2022 ක අවුරුද්ද ආරම්භ වෙනවාත් එක්කම ආණ්ඩුව අලුත් turn එකක් ගන්න හදනවා කියන එක ප්‍රසිද්ධ කතාවක්.



විශේෂයෙන් ජනාධිපතිතුමා තමයි මේ අලුත් turn එක ගන්නවා කියන්නේ.

සාමාන්‍යයෙන් අවුරුදක් ඉවරවෙලා අලුත් අවුරුද්දක් පටන් ගන්න කොට ගොඩක් අයට ඔහොම හිතනවා. ඒ වගේ සිතුවිල්ලක්ද ජනාධිපතිතුමාට මේ හදිසියේම පහල උනේ.

හැබැයි අලුත් අවුරුද්දත් එක්ක අලුත් turu එක ගන්නවා නං ඒ ගැන හිතන්න ඕනි අළුත් අවුරුද්ද එන්න ඉස්සෙල්ලා. දැන් වැඩේ වෙලා තියෙන්නේ අලුත් අවුරුද්ද ඇවිල්ලා. ඒත් turn එක තවම ඇවිල්ලා නෑ. අඩුම ගානේ turn එක ගැන තවම හිතලාවත් නෑ.

සමහරවිට මෙයාලා ඔය turn කියලා කියන්නේ කැබිනට් සංශෝධනය ගැන වෙන්න ඇති. නැත්තං අළුත් ජනාධිපති ලේකම් පත්කිරීම ගැන වෙන්න ඇති. එහෙමත් නැත්තං ඔය අමාත්‍යාංශය කීපයක ලේකම්ලා වෙනස් කරලා අලුත් ලේකම්ලා පත්කිරීම වෙන්න ඕනි. ඒත් නෑත්තං ආයතන කීපයක මුල් පුටුවල කරන වෙනස්කම්වලට වෙන්න ඇති. සමහරවිට ඔය ඔක්කොටෝම වෙන්නත් ඇති.

 

අර කතාවක් තියෙන්නේ ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක් කියලා. ඒ වගේ තමයි නිවැරදි දිශානතිය රට turn කරන්න බැරි අය හිතනවා රීෂපල් කියන්නෙත් turn එකක් තමයි කියලා. ඊළඟට ඕවා ඇතුළෙත් U turn ගහන පොරවලුත් ඉන්නවා.

 

ඇත්තටම ජනාධිපතිතුමාට ගන්න turn එකක් දැන් ඉතිරිවෙලා තියනවද? රටේ රාළගේ උත්තරය තවමත් ඔව්. හැබැයි ඒක ගන්න ඕනි සමස්ථය ගැන හිතලා. වැරදුනා කියන එක පිලි අරගෙන. ඒක පිලිගන්න තවමත් ජනාධිපතිවරයා ලෑස්ති නෑ. ඒ වගේම ජනාධිපති වටේ ඉන්න කේවට්ටයෝ ටික ලෑස්තිත් නෑ.

ඒ පිලිගැනීම කරන්නේ නැත්නම් ජනාධිපතිතුමාට ගන්න තවත් turn එකක් තියනවා. කට්ටියට අනුව දැන් වැරදිලා තියෙන්නේ පීබීට. රටට වරද්දලා තියෙන්නේ පීබී. පීබී බිල්ලට දීලා ඔක්කොම නිදහස් වෙන්න හදන්නේ.

ඒකට මාර තියරියක් විමල් හැදුවා. ඇත්තටම ඒක පට්ට ගොබ්බ තියරියක්. මහින්ද රාජපක්ෂ ළග පීබී ඉන්න කොටයි, ගෝඨාභය රාජපක්ෂ ළග පිබී ඉන්න කොටයි ඔක්කොටෝම වැරදිකාරයා පීබී.  

මහින්දගේ ආණ්ඩුවේදී පීබී ආර්ථික ඝාතකයා. ගෝඨාභයගේ ආණ්ඩුවේ පීබී ජයත් නැති, සුන්දරත් නැති නිකං වයර් කෑලි දෙකකින් වාහනේ ස්ටාට් කරලා යන ඩ්‍රයිවර් කෙනෙක්.

