රාජපක්ෂලා ගොඩනගපු දේශපාලන බල කොටුව බිඳ වැටිය යුතුමයි. ඒක බිද වැටෙන එක නියතයක්. ආයෙත් ගොඩනගන්න බැරි විදිහට බිදවැටෙනවා.



ඒක පැති දෙකකින් ඔප්පු කරන්න පුළුවන්. එකක් තමයි එයාලා ඒ බලකොටුව හැදුවේ යුක්ති සහගත විදිහකට නෙවෙයි. ඒ බලකොටුව හදන්න තියපු හැම ගඩොලක්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හොරකම් කරපුවා. රාජපක්ෂලා දශක ගානක් තිස්සේ තමන්ට කිරි දීලා පෝෂණය කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන අම්මා මරාගෙන තමයි ඒ බලකොටුව ගොඩනගන්න හැදුවේ.

අනික ඔය බලකොටුව හදන්න එකතු කරපු 69 ලක්ෂයේ මහජන පවුර එකතු කළේ බොරුවෙන්, වංචාවෙන්. අසික්කිත ජාතිවාදයෙන්. දර්ශනයට අනුව බැලුවත් ඒ ප්‍රතිවිරෝධය පුපුරන්න ඕනි. බුද්ධාගමට අනුව බැලුවත් ඒක දිට්ඨි දම්ම වේදනීය කර්මයක් විදිහට පළ දෙන්න ඕනි.

එදා රාජපක්ෂලා බලකොටුව හදනකොටම රටේ රාළ ඒකේ අනාගත බිද වැටීම ගැන කිව්වා. ඒත් සමහරු ඒ බලකොටුවේ කක්කුස්සි හෝදන්න යද්දී රටේ රාළ අනාගතේ බලකොටුවේ බිදෙන හැටි ගැන කතා කළා. ඒ ගැන ලිව්වා.

අද ඒ චෞර්ය බලකොටුව බිද වැටෙන බවට පිලිගන්න පුළුවන් සාක්ෂි හැමතැනින්ම මතු වෙන්න පටන් අරන්න. ඒ සම්බන්ධව පිලිගත හැකි තවත් ප්‍රහාරයක් ඊයේ එල්ල උනා. ඒ අනුර ප්‍රියදර්ශන යාපාගෙන්.

 
ඇත්තටම මේක තමයි රටේ රාළ බලාපොරොත්තු උන පිපිරීම. මොකද පොහොට්ටුව ඇතුළේ විමල්ලා, බැසිල්ලා හැපෙනකොට රටේ රාළ ඔය දෙපැත්තටම ගැහුවා. ඒකටත් හේතුවක් තිබුණා. එදා බැසිල් ශ්‍රීලනිප අම්මාගේ බෙල්ල මිරිකනකොට ඒක පහසු වෙන්න ශ්‍රීලනිපයේ අතපය හොල්ලන්න බැරි විදිහට අල්ලගෙන හිටියේ විමල්. රටේ රාළ ඒක ඇස් දෙකෙන්ම දැක්කා .

රටේ රාළ ශ්‍රීලනිප පාක්ෂිකයෙක් නොවුනාට විමල්ලාගේ අත් ගලවලා දාන්න තනියෙම සටන් කළා. ඒක මෛත්‍රී හොඳට දන්නවා. ඒක නිසා විමල්ලා අද බැසිල්ට කොච්චර වැරෙන් පහර දුන්නත් අර වරදට කවදාවත් විමල්ට සමාව දෙන්න බෑ. විමල්ලා විටින් විට එලියේ ඉදන් ගහන පුංචි පුංචි ගල් කැටවලට වඩා අනුර යාපලාගේ මේ අභ්‍යන්තර ප්‍රහාර හරිම ප්‍රභලයි.


