රජුන් තැනීම යනුම මරණය කැදවා ගැනීමයි.. ඒ බව ලාංකිකයන් දනියි...


ගෑස් පුපුරලා මැරුණත් කුමාරයා රජකමට ඉල්ලදි තරහ වෛරය අමතක කරල පස්වාන් දහසකට බුදුවෙන්න මගෙ දෙයියො කියල කිරිබත් කපනව. අපි එහෙමයි හොදේ.

සිංහල ජාතිවාදයේ නව මුහුණුවර වන්නේ නානසාර හිමි විශ්‍රාම ගොස් හිස්වන සිංහාසනයට කිරුළපන ධම්මවිජය හිමි පත්වීමයි..සාධු සාධු. රෙකෝඩින් නාටකයෙන් ස්වයං වින්දනයක් ලබන සියල්ලන් වෙත..

කිරුළපන හිමි, ගලගොඩඅත්තේ හිමියන්‍ ට කීවේ "හාමුදුරුවනේ මම ඔබවහන්සේගේ වාදය පිළිගන්නව..භාෂාව පිළිගන්නෙ නෑ කියල" .

 

රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ හිමිට වඩා (උන්වහන්සේ එම උපාධිය සමත් දැයි නොදනිමි)...O/L සමත් ධම්මවිජය හිමිගෙන් ජාතිවාදය ප්‍රවර්ධනය කළ හැකි බව ආණ්ඩුව තේරුම් අරන් ඉන්නෙ..රෙකෝඩින් ජාතකය ඉවර වෙන්නෙ කුමාරයා රජකිරීමට සාධුකාර ඇතිකරමිනි.

 

මොකද මිනිසුන්ගේ මූලික ප්‍රශ්න, ජල ගැටලු, ආහාර ගැටලු, විදුලි ගැටලු, ඔක්කොම යටයි ජාතිවාදී ගැටලු නැවත ඇති වුණොත්, අන්න එහෙම උනොත් සිංහල බෞද්ධ රණකාමී සමාජයට නායකත්වය දෙන්නෙ කිරුළපන ධම්මවිජය හිමි...ලියල තියාගන්න.

ඒ ආමන්ත්‍රණය ගලගොඩඅත්තේ හිමිගේ ආමන්ත්‍රණයට වඩා සිය දහස් ගුණයක් වැඩී...විපක්ෂය සුන්නත්දූලි වෙයි..රාජපක්ෂවරුන්ගෙ දේශපාලනය ගවුගානක් ඈතය.

කුමාරයා වෙනුවෙන් බිම සෑදෙමින් යයි. ලංකාවේ ගමන්මග කොයිබටද ?


(සමාජ මාධ්‍ය පළවී තිබු සටහනකි)

IMG 20211208 WA0027


(සමාජ මාධ්‍ය පළවී තිබු සටහනකි)

263752908 4874067192658407 4771323631871400544 n






'හාඩ් කෝ' හාමුදුරුවන් ගැන හමුදා සෙබලකුගේ සටහනක් !


''හාමුදරු⁣වොන්ව මුලින් දැක්කෙ මෙඩිකල් එකට ආවට පස්සෙ. එතකොට කථා කරපු ආදරණීය නම දැන් කියන්න බැ. උන්වහන්සේ ගිහින් ඉන්න දුර වැඩියි.
වැඩි කතාවක් නැතිව හිටියට කොලඹ කොල්ලෙක් කියලා දැනගත්තා.

කථාවට සෙට් වෙලා බැලුවාම පට්ටම චරිතයක්. අහින්සකයා වුණාට වැඩ්ඩෙක්. ඌ නොදන්න මගුලක් නෑ ඒ කාලෙ. ITත් පුලුවන්. Music පුලුවන්. Wushu, මාෂල් ආට් වගේ සටන් ශිල්ප දෙක තුනකුත් පුලුවන්.

පුදුම දේ කියන්නෙ මේකා හමුදාවට එද්දි හමුදාවෙන් කියලා දෙන්න කලින් Drill දන්නවා. Map reading දන්නවා. භූමි උපක්‍රම දන්නවා. ඇත්තටම හැම මගුලක්ම දන්නවා.

