ඊයේ රටේ රාළගේ ලිපියෙන් ධනේශ්වර රාජ්‍ය ගැන වගේම ධනේශ්වර ආණ්ඩුව ගැන කතා කළා.


ඇත්තටම හරියටම කිව්වොත් මේ රටේ මෙතෙක් නිර්මාණය උන වැඩ බැරිම ආණ්ඩුව මේක තමයි. ඒ වගේම තමයි මෙතනින් එහාට පත්වෙන හැම ආණ්ඩුවකටම අත්වෙන්න නියමිතත් ඒ ඉරණමම තමයි. ආය හැදෙන්නේ මීටත් වඩා දුර්වල ආණ්ඩු මිසක් මේ තරම්වත් ශක්තිමත් ඒවා නෙවෙයි.

හැබැයි දැන් 2024 දී ජනාධිපති වෙන්ඩ බලා ඉන්න වෙන්ඩ ජනාධිපතිලා සෙට් එකකුයි එයාලගේ ගෝලබාලයොයි ටිකකුයි හැදිලා. මේ දවස්වල එයාලා කරන්නේ අහුවෙන අහුවෙන එකා සාක්කුවේ දා ගන්න එක. දැනටමත් ගොඩක් සමාජ ක්‍රියාකාරීන්ට ඒ ඉරනම අත්වෙලා ඉවරයි. තවමත් කෙලින් හිටගෙන ඉන්නේ රටේ රාළ වගේ කීපදෙනෙක් විතරයි.

 

යටත්වෙන ඕනි කෙනෙකුට යටත් වෙන්න අයිතිය තියනවා. ඒත් රටේ රාළ වගේම රටේ රාළත් එක්ක ඉන්න බලවේගය යටත් වෙන්න සූදානම් නෑ. ඒක නිසා මම ආවොත් ගොඩදානවා කියන අයගෙන් නැත්නම් අපේ බොස් ආවොත් සියල්ල ගොඩදානවා කියන අයත් ඒක්ක අපට දැන් සංවාදයක් තියනවා. හැබැයි ඒ සංවාදයට ඔයාලා වැදගත් විදිහට එකතු වෙයි කියලා හිතනවා. මොකද ඒ සංවාදය උඩට ගැනීම රටේ රාළගේ සමාජ වගකීමක්. ඊළඟට මේ රටේ මිනිස්සු තවදුරටත් දෙන්නං කාසිවලට නං වැඩකරන්න සුදානම් නැති බව පේනවා.

 

ඇත්තටම ඒක හොඳ ප්‍රවණතාවයක්. 2024 ජනාධිපතිවරණය ඉළක්ක කරගෙනම යන අයගේ Campaign ගොඩක් ෆේල් වෙලා තියෙන්නේ ඒකයි. මේක ඇගේ හයියට හරි කටේ හයියට හරි විසදගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වගේම තනි පුද්ගලයෙකුට විසදගන්න පුළුවන් ප්‍රශ්නයකුත් නෙවෙයි.

ඒක නිසා රටේ රාළ අපේ වෙන්ඩ ජනාධිපති අපේක්ෂක මහත්වරුන්ට ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කරනවා. රට මේ රාළ හිතනවා අවම හෝ දේශපාලන සදාචාරයක් එයාලා ළග තියනවා නම් මේ ප්‍රශ්නවලට උත්තර දෙයි කියලා. රටේ රාළ උත්තර එපා. මේ රටට උත්තර දෙන්ඩ.

ඒක නිසා මේ ප්‍රශ්න සජිත්ට, අනුරට, පාඨළීට අදාළයි. ආණ්ඩුව ඈතුළේ එළියට බහින්ඩ ඉන්න සියලුම වෙන්ඩ ජනාධිපතිලට අදාළයි. අර පොදු අපේක්ෂකයා වෙන්ඩ කැමතී කියන අර්ජුන රණතුංගටත් අදාළයි. තව එහෙම හිතාගෙන ඉන්න අය ඉන්නවා නම් ඔක්කොටෝම අදාළයි.


විධායක ජනාධිපති ක්‍රමය පිලිගන්නවාද නැද්ද ?


පළවෙනි එක හරියටම කියන්න ඔයාලා මේ අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය පිලිගන්නවාද නැද්ද කියලා?

