කාපට් අතුරලා අවසන් කළ මාර්ග කිලෝමීටර් 1500 ක් එකවර විවෘත කිරීමේ උත්සවයේදී ජනාධිපතිතුමා හරි අපූරු කතාවක් කළා. ඒ කතාව ඇතුළේ

ත්‍රාසය, භීතිය, විනෝදය, කුතුහලය ඔක්කොම තිබුණා.

ඒ කතාවේ අඩුවෙන්ම තිබුණේ දේශපාලනය. දේශපාලන තිබුණේම නෑ කියලා රටේ රාළ කියන්නේ නෑ. හැබැයි මේ රටේ ජනතාව ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වෙන දේශපාලනය ඒ කථාවේ තිබුණේ නෑ. ජනාධිපති වෙන්න එතුමාට ඡන්දය දුන්න ජනතාව එතුමාගෙන් ඉල්ලන්නේ ඔය ජාතියේ කතාවක් නෙවෙයි.



තමන්ට දේශපාලන අද්දැකීම් අඩුයි කියලා ජනාධිපතිතුමා කැබිනට් එකට කිව්වා කියන News එක පහුගිය කාලේ රටම කතා කරපු එකක්. රටේ රාළටත් දැන්නං ඒ කතාව ඇත්ත කියලා හිතෙනවා.

කොහොම උනත් ජනාධිපතිතුමාගේ කතාව සම්බන්ධව රටේ රාළ සාධාරණ විනිශ්චයක් දෙන්න ඕනි. මෙතනදී රටේ රාළට මෙහෙමත් හිතෙනවා. අර අපේ පරන කතාවක් තියනවා හිතේ එකක් තියාගෙන එළියට වෙන එකක් කියනවා කියලා. ඇත්තටම ජනාධිපතිතුමාගේ හිතේ තියෙනදේයි එළියට කියනදේයි අතර ගැටුමක් තියනවා. ඒක දෙක අතර ලොකු පරස්පරයක් තියන බව පේනවා.

ඒ ගැටුම විසින් ජනාධිපතිවරයා දේශපාලනිකව වෙනම තැනකට තල්ලු කරනවා. ජනාධිපතිගේ කතාව සම්බන්ධව රටේ රාළගේ මූලික තර්කය ඒක. ඒ මුලික තර්කය උඩ ඉදගෙන තමයි මේ ලිපියේ සියලු තර්කය ගොඩනැගෙන්නේ.

ඇත්තටම ජනාධිපතිතුමාගේ කතාව ඇතුළේ වක්‍රව කරන තර්ජනයක් තියනවා කියලා පැහැදිලිව පේනවා. එතුමා කියන්නේ මට ගොවියගේ බෙල්ලෙන් අල්ලලා හමුදාව දාලා කාබනික පෝර දලා කුඹුර කරපං කියලා බලෙන් කරවන්න පුළුවන්. ඒත් මම එහෙම කරන්නේ නෑ කියලනේ.


මෙතනදී ජනාධිපතිවරයා පෙන්නන්න හදන්නේ මට පුළුවන් ඒත් මම කරන්නේ නෑ කියලා. ඇත්තටම අද ලෝකය කියන්නේ බලහත්කාරය ප්‍රතික්ෂේප උන ලෝකයක්. නුතන ලෝකය ඉල්ලන්නේ සොදුරු ආඥාදායකයෝ මිසක් හිට්ලර්ලා, පොල්පොට්ලා නෙවෙයි. මට බලහත්කාරය පාවිච්චි කරන්න පුළුවන් ඒත් මම එහෙම කරන්නේ නෑ කියන එකම බරපතල වරදක්. විශේෂයෙන්ම මහජන ඡන්දයෙන් පත් උන නායකයෙක් එහෙම කියන එක කිසිසේත් පිලිගන්න බෑ.

