රනිල් කියන්නේ සාමාන්‍යයෙන් අමුතු කතා කියන දේශපාලන චරිතයක්.



ඉතිහාසේ එයා එහෙම කතා ගොඩක් කියලා තියනවා.  තොප්පිගල කියන්නේ මහ කැලයක් කියලා රනිල් තොප්පිගල කොටි බේස් එක අල්ල ගත්ත හමුදා ක්‍රියාන්විතය හෑල්ලු කළා. ඊළඟට පස්දුන් කෝරළේ නම හෑදුනේ කොහේටද පස් ගෙනිච්ච නිසා කිව්වා. පස් යොදුන් කෝරළේ රනිල් පස් දුන්න කෝරළේ කළා. ඒ අතින් නං මාර කෝරළේ මහත්තයෙක් තමයි.

එක කතාවක්දී නං රනිල් වාසුගෙන් කන පිරෙන්න අහගත්තා. හැබැයි අන්තිමට වාසු රනිල්ට කියපු වචනය පට බැදුනේ වාසුටමයි.

රනිල් කියපු කතා හරිද වැරදිද කියන ප්‍රශ්නය නෙවෙයි රටේ රාළ මේ අහන්න හදන්නේ. රනිල් පහුගිය දවසක තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළා. ඒ තමයි රනිල් විපක්ෂයේ නෙවෙයි කියලා.

ඇත්තටම පාර්ලිමේන්තුවේ තියෙන්නේ පැති දෙකයි. ඒ ආණ්ඩු පක්ෂයයි,  විපක්ෂයයි විතරයි. පාර්ලිමේන්තුවේ පුටු වෙන් කරන්නෙත් එහෙම. කාට හරි ඕන්නං විපක්ෂයට ඇවිත් ස්වාධීනව ඉන්නත් පුළුවන්. හැබයි ආණ්ඩුව ඇතුළේ කාටවත් ස්වාධීනව ඉන්න බෑ.

එතකොටම මොකද්ද මේ රනිල් කියන්නේ.

 



රනිල් මෙහෙම කිව්වා නම් හරි. මම සමගි ඡන බලවේගයේ නෙවෙයි කියලා. ඒත් රනිල් විපක්ෂේ.

මොකද රනිල් පාර්ලිමේන්තු ඇවිත් තිබුණේ සජබය පාර්ලිමේන්තුව වර්ජනය කරලා තියෙන වෙලාවක. රනිල් ඇවිත් කතා කරලා තිබුණත් ඒ ප්‍රශ්නය.

රනිල් අන්තිමට කියලා තිබුණේ අයවැයේ ඉතිරි දවස් කීපයට විපක්ෂය ගෙන්න ගන්න කටයුතු කරන්න කියලා.

දැන් අන්තිමට සජබය ආයෙත් පාර්ලිමේන්තු එන්න තීරණය කරලා. එතනදී නං රනිල්ට තියෙන්නේ වින් එකක් කියලයි රටේ රාළ නං හිතන්නේ. ඒත් රටේ රාළ මේ බලන්නේ රනිල් මම විපක්ෂයේ නෙවෙයි කියපු කතාවේ තව ගැඹුරක් තියනවා කියලා.

 

මොකද ආණ්ඩුව ඇතුළේ ඉදන් විපක්ෂයේ භූමිකාව ඉෂ්ඨ කරන කට්ටියක් ආණ්ඩු පක්ෂය ඇතුළේ ඉන්නවා කියලා චෝදනාවක් කියනවා. ආණ්ඩුව ඇතුළේ ඉදින් තමන් විපක්ෂයේ භූමිකාව ඉෂ්ඨ කරනවා කියලා විමල්ලාත් පිළිගන්නවා. එතකොට ඒ චෝදනාවට අයිතිකාරයෙක් ඉන්නවා. ඒ වගේම ඕකේ අනිත් පැත්තත් තියනවා. විපක්ෂයේ ඉදන් ආණ්ඩුවේ භූමිකාව ඉෂ්ඨ කිරීම. ගොඩක් දෙනෙක් ඒකට භූමිකාව කියලා කියන්නේ නෑ. ඒකට කියන්නේ විපක්ෂයේ ඉදින් ආණ්ඩුව කඩේ යනවා කියලා. සමහරු ඒකට දෑත් ශක්තිමත් කරන්න යනවා කියලත් කියනවා.

 

විසිවෙනි සංශෝධනයේදී එහෙම උනා. වරාය නගර කොමිෂන් සභා පනතේදී එහෙම උනා. අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී එහෙම උනා.

මුලින්ම ගියේ ඩයනා. එයා ඇතුළටම ගියා. ඊළඟට තවමත් ඔය වැඩේ ලස්සනටම කරන්නේ රාවුෆ් හකීම්ගේ මුස්ලිම් කොංග්‍රසයේ කට්ටියයි. රිෂාඩ් බදුර්දීන්ගේ පක්ෂයේ කට්ටියයි. එයාලගේ පක්ෂෙ මන්ත්‍රී කීපදෙනෙක් විපක්ෂයේ ඉදන් ආණ්ඩුවේ දෑත් ශක්තිමත් කරනවා. විශේෂයෙන් තුනෙන් දෙක ඕනි අවස්ථාවලදී.

