අද සමරිසි පිරිමියෙක් ජනාධිපති වීම ගැන මගේ පෝස්ට් එකට කමෙන්ට් කරපු කෙනෙක් රනිල් සමරිසියන්ට තනතුරු දීමෙන් දේශපාලනය කෑවා වගේ කතාවක් කියලා තිබුන.
මේක මෛත්‍රීපාලත් කියපු කතාවක් . මේ කියන්නෙ රනිල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදිහට ඉල්ලන්න සමරිසි අයට අවස්ථාව දීම ගැන කතාවක් නම් ඇත්තටම ඒක හොඳ දෙයක්.
මං මේක අපේ Chandana Prasanna ත් එක්කත් කතා කරලා තියෙනවා. එතනදි චන්දනයා කියන්නෙ ලංකාවේ ඔය මජර දේශපාලනය වෙනස් කරන්න නම් කරන්න වෙන්නෙ එහෙම තමයි කියල. ඒක ඇත්ත.
පහලම තලයෙන් සාමාන්‍ය ක්‍රමයට දේශපාලනයට ඇතුල්වෙනවා කියන්නෙ ඒ පාදඩ ක්‍රමයට හොඳින්ම අනුගත වෙනවා කියන එක. මෙතනදි ඒ සිස්ටම් එකට සෙට් වෙන්නෙ නැති අය දේශපාලනනෙන් අයින් වෙනවා.
කවුරු හරි දේශපාලන සංස්කෘතියෙ යම් වෙනසක් කරන්න හිතනවා නම් අනිවාර්යයෙන් ඉහල තලයකින් යම් පිටුවහලක් ඇතුව පිරිසක් ඇතුල්කරන්න ඕන. ඒ අයට බලය දෙන්න ඕන. ලිංගික පැත්තකින් බැලුවොත් කාන්තාවන්ට, සමරිසි හා සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවන්ට දේශපාලනයට ඇතුල්වෙන්න සිද්ද වෙන්නෙ එහෙමයි. නැත්තං ගේම් එක වඩා හොඳින් ගහන එකා තමයි දිනන්නෙ.
මේක බැලුබැල්මට ඩිමොක්‍රටික් වැඩක් නෙමෙයි. ඒත් ඩිමොක්‍රසි පවත්වාගන්න නම් ඒ වගේ අන්ඩිමොක්‍රටික් වැඩ කරන්න වෙනවා.
රනිල් තමන් හා සමරිසි සබඳතා පවත්වපු අයට අවස්තා දුන්නද කියල මං දන්නෙ නෑ. හැබැයි රනිල් මොන විදිහකින් හරි සාපේක්ෂව වඩා ශිෂ්ට අලුත් පිරිසක් දේශපාලනයට අඳුන්නලා දුන්නා. කුරුණෑගල ජොන්සන්ට සාපේක්ෂව අඛිල හොඳ හඳුන්වාදීමක්.
මේක රනිල් වෙනුවෙන් පෙනීසිටීමක් නෙමෙයි. රනිල් නැවත නායකත්වයට සුදුසුයි කියල මං විශ්වාස කරන්නෙත් නෑ. ඒත් හොඳ ස්ට්‍රැටජි හොඳයි කියන්න එපැයි.(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - Faculty of Sex
THE LEADER පුවත් වට්ස්ඇප් හරහා ලබාගැනීමට එක්වන්න
පවුලේ අවුලක්!
ඉන්දියාවෙන් එවපු මුදල් බහිරව කටට ? |මොණරවිලගේ ලියමන