ගුරු විදුහල්පති වැටුප් සටන තවමත් ඉවර නෑ. 
 
ඇත්තටම අවසන් කරන්න ආණ්ඩුව උවමනාවකුත් නෑ. 
 
ආණ්ඩුව තවමත් ඉන්නේ මුලදී හිටිය උද්දච්ච මනසේමයි. 
 
මෝඩ උද්දච්චකම කියන්නේ මේ ආණ්ඩුවේ තියන පරිනාමිකව පහත් ලක්ෂණයක්.
 
ආණ්ඩුව ගුරු විදුහල්පතිවරුන්ට කියන්නේ තමන් දුන්න විසදුම පිලිගන්න කියලා. ගුරුවරු ඒකට ලෑස්ති නෑ. 
 
ආණ්ඩුව පැත්තෙන් ඊට පස්සේ ගුරුවරු එක්ක කරන සාකච්ඡා නැවැත්තලා දැන් ආණ්ඩුව තමන්ගේ අභිමතය ක්‍රියාත්මක කරමින් ඉන්නවා.
 
ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට ආණ්ඩුව දුන්න විසදුම ගුරුවරු නෙවෙයි රටේ රාළත් පළවෙනි මොහොතේම ප්‍රතික්ෂේප කළා. ඒක ප්‍රශ්නය පදනමින් අල්ලන්නේ නැතිව දුන්න මෝඩ උත්තරයක්.
 
කොහොම උනත් මුලදී රටේ රාළට ඔය දෙපැත්තටම තද විවේචනයක් තිබුණා. එකක් ආණ්ඩුව ප්‍රශ්නයට සාධනීයව මැදිහත් නොවීම. අනික වෘත්තීය සමිති පහුගිය Covid රැල්ල වෙලාවේ ගුරුවරු පාරට ගැනීම.
 
රටේ රාළ ඔය දෙකටම විරුද්ධ වුනා.
 
ඊළඟට ගුරු අරගලය පෙනුමෙන් ජවිපෙ සටනක් බවට පත්ව කිරීමට රටේ රාළ විරුද්ධ වුණා. 
 
ඒ දෙකටම විරුද්ධ වෙන්න රටේ රාළට හේතුවක් තිබුණා. 
 
ඒකක් තමයි ඩෙල්ටා රැල්ලේ ආරම්භයත් එක්ක වැටුප් සටනක් කිරීමේ පරිසරයක් රටේ තිබුණේ නෑ. 
 
අනික ගුරු විදුහල්පති වැටුප් සටන ජවිපෙ ලේබලය යටතේ කරන කොට ඒකට ගන්න පුළුවන් ජනතා සහය අඩුයි. එහෙම උනොත් ඒක කවදාවත් ජාතික සටනක් කරන්න බෑ.
 
හැබැයි ඒකෙන් රටේ රාළ අදහස් කරන්නේ ගුරු වැටුප් සටන ඇතුළේ ජවිපෙ ඉන්න ඕනි නෑ කියන එක නෙවෙයි. ගුරු විදුහල්පති වැටුප් සටන ඇතුළේ ජවිපෙ අනිවාර්යෙන්ම ඉන්න ඕනි. ඒකට වැඩිම ජවය දෙන්න පුළුවන් ජවිපෙට. ඒකත් රටේ රාළ පිලිගන්නවා.
 
හැබැයි සටන පොදු සටනක් වෙන්න ඕනි.
 
කොහොම හරි ලංකාවේ ගුරු දිනය සමරපු ඊයෙත් ගුරුවරු හිටියේ මහ පාරේ. 
 
ඇත්තටම තවමත් කෝවිඩ් අවදානම තියනවා. සමහරු තැන්වලට සෞඛ්‍ය බලධාරීන් මැදිහත් වෙලා උද්ඝෝෂණ ක්‍රියාමාර්ග අකුළනවත් දැක්කා. සමහර තැන්වලට පොළිසිය උසාවි නියෝගයක් ගෙනාවා. හැබැයි ඒ කාටවත් ගුරු සටන වහන්න බැරි උනා.
 
 
 
ඊයේ ලංකාවේ ප්‍රධාන නිව්ස් එක ගුරු අරගලය. කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය පදනම් කරගෙන ඊයෙත් ගුරුවරු මහ පාරට බැස්සා. 
 
රටේ රාළ නං තවමත් ඒක අනුමත කරන්නේ නෑ. හැබැයි මේ පාර ඒ වගකීම බාර ගන්න ඕනි ආණ්ඩුව. මොකද සාකච්ඡා මේසයට ආපු ගුරුවරු ආයෙත් පාරට ඇදලා දැම්මේ මේ ආණ්ඩුව. දැන් ඇගිල්ල කෙලින්ම ආණ්ඩුවට දික් කරන්න ඕනි. 
 
