චිචී මල්ලි ළමයට සිංහල උගන්නන කතාවට හැමෝම වගේ නක්කලේ දානවා මං දැක්කා. ඔය පවුලෙ මං ආසම එකා චිචී. ඌ තමයි හරියටම ලංකා‍ව

නියෝජනය කරන්නෙ.

චිචී හරියටම අපි ඉස්සරහ අපේ හෙළුව පෙන්න පෙන්න ඇවිදිනවා කියල මට හිතෙනවා.

ලංකාවෙ සිංහල ජාතිය ගැන, භාෂාව ගැන ලොකුවට කතා කරන අය හැමෝමත් තමන්ගෙ දරුවට උගන්නන්න හදන්නෙ ඉංග්‍රීසි. ඒක නලින්ද සිල්වා, ගුණදාස අමරසේකරලාගෙ ඉඳන්ම ඇත්තක්.

චිචී ඒක කියනවා. ඒ කියද්දි බොරුව අපිට පේනවා. අපි ඌට හූ කියනවා. ඇත්තටම අපි කාටද හූ කියන්නෙ?

 

චිචී ගේ ප්‍රකාශයක් ගැන සමාජ මධ්‍යයේ සංසරණය වන වීඩියෝවකි.

 

චිචීගෙ හරිම ලස්සන දෙයක් තියෙනවා. ඌට එක එක දේවල් කරන්න ආසයි. හැබැයි ආස ඒ කිසිම විෂයකට නෙමෙයි. ඒකෙන් ලැබෙන තත්වෙටයි ආස. ගණිතයෙන් පීඑච්ඩියක් ගන්න ඕන මිස චිචී ගණංවලට ආස නෑ. ගගනගාමියෙක් කියලා කියන්න ආස මිසක් චිචී අභ්‍යවකාසෙට යන්න ආස නෑ. කොටින්ම ලංකාවෙන් එලියටවත් යන්න ආස නෑ.

අපේ අනිත් බහුතරයත් එහෙම නෙමෙයිද? උපාධියට ආස මිසක් ඒ විෂය ගැන ඇති ඇල්මක් දකින්න තියෙනවද? දොස්තර පට්ටමට ආස මිසක් වෛද්‍ය විද්‍යාවට ආස බවක් දකින්න තියෙනවද? නලාව දාගෙන ඉන්න තමයි බහුතරයකගෙ ආසාව තියෙන්නෙ.

ඒ ගොල්ලො නලාව දාගෙන දේශපාලනය කරනවා. සිංදු කියනවා. ඒත් අපි චිචීට විතරක් හිනාවෙනවා (මහන්සි වෙලා වැඩකරන කීපදෙනා හිත් රිද්දගන්න එපා).

චීචී කාර් රේස් පදිනවා, ක්‍රිකට් ගහනවා, රගර් ගහනවා, ඒ අතරෙ ඉතාම ආදර්ශමත් තාත්තා කෙනෙකුත් වෙනවා.

මේ ඔක්කොම ෆොටෝ වලට කරන්න තමයි එයා ආස. ඒකෙන් ලැබෙන අවසාන ඵලයට ආස මිසක් ඒ කිසි දෙයක් ගැන ඇත්ත ආසාවක් නෑ. මේක ලංකාවෙ ජාතික ගුනයක්.

හැම දෙයක්ම නිෂ්පාදනය කරලා අපිට ලැබෙනවා මිසක් අපි කිසි දෙයක් අලුතෙන් නිෂ්පාදනය කරන රටක් නෙමෙයි. අපිට හැමදාම ඕන වුනේ ඒ තනතුර, තත්වය විසින් ලබාදෙන ආතල් එක.

චිචී ඒකෙ පැරඩිය අපිට ලයිව් පෙන්නනවා. අපි හිනාවෙනවා. ඒත් අපි හිනාවෙන්නෙ චිචීටද?


(සමාජ මාධ්‍යය තුල නිර්නාමිකව පලවී ඇති සටහනකි)

 


THE  LEADER පුවත් වට්ස්ඇප් හරහා ලබාගැනීමට එක්වන්න





THE  LEADER  TV
 
 
 

පුපුරුවාගෙන ආ එවුන් පුපුරුවාගෙන වැනසෙයි ! | මොණරවිලගේ ලියමන

  

 

පවුලේ අවුලක්! | Gossip

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්