කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ දවසේ කාලගුණය සම්බන්ධ අපට අනාවැකි කියන ආයතනය. මේ දවස්වල කාලගුණ එකෙන් එන්නේ
අනාවැකිවලටත් වඩා අනතුරු ඇඟවීම. වර්ෂාව අධික එකක්ද, ගිගුරුම් සහිත එකක්ද, මඳ වැසිද කියලා එයාලා කියනවා. වැස්සේ මිලිමීටර් ගානත් අනුමාන වශයෙන් කියනවා. සුළගේ වේගය. අකුණු අනතුරු. මුහුදේ රළුවීම් ඔක්කොම කියනවා.
කාලගුණකාරයින්ගේ කටේ තියන අනිවාර්ය වචන සෙට් එකකුත් තියනවා. බෙංගාල බොක්ක, අන්දමන් දූපත්, අඩු පීඩන කලාප ඕවා නං තියනවාමයි. ඇත්තටම කාලගුණ විද්‍යා එකෙන් කරන්නේ අපට අනතුර ගැන කියලා විසදුමත් කියනවා. උදාහරණයක් කිව්වොත් අද මුහුද රළු නිසා ධීවර ප්‍රජාවට මුහුදු යන්න එපා කියනවා. ඒක නිසා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ ඇත්තටම අපට ආශිර්වාදයක්.
රටේ රාළ අද කියන්න හදන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වගේ තවත් ආයතන දෙකක් ගැන. ඒ දෙකෙනුත් අනතුරු ඇඟවීම් නං කරනවා. හැබැයි විසදුම් කියන්නේ නෑ. ඇත්තටම විසදුම් කියන්න එයාලා දන්නේ නෑ. ආයතන දෙක තමයි ආණ්ඩුවයි, විපක්ෂයයි.
ආණ්ඩුවත් මේ දවස්වල අපට කරන්නෙත් අනතුර ඇඟවීම්ම තමයි. හැබැයි එයාලා අනතුරු අගවන්නේ කාලගුණ ගැන නං නෙවෙයි. රට බංකොලොත්වීම ගැන. අනාගත සාගතය ගැන.
අද ජනාධිපතිගේ, අගමැතිගේ ඉදන් මැති ඇමතිලාගේ කතාවල තියෙන්නේ ඒ අනතුරු ඇඟවීම නෙවෙයිද?කට ඇරියොත් කියන්නේ බඩු ගෙන්න ඩොලර් නෑ,ණය ගෙවන්න සල්ලි නෑ. බොර තෙල් ගේන්න විදිහක් නෑ. තාවකාලිකව සපුගස්කන්ද වහනවා. ජනතාව මත බර පටවනවා හැර වෙන උත්තරයක් නෑ. අපි ඒක කරන්නේ කනගාටුවෙන්. අකමැත්තෙන්. ඒත් ඒක ආණ්ඩුවේ වැරැද්දක් නෙවෙයි. අපි වගේ පුංචි ආර්ථිකයක් තියෙන රටකට මේවාගේ වසංගතයකට ඔරොත්තු දෙන්න බෑ. දැනට නං රටේ ආහාර හිගයක් නෑ. භාණ්ඩ හිගයට උත්තරයක් හදන්න බෑ. මෙහේ නෙවෙයි එංලන්තෙත් එහෙමයි. එහෙත් පෝලිම් තියනවා. භාණ්ඩ මිල පාලනය කරන්න නෙවෙයි ආණ්ඩුවක් තියෙන්නේ. පරිප්පු මිල හාල් මිල ගැන හොයන්න නෙවෙයි ජනාධිපති ඉන්නේ. ඔය වගේ කතා තමයි දැන් අපට ජනාධිපතිගේ ඉදන් පහලට ආණ්ඩුව පැත්තෙන් ඇහෙන්නේ.
ඇත්තටම මේ කතාවල හරයෙන් තේරුම් ගන්නවාට නං මේ කියන්නේ වෙන මොකවත් නෙවෙයි රට බංකොලොත් කියලා. සාගතය අත ළඟයි කියලා. හැබැයි බංකොලොත්කම ගැන කියන මෙයාලට, සාගතය ගැන කියන මෙයාලට ඒකට උත්තරයක් නෑ. ඒ කතාවලින් ඒකත් පැහැදිලියි. ඒකට මෙයාලා කරන්නේ ඒක ලෝක වෙළඳපොලට, විපක්ෂයට, කොරෝනා වසංගතය වගේ තැන්වලට පටවලා ඇඟ බේරගන්න හදන එක.
ආණ්ඩුවේ ඉන්න සමහර මෝඩම මැති ඇමතිවරු නං කියන්නේ මේ ආණ්ඩුව තියන නිසා තමයි මේ ගානට හරි බේරිලා හරි තියෙන්නේ විපක්ෂය බලයේ හිටියා නම් මෙලහට රටින් භාගයක් මැරිලා. විපක්ෂ බොරු කියලා ජනතාව කුලප්පු කරලා පාරට ගේනවා කියලා.
