ලබන පාර්ලිමේන්තු සතියේදී බැසිල් අයවැය ඉදිරිපත් කරන්න ගජ රාමෙට ලෑස්ති වෙන බව පේනවා.
 
අම්මෝ ඒකට බැසිල් දාන ආලවට්ටම් දිහා බැලුවම එක එක ඒවා හිතෙනවා. 
 
එක වෙලාවකට හිතෙනවා මේ ඉදිරිපත් කරන්නේ ලෝකේ පළවෙනි අයවැයවත්ද කියලා. නැත්තං  කලින් එහෙම එකක් ඉදිරිපත් කරලා තිබුනත් ඒකටවත් මෙච්චර සෙල්ලං නං දාන්න නැතිව ඇති.
 
දාළදා හාමුදුරුවන්ගේ ආශීර්වාදය ගන්නවා, අටමස්ථානා වැදලා ආශීර්වාදය ගන්නවා. මහ නායක හාමුදුරුවන්ගේ ආශීර්වාදය ගන්නවා.
 
බැසිල් අයවැයට Full Marketing පාරක් දානවා. ඇත්තටම රටේ රාළ හිතුවේ නෑ බැසිල් මෙච්චර දක්ෂ Marketer කෙනෙක් කියලා. 
 
අන්තිමට බැසිල් කිව්වේ මේ පාර අයවැයෙන් ජනතාවට දෙන්න වෙන්නේ නෑ. ජනතාවගෙන් ගන්න තමයි වෙන්නේ කියලා. ඒක තමයි ලස්සනම Marketing පාර. ඒකෙන් කාගෙත් අවධානයට අයවැයට යොමු වෙනවා.
 
 
බැසිල් හදන්නේ ලොකු Negative thinking එකක් හදලා එක පාරට පොඩි Positive thinking එකකට රට ගෙනියන්න. මොකද Nagative thinking එක ලොකු වෙන තරමට පොඩි Positive වැඩ දෙක තුනකින් වැඩේ කවර් කරගන්න පුලුවන් කියලා එයා හිතනවා ඇති. ඒකට තමයි එයාම මේකේ Negative පැත්තත් Develop කරන්නේ. 
 
 
කොහොම උනත් අපි පළවෙනි ප්‍රශ්නයට උත්තර හදාගෙනම අයවැය ගැන කතා කරමු. ඇයි මේ බැසිල් මෙච්චර අයවැය Market කරන්නේ. 
 
නිකං හිතෙන්නේ නැද්ද බැසිල් තමන්ගේ ජනාධිපතිවරණ Campaign එක පටන් අරන් කියලා. නිශ්චිත වශයෙන් 2024 පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා බැසිල්. දැන් ඒක සහතිකයි. ඇත්තටම රටේ රාළ ඔය කතාව කිව්වේ දැනට අවුරුදු කීපයකට ඉස්සෙල්ලා.
 
ගෝඨාභය තමන්ගේ පාලන කාලය ඇතුළේ බැසිල්ට 2024 ජනාධිපති Campaign එක පටන් ගන්න අවසර දීලා. බැසිල් සියලු රාජ්‍ය සම්පත් යොදාගෙන ගේම ගහනවා. රටේ රාළ කියන්නේ ඒක ගෝඨාභය කැමැත්තෙන් දුන්න අවසරයක් නෙවෙයි. බලහත්කාරයෙන් බැසිල් කරන වැඩක්.
 
 
එක්කෝ ගෝඨාට මේක තේරෙන්නේ නෑ. නැත්තං තේරුනත් කරන්න දෙයක් නෑ. මොකද පොහොට්ටුව ඇතුළේ බැසිල් දැන් යෝධයෙක්. ගෝඨාභය වේගයෙන් ලිලිපුට්ටෙක් බවට පත්වෙමින් ඉන්නවා. ඇත්තටම දැන් බැසිල් පොහොට්ටුව ඇතුළේ ගලිවර් කෙනෙක් කිව්වට කමක් නෑ.
 
 
හැබැයි මේකත් කියන්න ඕනි බැසිල් පොහොට්ටුවට ගලිවර් කෙනෙක් වෙන්න ඇති , ඒත් බැසිල් මේ රටේ ජනතාවට නං ගලිවර් කෙනෙක් නෙවෙයි. රටේ ජනමතය ඉස්සරහා නං බැසිල් ලිලිපුට්ටෙක්. 
 
රටේ රාළට නං කවදාවත් බැසිල් ලිලිපුට්ටෙකුට වඩා ලොකු උනේ නෑ. ඒ ධනය, බලය, හැකියාවෙන් නං නෙවෙයි. රටේ රාළ හැමදාම කියලා ඇති බැසිල් තමයි පොහොට්ටුවේ ඉන්න දක්ෂයා කියලා. අද ඒක බැසිල් ඔප්පු කරලා ඉවරයි. 
 
බලන්නකෝ බැසිල්ට නොදුන්න අනුන්නට දුන්න ජනවරමක් උදුරගෙන බැසිල් දාන සෙල්ලං ටික. 
 
