ඊයේ News බලනකොට රටේ රාළට දැනුන එක හැගීමක් තියනවා. ඒ තමයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කොච්චර දුප්පත්

වෙලාද කියලා.

ඇත්තටම අනුරත් හරියට අපේ රටේ ආර්ථිකය වගේ තව තියෙන්නේ බංකොලොත් වෙන්න විතරයි.

ඉතිහාසයේ ජවිපෙ හිටපු නායකයෙක් මෙච්චර දෘෂ්ටියම වශයෙන් දිළිඳුකමකට වැටුනේ නැති බව රටේ රාළට ෂුවර්. ඇත්තටම රටේ රාළට එක වෙලාවකට හිතෙනවා ජවිපෙ මෝඩකමින් අන්ධ වෙලා කියලා. අනුර බල උන්නතිකාමයෙන් අන්ධ වෙලා කියලා.

ඒක රටේ රාළට එන තනි සිතුවිල්ලක් නෙවෙයි. ගොඩක් අයට දැනුන දෙයක්.

ඊයේ අනුරලා ජාතික ජන බලවේගයේ සමුළුවක් කියලා තවත් පුස් වෙඩිල්ලක් තිබ්බා. ඇත්තටම සද්දේ විතරයි. ඒත් වෙනදා තරම් සද්දෙත් නෑ. කිසිම මාධ්‍යක ඒක පළවෙනි පුවත උනේ නෑ. සමුළුවක් විදිහට හිතුවත් ඒකේ සංයුතිය සම්බන්ධව වෙනම විවේචනයක් තියනවා. ඒක ගැන ගොඩක් දෙනෙක් කතා කරලා තිබුණා.

හැබැයි රටේ රාළ අද කතා කරන්නේ ජාතික ජන බලවේගයේ සමුළුව අපේ රටේ දේශපාලන අර්බුදයත් එක්ක සන්සන්දනය කරලා. ඊයේ දවස කියන්නේ විපක්ෂයේ පැත්තෙන් රටට පනිවිඩ ගොඩක් දුන්න දවසක්. ඒ ගොඩක් පණිවිඩ සංයුක්ත කරලා ගත්තම ඒවා ඇතුළේ පොදු අදහසක් තිබුණා. ඇත්තටම එතන යම් හෝ විකෘතියකට තිබුණේ ජාතික ජන බලවේගයේ නායකයා දක්වපු අදහස් විතරයි.

ඊයේ තිබුණ දේශපාලන වේදිකා කීපයක පල වෙච්චි අදහස් කීපයක් රටේ රාළ උදාහරණ විදිහට ගන්නම්.

එක තැනකදී කරූ කිව්වා රට ගොඩ නගන්න නං අපි වහාම පොදු වැඩපිළිවෙළකට යන්න ඕනි කියලා. එතනදීම රාජිත කිව්වේ වහාම මේ විධායකය ජනාධිපති ධූරය අහෝසි කරන වැඩපිලිවෙලට යන්න ඕනි කියලා.

ඊයේ එජාපයත් එක්ක කතා කරන්න ගිය කීර්ති තෙන්නකෝන්ලා, මෛත්‍රී ගුණරත්නලා, ශිරාල් ලක්තිලකලා කිව්වෙත් මෙතනින් ඉස්සරහට යන්න කාටත් පිලිගන්න පුළුවන් පොදු වැඩපිළිවෙලක් ඕනි කියලා.

ඒ විතරක් නෙවෙයි අර එස්.එම් මරික්කාරුත් කිව්වේ පොදු වැඩපිළිවෙලක් ඕනි කියලා. හැබැයි එයා කිව්වා සමගි ජන බලවේගයේ පොදු වැඩපිළිවෙළ ළගදී ඉදිරිපත් කරනවා කියලා.

ඇත්තටම අනුර ඊයේ කිව්වෙත් මරික්කාර්ට සමාන කතාවක්. අන්තිමට අනුර සමානයි මරික්කාර් උනා.

ඊට අමතරව රටේ රාළ කිව්ව කට්ටිය ප්‍රසස්ථ අදහස් කියද්දී අනුර හා මරික්කාර් ග්‍රාමය අදහසක් රට ඉදිරපත් කළා. ඒ කියන්නේ අනුර සහ මරික්කාර් රටට අවශ්‍ය පොදු වැඩපිළිවෙළ කියන්නේ තමන් ඉදිරපත් කරන වැඩපිලිවෙල කියන තැනට කතාව පටු කරගත්තා.

