අයවැයෙන් පස්සේ ලංකාවේ දේශපාලන කොහොම වෙයිද? අද ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ඒක.



බැසිල් අයවැය ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා රටේ රාළට හිතුනා මේ කතාව කියන්න. මෙතනදී රටේ රාළ බැසිල්ගේ අයවැය ගැන කතා කරන්නේ බලාපොරොත්තු වෙන්නේ නෑ. හැබැයි අයවැය තුලින් බැසිල් ලක ලෑස්ති වෙන්නේ මොකටද කියලා අදහසක් හදාගන්න නං පුළුවන්.

මොකද පොදුජන පෙරමුණේ ඉන්න බැසිල්වාදීන්ට මේක විශ්ව කර්ම අයවැයක් උනාට රටේ රාළට නං මේක තවත් එක ඉළක්කන් හරඹයක් විතරයි.

මේ ආර්ථික අර්බුදයට බැසිල්ට උත්තර නෑ. කොහොම උනත් බැසිල් තමන්ගේ 2024 ජනාධිපති සිහිනය වෙනුවෙන් සමපාත කරපු අයවැයක් ඉදිරිපත් කරයි. ඒක සම්පූර්ණයෙන්ම තම හිතවතුන් ඉළක්ක කරපු සුභ සාධන හැඩයේ අයවැයක් වෙයි.

යමක් දීලා පුද්ගලයන් දිනා ගැනීම කියන සංකල්පය මෙතනදී බැසිල් යහමින් යොදා ගනී. දෙන්න දෙන්න ලැබෙනවා කියලා කියමනකුක් අපේ සමාජයේ තියනවානේ. අපේ අයට දෙන්නේ කොහොමද කියන එක එච්චර වැදගත් නෑ. දෙන්නේ මොනවද කියන එක විතරයි වැදගත්.

 

සමහරවිට මේ අයවැයට ඇත්තටම විරුද්ධව පිරිසක් ආණ්ඩුව ඇතුළේ ඉන්න පුළුවන්. ඒත් ඒක අයවැයට විරුද්ධව ඡන්දය වෙයි කියලා රටේ රාළ කීයටවත් හිතන්නේ නෑ. බැසිල් ඒ අකමැත්ත මහින්දට මුවා වෙලා අයවැය කැමති ඡන්දයක් කරගන්නවා. ඔය මහින්ද මේ දවස්වල වටයක් කට්ටිය තවාගෙන යන්නේ ඒකට. ඒ තැවීම අයවැය සම්මතවීමත් එක්ක අවසන් වෙනවා.

 

කොහොම උනත් මේ අයවැයත් කරපින්නාගෙන රාජපක්ෂලා 2022 ක කියන තමන්ට අතිශයින් පීඩාකාරී අවුරුද්දට පියනගනවා ඇති. ඒ පීඩාකාරී දේශපාලන වටපිටාව ඇතුළේ රාජපක්ෂලා ගහන game ගැන රටේ රාළ විටින්විට අදහස් දක්වලා ඇති. ඉස්සරහටත් කියන්නම්.

අද රටේ රාළ කතා කරන්නේ මේ රටේ ජනතාවට තේරුම් ගන්න ටිකක් අමාරු දේශපාලන ප්‍රතිවිරෝධයක් ගැන. ඒ තමයි රාජපක්ෂලා අතර තියෙන දේශපාලන ප්‍රතිවිරෝධය. ඇත්තටම ජනතාවට නෙවෙයි ගොඩක් දේශපාලන පක්ෂ නායකයන්ටත් ඒ ප්‍රතිවිරෝධය හරියට තේරුම් ගන්න බැරිව අමාරුවේ වැටිලා තියෙන්නේ. ඒ වගේම තවත් දේශපාලන පක්ෂ නායකයින්ට රාජපක්ෂලා දැල එලමින් ඉන්නවා. රටේ රාළ ඊයේ කළේ ඒ සම්බන්ධව අනාවරණයක්.

