ෆේස් බුක් හිමිකාරිත්වය දරන මාක් සකර්බර්ග් විසින් 'මෙටා' (meta) නම් තම වාම චින්තන පර්ෂද නාමය සොරා ගෙන

ඇති බවට ග්‍රීසියේ හිටපු මුදල් අමාත්‍ය සහ ප්‍රසිද්ධ වාමාංශික චින්තකයකු වන යානිස් වරුෆාකිස් (Yanis Varoufakis) චෝදනා කරනවා.

ඔහු කියා සිටින්නේ එම නාමය සෑහෙන කලක් ඔවුන් විසින් වාමාංශික දේශපාලනික අර්ථයෙන් භාවිත කර ඇති බවත් සකර්බර්ග් විසින් එම නම 'නව ශිෂ්ටාරයක්' (new civilization) යන්න අර්ථ ගැන්වෙන ලෙස වෙනත් සන්දර්භයක භාවිත කරමින් ඇති බවයි.

'මෙටා' යන නාමය මෙතෙක් යොදා ගෙන ඇත්තේ 'පශ්චාත් ධනවාදී ශිෂ්ටාචාරය පිළිබද මධ්‍යස්‌ථානය' (Center for Post-Capitalist Civilization) යන වාමාංශික චින්තන පර්ෂදය විසින් (left-wing think tank).

එම චින්තන පර්ෂදය තුල නෝම් චොම්ස්කි, බ්‍රයන් ඒනෝ, කෙන් ලෝච් සහ ජේම්ස් ගැල්බ්‍රේච් වැනි ලෝ සුප්‍රකට චින්තකයින් සමුහගතව තිබෙනවා. යානිස් වරුෆාකිස් ද එහි උපදේශකයෙක්.

වරුෆාකිස් මෙසේ සඳහන් කරනවා,

'මෙටා හි අපගේ දේශපාලන ආකෘතිය වෙනස් එකක්. අප කලාව සහ ඇකඩමික පර්යේෂණ එකට සම්බන්ද කරගෙන වැඩ කරන්නේ. කාව්‍ය සහ රසාස්වාදය වගේම සංවාදය අප එකම ආකෘතියක් ඇතුලේ කරනවා. ධනවාදය වෙනුවට ඇතිවෙමින් යන නව තාක්ෂණ ධනවාදී වැඩවසම් සමාජය (techno-capitalist feudal society) අපගේ චින්තන ව්‍යාපාරය විසින් අභියෝගයට ලක් කරමින් පවතිනවා. අනාගත ප්‍රගතිශීලි දේශපාලනයක් වෙනුවෙන් මේ මොහොත නිවැරදිව තේරුම් ගැනීම අපේ එක ප්‍රධාන අරමුණක්. මේ ශෝකී පශ්චාත් ධනවාදී සමාජය සහ ඩිස්ටෝපියාව වෙනුවට අලුත් මාවතක් වෙනුවෙන් තමයි අපි සටන් කරන්නේ'.

ඒ නිසා සකර්බර්ග් මහත්තයෝ හොඳ හිතින් කියන්නේ, අපේ නමට අත තියන්න එපා! Hands off our meta!!

යානිස් වරුෆාකිස් (ට්විටර්)

Centre for Postcapitalist Civilisation


Mahesh Hapugoda 1 1(මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

උපුටා ගැනීම - මහේෂ් හපුගොඩ ගේ FB පිටුවෙන්...

 

 

 


 

THE LEADER TV

 
 
සංඝක්කාරලා පිටියට කැඳවයි ! | මොණරවිලගේ ලියමන
 

 
 
පුතාගේ ඉල්ලීම ගැන හිතලා බලන්න ඔනේ ! | මොණරවිලගේ ලියමන |
 

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්