2012 නොවැම්බර් 09 වෙනිදා වැලිකඩ බන්ධනාගාරය ඇතුළේ සිද්ධ උන සමුහ මිනිස් ඝාතනයට එරෙහි නඩුවේ තීන්දුව ඊයේ ප්‍රකාශයට පත් උනා.


ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ මේ නඩුව අවුරුදු දහයකට වැඩි කාලයක් අහලා තිබුණා. කොහොම හරි ඒ සිද්ධියෙන් මියගිය සිරකරුවන් 27 දෙනාගෙන් අට දෙනකුගේ ඝාතනවලට සාක්ෂි සොයාගෙන තිබුණා.

නඩුවේ අවසානයේ හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන එමිල් රංජන් ළමාහේවාට මරණ දඩුවම නියම උනා.

නඩු තීන්දුව ප්‍රකාශ කළාට පස්සේ මරණ දඩුවම හිමි උන එමිල් විත්ති කුඩුවේ ඉදන් මෙහෙම කිව්වා.

" ස්වාමීනී, මේ සිද්ධිය සිදුවනවිට මම බන්ධනාගාර අධිකාරීවරයෙක්. මෙවැනි ක්‍රියාවකට සම්බන්ධ වෙන්න මට කිසිම අවශ්‍යතාවයක් තිබුණේ නෑ. එදා බන්ධනාගාර ඇතුළේ 3000 ක් විතර පිරිසක් හිටියා. ඒ සියල්ල අතරින් මම පමණක් වැරදිකාරයා වෙන්නේ කොහොමද? මේක දේශපාලන කුමන්ත්‍රණයක් මත ඉදිරිපත් කරපු චෝදනාවක්. මම මේ සියලු චෝදනා ප්‍රතික්‍ෂේප කරනවා " කියලා.

ඇත්තටම රටේ රාළ අද දේශපාලන සාකච්ඡාව ගොඩනගන්නේ එමිල්ගේ ඒ අවසන් ප්‍රකාශය පදනම් කරගෙන.


walikada
අපේ රටේ දේශපාලන ව්‍යුහ හැදිලා තියෙන විදිහ ගැන ඔයාලට පොඩි හරි අවබෝධයක් ඇති. ජනාධිපති, අගමැති, කතානායක, ඇමති, රාජ්‍ය ඇමති. මන්ත්‍රී, ඊළඟට පලාත් සභාවල නං මහ ඇමති, ඇමති, මන්ත්‍රී, පලාත් පාලන ආයතනවල නං නගරාධිපති, සභාපති නැත්තං මන්ත්‍රී ඔහොම ඉහල ඉදින් පහලට එනකම් මහජන නියෝජිත ලයිස්තුවක් තියනවා.

ඒ හැම ධූරයකටම අදාළ වගකීමක් තියනවා. හැමකෙනාම රටේ නීතියට යටත්. සියලු දෙනාම ඉස්සෙල්ලාම දිවුරුම් දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා කියලා. ඊට පස්සේ රට හතුරු වෙන්නේ නෑ කියලා. මේ හැම කෙනාගේම වගකීම පනත් වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වලා තියනවා.

ඒ වගේම අපේ රටේ නිළධාරී යාන්ත්‍රණයේ ඉහල සිට පහලටත් ඔයාලට පොඩි හරි අවබෝධයක් ඇති. ජනාධිපති ලේකම්ගේ පටන් අමාත්‍යාංශය ලේකම්, දිසාපති, ප්‍රාදේශීය ලේකම් දක්වාත්, නීතිපති, හමුදාපතිවරුන්, පොලිපති, ඇතුළු නිළධාරීන් සම්බන්ධවත් අහලා හරි ඇතිනේ.

මේ හැම නිලධාරියෙකුටම ආයතන සංග්‍රහය යටතේ පැවරුණු වගකීම් වගේම වගකීම් පැහැර හරිනවා නං ඒවට දෙන දඩුවම් දණ්ඩ නීති සංග්‍රහයේත්, අපරාධ විධිවිධාන පනත්වලත් පැහැදිලිව සදහන් කරලා තියනවා. ඒවාට දඩුවම් ක්‍රියාත්මක කරන්න වෙනමම අධිකරණ පද්ධතියකුත් තියනවා. ඒ අධිකරණය පද්ධතිය සම්පුර්ණයෙන්ම ස්වාධීනයි කියලා රටේ රාළ කියන්නේ නෑ.




ඒත් ජනතාවගේ පොඩි හරි විශ්වාසයක් ඉතිරිවෙලා තියෙන්නේ අධිකරණ පද්ධතිය ගැන විතරයි. එදා සුද්දා අපි අතට බාර දුන්න ධනේශ්වර රාජ්‍ය යාන්ත්‍රණයේ හොඳ ලක්ෂණ ගොඩක් තිබුණා. සුද්දාගෙන් පස්සේ බොහෝම බෙලහීන විදිහට ඉස්සරහට ඇවිත් ඉතුරු වෙලා තියෙන ධනේශ්වර ලක්ෂණ ටිකක් අදටත් තියනවා. හරියට යාවක්කාලීන නොවුනත් එහෙම ක්‍රමයක් තියනවා.



ඇත්තටම සුද්දාගේ ධනේශ්වර යාන්ත්‍රණය ශක්තිමත් එකක්. ඒක එහෙම වෙන්න බලපාපු ප්‍රධාන හේතු දෙකක් තිබුණා.

ඒක අපට හොඳ නැති වෙන්න පුළුවන්. මොකද සුද්දා ඒ ක්‍රමය හැදුවේ අපට සාධාරණය ඉෂ්ඨ කරන්න නෙවෙයිනේ. හැබැයි සුද්දාට තමන්ගේ උපායමාර්ගය මත ස්ථානගත උන දේශපාලන යාන්ත්‍රණය තිබුණා. ඒ වගේම ඒක ඉදරියට ගෙනියන්න හැදුණු විශිෂ්ඨ නිලධාරී යාන්ත්‍රණය තිබුණා.

ඔයාලා හොදට හොයලා බලන්න සුද්දන්ගේ නිළධාරී යාන්ත්‍රණයේ හිටිය අති බහුතරය විශිෂ්ඨ රාජ්‍ය සේවකයෝ. ඇත්තටම එයාලා තමයි මේ ධනේෂ්වර යාන්ත්‍රණයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සියල්ල කළේ.

හැබැයි සුද්දගෙන් පස්සේ රට බාර ගත්ත අපි මොකද කළේ. එකක් අපි අපට ගැලපෙන ක්‍රමයක් හදා ගත්තේ නෑ. එහෙම නොකලා විතරයක් නෙවෙයි සුද්දා හදලා දීලා ගිය ක්‍රමයයත් සම්පූර්ණයෙන්ම විනාශ කළා. අද දේශපාලනය වගේම රටේ නිළධාරී යාන්ත්‍රණය සම්පුර්ණයෙන්ම දූෂිතයි. අකාර්යක්ෂමයි.




දේශපාලන වශයෙන් බලය තහවුරු කර ගත්තාට පස්සේ අපේ රටේ දේශපාලනඥයාට අමුතු පිස්සුවක් හැදෙනවා. එයා සර්ව බලධාරී වෙනවා. එයා නීතිය වෙනවා. සියල්ල වෙන්නේ රටේ තියන නීතියට අනුවවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් අනුව නෙවෙයි. අර පිස්සු බහුභූතයන්ට ඕනි විදිහට.



විධායක ජනාධිපතිධූරය ස්ථාපිත කරනවාත් එක්ක තත්වය නරකම අතට හැරුණා.මේ දක්වා අපේ රටේ හිටපු හැම විධායක ජනාධිපතිම රටේ ව්‍යවස්ථාව උළ්ලංඝනය කරලා තියනවා. නීතිය අභිබවා ගිහින් තියනවා. හැබැයි ඒවට මොකුත් දඩුවම් නෑ.දඩුවම් දෙන්නේ කොහේද නීතිය ජනාධිපති උනාට පස්සේ.

ඔයාලා දකින්න ඇතිනේ මේ ජනාධිපතිතුමත් කියනවා එයා කියන එක තමයි නීතිය කියලා. ඒ කියන්නේ එයා අනෙක් සියල්ල නොසළකා හැරලා කතා කරන්නේ. අද මේ රටේ ගෑස් සිලින්ඩර හැමතැනම පුපුරනවා. හැබැයි ගෑස් සමාගම් දෙකට නීතිමය ක්‍රියාමාර්ගක් ගන්න අපේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බෑ.

