මේ අද දැකපු හෙඩ් ලයින් එකක්.
චීනෙට විතරක් මෙඩිකල් ඩිග්‍රිය ගන්න 1000කට වඩා වසරකට යනවා. මෙවගේම රුසියාවට, බංග්ලාදේශය පමනක් නෙමෙ නේපාලයටත් යනවා...
සාමාන්‍යයෙන් බටහිර රටකට අධ්‍යාපනයට යන්නෙ බොහො විට මයිග්‍රෙට් කරන්න බලාගෙන.
එත් මෙවැනි රටවලට යන්නෙ එහෙම අදහසකින් කියා හිතන්න අමාරුනෙ...
අනිත් අධ්‍යාපන ක්ෂේත්‍ර වගෙ විද්‍යා අධ්‍යාපනයටත් රට තුල විකල්පයක් තිබ්බනම්, මෙ රටෙන් එලියට යන සල්ලි කොපමන නතර කරගන්න තිබ්බද..
අපේ ජනගහනයට සමාන ජනගහනයක් ඉන්න ඕස්ට්‍රේලියාව අධ්‍යාපනය අපනයනය කරල වසරකට ඩොලර් බිල්යන 20ක් විතර හොයනව, අපේ මුලු අපනයන ඉන් බාගයක්වත් නැහැ..
ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, නේපාල, භූතාත ඇතුළු ලංකාවේ සිසුන් උපාධි ගන්න යන රටවල අධ්‍යාපන ආයතනවල ලංකාවේ දේශීය නියෝජිතයන් විදියට වැඩ කරන්නෙ අන්තර් විශ්වවිද්‍යාව ශිෂ්‍ය බල මණ්ඩලය හා එය නටවන පෙරටුගාමීන් මෙන්ම ජවිපෙ ද වේ.
ඕස්ට්‍රේලියාව අධ්‍යාපනය අපනයනය කිරීමෙන් වසරකට ඩොලර් බිලියන 20ක් උපයන අතර ලංකාව ඒක කරන්න යනකොට ඔය උඩ ඉන්න අය කියන්නෙ ඔන්න අධ්‍යාපනය විකුණනව කියල.(ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ)
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති
(Mahinda Pathirana ගේ ෆේස්බුක් පිටුවෙන්..)
සබැඳි ලිපිය