ආණ්ඩුව ගුරුවරුන්ගේ ප්‍රශ්නය විසදන්නේ නැතිව පාසැල් පටන් ගන්න හදනවා. මේ 21 වෙනිදා පළවෙනි වටය පටන් ගන්නවා. 
 
පාසැල් පටන් ගැනීම සම්බන්ධව ආණ්ඩුව ඉස්සෙල්ලාම සාකච්ඡා කරන්න ඕනි ගුරු විදුහල්පතිවරුන් එකක්. ඒක කරන්නේ නැතිව ජනාධිපතියි, අගමැති ගුරු දිනය දවසේ ගුරුවරු රවට්ටන්න ලස්සන නිවේදන ගහනවා.
 
අධ්‍යාපන ඇමති සීතල කාමරයක් ඇතුළේ ඉදන් මහ පොලොව තේරෙන්නේ නැති නිළධාරින්ට ඕනි විදිහට බාල් නටනවා. 
 
ආණ්ඩුව මෙතනදී කරන්නේ ලොකු දේශපාලන තක්කඩිකමක්. ආණ්ඩුව හදන්නේ ආණ්ඩුව පාසැල් පටන් ගන්න ලෑස්තියි ඒත් ගුරුවරු ඒක කඩා කප්පල් කරනවා කියන පනිවිඩය රටට දෙන්න. ඒ හරහා ගුරු දෙගුරු අතර ප්‍රතිවිරෝධයක් හදන්න. 
 
ඒක වෙනුවෙන් දැන් ආණ්ඩුවේ සහයෝගයෙන් දෙමාපියන් සමිති හදනවා. 
 
ආණ්ඩුව හදන්නේ ආණඩුවේ තග් පාට් එක දෙමාපියන්ට බාර දෙන්න. හැබැයි ආණ්ඩුවට එහෙම මෙහේව ගන්න පුළුවන් දෙමව්පියෝ ඉන්නේ බොහෝම අතලොස්සයි. 
 
අපි සංස්කෘතික වශයෙන්ම ගුරුවරුන්ට වදින ජාතියක්. ගුරුවරුන්ට අත උස්සන ජාතියක් නෙවෙයි. සිංහල,දෙමළ සමාජය ඇතුළේ ඒක තදින් කාවැදුණු සංකල්පයක්. මුස්ලිම් සමාජයෙත් රටේ රාළ දන්න තරමට ඒකට බාධාවක් නෑ.
 
මෙතනදී රටේ රාළ ඊයේ ගුරු අරගලයේ සාධනීය පැත්තක් දැක්කා. මොකද රටේ රාළ දිගටම කිව්ව කතාවක් තමයි සටන් කරනවා කියන්නේ පාරට බැහැලා කෑගහන එක නං නෙවෙයි. පාරට බහින්න ඕනි. හැබැයි ගුරුවරයා තනියෙන් නෙවෙයි. ගුරු අයිතින් දීපල්ලා කියලා ඉල්ලන මහ සමාජයක් එකක්.
 
ඒ කියන්නේ ගුරු සටන ජාතික සටනක් කරගන්න ඕනි. මේක වැටුප් සටනක් කරන එකම වැරදී. මේක අධ්‍යාපන අයිතීන් සුරැකීමේ සටනේ එක අංගයක්. 
 
සිසුවාට නිසි අධ්‍යාපනයක් ලබාදීමට ගුරුවරයා මානසිකව සුදානම් කිරීම තමයි ඒ කොටස. හරි නම් අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් කරන සටනේ පළවෙනි අංගය වෙන්න ඕනි ඒක. 
 
කොහොම හරි ඊයේ ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරගැනීමේ සර්ව පාක්ෂික සමුළුව පටන් ගත්තා. ඇත්තටම ඒක හොද පියවරයක්. ඒක විසින් ගුරු සටන ජාතික සටනක් කරගන්න පුලුවන් තලයට ඉස්සුනා.
 
ඒක එක වෙලාවකදී දේශපාලන සටනක් බවටත් පත් කරන්න පුළුවන්. අනික ඒක ගුරු සටනට දාගත්ත හොඳ බෆර් එකක්. මොකද ඔය කාටවත් ගුරු සටන මගාරින්න බෑ.
 
ඒකයි රටේ රාළ මුලදී කිව්වේ සටනක් විදිහට ගුරු සටන රතුපාට කරන්න. හැබැයි දේශපාලන අර්ථයෙන් රතුපාට කරන්න එපා කියලා. 
 
මොකද වෘත්තිකයෝ අතරින් ගුරුවරයා තරම් සමාජයට සමීප මිනිහෙක් තවත් නෑ. 
 
