කාන්තා පාපන්දු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩිකාවක ලෙස සැලකෙන බ්‍රසීලයේ මර්තා (Marta) ඇයගේ 6 වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වීමට නියමිතයි.
ඒ, ඇය මේ වසරේ පැවැත්වෙන පැරිස් ඔලිම්පික් උළෙලේදී ඇගේ රට නියෝජනය කිරීමට සුදුසුකම් ලබා සිටින බැවින්.
පසුගිය අප්‍රේල් මාසයේදී මේ ක්‍රීඩිකාව කියා සිටියේ මේ වසර අවසානයේදී ඇය ජාත්‍යන්තර පාපන්දුවෙන් සමුගන්නා බව. නමුත් ඇගේ රට වෙනුවෙන් ඔලිම්පික් රන් පදක්කමක් ලබා ගැනීමේ තවත් එක් අවස්ථාවක් මර්තා ට ලැබී තිබෙනවා.
පසුගිය අප්‍රේල් මාසයේදී මේ ක්‍රීඩිකාව කියා සිටියේ මේ වසර අවසානයේදී ඇය ජාත්‍යන්තර පාපන්දුවෙන් සමුගන්නා බව. නමුත් ඇගේ රට වෙනුවෙන් ඔලිම්පික් රන් පදක්කමක් ලබා ගැනීමේ තවත් එක් අවස්ථාවක් මර්තා ට ලැබී තිබෙනවා.
38 හැවිරිදි මර්තා, අවසාන තරගවල දෙවතාවක් ම අමෙරිකානු කාන්තා පාපන්දු කණ්ඩායමට පරාජය වෙමින් ඔලිම්පික් රිදී පදක්කම් දෙකක් 2004 සහ 2008 වසරවලදී හිමිකර ගත්තා.
වර්තමානයේ මේ ක්‍රීඩිකාව අමෙරිකාවේ සමාජ පාපන්දු ක්‍රීඩාවේ නියැලී සිටින්නේ ‘ඔ්ලන්ඩෝ ප්‍රයිඩ්’ කණ්ඩායම නියෝජනය කරමින්.
“එදා මෙදා තුර බිහිවූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩිකාව ඇයයි” බ්‍රසීලයේ පුහුණුකරු Arthur Elias ප්‍රකාශ කරනවා. “ඇය ඉතා හොඳින් ක්‍රීඩා කරමින් සිටිනවා. ඔලිම්පික් යන්න ඇය සුදුසුයි.”
“අමෙරිකාවේ NWSL ක්‍රීඩා වාරයේ ඉහළම ස්ථානය සඳහා තරග කරමින් සිටින ඇගේ ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කිරීම පිණිස නැවත පැමිණීමෙන් පසුව, මර්තාගේ ක්‍රීඩාව සහ පාපන්දුව ඇතිව හෝ නැතිව තිබෙන ඇයගේ හැසිරීම නිසා සියළුම ක්‍රීඩික ක්‍රීඩිකාවන් ඇයව උදාහරණයක් ලෙස දකිනවා.”
“ඇගේ උපරිම ක්‍රීඩාව ලබා ගැනීම සඳහා ක්‍රමයක් සොයා ගැනීමේ අභියෝගයක් මට තිබෙනවා. නමුත් ජයග්‍රහණය කළ හැක්කේ සියළු දෙනා ම එක්ක පමණක් බව ඇය දන්නවා.”
බ්‍රසීලයේ මෙතෙක් බිහිවූ පිරිමි හෝ කාන්තා වාර්තාගත ගෝල්ලාභියා වන්නේ මර්තා. ඇය මෙතෙක් ඔලිම්පික් ක්‍රීඩා උළෙල පහකට සහභාගි වී තිබෙනවා.
2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී ඇය එකදිගට ඔලිම්පික් තරගාවලියන් පහක ගෝල් ලබා ගත් පළමු ක්‍රීඩිකාව බවට පත්වෙමින් ඉතිහාසය නිර්මාණය කළා. එම වාර්තාව පැරිසියේදී දික් කර ගැනීමට ඇයට දැන් අවස්ථාව උදා වී තිබෙනවා.
2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී ඇය එකදිගට ඔලිම්පික් තරගාවලියන් පහක ගෝල් ලබා ගත් පළමු ක්‍රීඩිකාව බවට පත්වෙමින් ඉතිහාසය නිර්මාණය කළා. එම වාර්තාව පැරිසියේදී දික් කර ගැනීමට ඇයට දැන් අවස්ථාව උදා වී තිබෙනවා.
බ්‍රසීල කාන්තා පාපන්දු කණ්ඩායමේ පැරිස් ඔලිම්පික් ආරම්භක තරගය ජූලි 25 වැනිදාට යෙදී තිබෙන්නේ නයිජීරියාව ට එරෙහිව. ඉන්පසු ඔවුන් ‘සී’ කොටසේ ඉතිරි තරගවලදී ජපානය හා ස්පාඤ්ඤය ට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතයි.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී