ලංකාවේ බලවත්ම පවුල මොකද්ද කියලා ඇහුවොත් ඕනි පොඩි දරුවෙක් උනත් කියන්නේ රාජපක්ෂ පවුල කියලා. ඒ තරමට එයාලා බලයෙන් හා ධනයෙන්

ආඪ්‍යයි.

අද රාජ්‍ය බලය හොබවන පොහොට්ටුව කියන්නේ ඒ පවුල වෙනුවෙන්ම හදපු පක්ෂය. ඒක හදන්න දරදිය ඇදපු කට්ටියත් ඔය ඉන්නේ තැන තැන වැටිලා තුෂ්නිම්භූත වෙලා වගේ.

ඒ පවුලේ මහින්ද, ගෝඨාභය, බැසිල් වගේ අයට ඒ දවස්වල කිව්ව fist Class all rounders ලා කියලා. International ranking වලින් කෙසේ වෙතත් Local rankingවලින් නං උඩම හිටියේ ඔය තුන් දෙනා. එයාලට දේශපාලන වශයෙන් විරුද්ධ අය පවා එහෙම පිලිගත්ත කාලයක් තිබුණා.

හැබැයි දැන් ඒ සියල්ල වෙනස් වෙලා. ආර්ථික අර්බුදය විසින් all rounders ලා නිකම්ම නිකං වැඩ බැරි ටාසන්ලා තුන්දෙනෙක් බවට පත්කරලා. එයාලට all rounders ලා කියපු මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ හෙමත් දැන් එයාලට කියන්නේ වැඩ බැරි ටාසන්ලා කියලා තමයි.

 

ඇත්තටම මිනිස්සුන්ටත් මේක මහ පුදුමයක්. මොකුත්ම බැරි තැනට මේ තුන්දෙනාම වැටුණේ කොහොමද කියන එක එයාලට මාර ප්‍රශ්නයක්.  ඒ තමයි ධනේශ්වර ක්‍රමයේ අර්බුදයේ හැටි. ගලිවර්ලා ලිලිපුට්ටන්ටත් වඩා පුංචි කරන විශ්මිත මන්තරය. ධනේශ්වර ක්‍රමයේ අවපාත කාලෙදී ශූද්ධ වු සියල්ල වැනසෙනවා කියන්නේ ඕකට තමයි.

 

ඒක නිසා රටේ රාළ කියන්නේ මේක මෙයාලගේ පුද්ගලික වැරැද්ද විසින් වෙන දෙයක් නෙවෙයි. ඔය මොන අප්පුහාමි දැන් මෙතෙන්ට ආවාත් කරගහගෙන යන්නේ මේ ක්‍රමය නං ප්‍රතිථලය මේක තමයි.

රාජපක්ෂලාගේ පෞද්ගලික වැරදි තියනවා.ඒවා වෙනමම කතා කරමු.

කොහොම උනත් රටේ රාළගේ තක්සේරු දැන් රාජපක්ෂලාටත් බෑ කියලා රාජපක්ෂලා පිලි අරන් කියන එකයි. රටේ රාළ එහෙම කියන්නේ කවුරුත් කියපු පලියට නං නෙවෙයි. රටේ රාළ ඉගෙන ගත්ත දේශපාලනය හරියට කියෙව්වට පස්සේ ඒ චිත්‍රය මැව්ලා පේනවා.

 

මේ තත්වය හොදටම දැනෙනවා ඇත්තේ මහින්දට. මොකද ඔතන මහින්දට තියෙන දේශපාලන සංවේදීකම අනිත් දෙන්නටම නෑ. ඒ අතින් ඒ දෙකම nill. ජනාධිපතිතුමාට ඒක නොදැනී තියෙන්නේ බෑ. එතුමාට මේක තේරිලා කියලා රටේ රාළ හිතන්නේ දැන් එතුමා අර ඉස්සර වගේ මම තමයි හොදටම කළේ කියන ලොකු talk එක දෙන්නේ නැති එකෙන්. හැබැයි සමහරවිට Tools මාරු කලහම ඒක වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා එතුමා තවමත් හිතනවා ඇති.

 

ඊළඟට බැසිල් තමන් ගැන බොහෝම අධි තක්සේරුවක හිටපු කෙනෙක්. තමන් තමයි මොල හතේ විද්වතා කියන කැම්පේන් එක තමන් විසින්ම කරගෙනම වැඩට බැස්ස කෙනෙක්. හැබැයි දැන් එයාටත් මොල හතක් නෙවෙයි තියෙන එක මොලය වෙහෙසලා හිතුවොත් දැන් බෑ කියලා තේරිලා ඇති. ඒකයි රටේ රාළ කියන්නේ දැන් එයාලට වැඩේ දැනිලා තියෙන්නේ කියලා.

