ආණ්ඩුව ආයෙත් සුදු රෙද්ද අදින්න ලෑස්ති වෙනවා. 
 
ජනාධිපති ගෝඨාභය නං දැන්ටමත් සුදු ඇඳුමට බැහැලා ඉන්නේ. ඇමරිකාවේ ගිහින් ආවට පස්සේ සාලියපුර කදවුර දක්වා එයාගේ කතාවලින් ඒක තේරෙනවා.
 
මේ දවස්වල ජනාධිපතිතුමාගේ හැසිරීම බැලුවොත් ඒක හොඳටම පේනවා.
 
මේ දවස්වල යකාට ඇදලා ඉන්නේ බැසිල්. හැබැයි බැසිලුත් හිතාගෙන ඉන්නේ අයවැයෙන් පස්සේ සුදු ඇදුමට බහින්න වෙන්න ඕනි. 
 
රටේ රාළ නං කැමති මුළු ආණ්ඩුව සුදු රෙදි අදිනවාට. මොකද සුදු ඇන්දම තමයි කළු පැල්ලම් හොයාගන්න ලේසි. එතකොට තමයි කළු පාට කැපිලා පේන්නේ.
 
මෙයාලා මොන සුදු ඇදුම ඇන්දත් ඒක සැනින් ඒක තනි එක කළු පැල්ලමක් වෙනවා. විමල්ට හෝදලා ඒ පැල්ලම යවන්න බෑ. විමල් කියන්නේ එච්චර දක්ෂ හේනේ මාමා කෙනෙක් නෙවෙයි. 
 
ඇත්තටම ආණ්ඩුව මොකටද මේ සුදු ඇදගෙන ලෑස්ති වෙන්නේ. නැවත වතාවක් රැවටෙන මේ රටේ හුදී ජනයා වෙනුවෙන් උපන් පහන් සංවේගය නිසා රටේ රාළට මේ ලිපිය ලියන්න හිතුනා.
 
පහුගියදා ආපු ඉන්දියානු විදේශ ලේකම් තමයි මේ වැඩේ කළේ. එයා මෙයාලා ඔක්කොම තරවටු කරලා ගියා. එයා කොන්දේසි තුනක් දාලා ගිහින්. 
 
පළවෙනි එක ඉන්දියාව හා ශ්‍රී ලංකා අතර තියෙන සියලු ගිවිසුම් ඉක්මනින් අත්සන් කරලා ඉවර කරන්න ඕනි. වහාම පලාත් සභා මැතිවරණය තියන්න ඕනි. 13 වන සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කරන්න ඕනි. ඕක තමයි ඇත්ත කතාව.
 
ඔය ඇත්ත කියන්න මේ ආණ්ඩුවේ කිසිකෙනෙකුගේ දිව නැමෙන්නේ නෑ. ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න කොන්දක් නෑ. පව්.. ඒ ප්‍රශ්නේ ඉස්සරහා අර ජී.එල් ඇඹරෙන විදිහ දැක්කම දුකත් හිතෙනවා. Shirt එකක් ඇදලා හිටියත් මිනිහගේ ඉල ඇට කූඩුවම පේනවා ඒ ඇඹරෙන ඇඹරිල්ලට.
 
රටේ රාළ මේ කරන චෝදනාව මේ රටේ ජනාධිපතිට, අගමැතිට, බැසිල් ඇතුළු කැබිනට් එකට, විමල් ඇතුළු දේශප්‍රේමීන්ට ඔක්කොටෝම අදාලයි. 
 
 
ඉන්දියන් විදේශ ලේකම් ඉස්සරහා වැද වැටිලා බාර ගත්ත පොරොන්දුව තමයි මෙයාලා මේ ඉෂ්ඨ කරමින් ඉන්නේ. එකට තමයි මේ ජනාධිපති හදිස්සියේ සුදු ඇදුමට බැහැලා තියෙන්නේ. සුදු ඇදුමට බැහැලා බුදු Talk දෙන්නේ. දූෂණය නැති කරනවාලු. එක රටක් එක නීතියක් ගේනවාලු.  
 
මොන පිස්සුද අනේ දූෂණය නැති කරන්න පුළුවන්ද මේ කැබිනට් මණ්ඩලයත් එක්ක. එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කරන්න පුළුවන්ද මේ කැබිනට් එකත් එක්ක. දූෂණය නැති කරන්න පුළුවන්ද කබ්රාල්ට මහ බැංකුව බාරදීලා. දූෂණය නැති කරන්න පුළුවන්ද බැසිල්ට මුදල් ඇමතිකම දීලා.
 
අනික මහින්ද අගමැති වෙලා ඉන්නකම් ඔය දෙකම කරන්න බෑ. අලුත් ව්‍යවස්ථාවක්. අලුත් ඡන්ද ක්‍රමයක් ඇත්තටම ඕවා රස කතා තමයි. 
 