හැබැයි මෙතනදී ගුරුවරයාටත් වගකීමක් තියනවා. ඒ වගකීම පසුගිය කාලේ ගුරුවරු අතින් කඩවුණා. ගුරුවරුත් පිල්වලට බෙදිලා දේශපාලනය වෙනුවෙන් කඩේ ගියා. ඒ නිවට වැඩේට දැන් තිත තියන්න ඕනි.
 
මේ රටේ ගුරුවරු ස්වාධීන බලවේගයක් වෙන්න ඕනි. එහෙම උනොත් දේශපාලනඥයා දණ ගස්සන්න පුළුවන් හොදම බලවේගයත් ගුරුවරු තමයි.
 
ඊයේ ඔය සර්ව පාක්ෂික සමුළුව ආපු දේශපාලනඥයොත් ගුරු ප්‍රශ්නය මෙච්චර උඩු දුවනකම් බලා හිටපු අය. ඒ අය ආයෙත් කිට්ටු වෙන්නේ ගුරුවරයාට අයිතිවාසිකම් දිනාදීම වෙනුවෙන් නං නෙවෙයි. ඒකත් තේරුම් ගන්න ඕනි. ගුරුවරයාගේ කර පිටින් ඊළඟ බල පියවර තියන්න තමයි එන්නේ.
 
හැබැයි මෙතනදී තමයි ගුරුවරයා දක්ෂ වෙන්න ඕනි. දේශපානඥයාගේ ඒ උවමනාව අධ්‍යාපන අයිතින් දිනාගැනීම වෙනුවෙන් පාවිච්චි කරන්න. ඒක නිසා රටේ රාළ කියන්නේ ඔතනදී ඔය එන අයත් තමන් බලයට ආවට පස්සෙත් පිටපනින්න බැරි ප්‍රතිපත්තිමය රාමුවකට හිරකර ගන්න ඕනි.
 
කොහොම උනත් ඒ ආපු දේශපාලන නායකයන්ට රටේ රාළ ස්තුතිවන්ත වෙනවා. විපක්ෂයට ඔතෙන්ට එන්න බාධාවක් තිබුනේ නෑ. ඒකෙන් රටේ රාළ විපක්ෂයේ පැමිණිම හෑල්ලු කරන්නේ නෑ.
 
ඒත් ඔතෙන්ට ආපු ආණ්ඩුව නියෝජනය කරන අයට විශේෂ ස්තුතියක් කරන්න ඕනි. විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. මොකද ඒ වෙනුවෙන් සහභාගී උනේ මෛත්‍රීයි, දයාසිරියි. ඒ කියන්නේ එයාලා ඒ වෙනුවෙන් උපරිම බර තියලා තියනවා.
 
සාමාන්‍ය නියෝජිතයෙක් එවලා ආවා කියලා එක දාගන්න ප්‍රතිපත්තියෙන් එයාලා බැහැර වීම හොඳයි. 
 
ඊළඟට විජේදාස රාජපක්ෂගේ පැමිණීම හොද දෙයක්. අතුරලියේ රතන හාමුදුරුවොත් ඇවිත් හිටියා. 
 
මෙතනදී හිටපු කතානායක කරූ ජයසූරියගේ පැමිණීමත් විශේෂයක්. මොකද කරූ කියන්නේ කවුරුත් ගරු කරන චරිතයක්. එතනදී කරූ කියපු කතාවත් අගය කරන්න ඕනි. ඇත්තටම කරූ කියන විදිහට සටනට මේක තමයි වෙලාව. ඒක මෛත්‍රීටත් ඇහෙන්න ඇති. 
 
මෙතනදී දයාසිරි ගැනත් වචනයක් කියන්න ඕනි. රටේ රාළ දිගටම දයාසිරි විවේචනය කරපු කෙනෙක්. හැබැයි මෙතනදී දයාසිරි ගන්න හදන මේ Turn එක රටේ රාළ සාධනීයව දකිනවා..
 
ඒක නිසා ගුරු විදුහල්පති සටන තවත් පියවරක් ඉදිරියට තියපු බවක් පේනවා. දැන් ගුරු විදුහල්පතිවරු කරන්න ඕනි සටන එයාලා අතට දෙන එක නෙවෙයි. සටන ඔයාලා අතේ තියාගෙන ජයග්‍රහණය වෙනුවෙන් එයාලා කඩේ යවන එක. ඒ කියන්නේ මෙච්චර කල් සිද්ධ වෙච්චිදේ නෙවෙයි ඒකේ අනිත් පැත්ත.
 
එහෙනම් නවතින්නම්.
 
බුදු සරණයි.
 
ජයවේවා.
 
මීට
රටේ රාළ
 
Priynatha witharana(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්....)
 
 
 
 
 
 
 
 
 

 

 

THE LEADER TV 
 
 
ගුරු සටන ගැන "ස"ට කේළමක් 
 
 
ජනාධිපති සජිත්ට එන්න කියන්නේ ඇයි?
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්