ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග ආයෙත් ground එකට බහින්න වගේ හදන්නේ. Play ground එකට කිව්වට අලුත් වටයකින්
Political Playground එකට.

ඉස්සර අර්ජුන Cricket පිටියට එනවා කිව්වම ප්‍රතිවාදී නායකයාගේ පටන් ක්‍රීඩකයෝ බයවෙනවා. මොකද අර්ජුනට පුළුවන් තරගයක් සම්පුර්ණයෙන්ම කනපිට හරවන්න. අර්ජුන කියන්නේ මැච් දිනවන්නෙක්.

ඇත්තටම අර්ජුන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දුන්නේ අද්වතීය නායකත්වයක්. ඒක කාටවත් ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒක ලෝකයම පිලිගත්තා. අර්ජුනට එතනදී මව්බිම හැර කිසිදෙයක් තියා ගත්තේ නෑ. ඒ කතාව පරම සත්‍ය නොවෙන්න පුළුවන්. හැබැයි ඒකට ගොඩක් කිට්ටුයි.

අර්ජුනට කිව්වේ කැප්ටන් කූල් කියලා. අර්ජුනගේ නායකත්වයෙන් තමයි 1996 ශ්‍රී ලංකාවට ලෝක කුසලානය දිනාගත්තේ. එදා ලෝක කුසලාන දිනාගන්න අර්ජුනට හොද කණ්ඩායමක් හිටියා. අරාලා, ගුරාලා ඇතුළු සුපිරි කණ්ඩායමක් හිටියා. ඒ නිසා අර්ජුන සාර්ථක උනා.

ඒ වගේම අර්ජුනගේ නායකත්ව භූමිකාව ඒ තරඟ ජයග්‍රහණය කරන්න ගොඩක්ම වැදගත් උනා. රටේ රාළ කැමතිම ක්‍රිකට් ක්‍රීඩකයන් අතර අර්ජුන ඉහළින්ම ඉන්න ක්‍රීඩකයෙක්. සුනිල් ගවස්කාර්, ලාරා, ඩෙන්ඩුකාර්, ඉම්ද්‍රාන් කාන්, සංගක්කාර, මුත්තයියා, මගේල, දිල්ශාන්, කළු තමයි රටේ රාළ ප්‍රියතම ක්‍රීඩකයෝ.


කොහොම උනත් අර්ජුන ශ්‍රී ලංකා කණ්ඩායමට දුන්න නායකත්වය නං තවමත් කිසිවෙකුට දෙවෙනි වෙන්නේ නෑ කියලා තමයි රටේ රාළ කියන්නේ. ඒ කියන්නේ අර්ජුනගේ ඇගේ ක්‍රිකට් තිබුණා.


පහුගිය දවසක අර්ජුන යූ.එන්.පියේ දරපු සියලුම තනතුරුවලින් ඉල්ලා අස්වුනා. අස්වෙලා දළදා හාමුදුරුවෝ හෙමත් වැද පුදාගෙන තිබුණා. අර්ජුන එතනදී කිව්වේ 2024 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වෙන්න අර්ජුන කැමති කියලා. අදූෂිත කණ්ඩායමක්ම අර්ජුනට ආරාධනා කරනවා නම් තමන් ඊට සුදානම් කියලා.


ඇත්තටම දේශපාලනයේදී මෙහෙම සිද්ධි අහම්බ වගේ පෙනුනට මේවා අහම්බ නෙවෙයි. අර්ජුන පිටිපස්සේ තවත් කණ්ඩායමක් ඉන්න ඕනි. නැත්තං එක පාරටම එජාපයෙන් අයින් වෙලා දළදා හාමුදුරුවෝ වැඳපුදාගෙන අර වගේ ප්‍රකාශයක් කරන්න අර්ජුනට පින් සිතුවිලි පහල වෙන්න ක්‍රමයක් නෑ.