බලන්නකෝ විමල් කරන වැඩ. විමල්ට අනුව රාජපක්ෂලා නොවෙන ජනාධිපතිලා ඉන්නකොට කෙලින්ම වැරදි එයාලා. හැබැයි රාජපක්ෂලා ජනාධිපතිලා විදිහට ඉන්නකොට වැරදි එයාලගේ ලේකම්ලා. එතකොට රාජපක්ෂලා බබාලා. මේක අමුතු විදිහේ රාජපක්ෂ වන්දනාවක්. රාජපක්ෂලාගේ බලය පවත්වාගෙන යන්න නර බිලිදීමේ System එකක්. අපේ විමල් සහෝදරයා ඒක හරි ලස්සනට කරනවා.

ඊළඟට රීෂෆල් එක ඉලක්ක කරගෙන අමුතු අමුතු කතා ආණ්ඩුවේ තැනින් තැනින් ඇහෙනවා. ඒ ටික හරියට විශ්ලේෂණය කරගත්තොත් ගන්න turn එක මොකද්ද කියලා හිතාගන්න පුළුවන්.

සුසිල් ඊයේ පෙරේදා දෙල්කද පොළේ ගිහින් ගෙදර යන ගමන් ආණ්ඩුව ගැහුවා. එයා බනින්නේ මහින්දානන්දට, විදුලි බල ඇමති වගේ අයට. නං කියලම ගැහුවා. මහින්දානන්ද ෆේල් කියලා කිව්වා. ආසාර්ථක ඇමති කං ගැන කිව්වා. කෘෂිකර්මාන්තය ගැන වැරදි ප්‍රතිපත්තිමය තීරණ ගත්ත අයටත් බැන්නා. ඒක දුන්නේ ජනාධිපතිට.

දැන් මෙයාලට මේක කරන්න බෑ මේක කරන්න පුළුවන් වෙන කණ්ඩායමකට කියලත් කිවිවා. සමහරවිට අර ජනාධිපතිතුමා කිව්ව විපක්ෂයේ නොවන තුන් වෙනි පාර්ශවයටද දන්නේ නෑ.



සුසිල් බනින ගමන් කියනවා අපි ඉන්නේ පුටුවේ නෙවෙයි බංකුවේ කියලා. එතකොට සුසිල් මේ කියන්නේ මොකක්ද? එයාව පුටුවේ ඉන්දන්න කියලාද? ඇත්තටම ඒ ප්‍රකාශය යට තියෙන්නේ මට ඇමතිකමක් දියන් කියන ව්‍යංගාර්ථය.

හැබැයි ඔන්න ජනාධිපති සුසිල්ව බංකුවෙනුත් බීමට දාලා.

ඊළගට ලන්සා දැන් ජනතාවගේ පැත්තේ හිටගෙන. හරියට වැඩ සිද්ධ වෙන්නේ නෑත්තං අයින් වෙනවලු. ඇත්තටම ලන්සලාට ජනතාවට කරන්න සේවයක් ඉතුරු වෙලා තියනවා නං ඒ අයින් වෙන එකම තමයි. දේශපාලනයෙන්ම තොලොංචි වෙලා යනවා නං මෙච්චර කල් එයාලා කළාට වඩා සේවයක් ඒකෙන් වෙනවා. රටේ රාළ කියන්නේ කියකියා ඉන්න එපා යන්න කියලා.එක එක හරි වෛරස් අයින් වෙනවා නං කොච්චර හොදද?

ලන්සා ගැහුවේ කෙලින්ම ජනාධිපතිටයි, වියත්මඟටයි.

හැබැයි සුසිල්ට විතරක් පෝරියල් එක හම්බ උනා. නිකං ඔයාලා තේරුම් ගන්නකෝ සුසිල් ඔය කාගේවත් පොරක් නෙවෙයි. හැබැයි ලන්සා කියන්නේ පට්ට බැසිල්වාදියා. එතකොට පෝරියල් හම්බ වෙන විදිහත් අමුතුයි නේද?

