දේශපාලනය මදක් පසෙකින් තබා විපක්ෂය ද මේ ජාතික අර්බුදයේ දී ආණ්ඩුවට සහාය දෙන්නේ නම් එම ප්‍රගතිය ඉක්මන් කර ගැනීමට හැකිවනු ඇතැයි ශ්‍රී

ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ පවසයි.

රාජපක්ෂ වෛරය දැල්වීම තම එකම දේශපාලනය බවට පත්කරගත් සමාජ තීරුවක් නැවත නිර්මාණය වී තිබීම කෙටිකාලීන ව මෙන්ම දිගුකාලීනව ද මෙරට සමාජ දේශපාලන දේහයට දැඩි හානිකර තත්වයක් වනු ඇතැයි පවසන මහින්ද පතිරණ එම ක්‍රියාවලියෙහි ආසන්නතම ගොදුර වනු ඇත්තේ නැවත වරක් අප රට යයි පෙන්වා දෙයි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි. එම සටහනේ තවදුරටත් මෙසේද සඳහන් වේ.

''2015ට කලින් ද එවැනි තත්වයක් නිර්මාණය කළ අතර අවසානයේ අප නැවතුනේ යහපාලනය නම් කැඳ හැලියක් බලයට ගෙනවිත් රටේ ඉදිරි ගමන සපුරා විනාශ කර දැමීමෙනි. එහි ප්‍රතිඵල පොදුවේ පක්ෂ විපක්ෂ සැම අද ද විඳිමින් සිටිමු.

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට වසංගතයට මුහුණ දීමට තිබුණේ එම විනාශයේ අළු දූවිලි මත සිටයි.

එහෙත් එම විනාශය කළ පිරිස් ම දැන් මහ හඬින් කන්ද උඩ දේශනා පවත්වමින් ආණ්ඩුව විවේචනය කරන්නේ, මඩ පහර ගසන්නේ ඒ කිසිවක් නොදන්නා බබාල ලෙසයි.

මෙරට බුද්ධිමත් ජනතාව තේරුම් ගත යුත්තේ ඉහත විනාශකාරි කණ්ඩායම්වල එකම අරමුණ දේශපාලන බලලෝභිකම විනා අන් කිසිවක් නොනන බවයි.

අද වසංගතය පාලනය කර රට සාමාන්‍ය අතට පත්කරමින් තිබේ. රටේ එන්නත් අවශ්‍ය සියළු දෙනාට ඒවා ලබා දී ඇත.

 

බිඳි ගිය සැපයුම් ජාල හේතුවෙන් හා ඉල්ලුමට සැපයුම නොලැබීමෙන් බඩු මිළ ඉහළ යාම ලෝක තත්වයකි. රට හා ලෝකය සාමාන්‍යකරණය වීම තුළ එම ගැටළු ක්‍රමයෙන් පහව යනු ඇත. පළමුව පාස්කු ප්‍රහාරය නිසා ද දෙවනුව වසංගතය නිසා ද ඇද වැටුණු සංචාරක කර්මාන්තය නිසා හටගත් විදේශ මුදල් අර්බුදය විසඳා ගන්නා බවට ආණ්ඩුව හා අදාළ අංශ සහතික වී තිබේ.

 

මේ අතර අපගේ අපනයන අංශය ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා ඉදිරියට ගොස් ඇත. අභියෝගකාරි මේ වසර තුළ එය ඩොලර් බිලියන 12 ඉක්මවනු ඇත. අපගේ ඉදිරි මාර්ගය වැටී ඇත්තේ ඒ ඔස්සේය.

කෙසේ වෙතත් ඖෂධ ආනයනය හා සෙසු අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය නිසා උපයන ඩොලර් එසැණින් වියදම් වේ. සංචාරක ඩොලර් ඉපැයුම් හා විදේශ ශ්‍රමික ඉපැයුම් අහිමි වීම මීට හේතුවයි.

2022 වසර තුළ අපට සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගත හැකි වසරක් වනු ඇත.

 

දේශපාලනය මදක් පසෙකින් තබා විපක්ෂය ද මේ ජාතික අර්බුදයේ දී ආණ්ඩුවට සහාය දෙන්නේ නම් එම ප්‍රගතිය ඉක්මන් කර ගැනීමට හැකිවනු ඇත

 

Mahinda Pathirana(ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ)
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති


(Mahinda Pathirana ගේ ෆේස්බුක් පිටුවෙන්..)

 

 
 
 
ඇත්තටම The Leader
 
 
 

බැසිල් මයන්තව කඩේ යවයි! 

 
රජකාලේ දඩුවම් නැවතත් කරළියට ! | මොණරවිලගේ ලියමන
 

තිත්තම වෙලා ඉන්නේ සර් මේක හරි කරන්න | කේලම
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්