රටේ රාළ කියන්නේ බැසිල් පොදු පරමාර්ථ අතින් ලිලිපුට්ටෙක් කියලා. කොහොම උනත් බැසිල් 2024 ජනාධිපතිවරණය ඉලක්ක කරනවා නං මේ අයවැයත් ඒක වෙනුවෙන් හදපු අයවැයක් වෙන්න ඕනි. ඒ කියන්නේ බැසිල්ගේ පළමු පෙර සුදානම මේක වෙන්න ඕනි.
 
ඒ අර්ථයෙන් මේ අයවැය දිහා බලන අය තමයි කියන්නේ මේක විශ්ව කර්ම අයවැයක් කියලා. රටේ රාළ නං කියන්නේ බැසිල් මොල හතම යොදවලා ගැහුවත් ඔය අයවැය ඇතුළේ මේ ආර්ථික අර්බුදයට උත්තර නෑ. එහෙම නං ධනේශ්වර ක්‍රමයේ අර්බුදය කියන්නේ පට්ට බොරුවක්.
 
හැබැයි මේ අර්බුද මැද්දේ උනත් බැසිල් මේ අයවැය සුභසාධනය පැත්තට වැඩිය බර කරයි. මොකද බැසිල් උපතින්ම බෙදන්න කැමති කෙනෙක්. බෙදුවා කියලා බැසිල්ට කිසි පාඩුවක් වෙලා නෑ. බෙදලා වැටිච්චි නඩුවලිනුත් දැන් නිදොස් කොට නිදහස්.
 
ඊළඟට මේ රටේ ගොඩක් දේශපාලනඥයෝ කැමතිත් බෙදන්නම තමයි. බොදන එක ටිකක් බෙදලා ගොඩක් එයාලට බෙදාගන්න එක වෙනම කතාවක්. ඒ වගේම මේ රටේ ජන මනස හැදිලා තියෙන්නේ බෙදන දේවල් ගන්නම තමයි. අර කොල්ලෝ බෙදන දෙයක් ගන්න. දෙමළ පත්තරේ උනත් කමක් නෑ.
 
බැසිල් දේශපාලකයා හා මහජනයා අතර තියෙන මේ මනසට අයවැය හරහා අමතයි කියලා හිතෙනවා. ජනාධිපතිවරණයට අයවැය හරහා ගහන්න පුළුවන් හොදම Game එකත් ඒක. ඒකෙන් රටේ ජනතාව කෙසේ වෙතත් සැලකිය යුතු දේශපාලනඥයෝ ටිකක් දිනාගන්න බැසිල්ට පුළුවන් වෙයි. 
 
ඒකට තමයි එයා ඔය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිටයි, උප සභාපතිටයි ලොකු මුදලක් දෙන්න හදන්නේ. ඊළඟට ආරංචි විදිහට පලාත් සභාවල හිටපු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීලටත් කෝටි දෙකක් දෙනවලු. ඒක පොහොට්ටුවේ අයට විතරක් නෙවෙයි ශ්‍රීලනිප, ජානීපෙ අයටත් හමිබවෙනවා. 
 
හැබැයි ශ්‍රීලනිපය, ජානීපෙය මේ දවස්වල බැසිල් එක්ක ලොකු ගැටුමක පැටලිලා ඉන්නේ. බැසිල්ගේ උපක්‍රමයෙන් වෙන්නේ ශ්‍රීලනිපයට හා ජානීපෙට හොරෙන් එයාලගේ පලාත් සභා මන්ත්‍රීවරු බැසිල් වෙත ගෙන්වා ගැනීම. ඇත්තටම ඒ තමයි බැසිල්.
 
  
ඊළඟට පලාත් සභා හා පලාත් පාලන ඡන්දය 2024 ට ඉස්සෙල්ලා තියන්න වෙන නිසා ඒ මැතිවරණ දෙකත් ඉළක්ක කරලා අයවැයට ලොකු බරක් තියන එක නවත්තන්න බෑ. මොකද ඒ මැතිවරණ දෙකෙන් මතුවෙන පොහොට්ටුවේ මන්ත්‍රීලා තමයි 2024 ජනාධිපතිවරණයේ බැසිල්ගේ කැම්පේන් එක කරන්න ඉන්නේ. එහෙම එකක් හදාගන්න මේ අයවැයෙන් මුදල් වෙන් කරනවා කරනවාම තමයි. 
 
 
අනික තමයි ග්‍රාමිය සංවර්ධන කියලා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ඉලක්ක කර ගත්ත සංවර්ධන යෝජනා ටිකක් එන්න පුළුවන්. විශේෂයෙන් බඩු බෙදන එක ඒකෙදී අංක එක වෙයි.
 
හැබැයි ඊට අමතරව ගමකට ව්‍යාපෘති කීපයක් එන්න පුළුවන්. රටේ රාළට එන ආරංචිවල හැටියට දේශීය කිරි කර්මාන්තයේ ඉලක්ක කරපු සංවර්ධන සැලැස්මක් එනවා. 
 