වෙඩි තියන්න තුවක්කුව දුන්නාම ඌ ඒකත් දන්නවා. අපි හිතුව මූ කලින් හමුදාවක ඉදලා ආපු එකෙක් කියලා. නෑ ඌට එතකොට යන්තම් 18යි. කෝස් කරපු PTIලාත් හිතුවෙ එහෙම. ඇත්තම කියනවානම් ඌ ඒ කාලෙ දක්ෂයෙක්. අපි එක්ක හිටියා නේවි එකේ කලින් ඉදලා ආපු මහවයා, ආමි එකේ කලින් ඉදලා ආපු හලාවතයා, නුවර ඉදන් ආපු දස චරිතයක්. (?ඌට කියපු නම නම් මෙතන කියන්න බෑ)

හැබැයි මූ එක්ක ඒ කාටත් හැරෙන්න බැරිවුණා. ධර්මයා නම් හිටියා කරට කර. ඌ තඩියා (බැජී) ඌට ඕන නිදාගන්න. ඉඹුලානයා නම් වැවෙත් නිදාගන්නවානේ.

කෝස් කරන කාලේ කාටවත් ගුටිකන්න දුන්නෑ. මාර ඇදිල්ලක් අදිනවා. ධර්මයා වගේ මීටර් එක්ක විතරක් නෙවෙයි බුල ගහපු වලපනයා, ඉබ්බා වගේ උන්වත් කූද්දගෙන ගුටි කන්න නොදී අරන් යනවා. මේක කියවන උඹලට මේවා මතක ඇති.

හමුදාවේ බුල ගහන උන්ට බෙඩ් ෂීට් පාටි තිබ්බට චන්දියා එක්ක ඒවා බෑ. කොල්ලන්ට ගහන්න බෑ. උන් අහින්සකයො හමුදාවට ඇවිත් ඉන්නෙ නැති බැරි කමට. ඔය තමයි උගේ කථාව. උන්වත් අරන් යනවා මිසක් දාලා නම් ගියේ නෑ. පෝලිම් වෙලා බලද්දි එකෙක් නැත්තන් ඩබල් එකේ ගිහින් ඌව අරන් එනවා.
නැතත් මූ ප්ලැටූන් ලීඩර් නිසා මූටම ඒකෙ රිටන් එක වදිනවා. මූ නෙවෙයි අරූට ඒක දැනෙන්නවත් දෙන්නෙ. ඕවා එක්ක අපිට ඌ එක්ක ගොඩනැගුනෙ ආත්ම බැදීමක්.

දවසක් කවුද එකෙක් වරදක් කරලා. ඌ ඉදිරිපත් වුනේ නෑ. හැමෝටම පනිෂ්මන්ට් ලැබෙයි කියලා මූ ඉදිරිපත් වුනා.

පුහුණුකරන අය දන්නවා මූ එලියට ආවේ අනිත් අයට ගුටි කන්න වෙන නිසා කියලා. ඌට වචනයක් කිව්වෙ නෑ.

බඩගිනිනම් උගේ කෑම එක දෙනවා මෙස් එකේදී. මට දීලා තියෙනවා ඌ පාන්. ඉස්සර මහන්සි වුනාම පාන් භාගේ මදි. මූ ගාව ඉදගත්තාම උගේ එකෙන් කෑල්ලක් දෙනවා ඌ.

Jungle ගියත්, වැඩක් කළත් ඌ තමා ප්ලැටූන් එක ලීඩ් කලේ. මුලු කෝස් එකටම ටෙරා ගැහුවත් අන්තිම දවස වෙනකම්ම අපිව කවර් කලා ජන්ගල් එකේ දි ඌ.. අපි T 56 අරන් යද්දි ඌ කරට ගත්තෙ වැඩිම බරක් තිබ්බ LMG එක. හිනාවට උගෙ මූණේ තිබ්බ අපට මහන්සි නැති වුනා.

