පන්දුවාර විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය පිළිබද බලාපොරොත්තු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගෙන් ඊයේ රාත්‍රියේ ගිලිහී ගියේය. ඒ, නවසීලන්තය සමග පැවති තීරණාත්මක තරගයෙන් ලකුණු 102ක පරාජයක් ලැබීම හේතුවෙනි.
එම තගරයේ කාසියේ වාසිය දිනාගැනීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම සමත්වූ අතර ඔවුන්ගේ තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය.
ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 162ක් රැස් කළාය.
අමේලියා ක(ර්) පන්දු 48කදී ලකුණු 68 යි. සුසී බේට්ස් පන්දු 49කදි ලකුණු 56 යි.
තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හිමිවී තිබූ ඉලක්කය ලකුණු 163කි.
ඒ අනුව ලකුණු 163ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 15යි පන්දු 05ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 60ක් පමණි.
නායක චමරි අතපත්තු පන්දු 21 කදි ලකුණු 19 ක් රැස් කළාය. මල්ෂා ෂෙහානි ලකුණු 10 යි.
නවසීලන්ත ක්‍රීඩිකාවන්ගේ පන්දු යැවීම හමුවේ සෙසු ශ්‍රී ලංකා පිතිකාරිණියන්ට ලකුණු 10 සීමාව පසුකර යාමට හැකියාවක් නොලැබිණ.
මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරග දෙකම ජයගත් අතර අවසන් තරග දෙකේදී පරාජයට පත් විය.