ජනාධිපතිතුමා මධ්‍යම අධිවේගී මාර්ගයයේ තවත් කොටසක් 15 වෙනිදා ජනතා අයිතියට පැවරුවා.



රටේ රාළට කියන්න ඕනි ඒ ගැන නෙවෙයි. එතනදී ජනාධිපතිතුමා කරපු කතාව ගැන. ඒකටත් හේතුවක් තියනවා. පහුගිය දවස් කීපය ඇතුළේම, නැත්තං මේ අවුරුද්ද පටන් ගත්තට පස්සේ ජනාධිපතිතුමා කරපු කතාවල පොදු ලක්ෂණ කීපයක් රටේ රාළ දැක්කා.

ඒ හැම තැනකදීම ජනාධිපතිතුමා කිව්වේ ජනතාවට වෙච්චි සියලු පොරොන්දු මේ අවුරුදු තුන ඇතුළේ ඉෂ්ඨ කරනවා කියලා. එතුමාව විශ්වාස කරන්න කියලා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ අලුතෙන් වැඩ ඉවර කරපු කොටස විවෘත කරමින් කරපු කතාවෙන් එතුමා තව ටිකක් ඉස්සරහට ගියා. ආයෙත් පුරන් කුඹුරු අස්වද්දන්න එතුමා එක්ක එකතු වෙන්න කියලා එදා ආපු තරණයාට ආයෙත් ආරාධනා කළා.



ඇත්තටම මෙතනදී මෙහෙම කාරනාවක් තියනවා. ඕනිම කෙනෙකුට පුළුවන් තමන්ගේ අතීතය දිහා බලලා වෙනස් වෙන්න. අතීත අද්දැකීම් වර්තමානයට එකතු කරගන්න. ඒ කියන්නේ නිවැරදි වෙන්න. ඒ අයිතිය ජනාධිපතිටත් තියෙන්න ඕනි.

 

මහින්ද නං කියන්නේ පහුගිය අවුරුදු දෙක අමතක කරන්න කියලා. ඒ අවුරුදු දෙක විපක්ෂයට බාර දෙන්නලු. තමන් අසාර්ථක උනාට පස්සේ ඒක වෙන කෙනෙක්ගේ කරේ ගහන එක සාමාන්‍යයෙන් මහින්දගේ සිරිතක්. හැබැයි සාර්ථක නං අනුන්ගේ දේත් කඩා ගන්නවා. නැත්නම් මොන පාලකයද තමන් පාලනය කරපු අවුරුදු දෙක විපක්ෂට දෙන්න හදන්නේ.

 

හැබැයි ජනාධිපතිවරයා මෙතනදී එච්චරම සැහැසි උනේ නෑ. එතුමා කියන්නේ පහුගිය අවුරුදු දෙක එතුමාට කෝවිඩ් නිසා නැති උනා කියලා. අර නුවරදී තරුණයෙක් ඇව්ල්ලත් කියලා තිබුනේ එතුමාගේ හිතේ තියන දෙයට සමාන කතාවක්.

ඊළගට ජනාධිපතිතුමා මේ අවුරුද්ද පටන් ගන්නවත් එක්ක අලුත් turn එකක් ගන්නවා කියන කතාවත් පහුගිය කාලේ දිගටම ගිය කතාවක්.

ඒ turn වෙනුවෙන් ජනාධිපතිතුමා ආගමික වතාවත් පුද පූජා හෙමත් සෑහෙන ප්‍රමාණයක් කළා. ජයශ්‍රීමා බෝධිය වැන්දා, අටමස්ථානා වැන්දා, දළදා වැන්දා, මහ නායකලා හම්බ උනා. රටේ රාළ හිතන විදිහට ඒ පැත්තේ වැඩටික නං ඉවරයි.

එතකොට ආය එතුමාට මොකද්ද කරන්න තියෙන්නේ කියලා හිතුවොත් තව තියෙන්නේ 18 වෙනිදා පාර්ලිමේන්තු විවෘත කරලා රාජාසන කතාව කරන්න. සමහරවිට එතුමා ඉන්නේ එතනින් පටන් ගන්නද දන්නේ නෑ. හොදයි ජනාධිපතිතුමාට රටේ රාළ ඒකටත් ඔබතුමාට සුභ පතනවා.