අනුර කුමාර දන්නවත් ඇති සමහරවිට ජවිපෙ තිබුණ ඓතිහාසික සටන් පාඨවලින් එකක් තමයි විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම. ඒ වෙනුවෙන් ජවිපෙ සහෝදර සහෝදරියෝ දස දහස් ගානක් ජීවිත පරිත්‍යාග කරලා තියනවා. ඇයි අද ජවිපෙ ඒ සටන් පාඨය අතෑරලා.

ඒ වගේම එදා ජේ.ආර් විධායක ජනාධිපති ධූරය හදන්වා දෙනකොට සිරිමාවෝ ඇතුළු ශ්‍රීලනිප නායකයෝ ඊට විරුද්ධ මහ පාරට බැස්සා. අද ශ්‍රීලනිපයේ හා පොහොට්ටුවේ ඉන්න ජේෂ්ඨ නායකයෝ එහෙම අය.

එදා ඊට විරුද්ධ සටනේ ඉදිරියෙන් හිටිය රාජපක්ෂලා අද තමන්ගේ පවුල් පාලනය වෙනුවෙන් ඒ අත්තනොමතික විධායකය ජනාධිපති ක්‍රමය තවත් ශක්තිමත් කරලා.

ඊළඟට සජිත් හිටපු එජාපයේ කතරගම සමුළුවේදී විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ තීරණයක් තියනවා.

අද කටේ පිට්ටු හිරකරගෙන හිටියට ඔය අති බහුතරය විධායකය ජනාධිපති ධූරයට විරුද්ධව හිටපු අය. ඒක නිසා විධායක ජනාධිපති ධූරය සම්බන්ධ ඔයාලගේ මතය කියන්න.

එදා විධායක ජනාධිපතිධූරයේ අත්තනෝමතික බලතල ඉවත් කරන 19 යට ඔය හැමෝම ඡන්දය දුන්නා. 19 ට පක්ෂව සජිත්, අනුර, පාඨළී ඔය ඔක්කොම අත ඉස්සුවා. ඒත් අද කවුරුත් ඒ ගැන කතා කරන්නේ නෑ. රාජපක්ෂලා ගෙනාපු උන්මත්තක 20 වෙනි සංශෝධනයටත් විරුද්ධ එයාලා ඡන්දය දුන්නා. හැබැයි අද 20 වෙනි සංශෝධනය 19 දක්වා රිවස් කරන්න කියන යෝජනාව ගේන්න කාටවත් බෑ.

 

ඇත්තටම කට්ටිය බලාගෙන ඉන්නේ තමන් විධායක ජනාධිපති වෙලා ඒ බලතල තමන් අතට ගන්න. ඒක මහ දේශපාලන කුහකකමක්. අනුන් අතේ තියෙන කොට හොඳ නැති විධායක ජනාධිපති ක්‍රමය තමන්ට ගන්න හීන දකින කොට හොදයි. ඒක නිසා ඔයාලා අහුලන හොරගල් කාට නෑතත් රටේ රාළට පේනවා.

 

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ මොනවද? ඒක රටට කියන්න


රටේ රාළ කියන්නේ ඔයාලා මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ මොනවද? ඒක රටට කියන්න

බොරුවට ජනාධිපති පාර්ලිමේන්තුට වගකිව යුතුයි කියලා කෑලි දාන්න ලෑස්ති වෙන්නේ එපා. එහෙම කෑලි දැනුත් තියනවා. පේනවනේ දැන් වගකියන විදිහ. ඔය පාර්ලිමේන්තුවෙන් ඇහෙන්නේ ඒ විලාපය තමයි.

අර සුසිල්ලා කියන්නේ සිග්නල් කණු වෙන්න බෑ කියලා. ඒ ඇහෙන්නේ ඒ විලාපය තමයි. ඇත්තටම ඇයි විධායක ගැන තමන්ගේ මතය කියන්න බය. ඇයි එයාලා ආර්ථික සටන් පාඨය විතරක් උස්සන්නේ. මිනිස්සුන්ට දැනෙන බඩගින්නට මුවා වෙලා ජේ.ආර්ගේ හා රාජපක්ෂලාගේ අත්තනෝමතික බලතල සහිත විධායක රැක ගන්නද හදන්නේ?