මේ ගැසට් රිවෙස් වෙන කොට ඕක තේරෙන්නේ නැති එකෙක් ඉන්නවා නං ඒකට මඩූවලිගෙන් ගහලා අනිත් එකෙනුත් ගහලා ඕනි. රටේ රාළ ඊයේ රාජපක්ෂලාච ඇති වෙලා තියෙන බිය ගැන කතා කලා. පොහොට්ටුවේ කට්ටිය වටකරගෙන රටේ රාළට ගැහුවා. ඒත් අදත් රටේ රාළ ඒ විදිහටම කියනවා. රාජපක්ෂලා බය වෙලා ඉන්නේ අඩිය පස්සට ගන්නේ කොහොමද කියලා හිත හිතා ඉන්නේ.

ඒ බය ඇතිවෙන්න බලපාන මූලික හේතුවත් රටේ රාළ කිව්වා. මේ යන විදිහට ගියොත් විධායක ජනාධිපති ධූරය කියන කිසිම අනක් ගුණක් නැති අවිය අන්සතු වෙනවාමයි. ඒකෙන් පෙරලා රාජපක්ෂලාටත් වදිනවාම තමයි ඊට ඉස්සෙල්ලා උත්තරයක් ඕනි. ඒකට එයාලාට තියෙන උත්තරය බොහෝ දුරට ජාතික ආණ්ඩුව වෙන්න පුළුවන්. හැබැයි ඒක ඒ බයට උත්තරයක් නෙවෙයි. ඒක තවත් ලොකු වරද්දා ගැනීමක් විතරයි. රාජපක්ෂලාට විතරයක් නෙවෙයි ඒක රටටත් ලොකු වරද්දා ගැනීමක්.

ඒක නිසා මේ තත්වය යටතේ කරන්න තියෙන හොඳමදේ ඊයේ රටේ රාළ කිව්වා. ඒ තමයි සියලු පක්ෂ එකතු කරගත් භාරකාර ආණ්ඩුව කියන එක. ඒකට අන්තර්වාර ආණ්ඩුවක් කිව්වත් කමක් නෑ. ඊළඟට ජනාධිපතිවරණය හෝ මහා මැතිවරණය පැවැත්වෙන තරු යන ආණ්ඩුවක්. අද රටේ රාළ හදන්නේ රාජපක්ෂලාට ඒක කරන්න තවත් පහසු කරන්න.

අර රාජපක්ෂලාගේ හිතේ තියන බයත් නැතිකරන උත්තරයක් දෙන්න. මොකද රාජපක්ෂලා බය කරන්න රටේ රාළට තවත් ඕනි නෑ. අනික රටේ රාළ වැටිලා ඉන්න හතුරටවත් ගහන්නේ නෑ රාජපක්ෂලා වගේ. හතුරා අතින් කඩුව විසි උනොත් නැවත හතුරා කඩුව අහුලා ගන්න තුරු පහර නොදීම අපේ සටන් කලාවේ තිබුණා ශිෂ්ඨ අංගයක්. ඒවා දේශපාලනයටත් අදාළ කරගන්න පුලුවන්. ඒවා මේ ලෝකේ කොහේවත් තිබුණේ නෑ.

ඒවා වැඩක් නෑ. දැන් කරන්න තියෙන්නේ මෙච්චරයි. ඒකෙන් රාජපක්ෂලා අතින් විතරක් නෙවෙයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න අති බහුතරයක් අතින් උන බරපතල දේශපාලන වැරැද්දක් නිවැරදි කරන්න පුළුවන්. මොතනදී එකක් කියන්න ඕනි රටේ රාළට ඔය කවුරුත් නිවැරදි කරන්න ඕනි නෑ. රටේ රාළට ඕනි මේ රටට උන වරද නිවැරදි කරන්න. ඒක නිසා අලුත් ව්‍යවස්ථා කතා ටිකකට පැත්තකින් තියමු. ඒකට එමු දෙවෙනි පියවර විදිහට. හැබැයි ඊට ඉස්සෙල්ලා කරන්න වැඩක් තියනවා.

ඒකට ආය ජනවරමක් ගන්න ඕනිත් නෑ. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක තිබ්බම ඇති. මේකට තුනෙන් දෙක නෙවෙයි 225 ම ගන්න පුළුවන්. වැඩේ මොකද්ද දන්නවාද? 20 රිවෙස් කරන්න 19 ට. හැබැයි ඒක කරන්න ඕනි 19 යේ තිබුණ සියලු අඩුපාඩු හදලා. ඒකෙන් රාජපක්ෂලාට අනාගත විධායකය ගැන තියෙන බය නැති වෙනවා. ඒක වෙනුවෙන් නෙවෙයි මේක කරන්න ඕනි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම වෙනුවෙන්.