 

ඊළඟට මහින්ද කියනවා. මට අගමැතිකමෙන් අයින් වෙන්න කිසිම අවශ්‍යතාවයක් නෑ කියලා. මේ දවස්වල Meediya වලින් වැඩිපුර එන්නේ මහින්දට කරන ශාන්ති කර්ම ගැන. මහින්ද කරන ඒ ප්‍රකාශයෙන් තේරෙනවා මහින්දගේ අගමැතිකම කඩාගන්න බලාගෙන බහිරවයෙක් ඉන්නවා කියලා. ඒකට තමයි ඔය ශාන්ති කර්ම කරනවා ඇත්තේ.

 

ඇත්තටම අගමැතිකමෙන් අයින් වෙන්න මහින්දට අවශ්‍යතාවයක් නෑ කියලා නොදන්නා බලු කපුටෙක් මේ රටේ ඉන්නවද. ඕක ඔච්චර කියවන්නේ.

ඔය ඉතින් සදාකාලිකව බලයේ ඉන්න හිතාගෙන 18 වෙනි සංශෝධනය ගෙනාපු මහින්දනේ? ඉතින් ඒ මහින්ද අගමැතිකමෙන් අයින් වෙයිද දෙයියනේ.  අගමැති කමෙන් අයින් වෙන්න මහින්දට අවශ්‍යතාවයක් නැති බව ඇත්ත. ඒ වගේම මහින්දව අයින් කරන්න මේ රටට අවශ්‍යතාවයකුත් නෑ. අනේ මේ රටේ රාළට අවශ්‍යතාවයකුත් නෑ. රටේ රාළට නං තියෙන්නේ මේ ආණ්ඩුවම අයින් කිරීමේ උවමනාව.

හැබැයි ඉතින් ගේන්ඩ කෙනෙක් නැති ප්‍රශ්නයත් රටේ රාළට තියනවා.


මහින්ද අයින් කිරීමේ අවශ්‍යතාවය තියෙන්නේ කාටද ?


මහින්ද අයින් කිරීමේ අවශ්‍යතාවය තියෙන්නේ කාටද කියලා කවුරුත් දන්නවා. වහෙන් හොරෝ කියන්න ඕනි නෑ. ඒ උවමනාව තියෙන්නේ බෑසිල්ට. හැබැයි රටේ රාළ එකක් කියන්නම්. මහින්ද මහත්තයා මේ පාරත් ඔයා බේරෙයි.

හැබැයි රජෝ ඔබතුමාට ඕක බැසිල්ට දෙන්නම වෙනවා. සමහරවිට ඊළග පාර ඒක වෙයි.

මේ කරන්නේ මහින්දට හිත හාදාගන්න පොඩි කෑල්ලක් දාන එක විතරයක් වෙන්න පුළුවන්.

 

දැන් බැසිල් දන්නවා මහින්ද අයින් කරනවා කිව්වම එන්න රියැක්ෂන් මොනවද කියලා. රටේ රාළ කියන්නේ බැසිල් ඒක මැනගත්තා කියලා. ඇත්තටම මහින්දගෙන් අගමැතිකම ගලවනවා කියන කතාවට ලොකු සමාජ විරෝධයක් හැදුනේ නෑ. ඉස්සර වගේ බස් අරගෙන අප්පච්චිව රැකගන්න මිනිස්සු ආවෙත් නෑ. ඒකේ පොඩි ජොලියක් බැසිල්ටත් නැතිවෙන්න බෑ.

 

ඒකෙන් කියන්නේ නෑ ඒක බැසිල්ට දෙන්න කියලා. ඇත්තටම මහින්දගෙන් අගමැතිකම ගලවනවාට ජනතාව විරුද්ධ නෑ. ජනතාව විරුද්ධ ඒක මහිදන්ගෙන් ගලවලා බැසිල්ට දෙනවාට.

