පහුගිය දවස්වල අපේ රටේ ලොකු News එකක් බවට පත් නොවෙච්චි ලොකු News එකක් තියනවා. ඇත්තටම ගොඩක් මාධ්‍ය ආයතන එක හැංගුවා. බයටම හැංගුවා කිව්වත් කමක් නෑ.
ඒත් එක රටේ රාළ සැහෙන කාලෙක ඉදන් කරන අනතුරු ඇඟවීමක්. දැන් ඒ අනතුර අපේ එළිපත්ත උඩට ඇවිත්. එළිපත්ත උඩ බඩපිණුම් ගහන්න පටන් අරන්. අදත් රටේ රාළට ඉතිරි වෙලා තියෙන්නේ ඒ ගැන කියන්න විතරයි. කොහොම උනත් රටේ රාළගේ අවසාන මෙහොත දක්වාම ඒ දැනුවත් කිරීම නං කරනවා.
ඇත්තටම අද ගොඩක් අය කරන්නේ අනතුර දැක දැක නිහඩවිම. අද අපේ රටේ දේශපාලන පක්ෂ ඔක්කොම වගේ රටට එන අනතුර ගැන කතා නොකර තමන්ට වැදගත් කෑල්ල විතරක් කතා කරන තැනට පටු වෙලා. අද කිසිම පක්ෂයක් රටේ සමස්ථ චිත්‍රය ගැන දේශපාලන විග්‍රහයක් කරන්නේ නෑ.
රටේ අනාගතය තවත් දශක ගානක් ඉදිරියට දැකපු විජේවීරලා වගේ දැවැන්තයෝ අද නෑ. ඒ වෙනුවට ඉන්නේ විජේවීරගේ නම විකුණගෙන කන හාල්පාරුවෝ විතරයි.
පහුගිය දවසක උතුරේ සංචාරය කරපු චීන තානාපතිගේ කතාව ගොඩක් අය හිතාමතාම යට ගහපු කතාවක්. ඇත්තටම මිට කලින් ඒ වගේ අමාරු තිබුණේ ඇමරිකන් තානාපතිටයි. ඉන්දියන් මහ කොමසාරිස්ටයි. ඊට අමතරව ඉන්දියාවෙන් හරි බටහිරින් හරි එන රාජ්‍ය තාන්ත්‍රිකයන්ට.
එයාලා උතුරු ප්‍රදේශයේ සංචාරය කරනවාමයි. ඒ වගේම ඉන්දීයානු නියෝජිතයින්ට උතුරේ, වගේම වතුකරයේ සංචාරය කරන්න සදාචාරමය අයිතියකුත් තියනවා. විශේෂයෙන් උතුරේ හා වතුකරයේ ඉන්න දෙමළ ජනතාව හා ඉන්දියාව අතර තියෙන ඓතිහාසික කතාවත් ඊට බලපානවා ඇති.
ඒ වගේම උතුරේ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වීම වැඩි නිසා ජාත්‍යන්තර වශයෙන් ලොකු අවධානමක් යුද්ධයෙන් උස්සේ උතුරට යොමු උනා.
දැන් අලුතෙන් ඒ ලෙඩේ බෝවෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ චීන තානාපතිට.
ඇත්තටම මොකද්ද මේ චීනාට එකපාරට හැදුණ කඩි කුලප්පුව. ඒ සංචාරකයට චීන තානාපති විතරක් නෙවෙයි චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා වගේම දේශපාලන ප්‍රධානියාත් සහභාගීවෙලා හිටියා.
චීන තනාපති දවස් තුනක් උතුරේ හිටියා. යාපනය පුස්තකාලයට ගිහින් ලැප්ටොප් එකක් දීලා තිබුණා. ඒ වගේ උඩුකය නිරුවත් චීන්නු වේට්ටි ඇදගෙන හින්දු චාරිත්‍රවලට අනුව නල්ලූර් කොවිලත් වැඳ පුදාගන්නවත් දැක්කා. ඒ වගේම උතුරේ ධීවර ජනතාවට දැල් ආම්පන්න බෙදා දීලත් තිබුණා. උතුරේ ආණ්ඩුකාරයා එක්ක උතුරේ ජනතාවගේ ජනජීවිතය නගා සිටුවීම ගැන කතා කරලත් තිබුණා.