සුභ පතලා විතරක් මදිනේ ජනාධිපතිතුමාට තියෙන අඩුපාඩු ගැනත් කියන්න ඕනිනේ.

 

රටේ රාළ මෙතනදී ජනාධිපතිතුමාගේ දකින ප්‍රධාන අඩුවක් තියනවා. ඒ තමයි ජනාධිපතිතුමාගේ ඔළුවේ turn එකක් ගන්න ඕනි කියන සංකල්පය ඇති. රටේ රාළ දන්නේ නෑ ජනාධිපතිතුමා මොකද්ද ගන්න හදන turn එක කියලා. ඒ ගැන තවදුරටත් හිතුවොත් ජනාධිපතිතුමාට ගන්න තියෙන්නේ සෞභාග්‍යයේ දැක්මේ අතපසු වෙච්චි වැඩ ටික මේ අවුරුදු තුනෙන් ඉවර කරන්න.

 

''මේ කිසිම වැඩකට සැලැස්මක් තිබුණේ නෑ''


එතකොට එතුමා ඒක පටන් ගන්න හදන්නේ කොතනින්ද? මුලින්ද, මැදින්ද, කොතනින්ද? කොතනින් පටන් ගත්තත් ඒකට සැළැස්මක් තියෙන්න ඕනි. ඇත්තටම මේ දක්වා ගොඩක් වැඩ අසාර්ථක වෙන්න බලපාපු ප්‍රධාන හේතුව කොරෝනාම නෙමෙයි. මේ කිසිම වැඩකට සැලැස්මක් තිබුණේ නෑ. රටේ රාළ තවමත් විශ්වාස කරන්නේ ආණ්ඩුවට ඉස්සරහා අවුරුදු තුන සම්බන්ධවත් සැලැස්මක් නෑ කියලා.

සැළැස්මක් නැතිව ජනාධිපතිතුමා කොච්චර කිව්වත් එතුමා විශ්වාස කරන්න කියලා. කවුරුත් එතුමා විශ්වාස කරන්නේ නෑ. තරුණයන්ට පුරන් කුඹුරු අස්වද්දන්න එන්න කියලා වැදලා කිව්වත් කවුරුත් එන්නේ නෑ.

ඒක නිසා ඔය කතාව තව වැඩි දවසක් ජනාධිපතිතුමාට කියන්න බෑ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගැන තියපු විශ්වාස බිඳිලා දැන් ගොඩක් කල්. ඒක නිසා ජනතාවගේ විශ්වාස හදලා ගන්න දැන් කතන්දර කියලා වැඩක් නෑ. ඒවා ජොක් වෙනවා විතරයි.

 

ඒක නිසා ජනාධිපතිවරයා දැන් කියන්න ඕනි මේ අවුරුදු තුනෙන් රට ගොඩදාන සැළසුම මොකද්ද කියලා. අඩුම ගානේ ඒක 18 වෙනිදාට කරන ප්‍රතිපත්ති ප්‍රකාශණ කතාවෙන් හරි කියන්න. හැබැයි ඉතින් සංකල්පයක් ගැන හරි, මෙච්චර කල් විදපු ඉන්ජෙක්ෂන් ගැන හරි, විපක්ෂයට බැනලා හරි නම් වැඩක් නෑ. ජනාධිපතිතුමාගේ රාජාසන කතාවේ අඩුම ගානේ මේ ටිකවත් ඇතුළු වෙන්න ඕනි.

 

# එකක් තමයි රට බංකොලොත් නොවී තියාගන්න කෙටිකාලීන වැඩ පිලිවෙල මොකද්ද කියන එක. බංකොලොත් වෙන්නේ නෑ කියන්න එපා. එහෙම උනොත් ඒක අර ගාමිණී ලොකුගේ ලයිට් කපන්නේ නෑ කියන කතාව වගේ වෙනවා. මොකද මිනිහා වොයිෂ් කට් එක දීලා ඉවර වෙන්න ඉස්සෙල්ලා ලයිට් කපලා.


