1200 x 80 DMirror
 
 

මේ දවස්වල පාර්ලිමේන්තුවේ දිගටම අයවැය විවාදය පැවැත්වෙනවා. ඊයේ අයවැය විවාදය බලාගෙන හිටපු කෙනෙකුට ඇත්තටම මුදල් ඇමති අය වැය විවාදය මගෑරලාද කියන ප්‍රශ්නය නං ඇති වෙනවා. අයවැය

විවාදයේදී මතුවෙන ප්‍රශ්නවලට උත්තර දෙන්න වගකිව යුත්තෙක් පාර්ලිමෙන්තුවේ නෑ. ඉන්නේ අර ශෙහාන් සේමසිංහ වගේ වැඩකට නැති චරිත විතරයි.

කොහොම හරි ඊයේ පාර්ලිමේන්තු කතාවලින් ගොඩ දෙනෙක්ගේ අවධානය දිනා ගත්තේ විජේදාස රාජපක්ෂගේ කතාව. ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කෙනෙක් විදිහට විජේදාස විවාදයට සහභාගී උනාට විජේදාසගේ ඉළක්ක උනෙත් ආණ්ඩුවම තමයි. තැනකදී දෙකකදී රනිලුත් ප්‍රබල ප්‍රහාරයකට ලක් උනා.

ඇත්තටම විජේදාසගේ මූලික ඉළක්කය උනේ රාජපක්ෂවරු. ජනාධිපති ගෝඨාභයි, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ බව ඕනි කෙනෙකුට තේරෙනවා. විජේදාස මෙතනදී මහින්දට කළේ සමච්චල්.

විජේදාස වැඩේ පටන් ගත්තේ පහුගිය ජනාධිපතිවරණයේදී ජනතාව දුන්න පොරොන්දු මතක් කරගෙන. යහපාලන ආණ්ඩුවෙන් චීනයට වික්ක හම්බන්තොට වාරාය ආපිට ගන්න නීති හදනවා කියපුවා වගේම රටේ එක බිම් අඟලක්වත් නොරටුන්ට දෙන්නේ නෑ කියන ජනාධිපතිතුමාගේ පොරොන්දුත් මතක් කරගෙන.

ගොඩක් තැන් ගැන විජේදාස වගකීම පැටෙව්වේ පාර්ලිමේන්තුවට. ඒ පංගුවේ කොටස් විජේදාසටත් තියනවා. පාර්ලිමේන්තුවෙන් 20 සම්මත කර දීම තමයි වර්තමානයේ මේ හැම විනාශයයටම හේතුව කියලා කියන්න එතුමාට අමතක වෙන්න ඇති. ඒ ටිකත් එකතු උනා නං කතාව සකලාංග සම්පුර්ණයි.

එතනදී විජේදාස ටාගට් කළේ චීනයට දීපු හම්බන්තොට වරාය. Port City එක, රෑ 12 ට හොර රහසේ අත්සන් කරපු යුගදනවි බලාගාර ගිවිසුම, වරාය වගේ තැන් වෙන්න ඕනි.



විජේදාස කියන්නේ අපේ රටේ හදවත විකුණලා ඉවරයි, අපේ පෙනහළු විකුණාලා ඉවරයි. දැන් අපේ වකුගඩු විකුණන්නත් මෙයාලා ගැනුම්කාරයෝ හොයනවා කියලා. ඇත්තටම විජේදාසගේ කථාවේ වැදගත්ම හරිය ආවේ ඊට පස්සේ. ඒක තමයි විජේදාසගේ කතාවේ හරය. විජේදාස කියන්නේ 2024 දී එන ජනාධිපතිවරණය හරි පාර්ලිමේන්තු මැතිවරණය හරි මේ විකුණපු සියලු රටේ සම්පත් නැවත පවරා ගැනීම වෙනුවෙන් පවත්වන ජනමතය විචාරණයක් කර ගන්නවා කියලා.



ඒ කතාවත් එක්ක තමයි රටේ රාළට හිතුන්නේ විජේදාසගේ කතාව ගැන කතා කරන්න ඕනි කියලා. ඇත්තටම රටේ මතුවෙලා තියෙන මේ අවිනිශ්චිත දේශපාලන වටපිටාවට සාපේක්ෂව විජේදාසගේ කතාව වැදගත් එකක්. ඒක හුදු අවධානය දිනාගැනීම වෙනුවෙන් විතරක්ම කරපු කතාවක් කියලා හිතන්න අමාරුයි. ඇත්තටම ඒක එතනින් ඔබ්බට යන කතාවක්.