ඔතන විශේෂමදේ තමයි ආදම්ගේ පාලම බලන්න චීන දූත පිරිස ගිය එක. ඒක තමයි ඔතන තියන දේශපාලනය මතු කරන කෑල්ල. ගිහිල්ලා වැලි පරයකට ගොඩවෙලා පොර ටොක් එකකුත් දුන්නා. ඒ කියන්නේ ඉන්දියාව පෙනෙන මානයටම ගිහින්. ඒ මුහුදු කලාපයේ විනාඩි 20 ක් විතර හිටියා.
මිනිහා කියලා තිබිබේ චීනයටයි, ලංකාවටයි එකට වැඩ කරලා අනාගතය දීප්තිමත් කරගන්න පුලුවන්. ඒ සදහා වන ආරම්භයක් තමයි මේක කියලා. ඊට අවස්ථාව හොයා ගැනීම අපි දෙගොල්ලොගේම වැඩක් කියලා.
ඇත්තටම ඔය ටික කියන්න චීනාට ඉන්දියන් බොඩරයටම යන්න හිතුනේ ඇයි? කොළඹදී ජනාධිපතිතුමා හම්බවෙලා කියන්න තිබුණානේ. ඇත්තටම චීන තානාපතිගේ කතාවේ ලොකු ගැඹුරු දේශපාලනයක් තියනවා. ඒ වගේම ලොකු අනතුරක සේයාවකුත් ඒක ඇතුළේ හැංගිලා තියනවා.
කාට තේරෙන්නේ නැතත් ඒක රටේ රාළට නං තේරෙනවා. නැත්තං මිට සති කීපයකට උඩදී චීනය උතුරේ දුපත්වල පටන්ගත්ත බලශක්ති ව්‍යාපෘති තුනක් අකුළ ගත්තා. හේතුව විදිහට කිව්වේ තුන්වෙනි පාර්ෂවයකින් එල්ල වන ආරක්ෂිත බලපෑම සම්බන්ධව සැලකිලිමත් වෙනවා කියලා. එහෙම කියලා චීනා ව්‍යපෘති තුනම අකුළගෙන මාලදිවයිනට ගියා.එ හෙම ගියපු චීනා මෙන්න යකෝ දැන් ආයෙත් උතුරට බැහැලා අවස්ථාවක් හොයනවා.
ඇත්තටම චීනා දැන් හිතනවා ඇති ඒ අකුලා ගැනීම දේශපාලන පරාජයක් කියලා. මොකද චීනා ගිය ගමන් ඉන්දියාවේ අදානි ඇවිත් ඒ ටික බලලා ගියා. චීන ඇවිත් ආය කිව්වේ ලංකව දාලා පල්ලම් බහින්න තමන් සූදානම් නෑ කියලා. ඔන්න ඕකට තමයි රටේ රාළ පසුගිය ලිපියක කිව්වේ බැසිල් අඟුල දාලා වහපු දොරේ අඟුල කඩන්න චීනා ලෑස්තියි කියලා.
ඊළඟට ඔයාලට මතක ඇති පහුගිය දවස්වල ලංකාවට ආපු ඉන්දියානු BJP පක්ෂ නායකයෙක් වෙච්චි සුබ්‍රමනියම් සාමි අපේ ආරක්ෂක ප්‍රධානීන් අමතලා කිව්වා ඉන්දියාව හා චීනය අතර යුද්ධයක් ඇතිවීම අනිවාර්යයි. ඒක චීන තායිවාන යුද්ධයකට වඩා ඉක්මන් වෙනවා කියලා. ඊළඟට සුබ්‍රමනියම් සාමි ලංකාවට එන ගමන් ආදම්ගේ පාලම ගුවනේ ඉදන් දැකලා එයාගේ Tivter ගිණුමේ සටහනක් තියලා තිබුණා. "අගමැති මෝදි ඇයි ආදම්ගේ පාලම ඉන්දියානු ඓතිහාසික උරුමයක් ලෙස තවමත් ප්‍රකාශයට පත් නෝකරන්නේ " කියලා.