ඔන්න අර්ජුන එජාපයෙන් අයින් වෙලා දේශපාලනයට සමුදීලා ගෙදර ගියා නම් රටේ රාළ පිලිගන්නවා ඒක අර්ජුනගේ සන්තානයේ ඇති උන අහිංසක සිතුවිල්ලක් කියලා. ඇත්තටම මේ news එක ලොකුවට hit උනේ නෑ. සමහරවිට උපක්‍රමයට hit කළේ නැද්ද දන්නේ නෑ. සමහරවිට මුට්ටිය දාලා බෑලුවා වෙන්නත් පුළුවන්.

ඊළඟට දැන් කාළේ news එකක වලංගුතාව වැඩිවෙලා තියෙන්නේ නෑ. ටක් ගාලා යල් පනිනවා. අනික දැන් පුවත් මවන්නෝ කියලා විශේෂ ජාතියකුත් නෑ. ඔක්කොම පුවත් මවන්නෝ තමයි. බලන්නකෝ අර තිස්ස කට්ටියගේ බටු News එකට තිබුණු News value එක. ඒක නිසා අර්ජුනගේ news එක මීට වඩා Market කරන්න තිබුණා. ඒක මුට්ටිය දැමීමක් කියලා රටේ රාළ හිතන්නේ එහෙමයි.


ඊළඟට මේක පිටිපස්සේ කණ්ඩායමක් ඉන්නවා කියන්නේ ඒකයි. ඉන්න කණ්ඩායම ගැන ආරංචි තියනවා. ඒත් වගකීමෙන් කියන්න ඕනි නිසා තව පොඩි කාලයක් දෙන්න. ඒක පිටිපස්සේ ඉන්න කණ්ඩායම විතරක් නෙවෙයි පිටිපස්සේ ඉන්න රටත් කියන්නම්.


ඊළඟට 2024 ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක පෝලිමට තවත් නමක් එකතු වෙලා. දැන් සජිත්, චම්පික, අනුර, රනිල්, කරූ, ෆොන්සේකා, වෙල්ගම වගේ නාම ලේඛණයක් තියනවා. ඊට අමතරව ඩඩ්ලි, ධම්මික පෙරේරා වගේ නම් කියවෙනවා. තව ඔය කතාව කියාගන්න බැරි කීදෙනෙක් ඇද්ද? පව් අප්පා ජනතාවට තියෙන සත්‍ය ප්‍රේමය ප්‍රකාශ කර ගන්න බැරුව ඉන්න කට්ටිය ඔයිට වැඩී. ඒ අතින් අර්ජුන කෙලින් කිව්වා.
 
champions of the world 020211 bp 05 020311111637
 
අර්ජුනගෙයි, ඉම්ද්‍රාන්ගෙයි දේශපාලන සන්දර්භය අහසට පොලොව වගේ...
 
 
අර්ජුන මෙතනදී උදාහරණයට ගත්තේ පකිස්ථානයේ ජනාධිපති ඉම්ද්‍රාන් ඛාන්. ඇත්තටම එතනදී නම් කියන්න ඕනි අර්ජුනගෙයි, ඉම්ද්‍රාන්ගෙයි දේශපාලන සන්දර්භය අහසට පොලොව වගේ වෙනස්. ක්‍රිකට් ක්‍රීඩකයෙක් ජනාධිපති උනා කියන සරළ සත්‍ය නං එතෙන්ට ආදේශ කරන්න බෑ. ඉම්ද්‍රාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්ත ගමන් කළේ තමන්ගේ පෞද්ගලික මුදලෙන් පකිස්ථාන ජනතාව වෙනුවෙන් පිලිකා රෝහලක් හදන එක.

ඉම්ද්‍රාන් පකිස්ථාන ඉස්ලාම් ජාතිකවාදයට ගෑලපෙන පක්ෂයක් හැදුවා. ඒක රටේ රාළ ජාතිකවාදී කියන්නේ පකිස්ථානයට සාපේක්ෂව. නැත්තං ඔය වචනෙත් ඇති අපේ කට්ටියට එල්ලෙන්න. ඉම්ද්‍රාන්ගේ පක්ෂය මැතිවරණවලට තරඟ කළා. ඒකෙන් වෙනමම පකිස්ථාන අනන්‍යතාවයක් ගොඩනැගුවා. ඉම්ද්‍රාන් කියන්නේ හොඳ මහත්තයෙක්. ඒ මහත්මා ගතිය ඉම්ද්‍රාන් දේශපාලනට ආදේශ කළා. දූෂණ විරෝධියෙක්. ඒ සටන් පාඨය ඉම්ද්‍රාන් අතට ගත්තා.

