පොදුජන පෙරමුණේ පස්වෙනි ජාතික සමුළුව ඊයේ ජයටම තිබුණා.ඒකේ තේමාව උනේ " අභිමානයෙන් සෞභාග්‍ය කරා " කියලා.රටේ රාළ නං කියන්නේ

පොදුජන පෙරමුණ නමින් පැවැත්වුවට ඕක රාජපක්ෂ පවුලේ සමුළුවක්.

 

ඇත්තට මේ රටේ සෞභාග්‍යය කරා ගිහින් තියෙන්නේ රාජපක්ෂවරුයි එයාලගේ ඥාති මිත්‍රාදීනුයි විතරයි.ඒක නිසා ඔය සමුළුවේ තේමාවට " රාජපක්ෂ පවුල අභිමානයෙන් සෞභාග්‍ය කරා"  කියලා දැම්මා නං නියමෙට ගැලපෙනවා.


ඇත්තටම රාජපක්ෂලා මේ දවස්වල කරන හැම වැඩෙන්ම නාගන්නවා.ඊයේ තියපු සමුළුවෙනුත් ඒක ඒ විදිහටම උනා.රටේ ජනතාව කන්ඩ නැතිව පෝලිම්වල.සිමෙන්ති නැතිව ඉදිකිරීම් කර්මාන්තය සම්පූර්ණයෙන්ම  බිඳ වැටිලා.ඒ ආශ්‍රිතව රස්සා කරපු සියලු දෙනාගෙම රස්සව නැති වෙලා.ගෙවල් මළගෙවල් වගේ.ඊයේ ගෑස් සිලින්ඩරයක් හොයාගන්න නැතිව කොළඹ මිනිස්සු විදපු දුක දන්නේ ඒ මිනිස්සු විතරයි.ඒ අස්සේ මෙයාලා බාල් නටනවා.රටේ රාළ නං කියන්නේ ඒ සමුළුවෙන් උනේ ඇත්තටම රාජපක්ෂ පාලනයට එල්ලවෙන ජනතා විරෝධය තවත් වැඩිවීම විතරයි.ඊට අමතර වැඩකට කියලා උනා නං උනේ බැසිල්ට උක්කුං කියලා නමක් වැටුන එක විතරයි.
 
සමහරවිට තව ටික දවසක් යනකොට උක්කුං උක්කුවා වෙලා තියෙන්නත් බැරි නෑ. කොහොම උනත් මේ සමුළුවේ පරමාර්ථය දේශපාලනය තේරෙන ඕනිම කෙනෙකුට නං තේරෙනවා.ඇත්තටම මේ ඔක්කොම බැසිල් පුම්බන්න කරන දේවල්. 2024 බැසිල්ගේ ජනාධිපතිවරණ Campaign එක තමයි ඔය පටන් අරන් තියෙන්නේ.ඊයේ බැසිල් පොදුජන පෙරමුණට කරපු සේවය අගය කරමින් මහින්ද අතින් විශේෂ තිළිණයකුත් දුන්නා.
 
 
ඇත්තටම ඒක මාර සමුළුවක්,සමුළුවේ සංවිධායකයොත් රාජපක්ෂලා. සමුළුවේ ආරාධිතයොත් රාජපක්ෂලා,සමුළුවේ දේශකයොත් රාජපක්ෂලා. අන්තිමට රාජපක්ෂලා අතින් රාජපක්ෂලාටම සම්මාන දීගන්නවා. ඇත්තම ලෝක මට්ටමෙන් බැලුවත් ඔය වගේ තියන One and Only සමුළුව ඕක.ඒ ලැජ්ජාව රාජපක්ෂලාට දැනෙන්න නැති බව ඇත්ත.එහෙම සෙන්සිටිව් ගති එයාලා ළග නෑ. තනිකර ඉන්නේ වැඩවසම් මනසේ.
 
ඒත් රටේ රාළ හිතන්නේ ඔතෙන්ට එකතු උන අයගෙන් ටිකකට හරි ඒ ලැජ්ජාව දැනෙනවා ඇති.එහෙම නොදැනෙන්නේ ඇත්තටම වහල්ලුන්ට විතරයි.
 
 
පොදුජන පෙරමුණ වෙනුවෙන් කරපු සේවයට සමරු තිළිණ දෙන්න ඕනි කාටද? බැසිල්ටද? ඇත්තටම දේශපාලන භේදයකින් තොරව හිතුවොත් ඒ තිළණය අයිති දිනේෂ්ට,වාසුට,විමල්ට, ගම්මන්පිලට,රටේ රාළ ඔය දැක්කාමයි ජනවරමක් මංකොල්ල කාපු කෙනෙකුට ජනවරම අයිතිකාරයෝ සම්මාන දෙනවා.
 

