ළග ළග එන ඉන්දු -  චීන ගැටුමක් ගැන දැන් කවුරුත් කතා කරන්න පටන් අරන්. රටේ රාළ ඔය ගැන අනතුරු ඇගෙව්වේ මීට අවුරුද්දකට විතර උඩදී. අද වෙනකොට ඒක ජාත්‍යන්තර වශයෙන් කතා කරන මාතෘකාවක්
වෙලා. 
 
ඇත්තටම ඉන්දියාව හා චීනය අතර ඇතිවෙන යුද්ධයක් තුන්වන ලෝක යුද්ධය දක්වා යන එක නවත්තන්න බෑ.
තමන් චීනය එක්ක  යුද්දෙකට සුදානම් කියලා ඉන්දියාව නිතරම කියනවා.
 
පහුගිය දවසක ඉන්දියාවේ හමුදා ප්‍රධානියා ඒ බව ද හින්දු පුවත්පතට කියලා තිබුණා. එතනදී හමුදාමය ක්‍රියාමාර්ගවලින් එහාට ගිහින් චීනය දකුණු ආසියාවේ කරන ආයෝජන ව්‍යාපෘති ගැනත් ඉන්දීය හමුදා ප්‍රධානියා කතා කරලා තිබුණා. 
 
ඒකෙන් පේනවා දකුණු ආසියාවේ කොතැනක තිබුනත් චීන ආර්ථික මර්මස්ථාන සියල්ල එයාලගේ ඉළක්ක කියලා. 
 
ඊළඟට පහුගිය දවසක ලංකවට ආපු BJP නායකයෙක් උන සුබ්‍රමනියම් ස්වාමීත් ඒක කිව්වා. එයාට අනුව නං චීන - තායිවාන් යුද්ධයකට වඩා චීන - ඉන්දියා යුද්ධය කිට්ටුයි. හැබැයි චීනය, ඉන්දියාව කරන මේ කුපිත කිරීම් වලට වචනවලින් උත්තර දෙන්න යන්නේ නැති බව පේනවා.
 
ඇත්තටම චීනය බය වෙලාද?  බැරිම උනොත් උත්තරයක් දෙනවා මිසක් චීනය ඉන්දියාව එක්ක වචන හරඹයකට යන්නේ නැති බවත් පේනවා. ඒත් චීනය යුද්ධයට ලෑස්ති වෙන බව නම් පැහැදිලියි.
 
මීට ඉස්සෙල්ලාත් චීනය හා ඉන්දියාව යුද්ධ කරලා තියනවා. ඇත්තටම ඒ යුද්දෙන් ඉන්දියාව පරාද වුණා.
ඒත් එදා හිටියාට වඩා අද ඉන්දියාව ගොඩක් බලවත්. ඒකට හේතුව තමයි ලෝකයේ අංක එකේ යුද බලවතා ඉන්දියාවත් එක්ක සිටීම. 
 
ඒක නිසා ඉන්දියාව හිතනවා ඇති චීනයෙන් පරණ වාඩුව ගන්න හොඳම අවස්ථාව මේක කියලා. ඒ වගේම චීනය දුර්වල කිරීමට එයාලට තියෙන අවසන් අවස්ථාවත් මේක. මොකද චීනය මේ කඩයිම පැන්නොත් ආය ඉන්දියාවට නෙවෙයි ඇමරිකාවටවත් චීනය අල්ලනවා බොරු.
 
ඇත්තටම මොකද්ද මේ කඩයිම.  විශේෂයෙන් අපිට ඒක තේරුම් ගැනීම වැදගත්. මොකද මේ යුද්ධයේදී ඉන්දියන්කාරයට ඉස්සෙල්ලා වගේම චීනාටත් ඉස්සෙල්ලා පළවෙනි ගොදුරු වෙන්න පුළුවන් අපි.
 
ඔයාලා දන්නවා සෝවියට් දේශය තියන කාලේ ලෝකයේ ප්‍රධාන බල කදවුරු දෙකක් තිබුණා. ඒකක් ඇමරිකාව ප්‍රමුඛ බටහිර කදවුර. අනික සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී කදවුර. හැබැයි අද තියන තත්වයන්ට වඩා එදා ලෝක තත්වයන් බරපතල විදිහට වෙනස්. 
 
එදා සෝවියට් සමාජවාදී කදවුරේ චීනය හිටියේ නෑ. එදා චීනය හා සෝවියට් දේශය කියන්නේ බරපතල මතභේද තිබුණ රටවල් දෙකක්. ඒක නිසාම එදා ඇත්තටම සමාජවාදී කදවුර කිව්වේ බලසම්පන්න සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවටම තමයි. 
 
