ඊයේ රාජපක්ෂලාගේ තවත් දේශපාලන පම්පෝරියක් අවසන් ගමන් ගියා.



ඒ දවස්වල මහින්දගේ හරිම ජනප්‍රියයි සටන් පාඨයක් තිබුණා මතකද? රාජපක්ෂලා වෙලාවටත් ඉස්සෙල්ලා ඡන්ද තියනවා කියලා. ඒ කියන්නේ වෙලාවටත් ඉස්සෙල්ලා ජනමතය උරගාලා බලනවා කියලා.

එහෙම කියපු මහින්ද කළේ එකට තියන්න ඕනි පලාත් සභා ඡන්දය කඩ කඩා තියපු එක. බලය වෙනුවෙන් රටේ සල්ලි වගේම ජනතාවගේ කාලය නාස්ති කරලා ජනමතය මංකොල්ල කාපු එක.

එදා එහෙම කරලා මහින්ද පලාත් සභාවල බලය ආරක්ෂා කරගත්තා.

 

හැබැයි මහින්ද ඇණ ගත්තේ වේලාසනින් ජනාධිපතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න ගිහිල්ලා. 18 වෙනි සංශෝධනයත් සම්මත කරගෙන මැරෙනකං බලයේ ඉන්න හිතාගෙන අවුරුද්දකට මෙහෙහායින් ජනාධිපතිවරණයට ගියා. ඒකෙන් ඇණ ගත්තා කියන්නේ කද හරහාම ඇණ ගත්තා.

 

එදා මහින්ද ඇණ ගත්තේ ඉක්මනින් ඡන්ද තියලා කියමුකෝ. අම්මෝ...ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න ඒ දවස්වල මහින්දට තිබුණ උවමනාව. ඔය කියන විදිහට ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ පියා මහින්ද වෙන්න ඕනි. ඇයි ඉතින් තමන් පරදින බව දැන දැනම ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය දුන්න එකම මදිද ඒ ගෞරව නාමය හිමිකරගන්න.

මොකද එදා මහින්ද පරදින බව ජනාධිපතිවරණයට කලින් ඩිව් ගුණසේකර ඔප්පු කරලා පෙන්නුවා.

හැබැයි එතන මහින්දටත් වඩා ප්‍රජාතන්ත්‍රවාදියෙක් හිටියා. ඒ තමයි සුමනදාස. සුමනදාස තමයි මහින්දට කියලා තිබුණේ දැන් තමයි ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න හොදම වෙලාව කියලා.

අපරාදේ කියන්න බෑ සුමනදාසගේ ඒ වැඩෙන් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය හම්බ උනා. ඇයි ඉතින් ඒකාධිපති 18 ඉවත් කරලා අඩුපාඩුකම් සහිතව හරි රටට ප්‍රජාතන්ත්‍රවාදය හම්බ උනා.19 වෙනි සංශෝධනයෙන් සැලකියයුතු මානව නිදහසක් මේ රටේ ජනතාවට හම්බ උනා. ඇත්තටම ඒ නිදහස මේ රටේ ජනතාව භුක්ති වින්දා.

ඒක ඊළඟ ජයග්‍රාහී පියවර දක්වා ගෙනියන්නේ නැතිව කරපු පිස්සුවට යහපාලන ආණ්ඩුව වගකියන්න ඕනි. ඇත්තටම රනිලුයි, මෛත්‍රීයි වගකියන්න ඕනි.

 

මෛත්‍රී ඉතින් ආපහු රාජපක්ෂලා බලයට ගේන්න දායක වෙලා දැන් අඩනවා. අඩ අඩා මේ ආණ්ඩුවේ ඉන්නවා. බැන බැන ඉන්නවා. හිට, හිට බනිනවා. ඒකත් මරු ප්‍රජාතන්ත්‍රවාදයක් තමයි. ඇත්තටම මෙතන ලස්සනම කතාව ඒක නෙවෙයි. එදා ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න කතා කරපු රාජපක්ෂලා මේ පාර බලය ගත්ත ගමන් කළේ ඒ ව්‍යවස්ථාවේ යන්තම් හරි ප්‍රජාතන්ත්‍රවාදි කියලා කියන්න පුළුවන් 19 වෙනි සංශෝධනය අහෝසි කරලා අත්තනෝමතික 20 වෙනි සංශෝධනය සමිමත කිරීම.

 

කොහොමද ඒ ප්‍රජාතන්ත්‍රවාදය. පවුලට ප්‍රජාතන්ත්‍රවාදය. එදා 20 වෙනි සංශෝධනයට අත උස්සපු හැම කෙනාම ඒක වෙනුවෙන් වන්දි ගෙවන්නට ඕනි. අඩුම ගානේ ජනතාව ඉස්සරහා සමාව ගන්න ඕනි.