බැසිල් තමන්ගේ කතාවෙන් පොදුජන පෙරමුණ බිහි කිරීමේ පම්පෝරිය ගැහුවා.ඒක මුල ඉදන් කිව්වා නං තමයි ලස්සන. ඒ කියන්නේ 2015 ජනවාරි 09 උදේ පාන්දර පැදුරටත් නොකියා ඇමරිකාවේ ගිය තැන ඉදන්.පොදුජන 251583568 3474704549321147 503906016120471113 nපෙරමුණට විරැද්ධ වෙන අය බැසිල් හදුන්වන්නේ රටට,රටේ අනාගතයට හතුරු වෙන අය විදිහට.
 
 
 
 
ඇත්තටම එතනදී නං අර උක්කුං කියන නම එයාට හොදට ගැලපෙනවා. උක්කුං කිව්වට එයාලා කිරි බොන්නේ නෑලු. බොන්නේ ප්ලේන්ටිලු. ඒකත් නියම උක්කුං ජොක් එකක්. බැසිල්ලා ප්ලෙන්ටි බොන්නේ කිරි බොන්න බැරිව නෙවෙයි කියලා නොදන්නේ බැසිල් උක්කුං විතරයි. එහෙනං එයාලට කිරි ඇලජික් ඇති. හැබැයි බැසිල් දැනගන්න ඕනි එයා මුදල් ඇමති උනාට පස්පේ මේ රටේ මිනිස්සු ප්ලේන්ටියක්වත් බොන්න බැරි තැනට වැටුණා කියලා.
 
ඇත්තටම එතනදී වැදගත් කියලා හිතෙන කතාව කළේ මහින්ද.මහින්ද කියන්නේ කොහොමත් ජන මනසට කතා කරන්න දක්ෂයෙක්.මහින්දට ඒ සෙන්සිටිව් එක තිබුනට මහින්ද එහෙම අමතලා කරන්නේ ජනතාව ගොනාට අන්දන එක.
 

ඇත්තටම මහින්ද කළේ තමන්ගේ භාවිතාවට සම්පුර්ණ පටහැනි කතාවක්.තමන්ට ඡන්දය දුන්න ජනතාව බලු දුක් විදිනවා කියලා මහින්ද දන්නවා.ඒක මහින්ද කිව්වා.ගුරු ප්‍රශ්නය ගැන මහින්ද දන්නවා,ගොවි ප්‍රශ්නය ගැන මහින්ද දන්නවා.මහින්ද බබෙක් නෙවෙයි කියලා අපිත් දන්නවා.ඉතින් මහින්දට කරන්න තියෙන්නේ ඒවා කාගේවත් ඇගේ ගහන්නේ නැතිව තමන් මැදිහත් වෙලා විසදන එකනේ.මහින්ද කරන්නේ රාජපක්ෂ පවුලට එන විරෝධය පොදුවේ බෙදන එක.හැබැයි වාසියක් එනවා නං මහින්ද ඒක ටක් ගාලා රාජපක්ෂලාගේ එකවුන්ට් එකට දාගන්නවා.
 
මතකනේ යුද ජයග්‍රහණයට කරපුදේ.ඒ දේශපාලන කපටිකම මහින්දට හොදට පිහිටලා තියනවා. සමහරු ඒකට දේශපාලන පරිනතකම කියලත් කියනවා.රටේ රාළ නං ඒකට කියන්නේ දේශපාලන තක්කඩිකම කියලා.ඒක නිසා මහින්ද ගැනත් මෙතනදී කතා නොකර බෑ.ඇත්තටම මේ රටේ වැඩිම ඥාති සංග්‍රහයේ යෙදෙන කෙනා මහින්ද නෙවෙයිද? මුලදී ගෝඨාභය ගෙනවා සුදුස්සෝ සුදුසු තැනට පත් කරනවා කියන සංකල්පයට ඉස්සෙල්ලාම පයින් ගැහුවේ මහින්ද නෙවෙයිද?නෙවෙයි නං කියන්න.

කිසිම ලැජ්ජාවක් නැතිව ශිරන්තිගේ පැත්තේ කට්ටියයි,තමන්ගේ පුතාලගේ නෝනලගේ පැත්තේ අයයි ආයතන ප්‍රධානීන්,තනාපති සේවාවලට දලා මේවා ඔක්කොම වරිග සභා කළේ මහින්ද නෙවෙයිද?දැන් බොරුවට රටේ ජනතාව දුක් විදිනවා කියලා බයිලා ගහනවා. මහින්ද තමයි කොරෝනා වසංගතයෙන් රට අමු සොහොනක්  වෙලා තියෙද්දී මන්ත්‍රීලට සැප වාහන ගෙන්නන්න කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ.මේ රටේ සංවර්ධනයේ ප්‍රමුඛතාව පැත්තකට දාලා නාමල් පුම්බන දේශපාලන Project මේ රට මත පැටෙව්වෙත් මහින්ද?
 