ඇමරිකාව ප්‍රමුඛ බටහිර කවුරේ නේටෝ යුද බලයට මුහුණ දෙන්න වෝෂෝ කියලා යුද පෙරමුණ සෝවියට් දේශය ගොඩනගලා තිබුණා. ඒ වගේම එදා ඉන්දියාව හා ඇමරිකාව අතරත් බරපතල ප්‍රතිවිරෝධයක් තිබුණා. ඇමරිකාව ආසියාවට එනවාට චීනය වගේම ඉන්දියාවත් කැමති උනේ නෑ. 
 
දෙගොල්ලොම හිටියේ ගමේ වැල ගමේ කපුටන්ට කියන ස්ථාවරයේ. 
 
ඒවගේම එදා රුසියාව එක්ක චීනයට තිබුණ ප්‍රතිවිරෝධය නිසාම ඉන්දියාව සෝවියට් සමූහාණ්ඩුවේ සමීපතමයෙක් වෙලා හිටියා. හැබැයි අද තත්වය ඊට හාත්පසින්ම වෙනස්. ඉන්දියාව ඇමරිකාව ප්‍රමුඛ බටහිර කදවුරේ හිටගෙන.
 
ඇත්තටම ඉන්දියාව දැන් නේටෝ සාමාජිකයෙක් කිව්වට කමක් නෑ. ඒත් අද සෝවියට් දේශයක් නෑ. වෝෂෝ ගිවිසුමේ හිටපු රටවල් සමහරක් අද බටහිර කදවුර එක්ක එකතු වෙලා.
 
ඇත්තටම සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව බිදීමෙන් ඉතුරු උන රුසියාව විතරක් බලවත් රාජ්‍යයක් විදිහට ඉතුරු වෙලා තියනවා. අද රුසියාවට නායකත්වය දෙන්නේ එදා සෝවියට් කේ.ජී.බී ඔත්තු සේවයේ හිටපු නායකයෙක් උන වත්මන් ජනාධිපති පුටින්.
 
 
bcmcsarg putin 625x300 22 August 21
 
 
පුටින් සෝවියට් දේශය බිදවැටුනට පස්සේ රුසියාව නැවතත් ලෝක බලවතෙක් විදිහට ඔසවලා තියපු නායකයා. ඇත්තටම පුටින් කියන්නේ ලෝක බලතුලනය සම්බන්ධව හොද ඉවක් තියන නායකයෙක් වගේම ඉතිහාසයේ බටහිර කදවුරත් එක්ක ඇරියස් එක්ක තියන නායකයෙක්.
 
 
 
 
සෝවියට් දේශය අද නැති උනත් ලෝක දේශපාලනය ඇතුළේ සෝවියට් කදවුර නියෝජනය කළ දේශපාලන පෞරුෂය ආරක්ෂා කර ගන්න පුටින්ගේ රුසියාවට පුළුවන් වුණා. එහෙම නොවුනා නම් අද පවතින ලෝකය මීටත් වඩා ගොඩාක් වෙනස්. 
 
උදාහරණයක් කිව්වොත් එහෙනම් සමහරවිට ලෝක සිතියමේ සිරියාව කියලා රටක් මේ වෙනකොට නැති වෙන්නත් ඉඩ තිබුණා. ඒක නිසාම එදා සෝවියට් දේශයට තිබුණ බටහිර කදවුරේ ප්‍රහාරය තවමත් ඒ විදිහටම තියනවා. ඒකට තවමත් රුසියාව මුහුණ දෙමින් තමන්ගේ දේශසීමා ආරක්ෂා කරගෙන ඉන්නවා.
 
හැබැයි මෙතනදී බටහිරට උන බරපතලම අවාසිය තමයි තමන්ගේ ලෝක බලයට අභියෝග කරන්න චීනය නමින් තවත් ලෝක බලවතෙක් මතුවීම. දැන් බටහිරට එකවර බලවතුන් දෙදෙනෙකුට මුහුණ දෙන්න වෙලා. අද බටහිරට එකවර මෙහෙයුම් දෙකක් දියත් කරන්න වෙලා.
 
අපිට මේ විටින් විට පේන්නේ ඒ වීන, රුසියන් විරෝධී මෙහෙයුමයි. අපි අහලා තියනවා ලබ්බට අත තියපු එකා පුහුලටත් අත තියනවා කියලා. හැබැයි මෙතනදී ඇමරිකාවට වෙලා තියෙන්නේ එකපාර ලබ්බටයි පුහුලටයි දෙකටම අත තියන්න. 
 