ආදම්ගේ පාලමේ තලෙයි මන්නාමයි, ඉන්දියාවයි අතර වැලි පර16 ක් තියනවා. ඒවායින් අටක් අයිති ඉන්දියාවට. අටක් අයිති අපට. ඒක නිසා සාමි කියනවා වගේ මෝදිට ඒවා ඒක පාක්ෂිකව ඉන්දියාවේ උරුමයන් කරගන්න බෑ. ඔන්න ඔය කියන වැලි පරයක් උඩට ගිහින් තමයි චීන තානාපති කියලා තියෙන්නේ ලංකාව එක්ක වැඩකරන්න අපි පටන් ගන්න ලෑස්ති කියලා.
ඉන්දියාව පෙනෙන මානයට ගිහිල්ලා එහෙම කිව්වම රටේ රාළට නං අර සුබ්‍රමනියම් සාමිට කියන්න තියෙන්නේ අයියෝ සාමි කියලා විතරයි. ඇත්තටම මොකද්ද මේ සිද්ධ වෙන්න යන්නේ. මෙතනදී අපට ඉන්දියාවටත්, චීනයටවත් මොකුත් කියන්න බෑ. එයාලා වැඩ කරන්නේ එයාලාගේ රටේ දේශපාලන උපායමාර්ගයත් එක්ක. ඒත් මෙතනදී හොදටම පේන්නේ අපේ ආණ්ඩුවේ නිවටකම. ඇත්තටම රාජපක්ෂලාගේ දේශපාලන නිවටකම.
මිට මාස කීපයකට උඩදී රටේ රාළ කියලා ඇති ඉන්දියාවයි, චීනයයි එකම භූමි භාගයකට රන්ඩු වෙන වෙලාවක් එනවා කියලා. ඔන්න ඒ අවස්ථාව ඇවිත්.
අපේ රටේ උපායමාර්ගික වශයෙන් වැදගත් ප්‍රධාන තැන් හතරක් තියනවා. එකක් කොළඹ වරාය. ඒ කේ දකුණු පැටිය චීනයට අයිතියි. පහුගිය දවස්වල මේ ආණ්ඩුව බටහිර ජැටිය ඉන්දියාවේ අදානිට දුන්නා. ඊළගට වරාය නගරයේ කොටසක් චිනයට අයිතී. එතන චීනයට අයිති පුංචි රටක් තියනවා. අනිත් මර්මස්ථාන තමයි හම්බන්තොට. අද ඒක අයිති චීනයට. ඊළඟ එක තැනක් තමයි මන්නාරම් ද්‍රෝණියේ තලෙයි මන්නාරම, ආදම්ගේ පාලම කියන කොටස. අනික ත්‍රිකුණාමල වරාය එක්ක තියන චීන වරාය හා තෙල් ටැංකි සංකීර්ණය.
දැන් චීනය අපේ රටේ දැකුණු දිග කොටසේ බලය එයාලට සෑහීමකට පත්වෙන්නෙ පුළුවන් තරමට තහවුරු කරගෙන ඉවරයි. ඇත්තටම චීනාගෙත් අවධානය දැන් යොමු වෙලා තියෙන්නේ උතුරු හා නැගෙනහිර පලාත් දෙකට. ඒ කියන්නේ ඉන්දියාවේ බලපෑම වැඩි කොටසට. චීනා හින්දු චාරිත්‍රවලට අනුව නල්ලූර් වැදපුදා ගැනීම ඇතුළේ දෙමළ ජනතාවගේ හදවතට කතා කරලා තියනවා. ඒ වගේම ධීවර ප්‍රජාව ඉලක්ක කිරීමත් මෙතනදී දේශපාලන උපක්‍රමයක් විදිහට හිතන්න පුළුවන්. එකක් ඉන්දියානු ධීවරයා එක්ක උතුරේ අපේ ධීවරයන්ගේ තියන ඇරියස් එක චීනා නොදන්නවා වෙන්න බෑ.
ඉන්දියාවෙන් ඇවිත් අපේ මත්ස්‍ය සම්පත කොල්ල කනවාට උතුරේ ධීවරයා විරුද්ධයි. අනික තමයි උතුරේ ධීවරයා හා ඉන්දියාව අතර ලොකු ගනුදෙනුවක් තියනවා. ඇත්තටම උතුරේ ඉන්දියානු මෙහෙයුම් සම්බන්ධව සොයා බලන්න බුද්ධි ජාලයක් පවත්වාගෙන යාමේ උවමනාව චීනයට නැති වෙන්න බෑ. ඒකට හොදම සම්පත උතුරේ ධීවරයා බව චීනය දන්නවා.
