පෑලියගොඩින් කඩවත වෙනකල් සහ නිට්ටඹුවෙන් පස්සේ දැන් තියන පාරේ නුවරට එළවන එවුන් තමයි දන්නේ හයිවේ එක වැටෙන එකේ තියන ආතල් එක.
නැත්නම් මේ වගේ නිවාඩු සීසන් එකක නුවරට යන්න වෙන්නේ අඟලට. ඒ කට්ට කන්නේ දැන් අදක ඊයෙක නෙවෙයි. ඒ නිසා මේකත් එක සිහිනයක්... අපේ කට්ටිය අවුරුදු ගණනක් බලන් හිටපු සිහිනයක්...
පැය පහක් නුවර ඉඳල කොළඹ ගිය එවුන් ඒ කට්ටේ රහ දනනවා. දැන් පොඩි වංගුවක් ගහල ඒ යන වෙලාව පොඩ්ඩක් අඩු කර ගන්න පුළුවන් වෙයි.
පොදු ප්‍රවාහනය ගොඩ ගන්න ඕනි, ටුක් ටුක් සීමා කරන්න ඕනි, මිනිස්සු පොදු ප්‍රවාහනයට හුරු කරන්න ඕනි, ආකල්ප වෙනස් කරන්න ඕනි, මයින්ඩ් සෙට් එක හදන්න ඕනි, මේවා වැදගත් වෙන්නේ මධ්‍යම පංතියට විතරයි, ණය කන්ද ගොඩ ගැහෙනවා විතරයි, කෝ අධිවේග වලින් සිද්ද වෙන ආර්ථික සංවර්ධනේ, වගේ කතා නම් තියනවා තමයි.
ඒ වුණාට මෙයාල මේ හායි කියන්නේ එයාලගේ ෆැන්ටසි එකට.
සෙල්ෆි ගහන්න එයාල වන්දනාවේ යනවා වගේ පෝට් සිටි යන්නේ ඒකයි.
ලංකාවේ හැමෝටම 'දියුණු' දේවල් බලන්න පිටරට යන්න වාසනාව නැහැනේ. ඒකයි මෙයාල මේ වගේ පාරවල් අද්දරට එන්නේ.
හැමෝම ටොයියෝ නෙවේනේ.
කොළඹ ටොයි ඩිස්කෝස් වල මොනවා කිව්වත් මේ පැතිවල මිනිස්සු හයි-වේ එක වෙල්කම් කරනවා කියල මට හිතෙනවා.
දකුණට විතරක් තිබ්බ දෙයක් දැන් එයාලටත් ඇවිල්ලා. ඒ අවුරුදු දහයකට විතර පස්සේ...කිරෙන් බාලවෙලා තිබිල.
දෙන දෙයක් හැමෝටම දීපල්ලා...
හායි කැන්ඩි හයි වේ... වෙල්කම්!(මහේෂ් හපුගොඩ )
සමාජ හා දේශපාලන විශ්ලේෂක
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
බැසිල්ගේ සමීක්ෂණයෙන් රාජපක්ෂලා හාන්සියි! | Gossip
මගෙන් ගොඩ ගිය සහෝදරයින් මගෙ දරුවන්ට වන්දි ගෙවන්න වෙයි!| මොණරවිලගේ ලියමන
සර් රවි දුන්නා සිරිසේනට අමල් බිසෝ වෙන්න,.
225ටම ඇමතිකම්! | වියත්කතා
ரணிலுக்குப் பிரதமர் பதவியா? தென்னிலங்கை அரசியலில் குழப்பம்! | Gossip | Tamil