ඇත්තටම අපි කොහොමද රාජපක්ෂලා අතර තියෙන ප්‍රතිවිරෝධය හදුනා ගන්න ඕනි. ගොඩක් අය මේකේ අන්ත දෙකට ගිහින් ඉන්නේ. සමහරු කියනවා එහෙම ප්‍රතිවිරෝධයක් නෑ කියලා. සමහරු එහෙම ප්‍රතිවිරෝධයක් තියෙන බව පිලිගනිමින් තමන්ගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් වෙන වෙනම රාජපක්ෂලා පාවිච්චි කරගන්න හදනවා. ඇත්තටම මේ දෙකම වැරදී.

 

රාජපක්ෂලා අතර ගැටුමක් තියෙන බව ඇත්ත. හැබැයි ඒ ගැටුමට හැම වෙලේම රටේ නිර්මාණය වෙන දේශපාලන අර්බුදවලට සාපේක්ෂයි. ඒ දේශපාලන අර්බුදය විසින් රාජපක්ෂලාගේ බලයට තර්ජනයක් එනවා නම් එයාලා අතර ප්‍රතිවිරෝධය ශූන්‍ය වෙනවා. ඒ ගැටුම ඇති වෙන්නේ රාජපක්ෂලාගේ බලය ආරක්ෂා වෙච්චි පසුබිමක විතරයි. ඇත්තටම මේ ගැටුම්වල ස්වභාවය වෙනස් වගේම ගොඩක් ඒවා එළියට එන්න නොදී රාජපක්ෂලාම තනි තනිමවත් එකට එකතු වෙලාත් විසදගත්ත අවස්ථා ඕනි තරම් ඇති.

 

කොහොම උනත් රාජපක්ෂලා අතර මෙතෙක් තිබුණ ප්‍රතිවිරෝධතාවල යම් වැඩිවීමක් දැන් පේනවා. හැබැයි මෙතනදී ආයෙත් අර රටේ රාළ මුලින් කියපු කතාව අමතක කරන්න එපා. ඒක නිසා ආයෙත් කියන්නම්. මෙතනදී අපි තේරුම් ගන්න ඕනි දේ තමයි ඒ ප්‍රතිවිරෝධය රාජපක්ෂලාගෙන් බලය ගිලිහිලා යන තැන දක්වා වර්ධනයට වෙන්නේ නෑ. කිසිම වෙලාවකදී ඒක රාජපක්ෂලාගේ බලය රැක ගැනීම කියන එකත් එක්ක ගැටෙන ප්‍රතිවිරෝධයක් නෙවෙයි.

කොහොම උනත් බලය කියන එක ගැන අපට හොද අත්දැකීම් අපේ ඉතිහාස පොත්වල තියනවා. බලය වෙනුවෙන් සහෝදර සහෝදරියෝ නෙවෙයි තාත්තා මරපු කතාත් අපි අහලා තියනවා.

 

මෙතනදී අපි හරියට රාජපක්ෂ පවුලේ බල උවමනාව වගේ පුද්ගල බල උවමනාවන් හරියට තේරුම්ගන්න ඕනි.  ඇත්තටම රාජපක්ෂලා අතර එකිනෙකාගේ බලය සම්බන්ධව කාල රාමු බෙදාගෙන තියෙන බව පේනවා. ඒකට අනුව 2030 අයිති නාමල්ට, 2020 ගෝඨාභයට. 2025 බැසිල්ට. ඔහොම තමයි මූලික බෙදීමේ තියන බව පේන්නේ. ඇත්තටම රාජපක්ෂලා අතර ප්‍රතිවිරෝධය කියන්නේ ඔන්න ඔය කාල රාමුවලට පිටින් රාජපක්ෂ කෙනෙක් යන්න හදනවා නම් ඒකට එරෙහිව එන ගැටුම. ඒ කියන්නේ මහින්දට 2030 ට ඉස්සෙල්ලා නාමල්ට ඔටුණු පලන්දන්න ඕනි වෙනවා නම් ඔන්න ගැටුමක් එනවා.

