පොදුජන පෙරමුණු ආණ්ඩුව ඇතුළේ අර්බුදය දැන් උග්‍ර අතට පත් වෙලා.
පහුගිය අවුරුදු දෙකේත් පොහොට්ටුව ඇතුළේ තිබුණේ අර්බුදම තමයි. හැබැයි ඒවා මතු වෙමින් යට යමින් තමයි ආවේ. අද වෙනකොටම ඒ අර්බුදය උස්සන්න වෙලා වෙනත් අන්තයකට තල්ලුවෙලා තියනවා.
ඇත්තටම පොදුජන පෙරමුණ ඇතුළේ ගැටුම දැන් තියෙන්නේ මුල් කණ්ඩායම අතේ නෙවෙයි. ඒක වෙනත් කණ්ඩායමක් අතට මාරුවලා.
මුලදී ඒ ගැටුමේ අයිතිකාරයෝ විදිහට හිටියේ විමල්, වාසු, ගම්මන්පිල ඇතුළු කණ්ඩායම. අද වනවිට එයාලා රාජපක්ෂලා ඉදිරියේ 1035 වෙනි වතාවටත් දන ගහල.
අර මාසෙකට සැරයක් රැස් උන පක්ෂ එකොළහේ සන්ධානයට මොනවා උනාද නෑ? යුගදනවි ඉස්සරහා වීරයෝ උන විමල්, වාසු, ගම්මන්පිලලා ඉන්දියාව ඉස්සර හැහිරෙන්නේ පූස් පැටව් වගේ. හරියට තවමත් ඇස් ඇරපු නැති පූස් පැටවු වගේ.
කොහොම උනත් ජනාධිපති ජනවාරි හතර වෙනිදා සුසිල් ඇමතිකමෙන් එළවනවාත් එක්ක විමල්ලා කැබිනට් එකේ මේසේ යටටම රිංගුවා. යටින් ඇවිත් දැන් ඉන්නේ ජනාධිපතිගේ යකඩ සපත්තුව ළග.
මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් අහනකොට දිනේෂ්ගේ කනට කරලා මේවා කියලා මට ප්‍රශ්නයක් වෙයිද කියලා අහන තරමට විමල්ලගේ නැටි ඇකිලිලා ගිහින්.
හැබැයි මෙතනදී කඩුව අතට අරන් තියෙන්නේ ශ්‍රීලනිප නායක හිටපු ජනාධිපති මෛත්‍රී. මෛත්‍රී තවමත් කඩුව බිමි තියලා නෑ.දැන් සතියක දෙකක තිස්සේ හතර අතේ වනනවා.
රටේ රාළටත් හිතුනා මෛත්‍රී කරන මේ සටන ඇතුළේ තියන දේශපාලනය ටිකක් කතා කරන්න.
මෛත්‍රීගේ මේ ප්‍රහාරයේ පළවෙනි ඉළක්ක වෙලා තියෙන්නේ රාජපක්ෂලා. මෛත්‍රී රාජපක්ෂලාට නම් කරකර ගහනවා. මෛත්‍රී One, Two, Three කියකියා දෙන්න පටන් අරන්.
හැබැයි මෙතනදී එකක් බොහොම පැහැදිලියි. ඒ තමයි රාජපක්ෂ One,two,three ලගෙන් තවම මෛත්‍රීට ප්‍රහාරයක් එල්ල උනේ නෑ. රාජපක්ෂලා නිහඩයි. රාජපක්ෂලාගේ නිහඩකම තමයි භයානක.
රාජපක්ෂලා කියන්නේ ගහන්න වගේම දණ ගහන්නත් බැරි ජාතියක් නෙවෙයි. බලය වෙනුවෙන් ලෝකේ කරන්න තියන ලොකුම අසමජ්ජාතිම වැඩේ උනත් කරයි. ඔය මෛත්‍රීම කියන්නේ ජනාධිපතිවරණය කාලේ One,Two,Three ලා මෛත්‍රී ඉස්සරහා දණගහපු හැටි.
හැබැයි රාජපක්ෂලාගේ මේ නිහඩකම ඇතුළේ තමයි උත්තරය තියෙන්නේ. මෙතනදී මෛත්‍රීට ගහන්නේ පොහොට්ටුවේ දෙවෙනි පෙලත් නෙවෙයි. තුන්වෙන පෙල දාලා.
ඇත්තටම ඒ විදිහට ගහන එක මේ වෙලාවේ මෛත්‍රීට වාසි. මෛත්‍රී උඩටම ගහනවා. ඒ ඇටෑක් එකට උඩම එක එන්නෙත් නෑ ඊට පහල එක එන්නෙත් නෑ.
මෛත්‍රීට Face කරන්නේ පොහොට්ටුවවේ ඉන්න කුස්සි හා කක්කුස්සි සේවකයෝ. ඒකෙන් පේන්නේ උඩ බය වෙලා කියලයි. බය වෙලා නැතත් උඩට ප්‍රශ්නයක් තියනවා කියලා පැහැදිලියි. අපිට හොයා ගන්න තියෙන්නේ මෛත්‍රීට ඩිරෙක්ට් ගහන්න බැරි රාජපක්ෂලාට තියෙන ප්‍රශ්නය මොකද්ද කියලා.