මරික්කාර් ඒක කළේ තමන් කරපු මාධ්‍ය හමුවකදී. හැබැයි අනුර ඒක කළේ ජවිපෙ නායකයා විදිහට ජවිපෙ බහුජන ව්‍යාපාරය වන ජාතික ජන බලවේගයේ සමුළුව ඉස්සරහදී.

 

රටේ රාළට මෙතනදී අනුර මේ සමාජ ක්‍රමය සම්බන්ධව කරපු විවේචනය එක්ක ගැටුමක් නෑ. හැබයි 70 වසරක මේ විනාශය ගැන අනුර ප්‍රධාන දේශපාලන ධාරාවට කරන චෝදනාව ඒ විදිහටම කරන රටේ රාළ ඒකේ කොටසක් ජවිපෙට තියන බව කියනවා. ඔය කියන ක්‍රමය පවත්වාගෙන යන අපේ රටේ ජනාධිපතිවරු පත් කරන්න ජවිපෙ සෘජුව මැදිහත් උනා.

 

ජවිපෙ සහය දුන් අපේක්ෂකයෝ පැරදුන අවස්ථාත් තියනවා. ජවිපෙ ෆොන්සේකාගේ වේදිකාවේ හිටපු ප්‍රබලම කොටස්කාරයෙක්. අනුරට ඒවා දැන් අමතකයි. සමහර අවස්ථාවලදී ජනාධිපතිවරණවලට සම්පුර්ණයෙන්ම කර ගැසුවේ ජවිපෙ.

එතකොට ඒ කාලේ එහෙම කළේ මේ දූෂිත ක්‍රමය ගැන නොදැනද? රටේ රාළ කියන්නේ ජවිපෙ එහෙම කරලා තීරණාත්මක මොහොතවල්වලදී ඒවායින් ඉවත්වීමෙන් අද මේ රට වැටිලා තියෙන අගාධයට රට තල්ලු කරන්න ජවිපෙත් දායක උනා කියලා.

ඒකට හොදම උදාහරණය තමයි 2005 මහින්ද බලයට ගෙන ඒම. ඇත්තටම මහින්ද බලයට ගෙනාවේ ජවිපෙ. ඒකේ දිගුවක් තමයි මේ තියෙන්නේ. හැබැයි මහින්ද අයාලේ යනකොට කනෙන් ඇදලා ට්‍රක් එකට දානවා වෙනුවට ජවිපෙ කළේ බොරු මූලධර්මවාදී සංකල්පවලට යටවෙලා ජනතාවගේ අපේක්ෂා පාවලාදීලා පැනලා යන එක.

කොහොම උනත් ඊයේ අනුර මේ සමාජය විවේචනය කළා. හැබැයි උත්තරයක් කිව්වේ නෑ. ඇත්තටම අනුරට උත්තරයක් නෑ. අනුර උත්තර විදිහට කිව්වේ මෙච්චරයි. මේ රට ඉහ වහගෙනම තියෙන දූෂිත දේශපාලන නැති කරන්න ඕනි කියන එකයි. ළිදට වැටුන මිනිහා ගොඩ එන්න ඕනි ලිං කටෙන්ම කියන එකයි. මේකට සාමූහික උත්සාහයක් දරන්න ඕනි කියන එකයි විතරයි.

ඒ සාමුහික උත්සාහයක් දරන්න ඕනි කියන කතාවට රටේ රාළත් එකඟයි. හැබැයි ඒ වැඩේ කරන්න පුළුවන් ජාතික ජන බලවේගයට විතරයි කියන එක පිලිගන්න බෑ.ඒක තමයි අනුර කියපු ලොකුම බොරුව.

ඇත්තටම අනුර ඊයේ ඉතිහාසයේ ජවිපෙ නායකයා කියන භූමිකාව හෑල්ලු කළා. ජවිපෙ නායකයන් රට මේ වගේ තීරණාත්මක අර්බුදයකට ලක්වෙලා තියෙන අවස්ථාවක පළමුවෙන් කළේ ඒ සම්බන්ධව සමස්ථ චිත්‍රය රටට පාට කරලා පෙන්වීම. සමස්ථය ගැන නිවැරදී නිරවුල් විග්‍රහයක් කරලා පෙන්වීම.