ඒවාට විනය පරීක්ෂණ තියනවා කිව්වට හකීම්ලා, රිෂාඩ්ලා මේ දක්වා නං කරපු විනය පරීක්ෂණයක් නෑ. ඒක නිසා තමයි කට්ටිය හිතන්නේ මේවා ඩීල් කියලා.


එතකොට රනිල් මේ කරන්න හැදෙන්නේ ඒ වගේ වැඩක්ද?


මීට මාස ගානකට ඉස්සෙල්ලා රටේ රාළ කිව්ව කතාවක් මෙතනදී මතක් වෙනවා. රටේ රාළ ඒ කතාව කිව්වේ බැසිල් පාර්ලිමේන්තු එන්න මාස හයකට විතර ඉස්සෙල්ලා. රටේ රාළ එතනදී කිව්වා බැසිල් අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු එනවා කියලා. ඒක ඒ විදියටම උනා. අනික තමයි රටේ රාළ කිව්වේ යූ.එන්.පීයත් එක්ක මේ ආණ්ඩුව ජාතික ආණ්ඩුවකට යන්න ඉඩ තියනවා කියලා. ඊට පස්සේ මේ ළගදිත් රටේ රාළ ඒක කියලා ඇති.

රටේ රාළ කිව්වේ මේ වෙලාවේ ජාතික ආණ්ඩුවක් ප්‍රායෝගික නෑ. මේ වෙලාවේ ප්‍රායෝගික භාරකාර ආණ්ඩුවක්ම කියලා. හැබැයි රාජපක්ෂලාගේ සිහිනය ජාතික ආණ්ඩුවක්. පහුගිය දවසක මහින්ද අගමැති කමෙන් අයින් වෙලා බැසිල්ට හරි රනිල්ට හරි අගමැති කම දෙන්න යනවා කියලා කතාවක් තිබුණා. රමේෂ් පතිරණ ඒක ප්‍රතික්ෂේප කරලත් තිබුණා.



රටේ රාළ නං කියන්නේ ඔය වගේ තීරණවලදී රමේෂ්ලා නං දන්න දෙයක් නෑ. හැබයි ආණ්ඩුව එතනට තල්ලු වෙන්න ඕනි විභවය ඕනවටත් වඩා දැන් හැදිලා තියනවා.

 

එහෙම අගමැති කරනවා නං දැන් රාජපක්ෂලාට තියෙන එකම උත්තරය බැසිල් නෙවෙයි. බැසිල් මේ මාස තුන හතර ඇතුළේ ෆේල් වෙලා ඉවරයි. කොච්චර ෆේල්ද කියනවා නං සර්ටත් වඩා ෆේල්. ඒක නිසා එහෙම හිතුවොත් මේකට ආණ්ඩුව ඉන්න එකම සුදුස්සා රනිල් විතරයි.

 

මොකද මේ අර්බුදයට උත්තරයක් කියන්නේ රනිල් විතරයි. ඒක රටේ රාළ පිලිගන්නවාද නැද්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. හැබයි රනිල් උත්තරයක් කියනවා. රනිල් කියන්නේ IMF යං කියලා. ගිහින් ණය ටික ප්‍රතිව්‍යුහ ගත කරගමු කියලා. ඒ කියන්නේ ණය ගෙවීම අවුරුදු දෙකක්වත් කල් දාගමු කියලා.

ආණ්ඩුව පැත්තෙන් තවම ඒකට හරි ප්‍රතිචාරයක් නෑ. කොහොම උනත් මේ ලිබරල් ආර්ථික වැඩපිලිවෙල ඇතුළේ රාජපක්ෂලාටත් රනිල් එක්ක හැරෙන්නත් බෑ.
ඒක නිසා කැමැත්තෙන්ම හෝ අකමැත්තෙන් මෙයාලාට IMF යන්න වෙනවා. දැන් නිකං එහෙම හිතෙනවා හිතෙනවා වගේ ඇති.

එතනදී රනිල් ඉස්සර කරගෙන යන්න තියනවා නං හොදයි. මොකද රාජපක්ෂලාට නැති ජාත්‍යන්තර ප්‍රතිරූපයක් රනිල්ට තියනවා. ඒක නිසා තමයි රටේ රාළට හිතෙන්නේ රනිල්ගේ ඒ කතාවේ ගැඹුරක් තියෙන්නේ ඕනි කියලා. තවත් කතා ගොඩක් තියනවා කියන්න. ඒත් කියන්න බෑ. තව පොඩ්ඩෙන් රාජපක්ෂලා ලයිට් කපනවා.

එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි.ජයවේවා.

 
Priynatha witharana


මීට
රටේ රාළ

(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්..)

THE  LEADER  TV
 
 
 

දයාසිරි අහුවුණ බැසිල්ගේ උගුලට මෛත්‍රීත් !

 

 
සර් මහින්ද ඉල්ලා අස්වෙයිද ?| "ස" ගේ දැනගැනීම පිණිසයි
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්