කවුරු හරි හිතනවා නං ඒක අමතක කරලා සුද්ධවන්තයෝ වෙන්න. ඒකට රටේ රාළලා ඉඩ දෙන්නේ නෑ. හැබැයි වෙච්චි වරද පිලි අරගෙන ඒක නිවැරදි කරන්න කාටත් අයිතිය තියනවා.

අද මරු වැඩේ රාජපක්ෂලාට වෙලා තියෙන්නේ. වෙලාවටත් කලින් ඡන්ද තියනවා කිව්ව රාජපක්ෂලා ඔන්න පාලාත් පාලන ජන්දය කල් දාලා. දැන් ලැජ්ජාව වහ ගන්න එක එක බයිලා ගහනවා.

රටේ රාළ දැක්කා එක දේශපාලන බබෙක් කියනවා පලාත් පාලන ඡන්ද තිබ්බේ 2018 අවුරුද්දේ. එතකොට තිබ්බේ යහපාලන ආණ්ඩුව, ඒක නිසා එයාලට වැඩ කරන්න උනේ නෑ. ඒක නිසා තව අවුරුද්දක් දීර්ඝ කිරීම සාධාරණයි කියලා.

රටේ රාළ නං ඕකට කියන්නේ ගෝඨාභය තියරිය කියලා. ජනාධිපතිතුමත් පහුගිය දවසක ඔය වගේ තියරියක් දාගෙන ආවා. කවුද මානවකයෙක් ඇවිත් ජනාධිපතිතුමාට කිව්වලු කොරෝනා නිසා එතුමාට අහිමි උන අවුරුදු දෙක ආය ගන්න ජනමත විචාරණයක් තියන්න කියලා.

 

 

පරණ බණ කතාවල නං ඔහොම කෑලි තියනවා. ඒ කියන්නේ කතාවේ අවස්ථා සම්බන්ධය හදාගන්න බැරි වෙනකොට එක්කෝ එතෙන්ට ශක්‍රයා එනවා. නැත්තං ඔය වගේ මානවකයෙක් එනවා. ගොඩක් වෙලාවට මානවකයෙක් විදිහට වෙස්වලාගෙන එන්නෙත් ශක්‍රයා. මෙයත් ඒ ජාතිය බඩුවක්ද දන්නේ නෑ.

 

ඇත්තටම මහ පාරේ හම්බ වෙලා කවුරු හරි කියන කතාවල තමන්ට වාසිදායක කෑල්ල කියන්නද මේ රටේ ජනාධිපති ඉන්නේ. ජනාධිපතිතුමා රටේ ජනතාව කියන කතා අහන්න ඕනි නං ඔය හැමතැනම තියෙන මොකක් හරි පෝලිමකට ගිහින් බලන්න. ඔය විදිහට එන්න බෑනේ. ආවොත් හූ කියනවනේ. ඒක නිසා වෙස්වලාගෙන තමයි එන්න වෙන්නේ.

කොහොම හරි ආවොත් ඔබතුමාට ලක්ෂ ගානක් ජනතාව කියන අදෝනාව ඇහෙයි. ඔබතුමාලට ජනතාව කරන සාපය ඇහෙයි. එතකොට නං තවත් දෙකක් වැඩි කරගන්න නෙවෙයි තියෙන තුනත් දාලා යන්න හිතෙයි.

 

ඇත්තටම දැන් රාජපක්ෂලාට ප්‍රජාතන්ත්‍රවාදයේ දෙකොන පත්තු වෙලා තියෙන්නේ. ජනතාව අතරට යන්න බැරි නිසා ජන්ද කල් දානවා. හැබැයි ඒ කල්දාන එකෙන් අවුල් දෙකක් වෙනවා. එකක් මේ මෙහොතේ ජනතා අප්‍රසාදයට ලක්වෙනවා. අනික තමයි අර්බුදය කල් යන්න යන්න තවත් තිව්‍රර වෙනවා. අදට වඩා හෙට භයානකයි.

 

රාජපක්ෂලාගේ පැත්තෙන් හිතුවොත් රාජපක්ෂලාට හොදමදේ ඉක්මනින් ඡන්දවලට යන එක. ඒත් දිනන්න බෑ. පරාජය අවම කරගන්න පුලුවන්. හේදිලාම යන එක නතර කරගන්න පුළුවන් වෙයි. ඒත් ෂුවර් නෑ. දැන් ඔය කල්දාපු ඡන්දය තියන්න ඕනි දවස එනකොට රාජපක්ෂලාට පාරට බහින්න බැරි තත්වයකුත් උදාවෙලා තියෙන්නත් බැරි නෑ.