 

ඇත්තටම මහින්දට එහෙම උවමනාවක් ඇති වෙලා වගෙත් පේනවා. ඒක වෙන්නේ මෙහෙම කියලා තමයි රටේ රාළගේ විශ්වාස. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කාලය 2020 - 2025 උනත් දැන් එතන ප්‍රශ්නයක් තියනවා.

මොකද ජනාධිපතිගේ කාලය වසර පහෙන් දෙකක්ම දැන් ගෙවිලා තියෙන්නේ. ඇත්තටම ඒ වසර දෙක ගෙවුනේ කොරෝනා එක්ක. කොහොමත් ඉස්සරහා අවුරුද්දත් ගෙවන්න වෙන්නේ කොරෝනා එක්ක. එතනදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හිතෙන්න පුළුවන් එයාට වැඩක් කරන්න කාලයක් තිබිබේ නෑ කියලා. ඉතිරි අවුරුදු දෙක එකට හැරෙන්නවත් මදි කියලා. ගෝඨාභයගේ පැත්තෙන් හිතද්දී ඒක සාධාරණ තර්කයක්.

ඒ නිසාම ගෝඨාභයට වගේම එයාලාගේ හිතවත් බලවේගවලට තව අවුරුදු පහක් ඉන්න ඕනි කියන හිතුවිල්ල එන්න පුළුවන්. අනික ඒක අසාධාරණත් නෑ. ඒ වගේම ජනාධිපති වටේ ඉන්න අය ඒ අදහස ජනාධිපතිතුමාගේ ඔළුවට දැනටමත් දාලා ඇති. ඊළඟට ව්‍යවස්ථානුකූලව ජනාධිපතිතුමාට තව අවස්ථාවක් තියනවා. ඒ අවස්ථාව ගැනීමට ජනාධිපතිට අයිතියක් තියනවා.

මෙන්න මෙතනදී තමයි රාජපක්ෂලා අතර ගැටුමක් එන්න පුළුවන්. මොකද ජනාධිපතිට ඒ උවමනාව ඇතිවීම බැසිල්ගේ ජනාධිපති සිහිනයට වගේම අර මූලික එකඟතාවයට බාධාවක්. ඒක ආපහු 2030 නාමල්ට ඔටුණු පැලන්දීමටත් බාධාවක්.

 

ඒක නිසා ප්‍රධාන රාජපක්ෂවරු තුන්දෙනා තමන්ගේ අරමුණට යන්න වෙන වෙනම Campaign කරන්න පටන් අරන් බව රටේ රාළට නං පේනවා. අනිත් දෙන්නා එකඟතා කඩනවා නම් මහින්දත් දෙපාරක් නොහිතා ඒ එකඟතාව කඩනවා. මොකද මහින්ද තාත්තා කෙනෙක් විදිහට කැමති තමන්ගේ ඇස් දෙකෙන්ම නාමල් ඔටුණු පළදිනවා දකින්න.

 

ඇත්තටම මේ රාජපක්ෂවරු තුන්දෙනා සළකද්දී මෙතන වැඩිම හැකියාව තියෙන්නේ මහින්දට. ඒක අවිවාදයෙන්ම පිලිගන්න ඕනි.

ඒත් මහින්දගේ දේශපාලන සක්‍රීය බව වේගයෙන් අඩු වෙමින්  තියනවා. ඒ වගේම මහින්ද කියන්නේ උපරිම බහුජන හැකියාවක් තියෙන චරිතයක්. අදත් එහෙමයි. මහින්දට හොදින් ජන මනස කියවන්න පුළුවන්. ඒක කියවාගෙන ඒකට අනුව තියරි හදන්නත් පුළුවන්. ඇත්තටම ඒවා ජනතාව අන්දන තියරි. බැසිල්ටවත් ගෝඨාභයත් ඒ හැකියාව ඇත්තේම නෑ.