ඒ කතාවේ තව කොටසක් තියෙන්න ඕනි. විජේදාස කළේ ඇවිලෙන ගින්නට පෙට්‍රල් දානවා වගේ වැඩක්. ඇත්තටම විජේදාස මොකද්ද කළේ? ඒ ගැන අනුමානයන් ගොඩක් කරන්න පුළුවන්. ගොඩක් දෙනෙක් දැනටමත් ඒ ගැන විග්‍රහ කරලත් ඇති. ඉතින් රටේ රාළත් තමන්ගේ අදහස නොකියා ඉන්න එක හරි නෑනේ.

මෙතනදී විජේදාස කළේ අර සුසිල්, ඩිව්, අනුර ප්‍රියදර්ශන, ජොන් කරන සටනේ දිගුවක්ද? නැත්තං ආණ්ඩුව ඇතුළේ රාජපක්ෂ විරෝධී සටනේ තමන් සතු ආරම්භක අයිතිය අලුත් කණ්ඩායමක් අතට යන එක වළක්වා ගන්න කරපු කඩා පැනීමක්ද? මේ දෙකම වෙන්නත් පුළුවන්.



හැබැයි රටේ රාළ මෙතනදී බර තියන්නේ විජේදාසගේ අවසාන ප්‍රකාශයට. ඒ කියන්නේ විකුණලා දාලා තියෙන රටේ සම්පත් ආපිට ලබාගන්න 2024 දී එන ජනාධිපතිවරණය නැත්නම් මහ මැතිවරණය ජනමත විචාරණයක් කරගන්නවා කියන කතාවට. ඒක තමයි විජේදාසගේ කතාවේ Key Point එක. ඒ කෑල්ලෙන් තමයි විජේදාසගේ කතාව ඩිව්ගේ, අනුර ප්‍රියදර්ශනගේ, ජොන්ගේ කතාවලින් වෙනස් වෙන්නේ.



ගොඩක් වෙලාවට ඒ තුන්දෙනා කරන්නේ ආණ්ඩුව විවේචනය කිරීමක්. අනුර ප්‍රියදර්ශන විතරක් කියනවා විකල්පයක් හැදෙන්න ඕනි කියලා. මෙතනදී වෙනස විජේදාසට අවසන් ඉළක්කයක් තියෙනවා. ඒ තමයි 2024. විජේදාස පොදු අපේෂකයාට එන්නද මේ උත්සාහය. 2024 කියනකොටම කාගේත් ඔළුව එන්නේ ඒක.

ඒ කතාවෙන් විජේදාස තදට රාජපක්ෂලාට ගැහුවා. මහින්දගේ පපුවට ගහගත්ත දේශප්‍රේමය පතුරු ගැහුවා. හැබැයි විජේදාස ගැහුවේ ආවේගශීලීව නෙවෙයි. රටේ රාළ හොදට විජේදාසගේ පල්ස් බැලුවා. ඊළඟට විජේදාසගේ කතාවට ආණ්ඩු පක්ෂය පැත්තෙන් කිසි විරෝධයක් එල්ල උනේ නෑ. රාජපක්ෂලාට එහෙම නිර්ධය විදිහට ගහද්දී පාර්ලිමේන්තුවේ මීක් සද්දයක්වත් ඇති නොවීම කියන්නේ කාට දැනුනේ නැතත් රටේ රාළට නං දැනුන දෙයක්.

ඊළගට කියන්න ඕනි විජේදාසගේ කතාව ගහන්න බැරි තරමට සංවේදී එකක්. ඇත්තටම විජේදාස දක්ෂ කථිකයෙක්. සමහරවිට තමන්ට කරන්න බැරි දෙයක් වෙන කෙනෙක් කරන කොට ඒ දිහා පුදුම වෙලා බලා ඉන්න එක අපේ රටේ සාමාන්‍ය සිරිතක්. ඒක පාර්ලිමේන්තුවේ උනත් නැති වෙන්න බෑ.

රටේ රාළට නං හිතෙන්නේ විජේදාසගේ කතාවේ මාර්ග සිතියමක් තියනවා. ඒක 2024 දක්වා දිගයි. විජේදාස කියන සටන තියෙන්නේ එක්කෝ 2024 ජනාධිපතිවරණය ඇතුළේ නැත්තං මහ මැතිවරණය ඇතුළේ. ඇත්තටම රටේ රාළ කියන්නේ අනිවාර්යෙන්ම විජේදාස කියනදේ කරන්න ඉස්සෙල්ලා එන්නේ ජනාධිපතිවරණයක්. ඒක තමයි රටේ රාළගේ තක්සේරුව.