ඒත් ඉතින් ඕකෙන් වෙන්නේ මෙච්චරයි. අද කිව්වා කියලා ලියලා තියාගන්න. මෙයාලා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට කිරි සෙන්ටර් එකක් දානවා. සමහරවිට ඒකට සියලු පහසුකම් දෙයි. පොඩි පොඩි ශීතාගාර පවා. හැබැයි කිරි ගන්න හරක් කෝ. අපේ රටේ ගොඩක් ඉන්නේ අයාලේ යන හරක්. හරක් ටික කළමණාකරණය නොකර තමයි මෙයාලා මේ ව්‍යාපෘතිය තෝරන්නේ. 
 
දැනට කිරි ගන්න හරක්ගේ කිරිටික මිල්කෝ එකෙන් ගන්නවා. පැලවත්තලා ගන්නවා. ගමේ පොඩි පොඩියට යෝගට් හදන මිනිස්සු ගන්නවා. ටික දවසකින් අරක වැහිලා යනවා. අන්තිමට බඩුවලින් කොමිස් එක ගත්ත අයට නං හොදයි.
 
ඒක නිසා ඔය ටයිප් සංවර්ධනයක් ගමට එන්න පුළුවන්. මොකද ඉතින් බැසිල් කියන්නේ අපි නොදන්න මනුස්සයෙකුත් නෙවෙයිනේ. ගොඩක් වෙලාවට මේ පාර අයවැයෙන් මන්ත්‍රීවරුන්ගේ සුභ සාධනයට ලොකු මුදලක් වෙන් වෙයි. විශේෂයෙන් පාර්ලිමේන්තු වගේම ඉදිරි පලාත් සභා මැතිවරණයයෙන් තේරෙන මන්ත්‍රීවරුන්ට.
 
සැප වාහන ගේන්න සල්ලි වෙන් කරයි. ඒවා ඉතින් අපට නවත්තන්න බෑ. ඒක නිසා මේ අයවැයෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයාටත් සහන ඉල්ලන්නම ඕනි. අනික බැසිල් ආවේ සහන දෙන්නමනේ. 
 
ඇත්තටම රාජ්‍ය හා පෞද්ගලික අංශයට රුපියල් 10000 කවත් අවම පඩි වැඩිවීමක් දෙන්න ඕනි. එහෙම නැතිව ඇත්තටම වැඩක් නෑ. 
 
බැසිල් ඔය අයවැය හදනකොට තිබුණ ආර්ථික තත්වය නෙවෙයි අද තියෙන්නේ. මිනිස්සු කබලෙන් ලිපට වැටිලා. ජීවන වියදම අහස උසට නැගලා. බැසිල් ඒවට උත්තරක් අයවැයෙන් දෙන්න ඕනි.එහෙම නැතිව තවත් ටික කාලයක් පටි තද කරගන්න කියන උත්තර නං වැඩක් නෑ.
 
 
රටේ ආහාර නිෂ්පාදනය වැඩි කරන්නේ කොහොමද කියන උත්තරය අයවැයෙන් ඕනි. පෝලිම් නැති කරන්නේ කොහොමද කියන උත්තරයත් ඕනි. ගුරු වැටුප් විෂමතාව අයින් කරන්නේ කොහොමද කියන උත්තරයත් ඕනි. 
 
 
ඊළඟට රටේ රාළ හිතන්නේ මේ අයවැයෙන් තවත් සහන ගොඩක් ආයෝජකයන්ට හම්බ වෙයි. මොකද ඩොලර් ගැන මම බලාගන්නං කියලා චන්ද්‍රසේනට කිව්ව බැසිල්ට ඒක ගැනත් මේ අයවෑයෙන් බලාගන්න වෙනවා. 
 
ඇත්තටම මේවා ඔක්කොම හිතනකොට බැසිල් ඔය කරන්නේ මාව බේරගන්න දළදා හාමුදුරුවනේ කියලා කරන අහිංසක ඉල්ලීමක්ද කියලත් එක වෙලාවකට හිතෙනවා. විහිළුවක් කළේ.  බැසිල් ගැන එහෙම හිතන්න එපා.
 
සමහරවිට කාටවත් බැරි දෙයක් යන්තම් හරි එයා කලා කියන කතාව අන්තිමට එන්නත් බැරි නෑ. ඔය ඕනි දේකට තව ටික දවසයිනේ තියෙන්නේ බලමු.
 
 
 
එහෙනම් ගිහින් එන්නම්.
 
බුදු සරණයි. ජයවේවා.
 
මීට
රටේ රාළ
 
Priynatha witharana(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්....)
 
 
 
 
 
 
 
 
 

THE LEADER TV 
 
විපක්ෂනායක වෙන්න දඟලන දැඟලිල්ලක් ! 
 
 
 
ගම සමග ගුටි කෙළිය ! | මොණරවිලගේ ලියමන | The Leader TV
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්