ඒත් මෙතන සංවිධානය හැකියාව තියෙන්නේ බැසිල්ට. බැසිල් සූක්ෂමයි. රටේ රාළ ඒකට කියන්නේ  game මනස කියලා. ඇත්තටම බැසිල් කියන්නේ හොද game කාරයෙක්.

ගෝඨාභය ගත්තොත් ඔය හැකියාවන් දෙකම නෑ. හැබැයි අර දෙන්නට සාපේක්ෂව අවංක කෙනෙක්. මෙතනදී රටේ රාළ අර දෙන්නට සාපේක්ෂව කියන වචනය පාවිච්චි කරලා තියන බව මතක තියාගන්න.

බැසිල් තමන්ගේ හැකියාව ඉතාමත් හොදින් තමන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් පාවිච්වි කරගනිමින් ඉන්නවා. අද රාජපක්ෂලා අතර වැඩිම සක්‍රීය චරිතය බැසිල්. ආණ්ඩුවේ සම්පුර්ණ මෙහෙයුම කරන්නේ බැසිල්. ආණ්ඩුව ඇතුළේ චරිත වට්ටනවද නැද්ද කියලා තීරණය කරන්නේ බැසිල්. අද මෛත්‍රී, දිනේෂ්, වාසු, විමල්, ගම්මන්පිල, විජේදාස මුහුණ දිලා තියෙන්නේ ඒ අභාවාචක අද්දැකීමට.

ආණ්ඩුවේ සියලු තනතුරු දෙන්නේ කාටද ඒ මොනවද කියලා තීරණය කරන්නෙත් බැසිල්. අමාත්‍යාංශයවලට දෙන මුදල් ප්‍රමාණය තීරණය කරන්නේ බැසිල්.

 

ඇත්තටම මෙතනදී මහින්දට හැර අනිත් ඕනි කෙනෙකුට පොහොට්ටුව ඇතුළේ අත්කර දෙන ඉරණම තීරණය කරන්නේ බැසිල්. බැසිල් එහෙම නොකරයි කියලා හිතන්න පුලුවනුත් මහින්දට විතරයි. මොකද මහින්ද තමන්ට ආශීර්වාද කළා කියන Credibility එක අවසානයේ බැසිල්ට ඕනි.

 

252395266 427404028751798 6523565078305650072 n

මහින්ද බැසිල්ට අකමැති උනත් ඒ අකමැත්ත ලෝකෙට පෙන්නන්න බෑ. ඒක හොදටම පෙනුන අවස්ථාව තමයී පොහොට්ටුවේ පස්වෙනි ජාතික සමුළුවේදී මහින්ද අතින් බැසිල්ට සමරු තිලිනයක් දුන්න අවස්ථාව. රටේ රාළ කියනවට නිකං ඒ Clip එක අරන් බලන්න.

ඇත්තටම බැසිල් දැන් පොදුජන පෙරමුණේ බලය අල්ලලා ඉවරයි. දැන් බැසිල්ට තියෙන එකම බාධාව පොදුජන පෙරමුණේ සුළු පක්ෂ තමන්ට දක්වන අකමැත්ත. ඒකට බැසිල්ට තියෙන්නේ උත්තර දෙකයි. එක්කෝ යටත් කර ගැනීම, නැත්නම් එළවා දැමීම.

දැන් බැසිල් ඒ මෙහෙයුම පටන් අරන් තියනවා. අර තිස්ස කුට්ට් ආරච්චි වගේ දේශපාලනයේ ඉන්න අදබාලම චරිත තමයි එයාලට ගහන්න පාවිච්චි කරලා තියෙන්නේ. මොකද බැසිල්ට ඕනි ඉස්සෙල්ලා ඒ අය තිස්ස කුට්ට් ආරච්චිගේ ලෙවෙල් එකට දාගන්න.