අගමැතිකමට ඕනි කාර්යක්ෂමතාවය මහින්ද ලග නෑ. ඇත්තටම මහින්දගෙන් අගමැති ධූරයට සාධාරණයක් ඉෂ්ඨ වෙන්නේත් නෑ. නිකං නඩත්තු කරනවා විතරයි. ඇත්තටම ඔහොම පින් පඩි ගන්න පෞරුෂයක් තියෙන දේශපාලනඥයෙක් නං ලැජ්ජා වෙන්න ඕනි.

ඔය උදාහරණ හතරෙන් තේරෙනවා නේද ගන්න හදන turn එක මොකද්ද කියලා. මෙයාලා turn කියලා කියන්නේ බලය වෙනුවෙන් ගහන U turn වලට.

ඊළඟට බැසිල් ගැන කතා කළොත් තත්වය ඔයිටත් වඩා දරුණුයි. එතන තියෙන්නේ U turn අස්සේ තවත් U turn. බැසිල් ගැන රටේ රාළ අමුතුවෙන් කියන්න ඕනි නෑ. බැසිල්ව මේ රට දැන් අදුරගෙන ඉවරයි.

හරි එහෙනම් කියන්න කෝ මොකද්ද මෙතන ගන්න තියෙන turn එක කියලා. ජනාධිපතිතුමාට ගන්න කියලා turn එකක් ඉතිරි වෙලා තියනවද? ඇත්තටම ජනාධිපතිටත් තියෙන්නේ අනිත් අය වගේම තමන් වෙනුවෙන් turn එකක් ගන්න. ඒ තමයි ඉතිහාසයේ කුණු බක්කිය නොවැටී සිටීමේ turn එක. ගන්නවා නං එතුමාට ඒ turn එක ගන්න තවත් වෙලාව තියනවා.

අර සිතුල් පවුවේ හාමුදුරුවෝ කියන විදිහට නං ජනාධිපතිතුමාට ගන්න තවත් turn එකක් ඉතුරුවෙලා නෑ. ඔක්කොම හරියට වෙනවා.

 

බුදු හාමුදුරුවෝ අපාය සහායක මිත්‍රයෝ ගැන උගන්නලා තියනවා. රටේ රාළ කියන්නේ අපාය සහයක මිත්‍රයා සිවුරක් ඇතුළේ උනත් වැඩ ඉන්න පුළුවන්. ඇත්තටම ගෝඨාභය ජනාධිපතිවරයා ගන්න ඕනි turn එක වෙන මොකකටවත් නෙවෙයි ඉතිහාසය ඉදිරියේ වැරදිකාරයෙක් නෙවී සිටීමේ turn එක.

 

රටේ රාළ කියන්නේ ජනාධිපතිතුමා turn එකක් ගැන හිතනකොට බැසිල් turu එක අරන් ඉවරයි. ඒකේ පළවෙනි කස කාරයා ඊයේ ආවා. ඒ තමයි රාජ්‍ය සේවයට රුපියල් 5000 කින් පඩි වැඩි කිරීම. ඒකේ ගෞරවය බැසිල් අරන් ඉවරයි.

මෙතනේන් එහාට දිගහැරෙන්නේ බැසිල් ගන්න turn එක දිහා ජනාධිපතිතුමාට බලා ඉන්න වන කාලයක් විතරයි.


එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි ජයවේවා.

 

Priynatha witharana

මීට
රටේ රාළ

( Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 

Leader Whats app



සජිත්ගේ ආණ්ඩු පෙරළියත් රිවස්! | Gossip

ඇත්තටම සර් මහින්ද හිඟන්නෙක්ද ?| ගොසිප් එක
 


මේ අවුරුද්දෙන් රජ පවුල ඉවරයි ! | මොණරවිලගේ ලියමන
 
 
වියත් කතා | The Leader TV
   


බැසිල්ගේ ගෝලයා ජනපතිට ටොකු අනි ! | ගොසිප් එක

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්