ඊළගට මෛත්‍රීගේ ප්‍රහාරයට සාපේක්ෂව ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමෙන් පොහොට්ටුවට සැළකිය යුතු ප්‍රහාරයක් එල්ල වෙන්නෙම නෑ. නිමල් සිරිපාල ද සිල්වා හෙම හොයා ගන්නත් නෑ. මහින්ද අමරවීර අල්ලගන්න පස්සෙන් එලවන්න වෙලා. අනිත් අයත් ළග හිටියට කට අරින්නේ නෑ.එ
හෙනම් මේ සටන ගැන එක දෙයක් පැහැදිලියි. මේක අවසානය කොතනද කියලා රාජපක්ෂලාත් දන්නේ නැති, මෛත්‍රීත් දන්නේ නැති සටනක්.
ඒක නිසා මේ සටනත් විමල්ලගෙ සටන වගේම එකක් තමයි. ඉළක්කයක් නැති සටනක්.
ඒක නිසා මේ සටන කෙලවර වෙන්න පුළුවන් ආකාර ගොඩක් තියෙනවා. එකඟවීම්, යටත්වීම්, දණ ගැසීම් වගේම එලියට වැටීම් වගේ දේවල් වෙන්නත් පුළුවන්.
මෙතනදී රාජපක්ෂවරු මෛත්‍රී එක්ක ගැටුමට නොයෙන්න හේතු කීපයක් තියෙනවා.එකක් තමයි රාජපක්ෂලා ඒ ගැටුමට තව කල් ගන්න බව පේනවා. ඊළඟට එන ප්‍රශ්නය ඇයි මේ කල් ගන්නේ කියන එක.
ඇත්තටම ඔය දිළුම්ලා වගේ දේශපාලන බබාලා මොනවා කිව්වත් තවමත් රාජපක්ෂලා තුනෙන් දෙක ගැන හිතනවා. රාජපක්ෂලාට මෙච්චර කල් තිබුණා වගේම ඉදිරියටත් තුනෙන් දෙක වැදගත්. සමහරවිට ඊට වඩා වැදගත්. මේ නිහඩතාවයෙන් පේන්නේ රාජපක්ෂලාට ශ්‍රීලනිපය ගියොත් තුනෙන් දෙක නෑ කියන එකයි.
ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමේ ලොකු පිරිසක් එයාලට නවත්ත ගන්න බැරි බව පේනවා. ඇත්තටම මේ නිහැඬියාව ඇතුළේ එයාලා තුනෙන් දෙක හදාගන්න උපරිම උත්සාහ කරනවා වෙන්න ඕනි.
තුනෙන් දෙක හදාගන්නේ කොයි මොහොතේද ඒ මොහොතේ පටන් රාජපක්ෂලා මෛත්‍රී ගහන්න පටන් ගන්නවා.
හැබැයි මෙතන තියන ප්‍රශ්නය ශ්‍රීලනිපය ගියොත් රාජපක්ෂලාට තුනෙන් දෙක හදාගන්න පුළුවන්ද කියන එකයි. සමහර අය නං කියනවා කවුරු ගියත් පොහොට්ටුවට ආණ්ඩුවක් කරගෙනම යන්න අවශ්‍ය බහුතර බලය තියනවා කියලා.
බැලු බැල්මට ඒක ඇත්ත. හැබැයි එතන ආයෙත් ප්‍රශ්නයක් තියනවා. ඒ බහුතරය අතරින් සුසිල්, ජොන්, අනුර ප්‍රියදර්ශන, චන්දිම වීරක්කොඩි, විජේදාස ඒ ගොඩට දාන්න පුළුවන්ද?
ඊළගට එයාලා එක්ක එකඟතාවයෙන් තව කවුද ඇතුළේ ඉන්නේ කියලා රාජපක්ෂලා දන්නේ නැති බවත් පැහැදිලියි.
නිමල් ලන්සලා හරහා බැසිල්ලා බොරු ආණ්ඩු විරෝධයක් හදන්නේ ඒක චෙක් කරගන්න වෙන්නත් පුළුවන්.
ඇත්තටම ජනාධිපති සුසිල්ට ගහපු එකෙන් පොහොට්ටුව ඇතුළේ දේශපාලන බලවේග ගොඩක් අවුල් උන බව දැන් රාජපක්ෂලා දන්නවා. ඒකෙන් ආණ්ඩුවට උනේ බරපතල අවාසියක්. මොකද සුසිල් පහර කෑවේ ඇත්තටම ජනතාවගේ ප්‍රශ්නයක් කතා කරලා.
රටේ රාළ සුසිල් වෙනුවෙන් පෙනී නොහිටියට සුසිල් කියපු කතාව වෙනුවෙන් පෙනී ඉන්නවා.