 

යටත් කිරීම කරගන්න බැරි නං ඊළඟට තියෙන්නේ එළවා දැමීම. හැබැයි එලවලා දාන්න බැසිල් කලබල වෙන්නේ නෑ. ඒක්කෝ යන තැනට පත් වෙනකම් ගහනවා. නැත්නම් ජනාධිපතිව පාවිච්චි කරලා එලවලා දානවා. ලස්සනට එතෙන්ට වැඩේ ගේන හැටි බලන්නකෝ. එතකොට චෝදනාව එන්නේ ජනාධිපතිට. ඇත්තටම ගොඩක් චෝදනාවලට බැසිල් මුවා වෙන හැටි දේශපාලන තේරෙන ඕනි කෙනෙකුට පේනවා.

 

ඒ එළවා දැමීමෙන් පස්සේ එන අඩුව සම්පූර්ණ කරන්න විපක්ෂයේ කණ්ඩායම් කීපයක් ආණ්ඩුවට ගන්න බැසිල්ට පුළුවන් රිෂාඩ්ලා. හකීම්ලා සහ සජබේ කීපදෙනෙක් ඒ වෙනුවෙන් සැදී පැහැදී ඉන්නේ.

ඉතින් බැසිල් පුද්ගලයෙක් විදිහට ඔය game එක ගහමින් ඉන්න බව නොතේරෙන අය ඉන්න නිසයි රටේ රාළට මේ කතාව කියන්න හිතුනේ. මෙතනදී බැසිල්ගේ මේ මෙහෙයුමට විරුද්ධව මහින්ද හා ගෝඨාභය වෙන වෙනම දරන උත්සාහයන් දෙකක් පේනවා. හැබැයි ඒවා බැසිල්ගේ මෙහෙයුම තරම් බලවත් නෑ. ඒ උපක්‍රම බැසිල්ගේ උපක්‍රම තරම් සාර්ථක නෑ.

 

කොහොම උනත් රටේ රාළ මෙතනදී තවමත් මහින්දගේ ඒ හැකියාව අවතක්සේරු කරන්නේත් නෑ. හැබැයි බැසිල් මෙතනදී මොන ගේම ගැහුවත් බැසිල්ට ගහන්න බැරි එක ගේමක් තියනවා. ඒ තමයි මහජන කැමැත්ත දිනාගත් බහුජන නායකයෙක්වීමේ ගේම. ඒ අවස්ථාව උදා කරගන්න මොලේ පාවිච්චි කරනවා නං බැසිල්ට වඩා අවස්ථාවක් ගෝඨාභයට තියනවා.

 

බැසිල් ගහන මේ හැම game එකකින්ම එක දෙයක් වෙනවා. ඒ බහුජන නායකයෙක් වෙන්න බැසිල්ට තියෙන අවස්ථාව තවත් ඈතට යනවා. ඇත්තටම බැසිල් game කාරයෙක් කියලා ජන හදවත්වල දැන් brand වෙලා ඉවරයි. මොකද ජනතාව බැසිල්ව තේරුම් අරන් තියෙන්නේ දේශපාලන නායකයෙක් විදිහට නෙවෙයි. GAMEකාරයෙක් විදිහට.

ඇත්තටම සමාජය තුළ බැසිල් සම්බන්ධව තියෙන මතය ඒක නෙවෙයිද?

එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි ජයවේවා.

Priynatha witharanaමීට
රටේ රාළ
(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්..)


THE LEADER TV
 


මොළ හතේ සාගතේ හෙට සිට! | මොණරවිලගේ ලියමන
 


"ගෝ " ගෙන් "ම" ට පිළිතුරක් ! | "ස" ගේ දැනගැනීම පිණිසයි |



ලන්සාට ගොඩහේවගෙන් සැර රිටන් එකක්!
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්