. රටේ නීතියෙන් එයාලට දඩුවම් නැති උනත් ස්වභාවික යුක්තියෙන් එයාලට දඩුවම් දේවි. ඒ නැති උනත් මරණ මංචකයේදී හරි එයාලගේ හෘද සාක්ෂිය එයාලට දඩුවම් කරාවි. ඒක නිසා රටේ රාළ නිරූපමාටයි, නඩේෂන්ටයි ලංකාවේ නං ස්වාධීන පරීක්ෂණ ඉල්ලන්නේ නෑ. 
 
ඒත් රටේ රාළ කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ Pandora  Papers කියන්නේ ලෝකයට හොරු අනාවරණය කරන පළවෙනි අවස්ථාව නෙවෙයි. ඒ වගේම අවසන් අවස්ථාවත් නෙවෙයි. මිට ඉස්සෙල්ලා විකිලීස් ඒ අනාවරණය කළා. Panama Papers වලින් ඒක කළා, London Times එකේ මහින්දගේ නම සදහන් කරමින් අනාවරණයක් කළා. හෙට දවසේ තවත් Paper එකක් එයි.
 
හැබැයි මේ අනාවරණයන් කියන්නේ ඉල්ලලා පරීක්ෂණ කරන්න ඕනි දේවල්. මොකද අපේ රටේ කීර්ති නාමය රැකගන්න හොඳම අවස්ථාවක් ඇවිත්. පුළුවන් නම් මහත්වරුනි රටේ රාළගේ ඒ අභියෝගය බාරගන්න.
 
 
එහෙනම් ගිහින් එන්නම්.
 
ආ...රටේ රාළට අමතක වුණා.
 
මේ ලිපියට යෝහානිගේ නම ගාවා ගැනීම ගැන රටේ රාළ යෝහානිගෙන් සමාව ඉල්ලනවා. නිරූපමාට සංන්සන්දනය කරන්න ඔයාව ගත්තට. ඒත් ඒක අහිතකින් කරපු දෙයක් නෙවෙයි. දුවේ ඔයා තමයි ඒකට සුදුසුම කෙනා. මොකද නිරූපමාලා දිහා බලලා කම්පාවෙන අපි ඔයා දිහා බලලා තමයි හිත හදාගන්නේ.
 
 
බුදු සරණයි.
ජයවේවා.
 
මිට
රටේ රාළ
 
Priynatha witharana(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්....)
 
 
 
 
 
 
 
 
 
 
 
....
 
Kings
 
 
සබැඳි පුවත් :
 
 
 

 
THE LEADER TV 
 
69 ලක්‍ෂයකට අං පැලැන් දූ රාජපක්‍ෂලා 
 
 
ආණ්ඩුව ඇතුළෙ ලොකු කුමන්ත්‍රණයක්! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්