මේපාර බලකොටුව බිදවැටීමේ ආරම්භක ප්‍රහාරය එල්ල කළේ සුසිල්. ඒකත් හරියටම ඉළක්කයට ගියා. දෙවෙනි ප්‍රහාරය එල්ල කළේ ඩිව්. දැන් කවුරු හරි අහයි ඩිව් කොහොමද ඇතුළේ වෙන්නේ කියලා. ඩිව් කොමියුනිස්ට් පක්ෂෙනේ කියලා. ඔව් ඩිව් කොමියුනිස්ට් පක්ෂේ තමයි. ඒ අතින් නං එයා පිට තමයි. හැබැයි ඩිව් කියන්නේ මහින්දගේ ළගම ඥාතියා. ඩව්ගේ වැදගත්කම තමයි ඒක.  ඥාතිකම ඉස්සරහා ඩිව් තමන්ගේ දේශපාලනය පාවා දුන්නේ නෑ. ඩ්ව්ගේ ප්‍රහාරය ඉළක්කයට ළගා උනා විතරක් නෙවෙයි, ඇතුළේ තියන තවත් බෝම්බ පුපුරලා යන්න අවශ්‍ය පීඩනය, නැත්තං ඊට අවශ්‍ය උෂ්ණත්වය සපයලා දුන්නා. ඔන්න දැන් අනුර ප්‍රියදර්ශන යාපා.



යාපාගේ ප්‍රහාරය ඩිව්ගේ ප්‍රහාරය තරම් වේගවත් නැති උනත් අනුරත් ඒක හරියට ඉළක්කයට ගෙනාවා. ඒක නිසා රටේ රාළ අනුර ප්‍රියදර්ශනටත් පහක් දානවා ජයවේවා කියලා. රටේ රාළට අනුර ප්‍රියදර්ශනලා ගැන ලොකු දේශපාලන අද්දැකීම් නෑ. ඒත් එකක් කියන්න ඕනි අනුර යාපා මේ කියන කතාවෙන් එයා ගැන පොඩි අදහසක් ගන්න පුළුවන්.

ඇත්තටම තවමත් ඔය මිනිස්සුන්ගේ හෘද ස්පන්දනය වෙන්නේ වමට බරව. වම තමයි උත්තරය කියලා ඔය මිනිස්සුන්ගේ හදවත් කෑගහලා කියනවා ඇති. රටේ රාළටත් ඒක දැනෙනවා. ඒවා තමයි ඔය එක පාරට එළියට පනින්නේ.

මෙතනදී අනුර යාපා කිව්ව තවමත් එයාට නොතේරෙනවා කියපු ප්‍රශ්නයටත් උත්තරයක් දීගෙනම යන්න ඕනි. අනුර යාපා කියන්නේ එයා තවමත් නිහඩ මොකද්ද වෙන්නේ කියලා නොතේරෙන නිසා කියලනේ. හැබැයි ඒකට උත්තරය අනුර යාපාගේ ඊයේ කතාව ඇතුළේම තියනවා. අර එයා කියන්නේ එක පවුලක් පාලනය කළත් කමක් නෑ. හැබැයි අනෙකාගේ අයිතිය පිලිගන්න ඕනි කියලා. ඒ වගේම කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් හමුදාව පොලීසිය දාලා පාලනය කරන්න බෑ. මානව හිමිකම් නැතිව රටකට ඉස්සරහට යන්න බෑ කියලා.

ඉතින් අනුර ප්‍රියදර්ශන මහත්තයෝ ඒක ඇතුලේ ඔයාගේ ප්‍රශ්නයට උත්තරය තියනවා. අපි වමේ උනත් දකුණේ උනත් ඔය කියන අයිතිවාසිකම් අද අපට හමිබ වෙලා තියෙන්නේ මේ ධනේශ්වර ක්‍රමයෙන්. ඉතින් ඒ දියුණු ධනේශ්වර ලක්ෂණ වැඩවසම් ක්‍රමයේ ජීවත්වෙන රාජපක්ෂලාගෙන් ගන්න පුළුවන්ද? ඔයාලට වැරදුනේ ඔතන.

 


මේක වැඩවසම් රජ පවුලක්. හැබැයි දුටු ගැමුණුලා, පරාක්‍රමබාහුලා, විජයබාහුලා වගේ ශ්‍රේෂ්ඨ නෑ. ඇත්තටම මේ රජා හරියට දොන් ජුවන් ධර්මපාල වගේ. විදේශයකට යටත් උන රූකඩයක්, විදේශයකින් පාලනය වෙන රජ පවුලක්. අද හැමදේම තීරණය කරන්නේ ඒ රජ පවුල. මේ රටේ නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හැමදේම රජ පවුලට සාපේක්ෂයි.