මොකද්ද ඔයාලගේ ආර්ථික මූලෝපාය ?


ඊළඟට මොකද්ද ඔයාලගේ ආර්ථික මූලෝපාය.  මේ විවෘත ආර්ථිකය තවත් පවත්වාගෙන යනවාද? ආය බොරුවට විවෘත ආර්ථිකයට මානුෂික මුහුණු දෙන්න එන්න එපා. ඒක කරන්න පුළුවන් නම් එදා චන්ද්‍රිකා ඒක කරනවා. ඔයාලා කියන්න ඕනි මේ අමානුෂික විවෘත ආර්ථිකය තවදුරටත් පවත්වාගෙන යනවද නැද්ද කියලා?

මේකම නං පවත්වාගෙන යන්නේ ආය මෙයාලා වෙනස් කරලා ඔයාලව ගේන්න ඕනි නෑ. මේ ක්‍රමය වෙනස් කරනවා නම් ඒක කරන්නේ කොහොමද? ආය බොරුවට ගෝඨාභය වගේ System change ගැන කියන්නේ එපා. System change කරනවා නම් ඒ change එක ගන්න System එක කියන්න.

එකපාරක් මතකනේ ටිල්විනුයි, විමලුයි දෙන්නම එකතු වෙලා ලෝක බැංකුවේ ෆ්ලග් එක ගැලෙව්වා. විමල් නං ඊටත් එහාට ගිහිල්ලා පැන්ටා, කොකා කෝලා විතරයක් නෙවෙයි සියලු ඇමරිකානු සන්නාම වර්ජනය කළා. එහෙම කයිවාරු ආර්ථික කතා නං එපා.

 

මොකද්ද දේශීය නිෂ්පාදන ආර්ථිකය ගොඩගන්න සැළස්ම, ජාත්‍යන්තර වශයෙන් අපේ මූල්‍ය ගනුදෙනු කොහොමද හැදෙන්නේ. කාඑක්කද. අපි තවත් චීන, ඉන්දියා, ජපන්, බංගලිදේශය ණය මතද යන්නේ. නැතිව අපි IMF යනවද. අපි අත්සන් කරලා තියෙන මූල්‍ය ගිවිසුම්, වෙළද ගිවිසුම් එහෙමම පවත්ගෙන යනවද? විකුණලා තියෙන අපේ ආර්ථික මර්මස්ථාන ගැන ඔයාලගේ ස්ථාවරය මොකද්ද?

 

මහජන දේපල හොරා කාපු අයගෙන් ඒවා අයකර ගන්න විදිහ කියන්න


දැන් රාජපක්ෂලා පතුරු ගහන ඔයාලා ආවහම ඒවා ගන්නවද? මතක තියාගන්න රාජපක්ෂ ආවෙත් ඔක්කොම ගන්නවා කියලා. ඒක නිසා බොරුවට ගන්නවා කියන්නේ එපා ගන්න විදිහ කියන්න.

අනික මේ රටේ මහජන දේපල හොරා කාපු අයගෙන් ඒවා අයකර ගන්න විදිහ කියන්නේ. නීතිපති අධිකරණයේදී තමන් පවරන නඩුව ඉල්ලා අස්කරගන්න ක්‍රම එපා. හොරා කොහේ හිටියත් හොරාම තමයි. ඌ මරාගෙන කන්න රටේ රාළට ඕනි නෑ. ඌ හොරකම් කරපු මහජන දේපල ටික අරගෙන දෙන්න නීති කොහොම හදන්නේ කියලා කියන්න.

ඒ ඔයාලගේ ආර්ථික දැක්මක් රටට ඉදිරිපත් කරන්න. කොලේ වහලා ගහන්නේ ලෑස්ති වෙන්න එපා.


විදේශ ප්‍රතිපත්තිය හරියට කියන්න


ඊළඟට තවත් එක ප්‍රශ්නයක් අහන්නම්. ඔයාලා ගෙනියන විදේශ ප්‍රතිපත්තිය හරියට කියන්න. බොරුවට කියන්න එපා නොබැදි පිලිවෙත කියලා. දැන් රාජපක්ෂලා කියන්නෙත් එහෙම. මේ රටේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගෙන් පස්සේ නොබැදි පිලිවෙත නැති උනා.