# රට බංකොලොත් නොවී තියාගන්න අනුගමනය කරන ආර්ථික වැඩපිලිවෙල මොකද්ද කියලා කියන්න. IMF යනවාද නැත්තං මොකද්ද විකල්පය. මොකද ඒ සැලැස්ම කියලා දැන් තීරණය කරලා තියෙන්න ඕනි.


# ඊළඟ මේ රටේ සාගතයක් වළක්වා ගන්න කෘෂිකාර්මික වැඩපිළිවෙළ මොකද්ද? රටේ රාළ නං හිතන්නේ ජනාධිපතිතුමා කොහොම කිව්වත් සිංහල අවුරුද්ද වෙනකොට රටේ ආහාර ගිගයක් එනවා. ඒකට මුහුණ දෙන්නේ කොහොමද කියලා කියන්න ඕනි. මොකද දැන් මේ මොහොතේ ඉදන් වගා සංග්‍රාමයක් පටන් ගත්තත් ඒක ළග එන සාගතයට උත්තරයක් නෙවෙයි.


# හැබැයි ගොවියෝ ගොඩ දෙනෙක් දැන් ගොවිතැන අතෑරලා. ඒ ගොවියාට විශ්වාස හදන වැඩපිළිවෙළ මොකද්ද? ඒකත් කියන්න.


# අනික තමයි 2021 ගේනවා කිව්ව ව්‍යවස්ථාව කවදදා ගේන්නේ කියන එකත් කියන්න. ඒකේ ආකෘතිය මොකද්ද කියලා කියන්න. ඒක හදන්න ඕනි පාර්ලිමේන්තුවෙන්. ඒකට පාර්ලිමේන්තුවට ඉඩ දෙනවාද කියලත් කියන්න.


# ඊළගට රටේ රාළ තව එක දෙයක් බලාපොරොත්තු වෙනවා. ජනාධිපතිතුමා කිව්වනේ පහුගිය අවුරුදු දෙකේ එක ශතයක්වත් එතුමා ණයට ගත්තේ නෑ කියලනේ. එතකොට මේ අරන් තියන ණය කවුද ගත්තේ. නැත්නම් ඒ ණය බොල් ණය විදිහට කපලා දාලද?


 තව ගොඩක්දේ තියනවා අහගන්න. කමක් නෑ. හදිසියේ අහපු නිසා ඔය දෙක තුනට හරි උත්තරයක් මේ රටේ ජනතාවට දෙන්න.

 

ඊළඟට ජනාධිපතිතුමාට කියන්න තව කාරණයක් තියනවා. ජනාධිපතිතුමාගේ මේ අවුරුදු දෙක තරම් දූෂිත ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ නැතිව ඇති.

 

ජනාධිපතිතුමා ඒවාට පුද්ගලිකව සම්බන්ධ නොවෙන්න පුළුවන්. හැබැයි අර ඔබතුමා කැබිනට් එකේ අයට, ආණ්ඩුවේ අයට බනින්නේ ආණ්ඩුවේ ඉන්නවා නං සාමුහික වගකීම ආරක්ෂා කරන්න ඕනි කියලා. එතකොට ආණ්ඩුවේ මේ දක්වා සිදුවන සියලු දූෂණවලට ඔබතුමාටත් වගකීමක් තියනවා. ඒක හරියට ඔය ඔබතුමා කියන සාමූහික වගකීම වගේ තමයි.

හොරු ආරාක්ෂා කිරීමේ වගකීමෙන් ඔබතුමාට ගැලවෙන බෑ.

මේ ළඟදි ආණ්ඩුවේ සිද්ධ උන දේකින්ම ඒකට උදාහරණයක් කියන්නම්.