ඇත්තටම විජේවීර ඒක කළා. ඒ වගේම සෝමවංශත් ඒක කළා. අනුර කුමාර පාක්ෂිකයා මං මුලා කළා. අනුර කළේ සියල්ල දූෂිත දේශපාලනයට යට කරලා තමන් කියන්න ඕනි, ඒත් තමන්ට කියන්න දෙයක් නැති කතාව යටපත් කරපු එක විතරයි. ඇත්තටම අනුර කුමාර එතනදී එකක් ඔප්පු කළා. තමන් මේ රට බාරගන්න සුදුසු නායකයෙක් නෙවෙයි. හැබැයි FCID එක වගේ ආයතනයක් බාර ගන්න හොද නිළධාරියෙක් කියලා.

රටේ රාළ අහනවා ඊයේ ඔතෙන්ට සහභාගී වෙච්චි උගතුන්ගෙන්, බුද්ධිමතුන්ගෙන්, කලාකරුවන්ගෙන් වරුවක වේලාවක් කැප කරලා ඔයාලා මොනවද යනකොට අරන් ගියේ කියලා. අනුර දිසානායක තියපු පුස් වෙඩිල්ල සද්දේ විතරයි නේද. හොදට කල්පනා කරලා බලන්න එච්චරයි නේද?

කෝ මේ රට ගොඩනගන වැඩපිළිවෙළක්. ඔයාලට ඉතුරු උනේ මේ රට ගොඩනැගිය හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි කියන වාක්‍යය විතරයි නේද?ඔයාලා ගිහින් ඕකම වික්‍රමබාහුගෙන් අහන්න. එයත් කියයි මේ රට ගොඩනැගිය හැක්කේ වික්‍රමබාහුට පමණයි කියලා.

අනුර මේ අත්තනෝමතික විධායක ජනාධිපතිධුරය ගැන කට හෙල්ලුවේ නෑ. ජවිපෙ සහෝදර, සහෝදරියන් දස දහස් ගානක් මරලා දාපු විධායක ජනාධිපති ධුරය ගැන අනුර කතා කරන්නේ නෑ. ඒ සටන් පාඨය ජවිපෙට සමාජවාදී සටන් පාඨය වගේම ඓතිහාසිකයි. අද මේ මුළු රටම බැට කන්නේ ඒ අත්තනෝමතික විධායකයෙන්.

අනුර ලැජ්ජා වෙන්න ඕනි එදා ජවිපෙ දේශප්‍රේමී අරගලයට විරුද්ධව අවි ඔසවපු. ඒ වෙනුවෙන් විධායක ජනාධිපති ධූරයේ රැකවරණය ලබපු රාජිතලත් අද විධායක ජනාධිපතිධූරය අහෝසි කරමු කියනකොට අනුර පීංචෙක් වගේ ඉන්න එක ගැන.

 

ඇත්තටම ජවිපෙට තමන්ගේ බහුජන ව්‍යාපාරය විදිහට ජාතික ජන බලවේගය Promot කරන්න අයිතියක් තියනවා. ඒකට රටේ රාළ කවදාවත් අභියෝග කරන්නේ නෑ. හැබැයි මේ රටට ඕනි පොදු වැඩපිළිවෙළින් විතැන් වෙන්න ජාතික ජන බලවේගය අයිතියක් නෑ. ඒ වගේම තමන්ගේ වැඩපිළිවෙළ තමයි එකම වැඩපිළිවෙළ කියලා මෝඩ චූන් ගන්න එයාලට අයිතියක් නෑ.

 

ජවිපෙ පරණ උනාට පරම නෑ.ඇත්තටම ජවිපෙ අදහස අමුම අමු ගෝත්‍රිකයි, ගොබ්බයි, ඒ වගේම වැඩවසම්. ඒක නිසා අනුරලා එන්න ඕනි මහ සමාජයට. ජවිපෙ කෝව අස්සේ හිටියා දැන් ඇති. අනුර කරන්නේ මහ සමාජයට එනවා වෙනුවට මහ සමාජයට කෝව ඇතුළට ගන්න හදන එක.