 
ඇත්තටම අද මේ රට මුහුණ දීලා තියෙන බහුතරයක් ප්‍රශ්නවලට වගකියන්න ඕනි ගෝඨාභයට වඩා මහින්ද?එදා සහ අද මේ රටේ දූෂිතයන් ආරක්ෂා කරන්නේ මහින්ද නෙවෙයිද?නිරූපමා රාජපක්ෂට Pandora Papers වලින් එල්ල වුන චෝදනාවට මහින්ද කට ඇරියේ නෑ.ඊයේ මහින්ද හරි ලස්සන වැඩක් කලා.ඒ තමයි ආපහු සුළු පක්ෂ සන්ධානය නියමෙටම ඇන්දුවා.
 
 
මහින්ද කිව්වේ.කොච්චර ලොකු පොඩි උනත් අපට වැඩක් නෑ.එයලා අපේ කිහිලිකරු නෙවෙයි. අපිට දුෂ්කර අවස්ථාවේදී පිහිටට හිටියේ එයාලා.අපිට වැදගත් වෙන්නේ එයාලගේ අරමුණු විතරයි.අපි එයාලත් එක්ක එකට මේ ගමන යන්න ඕනි.මහ පක්ෂය විදිහට සමගිය ආරක්ෂා කරන වගකීම තියෙන්නේ අපේ අතේ කියලා.

ඇත්තටම කොච්චර ලස්සන කතාවක්ද ඒක. දැන් සමහරවිට සුළු පක්ෂ තීරණය කරලා ඇති ආය නං යන්න හිතන්නේ වත් නෑ කියලා. හැබැයි මහින්ද මේ කට්ටියත් එක්ක යමු කියලා කතා කරන එක අරමුණ මොකද්ද?ඒ තමයි පවුලේ දේශපාලන අරමුණ.ඊළඟට බැසිල්,ඊට පස්සේ නාමල් කියන දේශපාලන අරමුණ. රටේ රාළ මුලදීම කිව්වා මහින්ද ජන මනසට කතා කරන්න පුළුවන් කෙනෙක් කියලා.එහෙම කතා කරන්න නං ජනමනස හදුනා ගන්න ඕනි.මහින්ද හැමදාම ජනමනස හදුනා ගත්ත නායකයෙක්.හැබැයි එයා ජනමනසට ගැලපෙන විදිහට තමන්ගේ භාවිතාව සකස්කර ගත්ත නායකයෙක් නෙවෙයි.ජනතාව ගොනාට අන්දන්න හැමදාම තමන්ගේ දේශපාලන දැනුම පාවිච්චි කරපු නායකයෙක්.මහින්ද දැන් දන්නවා මේ රටේ ජනමනස තුළ රාජපක්ෂලාට තිබුණ කැමැත්ත වේගයෙන් හීදීගෙන යනවා කියලා.ආණ්ඩුවේ ඉන්න සුළු පක්ෂ ටික ගැලවිලා ගියොත් ඒ Damage එක තවත් වැඩි වෙනවා.ඒක නිසා මහින්ද ආයෙත් එයාලා උස්සලා තියලා ඒ විරෝධයත් සමාජගත වෙන්නේ නැතිව තියා ගන්න හදනවා.
 

ඇත්තටම ක්‍රම දෙකක් උනාට බැසිල්ගේ හා මහින්දගේ අරමුණ එකයි.ඒක නිසා ඇන්දෙන්න ඕනි අයට මහින්දගේ තොප්පිය හරි,බැසිල්ගේ හරි ගෝඨාභයගේ හරි තොප්පිය දාගෙන මේක ඇතුලේ ඉන්න පුළුවන්.හැබැයි ඒකත් මතක තියාගන්න ඔයාලා ඔක්කොම ඉන්නේ ඇන්දිලා.නැත්තං මොකක් හරි වාසියකට.
 

එහෙනං ගිහින් එන්නම්.
 බුදු සරණයි. ජයවේවා.
 මීට
රටේ රාළ
 (Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්....)
Priynatha witharana

THE LEADER TV 
 
විපක්ෂනායක වෙන්න දඟලන දැඟලිල්ලක් ! 
 
 
 
ගම සමග ගුටි කෙළිය ! | මොණරවිලගේ ලියමන | The Leader TV
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්