අද බේරෙන්න කල් දැම්මට තව යන්න යන්න පරාජය තවත් ලොකු වෙනවා. ඒක නිසා රාජපක්ෂට අද වෙලා තියෙන්නේ දැන් තිබ්බත් තෝ නහී කල් දැම්මත් තොපි ඔක්කොම නහී වගේ වැඩක්.

මේ තත්වය ජනාධිපතිතුමාට හරියට තේරෙනවද කියලා රටේ රාළ දන්නේ නෑ. මොකද එතුමාම කියලා තිබ්බනේ එතුමාට දේශපාලන අද්දැකීම් අඩුයි කියලා. හැබැයි මේක මහින්දටයි, බැසිල්ටයි නොතේරෙන්න බෑ. රටේ රාළට කියන්න තියෙන්නේ ප්‍රමාදය දුකට හේතුවයි කියලා. බැසිල් සල්ලි බෙදාගෙන සහන දිගෙන ආවේ බැසිල්ට මේක තේරෙන නිසා තමයි. ඊට අමතරව 2024 එයාගේ ජනාධිපති හීනෙත් ඇති.

හැබැයි දැන් එයාටත් තේරෙනවා ඇති දැන් ඒ තියරිය මේ මහපොලවට ඇප්ලයි කරන්න බෑ කියලා.

 

බැසිල් රාජපක්ෂ මහත්තයෝ දැන් මේක සල්ලි බෙදලා ගොඩදාන්න බෑ. එන්න එන්නම සල්ලිවල වටිනාකම අඩුවෙනවා. බැසිල් රුපියල් අච්චු ගැහුවේ හරියට ලෝකෙටම බෙදන්න වගේ. රුපියල් ඩොලර් කියලා හිතිලාද මන්දා. සමහරවිට ද්විත්ව පුරවැසි නිසා රටවල් දෙකේ සල්ලි මාරු වෙනවත් ඇති. එකපාරට රුපියල් ඩොලර් වගේ පේනවද දන්නේ නෑ?

 

ඕක නෙවෙයි ගොඩ යන ක්‍රමය. රටේ රාළ ඕනි නං කියන්නං ගොඩයන ක්‍රමයක්. සල්ලි එපා පුළුවන් නං මේ තියන බඩුමිල 50% කින් අඩු කරන්න. එතකොට ගොඩ. ඒක කරන්න බැසිල්ට නෙවෙයි බැසිල්ගේ රටේ ජනාධිපති ජෝ බයිඩන් ආවත් බෑ. ඒක නිසා අද නෙවෙයි කවදා ඡන්දේ තිබ්බත් බැසිල්ට ගම සමග පිලිසදරකට ඇමරිකාවේ යන්න වෙනවා. සමහරවිට ආය කවදාවත් එන්න බැරි විදිහට යන්න වෙයි. ඇත්තටම ඔයාලා තවමත් ඉන්නේ මේ තියන විපක්ෂයට පින් සිද්ධ වෙන්න.

ඒකත් මතක තියාගෙන කරන දෙයක් කරන්න.

හැබැයි මෙතනදී රටේ රාළ එකක් පිලිගන්නවා. රටේ ආර්ථිකය කළමණාකරණය කරන්න ඔයාලට බැරි උනාට ඔයාලගේ බලයට අභියෝගයක් නොවෙන විදිහට විපක්ෂය කළමණාකරණය කරන්න ඔයාලා දක්ෂයි. ඒකත් ඇත්තටම දක්ෂකමක් තමයි. නැත්නම් මෙච්චර ආණ්ඩු විරෝධයක් තියෙද්දී තවදුරටත් බලයේ ඉන්න රාජපක්ෂලාට බෑ.


එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි. ජයවේවා.

Priynatha witharanaමීට
රටේ රාළ


(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්..)

Leader Whats app

 
  
 
 
ස'ගේ රාජාසන කතාව පැරදවීමේ සූදානමක්! | Gossip
 
 
පෝට්සිටිය අපිට අයිති නෑලූ ! | මොණරවිලගේ ලියමන 
 
 
සර් බැරිද විමල්ට කියලා සිරිසේන..කෝ..මේ සිරිසේන පාරක් දාගන්න.

 
ඩොලර් රහස | Mr. Opposite 
 

அமைச்சுப் பதவியைத் துறக்கத் தயாராகும் நாமல் ராஜபக்ச | Gossip

  
වියත් කතා/ පන්දාහේ කොලය වෙනුවට දහදාගේ කොලය
 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්