ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ඊයේ වාමාංශික බලවේග එකතු කරගත් සන්ධානයක් ගැන කතා කළා.



ඇත්තටම එතනදී දයාසිරි බර තිබ්බේ ජවිපෙ ගැන. ජවිපෙ සමග ඉදිරියේදී සන්ධානයක් ඇති වීමට උනත් ඉඩක් තියන බවත් කිව්වා. ඇත්තටම ඒක පැත්තකින් හිතද්දී ඒක මේ රටට දීපු හොඳ සිග්නල් එකක්. ඒ වගේම ආණ්ඩුව ඇතුළේ ඉදන් ආණ්ඩුවට එරෙහිව පත්තු කරපු රතු එළියක් කියලා හිතන්නත් පුළුවන්.



හැබැයි රටේ රාළට දැනෙන ඇත්ත ප්‍රශ්නයක් ඔතන තියනවා. ඒක ඔයාලටත් දැනෙනවා ඇති. ඇත්තටම දයාසිරි නැත්නම් ශ්‍රීලනිපය කියන දේ දැන් මේ රටේ මිනිස්සු ගනන් ගන්නවද කියන ප්‍රශ්නය තියනවා.

රටේ රාළ නං හිතන්නේ ශ්‍රීලනිපය මේ අයවැයට අත ඉස්සුවට පස්සේ ශ්‍රීලනිනයට මේ රට ඉස්සරහා තිබුණ පුංචි හරි සදාචාර බලය නැති උනා කියලා. ඇත්තටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ආණ්ඩුවට ඇතුළේ ඉදන් කරන්නේ රඟපෑමක්ද කියලා තමයි ගොඩ දෙනෙක් හිතන්නේ.

රටේ රාළත් කියන්නේ ඒ සිතුවිල්ලේ අසාධාරණයක් නෑ කියලා. ඒ ගැගීම හැදුවේ දයාසිරිලාම තමයි. දයාසිරිට ආණ්ඩුව ඇතුළේ වීරයට අදින්නත් හදනවා, දුෂ්ඨයට අදින්ඩත් හදනවා. ඒ උත්සාහය විසින් අන්තිමට දයාසිරිට අදින්ඩ උනේ ජෝකර්ට.

දයාසිරිලා මුලදී ආණ්ඩුව ඇතුළේ සටන් කරනවා කියලා පෙන්නුවේ ශ්‍රීලනිපය වෙනුවෙන්. ඒකට උත්තරයක් නෑ. දයාසිරිලා ඒ සටන අකුල ගත්තා. ඊට පස්සේ විමල්ලගේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා බැසිල් විරෝධයක් ගෙනාවා. ඊට පස්සේ පාර්ලිමේන්තු ලොබියෙදි හම්බ වෙලා බැසිල් එක්ක කරපු කතාවෙන් ඒකත් අකුළ ගත්තා.

දයාසිරිගේ අයවැය කතාවෙදී දයාසිරි කිව්වේ දයාසිරිලා වගකියන්නේ ජනාධිපතිටයි, අගමැතිටයි කියලා. ඇත්තටම දයාසිරිලා දැනුත් ඒක තමයි කරන්නේ. ඊට අමතරව දැන් බැසිල්ටත් වග කියනවා ඇති හොරාට හොරාට හරි. හැබැයි දයාසිරිලා වගකියන්නේ නැත්තේ ශ්‍රීලනිප පාක්ෂිකයාටයි මේ රටේ ජනතාවටයි විතරයි.

 

වමේ සන්ධානයක් ගැන කියන්න දයාසිරිට අයිතියක් තියනවා. හැබැයි එහෙම යෝජනාවක් කරන්න දයාසිරිලා සදාචාර බලයක් ඉතුරු කරගෙන නෑ. මොකද ජනතාව පෙළන අන්ත දක්ෂිනාංශික ආණ්ඩුවවක් ඇතුළේ ඉදන් වමේ සන්ධානයක් ගැන කතා කරන එක විහිළුවක්.