මට මතකයි ඌව මට ඩියුටි පොයින්ට් එකකට සෙට් වුණා. මචං උඹ නිදාගනින් උඹේ ටර්න් එක මං අදින්නම්, මට මහන්සි නෑ  ඔය තමයි උගේ කථා බහ. කියන්න ගියොත් කෙලවරක් නෑ.

මම මෙඩිකල් රූම් එකේ හිටියා පොඩි අසනීපයක් වෙලා. මූ එක්ක මං ඒ කාලේ එච්චර Fit එකකුත් නෑ. ඒත් මූ හැමදාම මාව බලලා යන්න මෙඩිකල් රූම් එකට එනවා.

නිවාඩු යන්න සල්ලි නැති වුනාම මූ ගාවට ගිහින් මචං මෙහෙමයි කිව්වාම අතේ තියෙන මුද්ද ගලවලා මට දීලා තියෙනවා ගිහින් වරෙන් උඹ ගෙදර ඕක උකස් කරලා. හිතන්න එපා කියලා.

මූට ආදරේ අපි විතරක් නෙවෙයි. අපේ කෝස් එකට සෙට් වුනේ පට්ට වැඩ්ඩො ටිකක්. ධර්මයා, ඉඹුලානයා, නවයා, හලාවතයා, මහවයා, ජා ඇලයා.
උන් මතක ගබඩා. රෙද්ද අපිට උඩට එන්නම බෑ. ඒත් චන්දිමාල් මාර පොරක්. මට මතකයි ඌ උණ හැදුණත් Ground එකට එනවා. ඇවිත් Command කරනවා ගසුත් එක්ක හෙල්ලෙන්න.

ඌ Drill කරනකොට අත් දෙකයි කකුල් දෙකයි දෙපැත්තක විතරයි පේන්නෙ. කෝස් එකම කොර කරලා ඌ කෝස් එකේ පලවෙනියා වුනේ සියලුම අධුණික සෙබලුන් අතර සෑම අතින්ම අතිශූර සෙබලා කියන සම්මානය අරන්. අදත් Training School එකට යද්දි උගේ නම බෝඩ් එකේ තියෙනවා. 2011 ආධුණික පාඨමාලාව සෑම අතින්ම අතිශූර සෙබලා Chandimal D.N මම ගිය මාසෙත් දැක්කා ඕක.

Officers ලා පවා ඌගේ දක්ෂතා වලට ඇඹරිලා හිටියෙ. ධර්මෙලාගෙ ඉඹුලානලගෙත් එහෙම තමා.

PT ගියාම උගේ බඩ උඩට බ්ලොක් ගලක් දැම්මත් ගල පැත්තකට වැටෙනවා විතරයි. ඌට තියෙන හයිය ඌම දන්නවා. දවසක් මහරගම සංගීතයක් බලන්න ගියා ඌ එක්ක. කවුද මොනාද කිව්වා විතරයි දැක්කෙ. මූ ගහලා කරලා ඔක්කොම ඉවරයි.

ගහනවා විතරයි දැක්කෙ. ඌ ගැන කියන්න වචන නෑ. ඉස්සර අපි පනාගොඩ ගියාම ඌ ගාවට යනවා. ඌ ගි⁣ටාර් එකත් අරන් ? වළා.... තීරයෙන් එහා කොහේද ලෝකයක්.

අපි ඩවුන් ඉතින්.

ඌ මියුසික් වැඩ්ඩෙක්. සවුන්ඩ් ඉංජිනයර් කෙනෙක්. කම්පියුටර් වැ⁣ඩ්ඩෙක්. පිසිකල් වැඩ්ඩෙක්. මීටරයක්.

අත ගහන ඕන දෙයක් ඉවර වෙනකම්ම දරාගෙන කරන එකෙක්. නැත්තන් කොලඹ එකෙක් සෑම අතින්ම අතිශූර සෙබලා වෙයි ද ?
දැන් හැබැයි ඌ නෑ.

Kirulapana Dhammawijaya Himi
දහම් ගැටලු - Ven.Kirulapana Dhammawijaya Thero


දැන් උන්වහන්සේ හාමුදුරුවො කෙනක්. දවසක් කිව්වා මහණ වෙනවා බන් මේ ජීවිතේ වැඩක් නෑ. කෙලවර මරණය කියලා කිලිනොච්චියේදි හම්බවෙලා මට.
හිනාවුනා විතරයි. තෝ කොහිද අඩෝ මහන වෙන්නෙ.

හැබයි දැන් ?

දැන් මගේ නෝනා, අම්මා තාත්තා උදේට උන්වහන්සේට වැදලා දවස පටන් ගන්නෙ. මට හිතාගන්න බෑ. ඒ කියන ඒවා ඌ කොහින් අවබෝධ කරාද කියලා ? ඒත් ඒ ඇත්ත. අපිත් දවස එනවා මගේ හාමුදුරුවනේ. අපිටත් පාර පෙන්වන්න මේකෙන් සසරෙන් ගැ⁣ලවෙන්න.

දැන් උන්වහන්සේගේ සසුන් වැඩපිලිවෙල මම Facebook එකෙන් දැක්කා. ඔබ වහන්සේගේ හැගීම ගැන මම තරම් දන්න එකෙක් තව නෑ.
මෝඩයන්ට ඒක තේරෙන එකකුත් නැ. ඔබ වහන්සේගේ ගමනට සුභ පතනවා.මම සමීර හාමුදුරුවනේ . බුදු සරණයි.

හැමදාම කල දේවල් මතකයි..


(උපුටා ගැනීමකි.)


මහණදම් පුරන රණ ශුරයා !


swsa

?
පූජනීය කිරුළපන ධම්මවිජය හිමියන් යනු වර්ථමාන කාලයේ ශ්‍රී ලංකාදීපයට පහළ වූ මැණිකක් ය. එසේ කීමත් උන්වහන්සේට කරන මදිකමකි. සැබවින්ම මනා වූ අභිධර්ම ඥාණයකුත් අවබෝධ කර ගත් දේ අනිත් අයටත් වැටහෙන ලෙස දේශණා කළ හැකි සුමධුර දේශණා කෞශල්‍යකිනුත් යුත් චරිතාදර්ශී තරුණ භික්ෂුන් වහන්සේ නමකි.

සිල් ගුණවත් සඟ පරපුරක ශෝභමාන පුරුකක් වන ගරු ස්වාමීන් වහන්සේ ගැන කරුණු සොයා බලන විට උන්වහන්සේ අපට පෙනෙන තරම් පොඩි අයෙක් නොවන බව දැක පුදුමයෙන් පුදුමයට පත් වුණෙමු. එනිසාම උන්වහන්සේ ගැන මා දන්නා පමණින් වචන කිහිපයක් සටහන් කරන්නට සිතුනෙමි.  

ස්වාමීන් වහන්සේ ඉප දී ඇත්තේ කිරුළපන දී ය. එනම් කොළඹ 06යේ දී ය. නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් ගිහි කළ අධ්‍යාපනය හදාරා ඇති ගරු ස්වාමීන් වහන්සේ ශිෂ්‍යභට කණ්ඩායම් ආදී සක්‍රීය ක්‍රීඩාවන් වල යෙදී සිටි දක්ෂ සිසුවෙක් බව දැන ගන්නට ලැබුණි. වයස අවු: 18 වන විටම ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශේෂ රෙජිමේන්තුවක විශේෂ සෙ⁣බලෙක් ලෙස වසර තුනකට අධික කාලයක් රාජකාරී සිදු කර ඇත.

ඒ මූලික පාඨමාලාවන්  වල දී පවා සෙසු සියලු ආධුණික සෙබලුන් අභිබවා "සෑම අතින්ම අතිශූර සෙබලා, දක්ෂතම වෙඩික්කරු වැනි" සෙබලෙක් විසින් ලැබිය යුතු විශේෂම සම්මාන වලින් පිදුම් ලැබුවෙකි. කොළඹ හැදී වැඩී එවැනි දස්කම් යුධ හමුදාවේ ද පෑම ඉතාම පුදුම සහගත කරුණකි.