 

ලංකවේ මේ බහුබූත ව්‍යවස්ථාවට අනුව පත්වෙච්චි ඕනිම ජනාධිපති කෙනෙකුට එහෙම කියන්න පුළුවන්. ඒක එයාගේ විශේෂ දක්ෂතාවයක් නෙවෙයි. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට ලැබිලා තියෙන බලය වගකීම් විරහිතව පාවිච්චි කලොත් බන්දු සමරසිංහ ජනාධිපති වෙලා හිටියත් එහෙම කියන්න පුළුවන්. ඒක පොර ටෝක් එකක් නං නෙවෙයි.

ඇත්තටම ජනතාව දුන්න ඒ බලය ආපහු ජනතාවටම මර්ධන මෙවලමක් විදිහට හුවා දැක්වීම වැරදී. මේ දක්වා අපේ රටේ කිසිම ජනාධිපති කෙනෙක් එහෙම ප්‍රකාශ කළේ නෑ. රටේ රාළ අර නිතරම කියන රාජපක්ෂලාට තියෙන වැඩවසම් මනස ඕක තමයි. මට පුළුවන් ඒත් මම පව් හින්දා කරන්නේ නෑ. ඒ මගේ තියන හොදකම හින්දා කියලනේ ඔය කියන්නේ. රටේ රාළ නං කියන්නේ ඒ ප්‍රකාශය ඇතුළු අර රටේ රාළ කියන වැඩවසම් රජා ජීවත්ව ඉන්නවා.

කොහොම උනත් ජනාධිපති කිව්ව එක කතාවක් රටේ රාළ පිලිගන්නවා. ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අනෙක් ජනාධිපතිවරුන් එක්ක සංසන්ධනය කරද්දී එයා තමයි ජනාධිපති වරප්‍රසාද අඩුවෙන්ම භුක්ති විදින ජනාධිපතිවරයා. එතුමාගේ පවුලේ උදවියත් එහෙමයි. ඇත්තටම එතුමාගේ ආර්යාව ගැන මෙතනදී වචනයක් කියන්න ඕනි.

 

ගෝඨාභය මේ රටේ ජනාධිපතිකම සුදුසුද, නැද්ද කියන පරීක්ෂණය දැන් කලොත් ගෝඨාභය ඒ පරීක්ෂණයෙන් අසමත් වෙන්න පුළුවන්. හැබැයි ජනාධිපති ආර්යාවකට අයෝමා රාජපක්ෂ මැතිනිය සුදුසුද කියන පරීක්ෂණය කළොත් එතුමිය ඒ පරීක්ෂණයෙන් මහ ඉහලින් සමත් වෙනවා. ඒක ෂුවර්.

 

ජනාධිපති ගෝඨාභයට දේශපාලන වශයෙන් විරුද්ධ වෙන අයට උනත් අයෝමා රාජපක්ෂ මැතිනිය ළගා කරගෙන තියෙන කීර්ති නාමය කොහොමවත් ප්‍රතික්ෂේප කරන්න බෑ. ජනාධිපති ආර්යාවක් සතු වෙන්න ඕනි සියලු ගුණාංගවලින් ඇය සන්නාහ සන්නද්ධයි. 


කොහොම උනත් ඊයේ ජනාධිපති කිව්වා එතුමා ගත කරන සරල ජීවිතය ගැන. එතුමා තමන්ගේ ඥාතීන් පිරිවරාගෙන විදේශ සංචාර නොයාම ගැන. තමන්ගේ ඥාතීන් අඩුම ගානේ තමන්ගේ කාර්ය මණ්ඩලයටවත් අරන් නැති බව. එහෙම ගන්න එපා කියලා එතුමා අනිත් මැති ඇමැතිවරුන්ටත් කියපු බව.

පහුගිය එක්සත් ජාතීන්ගේ සමුළුවට ගිය අවස්ථාවේ අයෝමා රාජපක්ෂ මැතිනියගේ ගුවන් ටිකට් එකට පවා එතුමා අතින් සල්ලි දුන්නා බව. අති විශිෂ්ඨයි ජනාධිපතිතුමා. ඒ ගැන නං ඔබතුමාට රටේ රාළගේ ගෞරවය එකෙන්ම හිමි වෙනවා. ඇත්තටම ඒ කියන කතාව සම්පුර්ණ ඇත්ත. රටේ රාළ ඒ හොද දේවල්වලට කවදාවත් අභියෝග කරන්නේ නෑ. ඒවා අමුම අමු ඇත්ත.