විජේදාසගේ හඩ ඇතුළේ දිග කතාවක් තියනවා. කොහොම උනත් ඒ ගමන වෙනුවෙන් විජේදාස ඊයේ පාර්ලිමෙන්තුවේ ඉදන් පාර්ශ්ව ගණනාවක් ආමන්ත්‍රණය කළා.




ඇත්තටම විජේදාසගේ කතාව හැම කෙනාටම අදාළයි. ඒ කතාවෙන් එක දෙයක් පැහැදිළිව පේනවා. මේ රටේ ඊළඟ දේශපාලන සටනට ආර්ථික සටන් පාඨ වගේම ජාතික සටන් පාඨටත් පෙළ ගැසෙමින් තියනවා කියලා. එදාට එක දෙයක් නං වෙයි. පහුගිය කාලේ කට්ටිය Hall Sale දාපු දේශප්‍රේමීත්වය ලොකු අභියෝගකට ලක්වෙයි.




හැබැයි එක දෙයක් පැහැදිළියි එදාට මේ රටේ ගොඩක් දේශප්‍රේමීන්ට දේශප්‍රේමීත්වය ගැන කතා කරන්න බැරි වෙයි. ඇත්තටම රටේ රාළට හිතෙනවා නියම දේශප්‍රේමීත්වය රට හදුනාගනී කියලා. රට විකුණන්න සැළසුම් හදපු අය, ඒවට අත උස්සපු අය,ඔ ය ඔක්කොගේම හෙළුව අපට එදාට බලාගන්න පුළුවන් වෙයි. එහෙම සංවාදයක් රට තුළ ගොඩනැගීම නවත්තන්න බෑ.

රටේ රාළ කියන්නේ විජේදාස අවංකව නං කතා කරන්නේ ඔය කියන පාර දුෂ්කරයි. හැබැයි අපට රට පැත්තෙන් හිතුවොත් තෝරගන්න වෙන්නේ දුෂ්කර පාරක් තමයි. ඒකේ දෙකක් නෑ. රටේ සම්පත් විකුණන්න ලේසී. නැත්තං බදු දෙන්න ලේසී. හැබැයි විකුණපු එකක්, බදු දුන්න එකක් ආපිට ගන්න අමාරුයි. ඇත්තටම ඒක බේරන්න වෙන්නේ ජනවරමක් එක්ක තමයි. චාවේස් කළේ එහෙමයි.



විජේදාසගේ ඒ කතාව හරි. දැන් අවුරුදු ගානක් තිස්සේ මේ රටේ ආර්ථික ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ විකුණගෙන කෑම. ඒක දැන් සමාජයටත් ජීර්ණ වෙලා තියෙන්නේ. ගොඩක් අය විරුද්ධ රට කුණුකොල්ලයට විකුණන එකට. වෙන කෙනෙක් කොමිස් ගන්න එකට. ගොඩක් අය ට්‍රයි කරන්නේ තමන් බලයට එනකං රට රැක ගන්න. රැකගෙන තමන් ආවට පස්සේ විකුණන්න. පහුගිය කාලයේ රාජපක්ෂලාට මේ රටේ සම්පත්වලට අපමණ ආදරය කළේ ඒ අර්ථයෙන්. අද ඒක ඔප්පු කරලා තියනවා.



මේ ක්‍රමය ගෙනියන විපක්ෂයටත් ඊට වඩා උත්තරයක් තියෙයි කියලා රටේ රාළ හිතන්නේ නෑ. හැබැයි ඊයේ විජේදාස කිව්වේ ඊට වෙනස් කතාවක්. දැන් හොයන්න ඕනි විජේදාස මොන අර්ථයෙන්ද ඒ කතාව කිව්වේ කියලා. මොකද විජේදාස කියන්නෙත් අපේ රටේ තියන මේ ධනේශ්වර දේශපාලනයේම Product එකක්. කොහොම උනත් විජේදාස කියන කතාව සංවාදයට බදුන් කළ යුතුම එකක්.

එහෙනම් ගිහින් එන්නම්.
බුදු සරණයි ජයවේවා.
මීට

රටේ රාළ
(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්..)

Priynatha witharana



 

 
THE LEADER TV
 
 
 
ලැංවේජ් ඔෆ් දැක්කොත් සිල් නොදැක්කොත් බැසිල් ! | මොණරවිලගේ ලියමන
 

 
 
මෛත්‍රීගෙන් බැසිල්ට කිස් කන ටොක්කක් !

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58