ඇත්තටම රාජපක්ෂලාගෙන් ප්‍රජාතන්ත්‍රවාදය. මානව හිමිකම්, යුක්තිය, සාධාරණය ඉල්ලනවා කියන්නේ හරියට මැරියානාගාදයට වැටුන එකෙක් ගොඩ එන්න දගලනවා වගේ වැඩක්. ඒක වෙන්නේ නෑ. ඉල්ලන්නත් එපා. ඉතින් ඔයාලටත් ප්‍රජාතන්ත්‍රවාදය නැත්තං මේ රටේ රාළලා ගැන කවර කතාද?

ඇත්තටම මේ රාජපක්ෂ පාලනය සම කරන්න පුළුවන් පාලනයක් 48 න් පස්සේ තවම ලංකාවේ බිහි උනේ නෑ. ඇත්තටම මීට වඩා එක දශමයක් හරි යහපාලනය හොදයි. මිට සාපේක්ෂව චන්ද්‍රිකාගේ පාලනය ගොඩක් හොදයි. ගිහින් අහන්න යාපනේ දෙමළ මනුස්සයෙක්ගෙන් අනිවාර්යෙන්ම මිට වඩා කොටි පාලනය හොදයි කියනවා.

මේ රාජපක්ෂ පාලනය යන්තම් හරි සමාන වෙන්නේ රණසිංහ ප්‍රේමදාස ගෙන ගිය පාලනයට. එදා රටට ප්‍රජාතන්ත්‍රවාදය තිබුනේ නෑ. රටේ නීතියක් තිබුනේ නෑ. මානව හිමිකම් තිබුණේ නෑ. දක්ෂයන්ට තැනක් තිබුනෙත් නෑ. එදා ලලිත්, ගාමිනීලට වෙච්චි දේම තමයි අද අනුර යාපලාට වෙලා තියෙන්නේ. ඔක්කොම එදා ප්‍රේමදාසගේ හෙන්චයියන්ට විතරයි. අද ඔක්කොම රාජපක්ෂ පවුලට විතරයි.

හැබැයි එදා ප්‍රේමදාස මිට වඩා පොඩි හරි දේශීය චින්තනයක් තිබුණා. ඒ අර්ථයෙන් ඒ පාලනය මීට වඩා දශමයක් හරි හොදයි. ඒක නිසා මොන දේශපාලන මතිමතාන්තර තිබුණත් ඇත්තටම රටේ රාළ සතුටු වෙනවා අනුර යාපා තමන්ගේ හෘද සාක්ෂිය අවදි කිරීම ගැන.

හැබැයි ඇත්ත හෘද සාක්ෂිය අවධි උන කෙනෙකුට නං තවත් මේ ආණ්ඩුවේ ඉන්න බෑ. ඒත් රටේ රාළ කියන්නේ නෑ අනුර යාපාට දැන් එලියට බහින්න කියලා. කිව්වත් ඒවා වෙන්නෙත් නෑ. හැබැයි මේ ආණඩුවේ ඉන්නවා නං ඉන්න වෙන්නේ ලැජ්ජා නහර කපාගෙන.

අවසාන වශයෙන් රටේ රාළ එකක් කියන්නම්. රාජපක්ෂලා බිම වැටෙන අවසන් ප්‍රහාරය එල්ල වෙන්නේ ඇතුලෙන්මයි. ඒකට ඕනි සියලු තත්වයන් දැන් මෝරලා තියෙන්නේ. ඒ ප්‍රහාරයට වචනයකින් හරි දායකවීම ගැන අනුර ප්‍රියදර්ශන යාපා ඔබට

ස්තුතියි.
එහෙනම් ගිහින් එන්නම්.
බුදු සරණයි. ජයවේවා.


Priynatha witharanaමීට
රටේ රාළ

(ප්‍රීයන්ජිත් විතානගේ ගේ ෆේස්බුක් පිටුවෙන්..)

 

 

 


 

THE LEADER TV

 
 
සංඝක්කාරලා පිටියට කැඳවයි ! | මොණරවිලගේ ලියමන
 

 
 
පුතාගේ ඉල්ලීම ගැන හිතලා බලන්න ඔනේ ! | මොණරවිලගේ ලියමන |
 

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්