යුධ හමුදා රාජකාරී කාලය ගැන සඳහනක් සොයා ගන්නට නො හැකි වූ වත් වරක් උන්වහන්සේගේ මිතුරෙක් ලියා තිබූ කමෙන්ටුවකට අනුව ගිහිකළ දක්ෂ ගිටාර්, බටනලා අාදී වාදකයෙක් බව රාජකාරී කාල සීමාව තුල සිටි දක්ෂතම සෙබෙලෙක් බවත් දැනගැනීමට ලැබුණි.

උන්වහන්සේගේ දින පොතක තිබී හමුවුණු වැකියක "පුහුණුවේ දී හෙළණ දහදිය, යුධ බිමේදී රකියි රුධිරය" යනුවෙන් ද වැදූ අම්මටත් හැදූ තාත්තටත් ණය නැති විරුවෙක් බවට පත් වුණෙමි යන්නද සටහන් කර තිබූ බව මිතුරෙක් මාර්ගයෙන් දැන ගතිමි.

පරිගණක තාක්ෂණය පිළිබඳ විදේශගත සම්මාන පවා හිමි ස්වාමීන් වහන්සේ ඒ විෂයන් පිළිබඳව දක්ෂයෙකි. අදත් උන්වහන්සේ ඇසුරු කරන විට ඒ දැනුම ශාසණය සඳහා ප්‍රයෝජනයට ගන්නා හැටි මනාව දක්නට ලැබෙයි.

පැවිද්දට පත් ව ඇත්තෙ 2015 වසරේ දී ය. එවිට උන්වහන්සේ අවුරුදු 22ක් වන යොවුන් වියේ තරුණයෙකි. පුදුමයට කරුණ නම් පැවිදී වී මාස හතරක් වැනි කෙටි කළක් තුළ රාමඤ්ඤ මහා නිකායෙන් පිරිනමන "අභිධර්මාචාර්ය" විභාගය උන්වහන්සේ විශිෂ්ඨ ලෙස සමත් වන්නේ ලංකාදීපයේම පළමුවැනි ස්ථානයත් ලබා ගනිමින් ය.

2016 වසරේ දී විනයාචාර්ය උපාධියත්, 2017 වසරේ සද්ධර්මාචාර්ය උපාධියත් පෙර ලෙසම ප්‍රථමස්ථාන සනිටුහන් කරමින් විශිෂ්ඨ ලෙස සමත් වන උන්වහන්සේ 2017 වසර අවසන් වන විට ත්‍රිපිටකය පිළිබඳවම වූ ආචාර්ය උපාධියන් සම්පූර්ණ කිරීම නිසා ත්‍රිපිටකාචාර්ය යන උපාධියෙන් පිදුම් ලබා ඇත.
2018 වසරේ අභිධර්ම විශාරද උපාධියද ලබමින් ඒ වන විටත් පාලි, හින්දි, ඉංග්‍රීසි, සිංහල හා සංස්කෘත භාෂා පිළිබඳවද මනා වූ අවබෝධයක් ඇති කරගෙන ඇත.

පසුව 2017 වර්ෂයේ මැද භාගයේදී පමණ සිට 2018 මුල් භාගය වන තුරුම උන්වහන්සේ වැඩ වාසය කළ තැනක් පිළිබඳ කරුණු සොයාගන්නට නැත.. මහව ඉහළගම ගල්ලෑව වෙහෙරින් පැවිද්දට පත්ව, කුරුණෑගල දොඩම්තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසනය තුල මුල් කාල වකවානුව තුළ හික් මී පසුව උන්වහන්සේ එළියට එන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පුල්මුඩේ පැත්⁣තෙහි ඇති ඝණ වනයකිනි.

නිසැකවම තමන් අධ්‍යනය කළ ධර්ම කරුණු පිරිසිඳ දැකීමේ අභිලාශයකින් උන්වහන්සේ වනගත වූ වා යැයි සිතමි. මිහිදු ලෙන නම් වූ ගල් ගුහාවක මිනිස් වාසයෙන් බොහෝ දුරව දුෂ්කර නමුත් සුන්දර පිළිවෙතක් එහි තිබූ බව මෑත කාලීනව උන්වහන්සේගේ වැඩසටහනක දී අපට අසන්නට ලැබුණි.