ඒ ගැහිල්ල මේ වෙලාවේ මෛත්‍රීට ගැහුවොත් ආණ්ඩුවට වෙන්නේ ඊටත් වැඩිය අවාසියක්. එහෙම උනොත් අනුකම්පාව කියන සාධකය මෛත්‍රී පැත්තට හැරෙන්නත් පුළුවන් බව රාජපක්ෂලා දන්නවා.
මෛත්‍රීට ගහද්දී ආණ්ඩුව ඇතුළේ තියන සුළු පක්ෂ සන්ධානයට සුසිල්ට ගහද්දී නිහඩව හිටියා වගේ ඉන්න බෑ. මොකද ශ්‍රීලනිපය කියන්නේ සුළු පක්ෂ සන්ධානයේ පාර්ශවකරුවෙක්. ඊළඟට ශ්‍රීලනිපය වෙන්වෙලා ගිහින් වෙනම සන්ධානයක් හැදුවොත් ඒක ආණ්ඩුවට බරපතල ප්‍රශ්නයක්.
මෛත්‍රීට අමතරව ආණ්ඩුව ඇතුළට බලපෑම් කරන චරිතයක් බවට දැන් හිටපු ජනාධිපතිතුමියත් පත් වෙලා. එයත් පොහොට්ටුවේ මන්ත්‍රීලා එක්කෙනා දෙන්නා බානවා. කොහොමත් චන්ද්‍රිකා පෙන්නන දේම ඇත්ත නෙවෙයි. හැම වෙලේම එයා පෙන්නන්නේ ටිකයි. තීරණාත්මක සාධකය හැමදාම චන්ද්‍රිකා එලියට ගන්නේ අන්තිම මෙහොතේ.
මේ සියලු විශ්ලේෂණවලින් පේන්නේ මේ මොහොතේ රාජපක්ෂලා ඉන්නේ අසීරු තැනක කියලයි.
රාජපක්ෂලාට සාපේක්ෂව මෛත්‍රී ඉන්නේ එච්චර අසීරු තැනක නෙවෙයි. මෛත්‍රී රාජපක්ෂලාට වැරෙන් පහර දෙන්න පුළුවන් තැනක ඉන්නවා. මේ මොහොතේ ලංකාවේ දේශපාලනයේ බලවත්ම චරිතය මෛත්‍රී කිව්වට ඒකේ ලොකු වරදක් නෑ.
ඊළඟට එන ප්‍රශ්නය මෛත්‍රීට ඒක තව කොච්චර දවසක් පවත්වාගෙන යන්න පුළුවන්ද කියන එකයි.
හැබැයි රටේ රාළ කියන්නේ මෛත්‍රීට ඒ අභියෝගය ළග ලගම එනවා. ඒ අවස්ථාවට මෛත්‍රී මුහුණ දෙන ආකාරයයත් එක්ක තමයි මෛත්‍රී කරපු මේ සටනට යථාර්ථයක්ද රගපෑමක්ද කියලා රටට තහවුරු වෙන්නේ.
හැබැයි මෛත්‍රීට මෙතනදී 20 වෙනි සංශෝධනයේදී වගේ තනියෙම පැනලා ගිහින් ඇග බේරා ගන්න බෑ. ශ්‍රීලනිපය පක්ෂයයක් විදිහට ඒකට මුහුණ දෙන්න ඕනි. මෛත්‍රී පක්ෂ නායකයා විදිහට ඒ වගකීම බාරගන්න ඕනි.
ඔයාලා හිතයි මොකද්ද මෛත්‍රීට ළගදීම පහු කරන්න තියන කඩයිම කියලා. ජනාධිපතිතුමා 18 වෙනිදා පාර්ලිමේන්තු සැසිය විවෘත කරලා රාජාසන කතාව කරනවා. දැනටමත් රනිල් හා සජබෙ ඒ සම්බන්ධව කල් තැබීමේ විවාදයක් ඉල්ලලා තියනවා. එතනදී විපක්ෂය බෙදීමක් ඉල්ලනවා.ඒ වෙලාවේදී ආණ්ඩුවට තුනෙන් දෙක අත්‍යවශ්‍යයි.
රාජපක්ෂලාගේ ඉවසීමේ සීමාවේ එක තැනක් ඒක වෙන්න ඕනි. ආණ්ඩුවට ඒ තුනෙන් දෙක හදා දෙන්න ශ්‍රීලනිප මන්ත්‍රීවරු 14 දෙනාගේ අත් උස්සනවා නම් මෛත්‍රී මේ කරලා තියෙන්නේ ගඟට ඉනි කැපීමක් විතරයි. තවත් ඓතිහාසික රංගනයක් විතරයි.
මෛත්‍රී කරන මේ සටන සම්බන්ධව නිවැරදි විග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ ශ්‍රීලනිපය එතනදී ගන්න තීරණයක් එක්කයි. ඒකට තව තියෙන්නේ ටික දවසයි. එතකන් පොඩ්ඩක් ඉමු.
එහෙනම් ගිහින් එන්නම්.
බුදු සරණයි ජයවේවා.මිට
රටේ රාළ
(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්..)