 

ඒක නිසා දයාසිරිලට මේ ආණ්ඩුව ඇතුළේ සන්ධාන නෙවෙයි ඕනි මලදානයක් හදා ගන්න පුළුවන්. හැබැයි වමේ සන්ධානයක් ගැන කතා කරන්න ඉස්සෙල්ලා මේ ආණ්ඩුවෙන් අයින් වෙන්න ඕනි. නැත්තං දයාසිරි විතරක් නෙවෙයි ශ්‍රීලනිපයත් ජෝක් එකක් වෙනවා. දැනටමත් ඒක වෙලා.

ඇත්තටම මේ රටට වමේ සන්ධානයක් ඕනි. ඒ කතාවට රටේ රාළ එකඟයි. හැබැයි ඇත්ත ප්‍රශ්නය වමක් කොහේද තියෙන්නේ. ඇත්තටම හැම කෙනාම වමේ බෝඩ් එක ගහගෙන ලිබරල්වාදයට පහු බැහැලා. ඒකෙන් කියන්නේ නෑ වමේ මතවාදය පරාද වෙලා කියලා. කා ලගවත් වමේ මතවාදය වැරදිලාවත් නෑ කියලා. වමේ මතවාදය තවමත් වලංගුයි.


අද රටට ඕනි ප්‍රගතිශීලී මතවාදයන්ගේ එකතුවක් !


හැබැයි ප්‍රශ්නය තියෙන්නේ ලිබරල්වාදීන්ට වමේ මතවාදය ගෙනි යන්න බැරි එක විතරයි. එක නිසා ඇත්තටම අද රටට ඕනි ප්‍රගතිශීලී මතවාදයන්ගේ එකතුවක්. ඒක ඇතුළේ වමක් තියනවා නං තවත් හොදයි. ඇත්තටම මේ රටට ඕනි ප්‍රගතිශීලී ධනේශ්වර ප්‍රතිසංස්කරණයක්. පොදු වැඩපිළිවෙළක්. ඒ වැඩපිලිවෙල දිනවීම වෙනුවෙන් එකතුවක්. ඒ වෙනුවෙන් පොදු අපේක්ෂකයයෙක්. ඒකට ජවිපෙ එනවාට වැඩියෙම කැමති වෙන්නේ රටේ රාළ.

ඒක ඇතුළේ අනුර පොදු අපේක්ෂකයයා උනත් රටේ රාළට ප්‍රශ්නයක් නෑ. වෙන කෙනෙක් උනත් ප්‍රශ්නයක් නෑ. හැබයි හරි වැඩපිලිවෙලක්. පොදු එකඟතාවයක්.ර ටේ රාළ හැමදාම ෆයිට් කරන්නේ පුද්ගලයෙක් වෙනුවෙන් නෙවෙයි. මොකද ඔය ඉන්න හැම පුද්ගලයම රටේ රාළ දන්නවා. ඒ බව එයාලත් දන්නවා. ඔතන සුද්ධ වූ චරිත කිසිවක් නෑ. පුද්ගල අඩුපාඩුකම් ගොඩක් තියෙන අය ඉන්නේ.

හැබැයි රටේ රාළ පොදු වැඩපිළිවෙලකදී ඒක එච්චරම ගන්නේ නෑ. එකට හේතුව තමයි පොදු වගකීමක් ඇතුළේ පුද්ගල අඩුපාඩුකම් අවම කරගන්න පුලුවන්. හැබැයි පුද්ගල කේන්ද්‍රීය වැඩපිලිවෙලක් ඇතුළේ මතු වෙන්නේ උන්මත්තක පාලකයෙක් විතරයි. ඒක ඉතිහාසයේ විතරයක් නෙවෙයි අපට අදත් අත් විදින්න වෙලා.

