ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 වසරේදී රුපියල් බිලියන 6.3 ක වාර්තාගත ශුද්ධ ලාභයක් උපයා ඇත. එය ඉතිහාසයේ වසරක් තුළ ලැබූ වැඩිම ශුද්ධ ලාභය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරයි.
ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංවිධාන කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් බිලියන 4.2 ක ආදායමක් උපයා ඇත. දේශීය තරඟ සංවිධානය කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උපයා ඇති මුදල රුපියල් බිලියන 2.27 කි.
උපයාගත් ආදායමෙන් රුපියල් බිලියන 1.2 ක් සමාජ සත්කාරක වැඩසටහන් වෙනුවෙන් ලබාදුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ක්‍රිකට් ව්‍යවස්ථාව අලුත් කරන්න විද්වත් කමිටුවක් !
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ට නව ව්‍යවස්ථාවක් සැකසීමට දස දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත්කර ඇත. ක්‍රීඩා අමාත්‍යාංශය විසින් එම පත්කිරීම සිදුකර තිබේ.
විනිසුරු කේ. ටී. චිත්‍රසිරි එහි සභාපති ලෙස කටයුතු කිරීමට නියමිතය.
ජාත්‍යන්තර වශයෙන් සෙසු ක්‍රිකට් ආයතනවල ව්‍යවස්ථා අධ්‍යයනය කර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා විශේෂඥ මණ්ඩලයේ උපදෙස් පරිදි නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.