හැබැයි ප්‍රශ්නය තියෙන්නේ එතන නෙවෙයි. ජනාධිපති දෙන ඒ ආදර්ශය කැබිනට් මණ්ඩලයේ කීදෙනෙක් දෙනවද කියන එකයි. අඩුම ගානේ අගමැති මහින්ද රාජපක්ෂවත් ඒක දෙනවද. එතනදී ඒ අය එතනට මෙහෙයවා ගන්න බැරිවීමේ අඩුව ජනාධිපතිට තියනවා. ඒ විවේචනය එතුමාට එන එක නවත්තන්න බෑ. තමන්ගේ පවුලේ ඥාතීන් එතනට මෙහෙයවා ගන්න බැරිනං ඉතින් අනිත් අය ගැන කවර කතාද?

අනික ජනාධිපතිතුමා මෙතනදී මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ ගැනත් කිව්වා. උන් වහන්සේගෙන් උපදෙස් ගන්න යන අය නම් වශයෙන්ම කිව්වා. හැබැයි ඒ උපදෙස් ගත්ත අය උන් වහන්සේට කුලපතිකම දුන්නාම බනිනවාලු. එතනදී නං ජනාධිපතිතුමා පට්ට ෆේල්. ඒ උපදෙස් ගන්නේ දේශපාලනය සම්බන්ධව වෙන්න ඇති. නැත්තං වෘතිය සමිති ගැන වෙන්න ඇති. ඉතින් ඒවට උපදෙස් දුන්නා කියලා උන් වහන්සේ කුලපතිකමකට සුදුසු වෙන්නේ කොහොමද?

අනික කුලපතිකම හම්බ වෙන්න ඉස්සෙල්ලා මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ සතියකට එක පාරක් නං ජනාධිපතිතුමාව පතුරු ගහනවාම තමයි. ජනාධිපති වටේ ඉන්නේ කේවට්ටයෝ කියනවා. එයාලා ජනාධිපතිට දෙන්නේ වැරදි උපදෙස් කියනවා. අගමැති මහින්දට රට බාරගන්න කියනවා. රාජපක්ෂ පවුල ඉවරයි කිව්වා. රට ඉවරයි කිව්වා. දැන් කුලපතිකම බාර ගත්තට පස්සේ අපේ හාමුදුරුවෝ රහත් වෙලා වගේ.

හැබැයි හාමුදුරුවෝ රහත් උනත් නැතත් උන් වහන්සේ ජනාධිපතිට කරපු විවේචනය එහෙමම තියනවා. උන් වහන්සේම තමයි දවසක් කිව්වේ ජනාධිපති කතා කරලා උන් වහන්සේට තර්ජනය කලා කියලා. ඉතින් ජනාධිපතිතුමා මේ රටේ ඉන්න ඕනි පොඩි ළමයෙකුට තේරෙන්නේ නැද්ද දෙන්නට දෙන්නා පිට කහ ගත්තා කියලා.
 
 
ඊළඟට ජනාධිපතිතුමා මෙතනදී කිසිසේත්ම එකඟ වෙන්න බැරි කතාව කිව්වේ ඥාණසාර හාමුදුරුවෝ ගැන. ඔබතුමාත් සිංහල බෞද්ධයෙක්. හැබැයි රටේ රාළ ඔබතුමාට වැඩිය හොඳ සිංහල බෞද්ධයෙක්. ඔබතුමා කිව්වේ මීට අවුරුදු පහකට උඩදී ඉදන් එක රටක් එක නීතියක් කියන සංකල්පය ගැන ඥාණසාර හාමුදුරුවෝ කතා කළා කියලා.
 