 

මෙතනින් එහාට එහෙම ගමනක් යන්න ඉඩ දෙන්න කාටවත් අයිතියක් නෑ. ඒ ගමන රාජපක්ෂලාගෙන් අවසන් කරන්න ඕනි. ඒ ජයග්‍රහණය තියෙන්නේ පොදු වැඩපිළිවෙලක් ඇතුළේ. තනි තනි ගමන්වලින් වෙන්නේ විනාශයක් විතරයි. ඇත්තටම ශක්තිමත් සන්ධානයකට කවුරු හරි ආරම්භකක් තියන්න ඕනි. ඒ ආරම්භ තියන පළමු මොහොතේ තනි තනි ගමන් සියල්ල අහෝසි වෙනවා. ඒක කරන්න පුළුවන්.

 

දයාසිරිලා මේ ඉන්න තත්වයත් එක්ක එයාගේ යෝජනාව ප්‍රායෝගික නෑ. හැබැයි යෝජනාව නරක නෑ. ඒක ක්‍රියාත්මක කරන්න නම් ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්වෙන්න ඕනි. එකම හා අනිවාර්ය කොන්දේසි ඒක.

 ආණ්ඩුවෙන් ඉවත් වෙලා ඒ යෝජනාව කරනවා නං ජවිපෙට ඒක මගහරින්න ලේසි නෑ. හැබැයි මේ වගේ ආණ්ඩුවක් රකිමින් නං ඔය යෝජනතාව කරන්නේ ජවිපෙට නෙවෙයි කාටවත් ඒක බාරගන්න බෑ. ඇත්තටම එක අතකට ඒක ලණුවක් වෙන්නත් පුළුවන්. මොකද දැන් ජවිපෙට ඔය යෝජනාවට ගහන්න වෙනවා. ඒ ගැහීම විසින් අනාගතයේදී එන්න තියන අවස්ථාවත් නැති වෙන්න පුළුවන්. දයාසිරිට ඕනි ඒකද කියලත් හිතෙනවා.


''බෝලේ තියෙන්නේ ජවිපෙ පැත්තේ නෙවෙයි. ශ්‍රීලනිපය පැත්තේ.''


මොකද හොද යෝජනාවක් උනත් නරක වෙලාවේදී කිරීම ප්‍රගතිශීලී නෑ. ඒක නිසා බෝලේ තියෙන්නේ ජවිපෙ පැත්තේ නෙවෙයි. ශ්‍රීලනිපය පැත්තේ.
කොහොම උනත් ශ්‍රීලනිපය ජවිපෙ සන්ධානයක් කියන්නේ මේ රටේ බලය උරගා බලන්න හොද එකතුවක ආරම්භයක්. ඒක විපක්ෂය පොදු වැඩපිළිවෙළකට ගෙනියන ගමනේ ආරම්භයක් වෙන්න ඕනි.

එකතු කර ගතයුතු හැම දෙනාම ඒ පොදු වැඩපිළිවෙළට එකතු කරන්න ඕනි.43 , සජබේ, දෙමළ සන්ධානය ඇතුළු සියල්ල එක තැනකට ගේන්න ඕනි.ඒක විපක්ෂ සමගි සන්ධානය හා පොදු වැඩපිළිවෙළ ආරම්භයක් වීම රටට හොදයි. හැබැයි එහෙම එකක් තවම නෑ. ඒක නිකං දයාසිරි ජොලියට කියපු කතාවක් විතරක් වෙන්නත් පුළුවන්.


එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි. ජයවේවා.

මීට
Priynatha witharanaරටේ රාළ

(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්..)

 

 

Leader Whats app

 
 
 
ඇත්තටම The Leader
 
 
 
Democracy Over Dictatorship - Krishantha cooray
 


බැසිල් කියන්නෙ විනාශ කිරීමේ ඇමති ! | "ස" ගේ දැනගැනීම පිණිසයි

 
රාජපක්‍ෂලාට දේව කණ්නලව්වත් හරහට !| මොණරවිලගේ ලියමන්
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්