මෙයාලා මේ හදන්නේ ඉන්දියාවේ පදේට නටන්න. ඒකට ඉස්සෙල්ලාම කරන්න ඕනි පලාත් සභා මැතිවරණය තියන එක. හැබැයි ඒ මේ ආණ්ඩුවේ කැමැත්ත නෙවෙයි. 
 
මේ ආණ්ඩුවත් දැන් යහපාලනය වගේ තමයි. ඡන්දවලට බයයි. හැබැයි ඊට වැඩිය ඉන්දියාවට බයයි. ඒක නිසා දැන් වතුරට බහින්න වෙලා. බැහැලා පීනන්න වෙලා. ඒකට තමයි ජනාධිපතිතුමා මෙච්චර සංවේදී වෙලා තියෙන්නේ. බැසිල් සංවේදී වෙලා තියෙන්නේ. විමල් වෙන විදිහකට සංවේදී වෙන්නේ. 
 
විමල් දන්නවා ඡන්දයකදී තමයි ආණ්ඩුව සුළු පක්ෂ ඕනි වෙන තැන. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න එයාලා හදනවා. දැන් හැංගිලා හිටිය විමල් ටික ටික එලියට එනවා. ඇවිත් පොර ටෝක් දෙන්න පටන් ගන්නවා. ආපහු ඡන්දය ඉවර උනාට පස්සේ සුපුරුදු පිලිකන්නට යනවා. ඒක තමයි එයාලගේ ජොබ් එක.
 
කොහොමද හරි මෙතනදී ආණ්ඩුව අනුගමනය කරන්නේ ඉතාම නින්දිත උපක්‍රමයක්. ඒ තමයි අය වැය වෙනකම් කොම්පැනිකාරයින්ට ජනතාව උපරිම විදිහට හූරගෙන කන්න ඉඩ දෙන එක. ඒක තේරෙනවා පෙරේදා වැඩිකරපු ගෑස්, සිමෙන්ති, කිරිපිටි හා පාන් පිටිවලින්. 
 
කොම්පැණිකාරයින්ට හිතූ හිතූ විදිහට පාරිභෝගිකයා හූරකන්න ඉඩදීලා ආණ්ඩුව බලා ඉන්නවා. ආණ්ඩුව පාරිභෝගිකයා වෙනුවෙන් කොම්පැණිකාරයා එක්ක සටනට ගියේ නෑ. ඇයි ඒ? ඒ තමයි මේ ආණ්ඩුවේ තියන නින්දිතකම. තක්කඩිකම.
 
  
අයවැයෙන් බැසිල්ට සුදු ඇදුම අන්දන්න ජනතාවගේ ලේ උරා බොන තක්කඩි මෙහෙයුම තමයි මේ දියත් වෙලා තියෙන්නේ. ඒක වෙන්නේ මෙහෙමයි. මෙයාලා පාර්ලිමේන්තුවට ලගදීම පනතක් ගෙනත් තුනෙන් දෙකෙන් සම්මත කරගෙන පරණ ක්‍රමයට ඡන්දය තියනවා. 
 
 
ලබන අවුරුද්දෙ මාර්තු අප්‍රියෙල්වලට ඉස්සෙල්ලා පලාත් සභා එනවා. ඕනි නං රටේ රාළ මහ ඇමති අපේක්ෂකයෝ ටිකත් කියන්නම්. හරි එක උදාහරණයක් කියන්නම්. බලන්න බොරුද කියලා. බස්නාහිර මහ ඇමති අපේක්ෂකයා දුමින්ද සිල්වා. ඒක වෙනම කතාවක්. 
 
දැන් ගොඩක් අය කියනවා බැසිල් මේ පාර ඉදිරිපත් කරන්නේ විශ්ව කර්ම අයවැයක් කියලා. ජනතාවට දෙන සහනයක් දෙන්නේ අයවැයෙන් කියලා. ඇත්තටම ඡන්දය නිසා පොඩි පොඩි සූපින් සහන ටිකක් දෙයි. 
 
ඊට ඉස්සෙල්ලා තමන්ගේ ගජ මිතුරන්ට ජනතාව ඕනි විදිහට සූරා කන්න ඉඩ දෙනවා. අයවැයෙන් යම් මිල අඩු කිරීමක් කළොත් ඒ පාඩුව මේ කාලේ පියවා ගන්න අවසර දීලා. ඒක නෙවෙයිද මේ. එහෙම නෙවෙයි නං මොකද්ද කියලා කියන්න. ඊයේ ජී.එල්ගේ කතාවෙන් ඒක පැහැදිලියි.
 
මෙයාලා තමන්ගේ හෙන්චයියන්ට අයවැයෙන් ලොකු මුදලක් පොම්ප කරන්න හදන්නේ. ඒ ගනන් එක්ක ඊයේ ජී.එල් කිව්වා.
 