යුධ හමුදාවෙන් ලබාදුන් බත් පාර්සලයකින් දිනය ගෙවා දමන ඒ සුන්දර කාලය ගැන අදත් උන්වහන්සේ වචන නොකළත් සිතින් ඒ බව ස්පර්ශ කරන බව අපි දැක ඇත.

කොටි වලසුන් ගහණ වනය උන්වහන්සේ අතහැර දැමුවෙ එකළ පුල්මුඩය දිස්ත්‍රික්කයේ ඇති වූ අන්තවාදී මුස්ලීම් ආක්‍රමණ නිසා ය. ඒවාට එකල හැප්පුණු උන්වහන්සේගේ ලොකු ස්වාමීන් වහන්සේ වන අරිසිමලේ ලොකුහාමුදුරුවන්ට උපකාර පිණිස උන්වහන්සේ වනයෙන් නික්මුණි.

වනයෙන් නික්මී තමන්ගේ දැනුම භාවිත කරමින්  ඒ අවස්ථාවේ එම ප්‍රදේශ බේරා ගන්නට කැප වන විට උන්වහන්සේ දුටු තවත් විශාල ප්‍රශ්ණයක් වන්නේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පවතින ස්වල්පයක් වූ සිංහල ගම්මාන වේගයෙන් මූලධර්මවාදී අන්‍යාගමිකයන් විසින් බිලි බා ගන්නා බව ය.

ලොකු ස්වාමීන් වහන්සේලාගෙන් අවසර ගෙන උන්වහන්සේ අවසානයේ එම අන්‍යාගමීකරණය කිරීම නතර කරනු පිණිස අහින්සක මිනිසුන් ධර්මයෙන් පෝෂණය කරමින් එම ගම්මානයකට වැඩම කරන ලදී. දැන් උන්වහන්සේ වැඩ සිටින්නේ එවැනි ගම්මානයක ය. ඒ මායිම් ගම්මාන වල කෙලවරම ගම්මානයක් වන නැගෙනහිර මෙන් ම උතුරු සීමාවේ ඇති පදවි ශ්‍රී පුර ලස්සනගම නම් ගම්මානයේ ය.

එපමණකින් සීමා නොවුණු උන්වහන්සේ අද රටෙහි බහුතරයක් බෞද්ධයන්ගේ ගෞරවයට පාත්‍රවන දක්ෂ ධර්ම කථික භික්ෂුවකි. දේශයේ පමණක් නොව, විදේශයන් වල ද එක ලෙස කීර්තී නාමයක් පතුරවන තරුණ යතිවරයෙකි.. 1993 වසරේ උපත ලබා ඇති උන්වහන්සේ තාමත් වයස අවු: 28ක තරුණ භික්ෂුන් වහන්සේ නමකි.

වර්ථමානය වන විට සිංහල බෞද්ධයන් වෙනුවෙන් නිර්භීතව ව්‍යක්තව හඬ නගන උන්වහන්සේ අපේ කාලයේ සෝම හිමියන් වැනි ය. විකෘති මත ධාරීන්ව ප්‍රසිද්ධ නාලිකා වල දේශණා තුළ පටිභාහනය කරන දක්ෂ ධර්ම කථිකයෙකි. රැකගැනීම අප කා සතුවත් ඇති වගකීමකි.


(සමාජ මාධ්‍යයෙන් උපු⁣⁣ටා ගැනීමකි..)




කියවිය යුතුම ලිපියක් :

මායාවට ඔබ්බෙන් කිසිවක් පවතින්නේ නැත...- මහේෂ් හපුගොඩ



THE  LEADER  TV
 
 
 

දයාසිරි අහුවුණ බැසිල්ගේ උගුලට මෛත්‍රීත් !

 
සර් මහින්ද ඉල්ලා අස්වෙයිද ?| "ස" ගේ දැනගැනීම පිණිසයි
 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්