19 තිබුණ අඩුපාඩු කවුරුත් දැන් දන්නවා. 19 ය ඉදිරිපත් කරන්න පුරෝගාමී උන මෛත්‍රී වගේම රනිලුත් දැන් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඔන්න කරනවා නං වැඩේ. ඊට පස්සේ තමයි භාරකාර ආණ්ඩුවට යන්න ඕනි.

හැබැයි එතනදි රටේ රාළගේ අනිවාර්ය කොන්දේසියක් තියනවා. ඒ භාරකාර ආණ්ඩුවේ අගමැති රාජපක්ෂ කෙනෙක් වෙන්න බෑ. ඔය යෝජනාවට මහින්ද අකමැති උනොත් අකමැති වෙන්නේ ඔය දෙවෙනි කෑල්ලට. අර රාජපක්ෂ කෙනෙක්ට අගමැති වෙන්න බෑ කියන කෑල්ලට. හැබැයි ඉතින් එයාලට ඕනි හැමදේම කරන්න බෑනේ.

බැසිල් ඔය යෝජනාවට එකඟ නැත්තේ එයාගේ ජනාධිපති සිහිනය තියෙන කල් විතරයි. රටේ රාළ නං හිතන්නේ අයවැය ඉදිරිපත් කරලා බැසිල් කරපු සිංහල හා වංග භාෂා මිශ්‍ර කතාවෙන් ඒ සිහිනය ඈතට පාවෙලා ගියා කියලා.

 

ගෝඨාභය සමහරවිට මේ යෝජනාව ගැන වෙනස් විදිහට හිතයි. ගෝඨාභය අදූෂිතයෙක් නම් මේ යෝජනාව එයාට එකඟ වෙන්න බැරිකමක් නෑ. නැත්නම් මේ දූෂිතයෝ රැල මැදට වෙලා දූෂණ දිහා බලබලා තව අවුරුදු තුනක් හිටලා ඉතිහාසයේ වේදිකාවෙන් බැහැලා යන්න විතරයි වෙන්නේ. බහින්න වෙන්නේ, නැත්තං වැටෙන්නේ කොතෙන්ටද කියලා ආය ආය කියන්න ඕනි නෑ.

 

අනික විධායකය අන්සතු වීම කියන බය ඔය හැමදේටම වඩා රාජපක්ෂලාට තියෙන්නේ ඕනි. ඒ භාරකාර ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කරලා හදමු රටට ගැලපෙන ව්‍යවස්ථාව. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ හැම ජන කොටසකටම පිලිගන්න පුළුවන් ව්‍යවස්ථාවක්.

ඇත්තටම ඔයාලා ඕනි කෙනෙකුට තේරෙනවා ඇති මේ යෝජනාවෙන් මේ රටට අලුත් පාරක් කපන්න පුළුවන්. මේකට ව්‍යවස්ථාවෙන් බාධාවක්ව නෑ. හදසි ජනමත විමසුම් ඕනි නෑ. ඊළඟට අපට බලා ගන්න පුළුවන් විපක්ෂයේත් කවුද මේ විධායක ජනාධිපති ධූරය කියන දෙපෑත්ත කැපෙන කඩුව අතට අරන් ඒකාධිපතිත්වයකට යන්න හිතාගෙනයි ඉන්නේ කියලා. 19 ය ගේන්න අත උස්සපු සජබේ විධායක ජනාධිපතිකම තවදුරටත් රකිනවද කියලා. ජවිපෙ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ සටන් පාඨය අතෑරලාද කියලා.

අනික එතකොට අර එක රටක් එක නීතියක් හදන්න මේ දවස්වල මාර කට්ටක් කන ඥානසාර හාමුදුවන්ට උනත් නිවන් මඟ යන්න ධර්මයෙහි හැසිරෙන්න පුළුවන්. පව් මේවා නිසා උන්වහන්සේලාගේ සසර ගමනත් දික් වෙනවා. ඔන්න කාටත් පිලිගන්න පුළුවන් උත්තරයක් රටේ රාළ කිව්වා.

ඒ විතරයක් නෙවෙයි ගැටළු එන තෑන් ලිහලා දෙන්නත් රටේ රාළ ලෑස්තියි. රටේ රාළ විතරක් නෙවෙයි මේ රටට ආදරය කරන මිනිස් ගොන්නක් මේ හැම දෙයක් පිටිපස්සේම ඉන්නවා.


එහෙනම් ගිහින් එන්නම්.
බුදු සරණයි ජයවේවා.

Priynatha witharanaමීට
රටේ රාළ
(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්)




THE  LEADER  TV
 

ඇමති නොනලටත් මහින්ද බයිට්!

.
 
පිස්සෝ තුන් දෙනෙක්.! | මොණරවිලගේ ලියමන
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්