ආසියාවේදී චීනයට එරෙහිව ඉන්දියාව තමන්ගේ කදවුරට එකතු කර ගැනීම තමයි බටහිර ලබපු ලොකුම ජයග්‍රහණය. ඒක නිසාම මේ තත්වය විසින් චීනයට හා රුසියාවට බටහිර විරෝධි අලුත් පෙරමුණක් ගොඩනැගීමට බලකරමින් තිබෙනවා.
 
අවසාන අවශයෙන් ඒ පෙරමුණ ගොඩනැගිලා නැති උනත් ඊට අවශ්‍ය මැදිහත්වීම් දෙපාර්ශවයම කරමින් ඉන්න බව නම් පැහැදිලියි. ඒක හොදම උදාහරණය තමයි පහුගියදා ආසියා පැසිෆික් කලාපයේ චීන හා රුසියානු නාවික හමුදා සිදුකල ඒකාබද්ධ මුර සංචාරය.
 
ඇත්තටම ඒක ඉන්දු පැසිපික් කලාපයේ නාවික මෙහෙයුමක හිටිය ඇමරිකා - ඉන්දියා - ඕස්ට්‍රේලියා - ජපන් නාවික මෙහෙයුමට දුන්න කනේ පහරක්. ඒ වගේම තමන්ගේ මුහුදු හා ගුවන් කලාපවලට සමීප උන ඇමරිකන් යුද නැව්වලට හා යුද ගුවන්යානවලට රුසියාව තමන්ගේ ගුවන් හා නාවික බලය යොදාගෙන බරපතල තරවටුවක් කළා. 
 
ඒ තරවටුව ඉස්සරහා පහු බහිනවා හැර ඇමරිකාවට කරන්න දෙයක් ඉතුරු උනේ නෑ. ඇත්තටම රටේ රාළට රුසියාවෙන් වගේම චීනෙන් එන තොරතුරුවල හැටියට නව ලෝක බලතුලනයක් වෙනුවෙන් බහු ධ්‍රැවීය මේ ලෝකය ද්වි ධ්‍රැවීය ලෝකයක් බවට පත් වෙමින් තියනවා.
 
ඒ වෙනුවෙන් චීන - රුසියා දේශපාලන කදවුරක් ගොඩනැගෙමින් තියෙනවා. නේටෝ යුදබලයට මුහුණ දෙන්න අලුත් යුද යාන්ත්‍රණයක් ගොඩනැගෙමින් තියනවා. රටේ රාළ කියන්නේ චීනයේ හා රුසියාවේ දැන් මූලික දේශපාලන උපායමාර්ගය ඒක.
 
ඇමරිකාවේ හා ඉන්දියාවේ මේ මැදිහත්වීම්වලින් ඒ තත්වය තවත් ඉක්මන් කරලා තියනවා.
 
රටේ රාළ හිතන්නේ චීනය තවමත් ඉන්දියාවේ කුපිත කිරීම්වලට පිලිතුරු නොදෙන්නේ ඒ නිසා වෙන්න ඕනි. ඒත් චීනය ඉන්දියාවට උත්තර දෙන දිනය නං වැඩි ඈතක නෙවෙයි. ඒක අනිවාර්යෙන්ම සිද්ධ වෙන දෙයක්.
 
ඒ උත්තරය හිමාලය පැත්තෙන් වැටිලා තියෙන ඉන්දු චීන දේශ සීමාවේදී දෙනවා නම් තමයි ගොඩක් හොදයි. 
 
හැබැයි අපේ මෝඩ පාලකයින්ගේ වැරදි විදේශ ප්‍රතිපත්තිය නිසා චීනය ඉන්දියාවට පළවෙනි ප්‍රහාරය දෙන්නේ ලංකාවේ මහ පොලොව උඩදී,නැත්තං මුහුදේදී හෝ ගුවනේදී වෙන්න පුළුවන්.
 
ඒ වගේම ඉන්දියාවත් එල්ල කරන ප්‍රතිප්‍රහාරය පතිත වෙන්නේ අපේ මහ පොලොවට හරි මුහුදු හරි ගුවන් සීමාවටම හරි වෙන්න පුළුවන්.
 
ඒක නිසා ජාතියක් අවශයෙන් දෙපැත්තෙන්ම කන්ඩ සුදානමින් සිටින ලෙස රටේ රාළ ජාතියට නැවතත් අනතුරු අඟවනවා.
 
එහෙනම් ගිහින් එන්නම්.
 
 
Priynatha witharana
 
 
බුදු සරණයි.ජයවේවා.
 
මීට
රටේ රාළ
 
(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්....)

 

THE LEADER TV 

 

තවත් දොලවත්තලා ඉන්නවද ? බැසිල් හොල්මන් !! | Gossip
 

 
 
කෙරවලපිටියෙන් කෙළවෙන තැනට ? | මොණරවිලගේ ලියමන
 

  

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්