අනුර කුමාර මහත්තයෝ එක ඔයාට කවදාවත් කරන්න බෑ. මොකද ඔයාලගේ පොල්කට්ටට වඩා මේ මහ සමාජය ලොකුයි. ජාතික ජන බලවේගය කියන පොල් කට්ටෙන් එක වහන්න බෑ.

ඒක නිසා මේ රටට දැන් ඕනි පුළුල් ආර්ථික, දේශපාලන ප්‍රතිසංස්කරණයක්. ඇත්තටම ධනේශ්වර ප්‍රතිසංස්කරණයක්. ඒක ඇතුළේ තමයි උත්තරය තියෙන්නේ.

ඔයාලා තවම සමාජවාදය විශ්වාස කරනවා නං, එතෙන්ට යන පාර පහසු කරන්නත් මේ රටට පළල් ධනේශ්වර ප්‍රතිසංස්කරණයක් ඕනි. ඒ මල් වට්ටියටයි කවුරුත් අත ගහන්න ඕනි. අනුරලත් ඇවිත් ඒ මල් වට්ටියේ මලක් වෙන්නයි ඕනි. නැත්නම් මල් ගොඩක් වෙන්න. ඒ මල්වට්ටිය ජවිපෙ එන නිසා ලස්සන වෙනවා. ඒවා ගැන රටේ රාළට තර්ක නෑ.  හැබයි පොඩි පොඩි මල්වට්ටි හදාගෙන වෙනම පූජාව කරන්න ගිහිල්ලා රාජපක්ෂලාගේ පරවීගෙන යන මල් වට්ටිය ලොකු එක කරන්න එපා. ඒක රටට කරන ද්‍රෝහී කමක්.

අනුර එන්න පොදු ප්‍රවාහයට. ඒකට හොදදේ එකතු කරන්න. ඒකේ තියන නරකට විරුද්ධව සටන් කරන්න. එතන පොදු අපේක්ෂකයා වෙන්න අරගල කරන්න. ඒකට කමක් නෑ. ඇයි අනුර ඒකට ඔච්චරම ගිල්ටි.

ඔය කරන්නේ පවක්. පවට තියෙන්නේ අකුසල විපාක. ඒ කියන්නේ 3% න 1.5% වගේ තැනකින් නතර වෙන්න පුළුවන්. රටේ රාළ අවසන් වශයෙන් අනුර ඇතුළු ජවිපෙන් හා ජාතික ජන බලවේගයෙන් ඉල්ලනේ බයිලා නොගසා ඇත්ත දේශප්‍රේමීයෙක් වෙන්න. විමල්ගේ ගානට වැටෙන්නෙත් එපා.

දේශප්‍රේමී සංකල්පය සමාජවාදයට අයිති දෙයක් නෙවෙයි. ඒක ධනවාදයට අයිති සංකල්පයක්. හැබැයි ධනවාදයට අයිති දේශප්‍රේමී සංකල්පය වඩාත් හොදින් පාවිච්චි කළේ සමාජවාදී ව්‍යාපාර. ඒ තමන් ඉන්න තැන. රටේ අවශ්‍යතාවය වගේම ලෝක දේශපාලනය හරියට විග්‍රහ කරගන්නට ඒ ව්‍යාපාර සමත් උන නිසයි.

ඒ වගේ ව්‍යාපාරය තමයි ලීං කටින් ගොඩ ආවේ. එහෙම නැතිව ලිං කටින් ගොඩ එන්න ඕනි කියකියා ලිද තවත් ගැඹුරට හාරන ජවිපෙ වගේ ව්‍යාපාරය නෙවෙයි.

එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි. ජයවේවා.

මීට
Priynatha witharanaරටේ රාළ

(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්..)

 

Leader Whats app

 
 
 

අගමැතිකමට අබ සරණයි අප්පච්චිට ආතතිය ! 

 
සර් හැරෙන කොට බැසිල් කලාත් ඉවරයි ! | "ස" ගේ දැනගැනීම පිණිසයි
 
 
ස' වැටිච්ච අමාරුවක්! දිලිත් ද? පීබී ද?
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්