දැන් රාජපක්ෂලා අපට නොබැදී පිලිවෙත ගැන කියනවා. ඇත්තටම එයාලා නොබැදි තමයි. එයාල එකෙකුට බැදිලා නෑ තමයි. හැබැයි ණය දෙන ඕනි කෙනෙකුට බැදිලා. පී.ජී දුපතෙන් උනත් කමක් නෑ රාජපක්ෂලාට ණය දෙනවා නම්.

 

ඒක නිසා ඔයාලට තියෙන්න ඕනි ඇමරිකාව, ඉන්දියාව, චීනය ගැන විග්‍රහක්. ඒක අපටත් කියන්න. දැන් මේ රටේ බල කේන්ද්‍ර වල ඉන්නේ ඇමරිකන් පුරවැසියෝ. නැත්නම් හිටපු ඇමරිකන් පුරවැසියෝ. තව ග්‍රීන් කාඩ්කාරයෝ. පාත්පයින්ඩර්කාරයෝ. මේක ආක්‍රමණයක් නෙවෙයිද?

 

ඇමරිකාවත් දැන් අධිරාජ්‍ය විරෝධී රටක්ද? එතකොට අධිරාජ්‍යවාදියා කවුද? චීනාද? එහෙම නම් චීනා එක්ක කරන ගනුදෙනුව මොකද්ද? ඔයාලා කොහොමද ඉන්දියාව විග්‍රහ කරගෙන තියෙන්නේ. දැන් විජේවීර කියපු ඉන්දියන් ව්‍යාප්තවාදය ඉවරද? ඉන්දියාව එක්ක 1987 දී බලහත්කාරයෙන් ඇදිරීනීතිය දාගෙන ගහපු ඉන්දු ලංකා ගිවිසුම පිලිගන්නවද?

එදා රටේ රාළලත් ඉන්දියන් ආක්‍රමණයට විරුද්ධව සටන් කළා. ඒ වෙනුවෙන් සහෝදර සහෝදරියෝ දස දහස් ගානක් දිවි පිදුවා. ඒ හරහා ස්ථාපිත උන පලාත් සභා සම්බන්ධ ජවිපෙ ස්ථාවරය මොකද්ද? තවමත් ජවිපෙ කියන්නේ අපි පලාත් සභාවල විරුද්ධයි. ඒ විරෝධය ප්‍රකාශ කරන්න පලාත් සභා යොදා ගන්නවා කියන බොරු තර්කයද?

 

මේ රටවල් එක්ක අත්සන් කරලා තීයන ආරක්‍ෂක ගිවිසුම් තියනවා ඒවාට මොකද කරන්නේ. අර ගෝඨාභය ගේන්න කිව්වා වගේ ආපු ගමන් MCC ඉරණවා වගේ බොරු පොර ටෝක් එපා. කියන්න ඒ ගිවිසුම තවදුරටත් පවත්වාගෙන යනවාද? නැත්තං අහෝසි කරනවාද? අහෝසි කරනවා නං කොහොමද?

 

තවත් ප්‍රශ්න ගොඩක් තියනවා. ඒවත් අහන්න ඕනි. ඊළඟට ලිපිවලින් ඒවත් අහන්නම්. මේවාට උත්තර දෙන්න මහත්වරුනි. නැතිනම් මේවාට උත්තර තියෙන්නේ පොදු වැඩපිළිවෙලක් ඇතුළේ විතරයි කියලවත් පිලිගන්න නිහතමානීව වෙන්න. ඒ නිහතමානීකම පෙන්නන්න ඕනි රටේ රාළට නං නෙවෙයි මේ රටට.

එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි ජයවේවා.

Priynatha witharanaමීට
රටේ රාළ

(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන් )

 
 
 

Leader Whats app

 

 
 
 
 
පීබී ගැන ස'ගේ අවසන් තීරණය! | The Leader TV | Gossip
 



අධෝමුඛෙන් විරිඳු අහමු ! | මොණරවිලගේ ලියමන | The Leader TV
 
 
බැසිල්ට වඩා රනිල් හොඳයි හෙනහුරා නාමල් ?| "ස" ගේ දැනගැනීම පිණිසයි | 
  
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්