අපේ රටේ නායකයෝ වගේ බලයට එන්න විතරක් දූෂණ විරෝධි සටන් පාඨය අතට ගත්තේ නෑ. අපේ අය නං බලයට ආවට පස්සේ ඒක අඩි හයක් යට වලලලා හොරකම් කරන්න පටන් ගත්තා. මතක ඇති Pandora Papers වලින් කරපු හෙළිදරව් කිරීම ගැන ඉස්සෙල්ලාම action ගත්ත ලෝක නායකයා ඉම්ද්‍රාන් ඛාන්. එතකොටත් අපේ අය මෙහේ තටමනවා.

ඉම්ද්‍රාන්ගේ ඒ පිරවර නිසා තමයි අපේ එක්කෙනාටත් බොරුවට හරි පරීක්ෂණයක් කරන්න කියන්න සිද්ධ උනේ. නැත්තං මතකනේ නාමල් බබා කියපු දේවල්. නඩේෂන් නිරූපමාට දෑවැද්ද දීපු කතාවක්නේ කියවුණේ.


ඇත්තටම ඉම්ද්‍රාන් ගැන හොදට තේරුම් ගන්න පුළුවන් පහුගිය 20/20 ලෝක කුසලානය ගහපු, Baber නායකත්වයක් දුන්න පකිස්ථානය ක්‍රිකට් කණ්ඩායම දිහා බැලුවම. ඒ වගේම පරාජයේදී ඉම්ද්‍රාන් කරපු ප්‍රකාශ දිහා බෑලුවම. ඉම්ද්‍රාන් කිව්වේ අපේ කණ්ඩායම පරාජය උනාට මිත්‍රත්වය හා මනුෂ්‍යත්වය ලෝකෙට දුන්නා කියලා. මොයින් අලී පරාජයට වගකියන්න ඕනි උනත් බාබර් දුන්නේ නියම උත්තරයක්. උඩ පන්දුවක් ගිලිහුණා තමයි, ඒත් එයා රැක ගත්ත උඩන්දුවලින් පකිස්ථානයට ගෙනාපු ජයග්‍රහණය මහා විශාලයි කියලා.


ඒක තමයි ඉම්ද්‍රාන් පකිස්ථානයට හදලා තියෙන අධ්යාත්මය. අපේ එහෙමද ඔලිම්පික් දුවපු ක්‍රීඩිකාව ස්පයිස් දෙක අමතක කරලා ගියා කියලා බොරු කියලා ක්‍රීඩිකාව අධෛර්යමත් කරන්නේ ක්‍රීඩා ඇමති. ජයග්‍රහණයේ අයිතිය ක්‍රිඩා ඇමතිට පරාජයේ අයිතිය ක්‍රිඩකයාට තියන රටක් මේක.

ඒක නිසා අර්ජුන හා ඉම්ද්‍රාන් දේශපාලන වශයෙන් සමාන කරන එක වැරදී. හැබැයි ඉම්ද්‍රාන්ගෙන් අර්ජුනට ගන්න ගොඩක් දේවල් ඇති. එහෙම නැතිව ඉම්ද්‍රාන් සමානයි අර්ජුන කියන තර්කයට රටේ රාළ එකඟ නෑ. ඇත්තටම අර්ජුන රණතුංගට විශාල ගරුත්වයක් මේ සමාජයේ තිබුණා. අවසානයේ ලංකාවේ කවුරුත් කරන විදිහට අර්ජුන තමන්ගේ ජනප්‍රියත්වය, තමන්ට තිබුණ සමාජ වටිනාකම මනාප බවට පත් කරගත්තා.