ඒ මුදල්වලින් අති බහුතරය ගසා කනවා. ගසා කන්නම තමයි ඔය සල්ලි එවන්නේ. අනික ගෙවල්වලට කුකුළු පැටව් හරි දීලා ඡන්දේ ගනින් කියලා තමයි ඔය සල්ලි දෙන්නේ. බලන්න ඔය සල්ලි වලින් වැඩිහරියක් කරන්නේ හොරා කන එකයි බඩු බෙදන එකයි. එහෙම නැතිව ඕකෙන් වෙන සංවර්ධනයක් නෑ.
 
සමහරවිට මෙයාලා ඉන්දියාවේ කම්පැණියක් එක්ක ගිවිසුමක් ගහලා හැම ගෙදරටම පහසු මිලට කාර් එකක් දෙන්නත් බැරි නෑ. මොකද සුභසාධනය මත දෙන ජන්දයක් බවට එයාලා පලාත් සභා ඡන්දය පත් කර ගනී. ඒ සියල්ල දුනේනේ බැසිල් කියලා බැසිල් සුදු රෙද්ද ඇද ගනී.
 
මාර්තු වෙනකම් මොනවා හරි ටිකක් සහන කියලා ජනතාව පැත්තට වීසි කරයි. මෙයාලා හිතනවා ඒ හාල් මැස්සගේ කටුව කාලා ජනතාව ආයෙත් ජන්දය දෙයි කියලා. ඔතනින් තමයි බැසිල් ඊළඟට ජනාධිපතිවරණ අපේක්ෂකයා විමේ අඩිය හරියට තියාගන්නේ.
 
  
ඇත්තටම මගේ පොහොට්ටුවේ යාලුවෝ තරහා වෙන්න එපා. ඔයාලා වැඩකරන අපේ විරුවා කියන ජනාධිපති ගෝඨාභය කියන්නේ බැසිල්ගේ මේ මෙහෙයුමේ ඉත්තෙක් විතරයි. හැබැයි ඔතන තමයි බැසිලුත් වරද්ද ගන්න තැන. 
 
 
දැන් මේ ආණ්ඩුව වරද්දගෙන තියෙන වරද්දා ගැනීම සල්ලි දීලා හදන්න බෑ. මේක ඇත්තු දහක් දාලාවත් දැන් අද්දන්න බෑ. රටේ රාළ වගකීමෙන් කියන්නේ. ඒක බැසිල්ට තේරෙන්නේ නෑ. මොකද එයා හිතන්නේ සල්ලිවලින් සියල්ල කරන්න පුළුවන් කියලා. 
 
මේ ආණ්ඩුවට තියෙන එකම චාන්ස් එක ශක්තිමත් විපක්ෂක් නැතිවීමේ චාන්ස් එක විතරයි. කොහොම උනත් මේ පලාත් සභා මැතිවරණය අන්ත දූෂිත එකක් වෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩී. මේකත් හරියට අර අනූගනන්වල අග තියපු වයඹ පලාත් සභා ඡන්දය වගේ එකක් වෙන්න පුළුවන්. 
 
මොන සෙල්ලං දැම්මත් ආණ්ඩුවේ ඡන්ද පදනම බිද වැටෙන එක නවත්තන්න බෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ පක්ෂයකට ආය ආණ්ඩුවත් එක්ක රෙද්දක් ඇදගෙන ඡන්දය ඉල්ලන්න බෑ. ඉල්ලනවා නං ආණ්ඩුවට ඉස්සෙල්ලා ශ්‍රීලනිපයේ ගමනක අවසානය සටහන් වේවි. 
 
පොදුජන පෙරමුණ මේ දක්වා මුහුණ දුන්න කිසිම ඡන්දයක් පැරදුනේ නෑ. ඒවා ජයග්‍රහණය කළේ පිමි විදිහට. අන්න ඒ ජයග්‍රහණය අනිත් පැත්ත හැරීම ආරම්භ වෙන්නේ මෙන්න මෙතනින්.
 
ඒ බිද වැටීමත් එකක් ගොඩක් දේ සිදුවේවි. ආණ්ඩුව ඇතුළේ රාජපක්ෂවරුන්ගේ බලහත්කාරය විසින් යට කරගෙන තිබෙන පීඩනය පුපුරා යෑමත් ඒ එක්කම සිද්ධවෙන්න ඕනි. නැත්නම් රටේ රාළ ඉගෙන ගත්ත දේශපාලනය බොරු. 
 
ආණ්ඩුවේ ගමනක අවසානය සටහන් වීම එතනින් සනිටුහන් වේවි. අදම ඔක්කොම කියන්න හොඳ නෑ. ඉතුරු ටික කිට්ටු උනහම කියන්නම්.
 
 
එහෙනම් ගිහින් එන්නම්.
 
 
බුදු සරණයි.ජයවේවා.
 
 
මීට
රටේ රාළ
 
Priynatha witharana(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්....)
2021 - ඔක්තෝම්බර් 12 
 
 
 
 
 
 

 

THE LEADER TV 
 
ජනපති - ශවේන්ද්‍ර කොටවන මෙහෙයුමක් ! 
 
 
ලොකු අනතුරක් අත ළග?
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්