පහුගිය දවසක මුදල් අමාත්‍යාංශ ලේකම් ලිත්‍රෝ සභාපති අස්කරපු වෙලාවේ ජනාධිපතිතුමා මැදිහත් වෙලා එයාව නැවත සේවයේ පිහිටෙව්වා. ඒ වෙලාවේ උග්‍ර පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු වන පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහත්තයා මෙහෙම පෝස්ට් එකක් දාලා තිබුණා. ඒකෙන් කතා කළේ ජනාධිපතිතුමා ගත්ත ක්‍රියාමාර්ග ගැන. එතනදී මහින්ද පතිරණගේ සෘජු විවේචනයට තෙෂාර වගේම ජනාධිපතිවරයාත් ලක් උනා. දැන් එයා මොනවා කිව්වත් මේ කියපු කතාව ආපහු අදින්න බෑ.

 

ඇත්තටම ඒ පෝස්ට් එකෙන් ලොකු කතාවක් කියනවා. ඒක බරපතල ප්‍රකාශයක්. එයා කියන්නේ ජනතාව වෙනුවෙන් පෙනී නොසිට තනි පුද්ගලයෙක් වෙනුවෙන් පෙනී සිටීම වැරදී කියලා. ඒ චෝදනාව එන්නේ පොදුජන පෙරමුණට කියලා. ජනාධිපතිවරයා පවා පත් කළේ පොදුජන පෙරමුණෙන් කියලා. එහෙම කියලා එයා අන්තිමට මෙහෙමත් කියනවා. "මාෆියා" පිටුපස සැගවීම හෝ ඒවායින් ආවරණ ලබාගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකී කියලා.

 

එතකොට ජනාධිපතිතුමා මොකද්ද මේ මාෆියාව. කවුද ඒක පිටිපස්සේ හැංගිලා ඉන්නේ. සුසිල් මෙච්චර බරපතල ප්‍රකාශයක් කළේ නෑ. වෙන කෙනෙක් මෙහෙම කිව්වා නං මෙලහට CID එකෙන් ප්‍රශ්න කරලා. මේකේ කියන කතාව රටේ රාළ විග්‍රහ කරන්න යන්නේ නෑ. ඒක හොදට කියවන්න. එතකොට තේරෙනවා.

මේ කතාව ඇතුළෙත් ජනාධිපතිවරයා හෙට දවසේ මුහුණ දෙන්න අභියෝග ගැන කියන කතාව හැංගිලා තියනවා. ඒ නිසා ඉදිරි අවුරුදු තුනේ සියලු පොරොන්දු ඉටු කරන්න යන ජනාධිපතිතුමාට එන අභියෝගය හරියට කිව්වේ නැත්නම් මේ ලිපිය අසම්පුර්ණයි.

රටේ රාළ කවදාවත් අසම්පූර්ණ වැඩ කරන්නේ නෑ. රටේ රාළට දැනෙන විදිහට මෙතනින් එහාට ජනාධිපතිතුමාට ප්‍රධාන අභියෝග තුනක් එනවා.

# එකක් ජනතා විරෝධය.

# අනික ආණ්ඩුවේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධය.

# අනික ඉතින් ඔබතුමාලම ගොඩනගපු පවුල් දේශපාලනය ඇතුළේ මතුවෙන බල අරගලය.


දැනට ඔබතුමාගේ සහයට තියෙන්නේ තවත් බල අරගලයක යෙදිලා බෙදිලා විසිරිලා සුණු විසුණු වෙලා තියන විපක්ෂය විතරයි.

එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි ජයවේවා.

Priynatha witharanaමීට
රටේ රාළ

(Priyanjith Vitharana ෆේස්බුක් පිටුවෙන්...)

 

 




බැසිල්ගේ සමීක්ෂණයෙන් රාජපක්ෂලා හාන්සියි! | Gossip




මගෙන් ගොඩ ගිය සහෝදරයින් මගෙ දරුවන්ට වන්දි ගෙවන්න වෙයි!| මොණරවිලගේ ලියමන



සර් රවි දුන්නා සිරිසේනට අමල් බිසෝ වෙන්න,.



225ටම ඇමතිකම්! | වියත්කතා



ரணிலுக்குப் பிரதமர் பதவியா? தென்னிலங்கை அரசியலில் குழப்பம்! | Gossip | Tamil

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්