විපක්ෂය දිහා බැලුවොත් ඒත් එහෙමම තමයි. ඇත්තටම විපක්ෂයත් මේ ආණ්ඩුව වගේම තමයි.
අපේ රටේ අවාසනාව ඒක නෙවෙයි. මේ ආණ්ඩුවයි, මේ විපක්ෂයයි කියන කියන පදයට නටන්න ඔලමොට්ටල ජනතාවක් මේ රටේ තවමත් ඉන්න එක.
ඇත්තටම අපේ රටේ මේ තියෙන ආර්ථික ප්‍රශ්නයට ප්‍රධාන උත්තරය රටේ නිෂ්පාදන ආර්ථිකයක් හදන එක. කොරෝනාවලින් අපට දුන්න පණිවිඩය ඒක. ඒක තමයි පිලිගන්න පුළුවන් උත්තරය. හැබැයි දැන් මේ ආණ්ඩුව පෙරලලා විපක්ෂයට දුන්නා කියලා නිෂ්පාදනය ආර්ථිකයක් හැදෙනවාද? අඩුම ගානේ එහෙම එකක් ගොඩනගන්න දැක්මක් විපක්ෂයට තියෙනවද? ඒක නිසා මේ රටේ තියන මේ ප්‍රශ්නයට ආණ්ඩුවටවත්, විපක්යටවත් හරි උත්තරයක් නෑ.
මේ තමයි විජේවීර කියපු ධනේශ්වර ක්‍රමයේ අර්බුදය. මේ දෙගොල්ලටම ඒක තේරුම් ගන්න තරම් දේශපාලන බුද්ධියක් නෑ. දෙගොල්ලොම කරන්නේ හතුරා විදිහට අනෙකා පෙන්නමින් බලය ගන්න හදන එක, නැත්තං ගත්ත බලය රැක ගන්න හදන එක.
ඊළඟට අද තමන්ගේ වෘතීය ඉල්ලීම් වෙනුවෙන් වැඩකරන ජනතාව වෘතීය සමිති එක්ක පාරට බැහැලා. ඇත්තටම දැන් මේක ෆුල් අන්දොස් වෙලා තියෙන්නේ. තනිකරම රට අච්චාරුවක් වෙලා. දැන් මේ අච්චාරුව කළේ රාජපක්ෂලා බවට පත්වෙලා. ඇත්තටම ඒ අච්චාරුවේ සැලකිය යුතු පංගුවක් රාජපක්ෂලාට කරපු අපරාධ තමයි. ඒක නිසා කොන්දේසි විරහිතව රාජපක්ෂලා එලවන්න ඕනි.ර ටේ රාළට ඒ ගැන කොන්දේසි නෑ. ඒත් රටේ රාළට ඒ එලවලා ගෙන්නේ කවුද කියන කොන්දේසිය ජනතාවත් එක්ක බේරගන්න ඕනි.
අවිධිමත් මහජන නැගිටීමකට කොන්දේසි අදාළ නෑ. නීතිය අදාළත් නෑ, එතන සදාචාරයකුත් නෑ. ඕක ලබන අවුරුද්දේ මුල් කාර්තුවේ වෙනවා වෙනවාමයි. රටේ රාළට ඕනි ඒ ජනතා නැගිටීම සංවිධානාත්මක එකක් කරන්න. ඒත් ඒක ඉබේ වෙන්නේ නෑ.ම නෝ මූලික තත්වය පරිනත නොවී විෂය මූලික තත්වය පුපුරා යෑමෙන් වෙන්නේ විනාශයක්.
ඒක ජීවිතවලට විතරක් නෙවෙයි රටටම ගේන්නේ විනාශයක්. ඒක තත්වය තවත් විදේශ බලවේගයකට රට යටත්වීමට කැපෙන පාරක්. ඇත්තටම ලංකාවේ පොලොව උඩ ඊළගට සිද්ධ වෙන්න නියමිත ජන අරගලය අසංවිධානාත්මක එකක් වෙන්න තියෙන ඉඩ වැඩී. ඒකට හේතුව ජනතාව තුළ තියෙන රාජපක්ෂ විරෝධය. ඒක හරි දිශාවට කළමණාකරණය කරන්න පුළුවන් බලවේගයක් නොවීම. ඇත්තටම රාජපක්ෂ විරෝධය දැන් විරෝධයකට එහා ගිය වෛරයක් බවට පත්වෙලා ඉවරයි. මේ ජනතා විරෝධය ඇතුළේ පීනන අය දිහා බැලුවම ඊළඟට වෙන්න නියමිත විනාශයත් රටේ රාළට පේනවා.
එහෙනම් ගිහින් එන්නම්.
බුදු සරණයි ජයවේවා.
රටේ රාළ
(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්..)