 
මීට අවුරුදු පහකට උඩදී ඥාණසාර හාමුදුරුවෝ කතා කරපු ඒවා නං දැන් එක රටක් එක නීතියක් යටතේ කරන්න හදන්නේ රටේ රාළට නං කියන්න තියෙන්නේ මේ රටට අඹ සරණයි කියලා තමයි. ඇත්තටම ඥාණසාර හාමුදුරුවෝ කළේ මේ රටේ ජාතිවාදය පෝෂණය කිරීම. ජාතික සමගිය ගොඩනැගීමට එරෙහි බරපතල විනාශයක් කරපු කෙනෙක් තමයි ඥාණසාර හාමුදුරුවෝ කියන්නේ.

එක ජාතිවාදයක් තියනතාක් අනිත් ජාතිවාදය තියනවා. ඒක ලෝකය පිලිගත්ත ඇත්තක්. ඒකේ මුස්ලිම් කොටස සහරාන්ලා කරද්දී, දෙමළ කොටස ප්‍රභාකරන් කරද්දී, සිංහල කොටස කළේ ඥාණසාර හාමුදුරුවෝ ඇතුළු කණ්ඩායම. රටේ රාළ දැන් මෙතනම මරලා දැම්මත් ඒක කියන්න ඕනි.

ඒක නිසා ඔය අයට එක රටක් එක නීතියක් හදන්න බෑ. ඒක ගැන හිතන්නවත් බැරි ඉතිහාසගත භාවිතාවක් එයාලට තියෙන්න. අනික ඇත්තටම ආය අලුතෙන් මේ රටට නීති හදන්න මහන්සි වෙන්න එපා. තියන නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. ඒ ඇති. නීතියේ සමහර තැන් ඇති අදට ගැලපෙන විදිහට යාවත්කාලීන කරන්න. ඒවා කරන්න තමයි පාර්ලිමේන්තුවක් තියෙන්නේ. එහෙම නැතිව අධිකරණයට පවා අපහාස කරපු මිනිස්සු දාලා නීති සමිපාදනය කරන්න යන එක නං පට්ට විහිළුවක්.

ඇත්තටම රටේ රාළට ජනාධිපතිතුමාගේ කතාව ගැන කියන්න තියෙන්නේ එච්චරයි. ජනාධිපති කිව්වා කියලා ඕනි දෙයක් පිලිගන්න සමාජයක් අද නෑ. ජනාධිපති නෙවෙයි බුදු හාමුදුරුවොත් කිව්වේ තමන් දේශනා කරපු ධර්මය බුදුන් කිව්ව පලියට පිලිගන්න එපා. තමන්ගේ හෘද සාක්ෂියට අනුව තර්ක කරලා පිලිගැනීම හරි ප්‍රතික්ෂේප කිරීම හරි කරන්න කියලා. ඉතින් එහෙම හිතන සමාජයක් තමයි අද තියෙන්නේ. එහෙම අන්ධ භක්තියයෙන් විශ්වාස කරන අයත් ඇති.

හැබැයි රටේ රාළ එහෙම කෙනෙක් නෙවෙයි.

ඒක නිසා රටේ රාළ කියන්නේ ජනාධිපතිතුමාගේ කතාව ගැන රටේ රාළ මේ කියන විග්‍රහය තමන්ගේ හෘද සාක්ෂිය අනුව පිලිගන්න නොපිලිගන්න එක ඔයාලා සතු වැඩක්. ඒක ගැන හීනෙකින්වත් අහිතක් රටේ රාළ නං හිතන්නේ නෑ.


එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි ජයවේවා.

Priynatha witharanaමීට
රටේ රාළ
 
(ප්‍රියන්ජීත් විතාරණ ගේ FB පිටුවෙන්)
 

 


THE LEADER TV

 
 
පුතාගේ ඉල්ලීම ගැන හිතලා බලන්න ඔනේ ! | මොණරවිලගේ ලියමන |
 

 
 
"ස" ට කඳක් තියෙනවා ඔළුවක් නෑ ! | "ස" ගේ දැනගැනීම පිණිසයි
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්