ඊළඟට ඔන්න රටේ රාළ කියන අපේ එකම භූමි භාගවලට චීනා හා ඉන්දියාව ගහන්න තැනට ඇවිත්. චීනා අපේ නාවික හමුදා බෝට්ටුවලින් ගිහින් ඉන්දියාවට පාට් එක දානවා. ඒ ඉන්දියාව ඇහැ ගහගෙන ඉන්න ආදම්ගේ පාලමේ වැලි පරයක් උඩ ඉදන්.
ඇත්තටම අපේ මේ තක්කඩි ආණ්ඩුව කරන්නේ චීනාටයි, ඉන්දියාවටයි මරා ගන්න ඕනි යටිතල පහසුකම් සපයන එක. ඒ තරමටම රාජපක්ෂ ආණ්ඩුව නිවට වෙලා. ඉන්දියාවට, චීනාට, ඇමරිකන්කාරයාට මේ රටේ ඕනි තැනකට ගිහින් ඕනි සෙල්ලමක් දාන්න පුළුවන්.
ඉන්දියාවේ අදානි ආපු වෙලාවේ අපේ ගුවන්යානා වලින් උතුරේ එකක් ගියා. ඊට කලින් ඒ තැන්වලටම චීනා එක්ක ගියා. හෙට මොංගෝලියාවෙන් කවුරු හරි ආවත් මෙයාලා ගෙනිහින් පෙන්නනවා. ඒ තරමට දැන් මේ ආණ්ඩුවට මොංගල්. අපේ රටේ දැන් ස්වෛරීත්වය කියලා එකක් නෑ.
දැන් අපේ රට ලෝකය ඉස්සරහා ගණිකාවක් විතරයි. ණය දෙනවා නං ඕනි කෙනෙක් එකක් යන්න ලෑස්ති ගණිකාවක් බවට අද මගේ මව්බිම පත් කරලා. අද අපේ රටට භාරකාරයෙක් නෑ. ජනාධිපති කෙනෙක් නෑ. අගමැති කෙනෙක් නෑ. ඉන්න දෙන්න සේල්ස් රෙප්ලා දෙන්නෙක් වගේ. විදේශ ඇමති කෙනෙක් නෑ. ඇත්තටම රටේ රාළ කියන්නේ ජී.එල්ට වඩා ඔතනින් පොල්පිත්තක් තියලා තියන්න කියලා. ඒක ඔයිට වඩා හොදයි.
අද මේ රටේ ආණ්ඩුවක්ම නෑ. ඔක්කොම ඉන්නේ දේශපාලන නිවටයෝ රැලක් විතරයි. ඒ විතරක් නෙවෙයි කෝ අද විපක්ෂය, මේ අනතුර ගැන කතා කරන්න බැරි ඇයි? විපක්ෂ නායකගේ කටේ පිට්ටුද? කෝ අනුර දිසානායක, කෝ පාඨළි. කෝ මේ රටේ වම්මු ,කෝ දේශප්‍රේමින්. කෝ බණ්ඩාරනායක මැතිනියගේ නොබැදි පිලිවෙත සහිත ශ්‍රීලනිපය.එ
කෙක් කටක් අරින්නේ නෑ. ඒ කියන්නේ ඔය හැම දේශපාලනය ව්‍යාපාරයක් පිටිපස්සෙම මොකක් හරි ජාත්‍යන්තර බලවේගයක් ඉන්නවා.
ඇත්තටම මෙයාලට කියන්න හොද විදිහක් රටේ රාළ කල්පනා කළා. එතකොට ආවේ මෙහෙම අදහසක්. රට නං ඉවරයි. ඒත් මුන් ඔක්කොටෝම නිදි වැදිලා. ඇත්තටම තොපිට සාප වෙනවා. ඒත් රටේ රාළ එහෙම කියන්නේ නෑ.
එහෙනම් ගිහින් එන්නම්.
බුදු සරණයි. ජයවේවා.
මීටරටේ රාළ
(Priyanjith Vitharana)