ඇත්තටම අර්ජුන පුංචි උනා. දැන් ආයෙත් අර්ජුන අපට කියන්න හදනවා එයා දැන් ලොකු ළමයෙක් කියලා. අර්ජුන දේශපාලනයට ඇවිත් මැති ඇමතිකම් දැරුවා. ඒ හරහා අර්ජුන උපයා ගත්ත කීර්ති නාමයක් තියනවද කියලා රටේ රාළට නං ප්‍රශ්නයක් තියනවා. දේශපාලනයේදී අර්ජුන කියන්නේ Brand එකක් නෙවෙයි. අර්ජුන මේ රටේ අමාත්‍යාංශයක් මෙහෙව්වා. ඇත්තටම ඒවයේ අරක් ගත්තේ බොහෝ දුරට අර්ජුනගේ සහෝදරයෝ.

ඊළඟට මහ පොලොවේ දේශපාලන අවබෝධ සමිබන්ධ අර්ජුනට තියෙන දැනුම සම්බන්ධව රටේ රාළට පැහැදිලි චිත්‍රයක් නෑ. එදා 2015 දී විපක්ෂයේ පොදු අපේක්ෂකයා කරන්න මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ට තිබුණ එක අවියක් තමයි අර්ජුන. කොහොම හරි එදා අර්ජුන, කරූ අබිභවලා මෛත්‍රී ඒ තැන ගත්තා.

ඇත්තටම මේ රටේ දූෂිත දේශපාලනඥයාට සාපේක්ෂව අර්ජුන දූෂිතයෙක් නෙවෙයි.ඒ වගේම ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්න අර්ජුනට තියන අයිතියට රටේ රාළ අභියෝග කරන්නේ නෑ.


ඇත්තටම දැන් අපට ජනාධිපතිවරණ අපේක්ෂකයෝ වැහි බැහැලා. කළුද, සුද්ද, උසද, මිටිද, මහතද, බාල මහළුද, සරමද, වේට්ටියද, කලිසමද ඕනිම වර්ගයක බඩු ඉන්නවා. හැබැයි ඔයාලා හොදට බලන්න මෙයාලා හැම කෙනාගේම පොදු සාධකයක් තියනවා. ඔක්කොම ජනාධිපති වෙන්න කට මැදගෙන හිටියාට මේ කිසිම කෙනෙකුට රට ගොඩනගන තමන්ගේම වැඩපිළිවෙළක් නෑ.


රටේ රාළ කියන්නේ අර්ජුන නරක මිනිහෙක් නෙවෙයි. හැබැයි තමන්ගේ දර්ශණය සම්බන්ධව පැහැදිලි කිරීමක් රටට ඕනි. මේ රටට කරන ආර්ථික, දේශපාලනය ප්‍රතිසංස්කරණ මොනවාද කියලා කියන්න. ඔය මොනම බලාපොරොත්තුවක්වත් නැති රටේ රාළ මේ රට හදන්න යෝජනා කීයක් ඉදිරිපත් කරලා තියනවද? ඒක නිසා රටේ රාළට අයිතියක් තියනවා රටේ ජනතාවගෙන් ඉල්ලන්න ආය පුද්ගලයෝ නං විශ්වාස කරන්න එපා කියලා.

පුද්ගල කේන්ද්‍ර වැඩපිළිවෙළක් වැඩක් නෑ. රට හමුවේ තියන අභියෝගය ජයග්‍රහණය කරන සාමුහික වැඩපිළිවෙලක් විතරක් විශ්වාස කරන්න. නැත්තං ඔයාලට ආයෙත් වෙන්නේ රාජපක්ෂලා ගෙනත් දැන් වගේ පලි ගහ ගහ ඉන්න. ඒක කරගන්න එපා. කොහොම උනත් රටේ රාළ අර්ජුනගේ දේශපාලනයට එකඟ නැති උනත් එයාගේ නව පියවරට සුබ පතනවා.

එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි ජයවේවා.

Priynatha witharanaමීට
රටේ රාළ

(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්..)

 


 
THE  LEADER  TV
 
 
 
ගොංකම කියන්නෙ පුපුරණ එකක් ! | මොණරවිලගේ ලියමන
 

 

රත්තරන් හොරා කෑ ඇමතිගේ ගෝලයා!
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්