හේතුව මොකද්ද සභාපති ජනාධිපතිගේ අධ්‍යක්ෂක මණ්ඩලය මුදල් ඇමතිගේ. එහෙමයි කියන්නේ. ඒකෙන් එක දෙයක් පැහැදිලි වෙනවා අද අපේ රටේ රාජ්‍ය ආයන ඇතුළු සියලු ව්‍යුහයන් වැඩකරන්නේ ආයතන සංග්‍රහයෙන්, සේවා ව්‍යවස්ථාවලින් තමන්ට පැවරුණු වගකීම් හා කාර්ය පටිපාටියට අනුව නෙවෙයි. අර පිස්සු නටන දේශපාලන චරිතවල උවමනාවට. අද රාජ්‍ය යාන්ත්‍රණයටම ඒ අපරාධය වෙලා ඉවරයි. වෙලා නෙවෙයි කරලා ඉවරයි.

එදා රාජ්‍ය සේවයේ හිටිය වගකීම සහගත විනයගරුක සුද්දා අද මෙහේ නෑ. එහෙම එකෙක් දැන් එංගලන්තයේ නං ඉන්නවා. බලන්න ඒ ආයතන කොච්චර වගකීම සහගතද? කොච්චර කාර්යක්ෂමද? අපට නං දැන් ඒවා හීන විතරයි.



කොහොම හරි අද අපේ රටේ රාජ්‍ය සේවයේ ඉහළ නිළධාරින් මුහුණ දීලා තියෙන අවාසනාවන්ත අද්දැකීම තමයි ඊයේ එමිල් විත්ති කුඩුවේ ඉදන් කිව්වේ.  තමන්ගේ ආයතනික සීමාවෙන් පිට ගිහින් දේශපානඥයාගේ අතකොලු විමේ දඩුවම අපේ රටේ ගොඩක් නිළධාරින් ඉතිහාසය පුරා විදලා තියනවා.



අවසානයේ අදුරු හිරකුටියක් ඇතුළේ මැරෙන්න සිද්ධ උන රාජ්‍ය සේවකයෙක් අද ඉන්නවා. ඔන්න අර දුමින්ද සිල්වාට වගේ ජනාධිපතිතුමාටත් එමිල් ගැන දුක හිතුනොත් පොඩි චාන්ස් එකක් තියෙයි. නැත්තං ඉතින් Sorry ම තමයි.

DIG Anura Senanayake
 අපේ රටේ එහෙම වෙච්ච නිළධාරින් කීදෙනෙක් ඉන්නවාද? ඔයාලට මතක ඇති හිටපු පොළිස්පති අනුර සේනානායක. එයාට තිබුණ චෝදනාව තමයි වෂිම් තාජුදීන් ඝාතනයේ සාක්ෂි වසන් කිරීම.

 රටේ රාළ හිතන්නේ නෑ අනුර සේනානායකට සාක්ෂි හංගන්න තරම් පෞද්ගලික ප්‍රශ්නයක් තාජුදීන් එක්ක තිබුණා කියලා. ඒයා ඒක කළේ දේශපාලන බලපෑමට. ඒත් එයාට අණ දුන්න දේශපාලනඥයෝ අදත් යහතින්. අනුර සේනානායකට අවසානයේ උරුම උනේ අවාසනාවන්ත ජීවිතයක්. අවාසනාවන්ත මරණයක්.

ඒ වගේම එදා මහින්ද ජනාධිපති කාලේ එයා දුන්න නියෝගවලට වැරදිකාරයා වෙලා දඩුවම් වින්දේ එයාවටේ හිටපු නිළාරීන්. කොහොම හරි අධිකරණයෙන් වැරදිකාරයා උන ගොඩක් අය අභියාචනාවලින් නිදොස් කොට නිදහස් උනා. හැබැයි ඒ නිදහසවීම් සම්බන්ධව බරපතල සංවාදයක් රටේ හැදිලා තියනවා.

පක්ෂ විපක්ෂ කියලා නෑ බලයේ ඉන්දැද්දී කවුරුත් මේ අපරාධය කළා. උදාහරණයක් ගත්තොත් පාඨළීගේ වාහනයට යටවුන තරුණයා යටවුණු තැන තිබුණ CCtv කැමරා අක්‍රීය වෙලා තිබුනා. අද ඒ සම්බන්ධව පොලිස් නිලධාරීයෙකුට චෝදනා එල්ල වෙනවා.

පාස්කු ප්‍රහාරයේ වගකීම ඉෂ්ඨ කළේ නෑ කියලා හිටපු පොළිස්පතිට හා හිටපු ආරක්ෂක ලේකම්ට චෝදනා එල්ල වෙලා තියනවා. ඇත්තටම හිටපු පොළිස්පති පූජිතලා ෆෝන්වලට Answer කර කර නීතිය නමපු හැටි කාටත් මතකයි. ඒ Calls වල එහා පැත්තේ හිටියේ දේශපාලනඥයා තමයි.

බීමතින් රිය පදවලා අනතුරු කරපු ලොකු ලොක්කන්ගේ දරුවගේ වාර්තාව ආවේ එයාලා බීලා නෑ වොට්කා බෝතලයකට ඇල්වතුර දාගෙන බීලා කියලා.

රතුපස්වල ජනතාවට වෙඩි තියන්න අණ දුන්න හමුදා නිලධාරියා කොටු වෑද්දී අණ දෙන්න ඕඩරය දුන්න අය බේරුණා.

ඊළගට ඔය මහ ලොකු විප්ලවවාදී ව්‍යාපාරයවල ලොකු ලොක්කෝ ටැප් වෙන්න ගහලා ලයිට් කණු කඩාගෙන ගියහම ආපු අරක්කු ගද අන්තිමට අරක්කු ගද නොවී කටේ ගද බවට පත්වුණා.

මේ හැම සිද්ධියකදීම කොයි පැත්තේ හරි දේශපාලනඥයෙකුට යටත් උන නිවට නිළධාරියෙක් ඉන්නවා.



අවසානයේදී දේශපාලනඥයා බේරිලා නිළධාරියා කොටු වෙනවා. සමහර අය ඇත්තටම හොද නිළධාරින්. ඒත් දේශපාලනඥයා ඉස්සරහා කෙලින් හිටගන්න කොන්දක් නොතිබීම හින්දා අමාරුවේ වැටිලා දඩුවම් විදිනවා.



ඒක නිසා ඇත්තටම අපේ රටේ කිසිම නිළධාරියෙකුට අයිතියක් නෑ දේශපාලකයාගේ පැත්ත අරන් ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වෙන්න.

එයාලට අදාල සියලු නීති අණපනත් හැදිලා තියෙන්නේ ජනතාව ආරක්ෂා කරන්න. තමන්ගේ වෘත්තීය සීමාවන් ඇතුළේ ක්‍රියාත්මක වෙන්න කොන්ද පණ තියෙන්න ඕනි.

එහෙම නැත්නම් ඉතින් Sorry ම තමයි.

රටේ රාළ අපේ රටේ රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලන්නේ මෙතන ඉදන්වත් ඒ පිට කොන්ද හදා ගන්න කියලා.

එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි ජයවේවා.

මීට
රටේ රාළ
Priynatha witharana

(Priyanjith Vitharana ෆේස්බුක් පිටුවෙන්...)

 

 

 

Leader Whats app


 
 
 
නාමල් මෛත්‍රීට කෙළින්ම කියයි! බැසිල්ටත් ටොක්කක්!!| Gossip
 
 
 
 

සර් ජනමත විචාරණ තියන්න ඉස්සෙල්ලා පාරේ බැහැලා යන්න පුළුවන් විදිහක් හදලා දෙන්න.  

 

இலங்கையில் அவசர பொதுத் தேர்தல்? பிரதமர் வேட்பாளராக களமிறங்கும் பசில்!

 

  
කලින් ජනමත විචාරණයක් ! | මොණරවිලගේ ලියමන
 
 
 
ස'ගේ රාජාසන කතාව පැරදවීමේ සූදානමක්! | Gossip
 
 
 
ඩොලර් රහස | Mr. Opposite 
 

 
වියත් කතා/ පන්දාහේ කොලය වෙනුවට දහදාගේ කොලය
 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්