theleaderlk 01

සර්වසම පෙනුමක් ඇති එකම නම තිබෙන ක්‍රීඩකයන් දෙදෙනෙක් ඔවුන් බොහෝ කලක සිට රහසිගතව නැති වී සිටින එකම දෙමව්පියන්ගේ දරුවන් දැයි

දැනගැනීම පිණිස DNA පරීක්ෂණයකට මුහුණ දීමට තීරණය කළා.

රතු පැහැති හිසකෙස්, රතු රැවුලක් හා ඝන කන්නාඩි පළඳින බ්‍රේඩී ෆේගු (Brady Feigl) අඩි 6යි අඟල් 4ක් උස බේස්බෝල් ක්‍රීඩකයෙක්. රතු හිසකෙස්, රතු රැවුලක් හා ඝන කන්නාඩි පළඳින අඩි 6යි අඟල් 4ක් උසැති තවත් බේස්බෝල් ක්‍රීඩකයෙක් ද බ්‍රේඩී ෆේගු (Brady Feigl) නමින් සිටින්නේ පුදුමාකාර අයුරින්.

එක් කෙනෙක් මෙක්සිකෝවේ Pericos de Puebla කණ්ඩායමේ Pitcher ක්‍රීඩකයෙකු වන අතර අනෙකා Oakland Athletics කණ්ඩායමේ සිටි Pitcher ක්‍රීඩකයෙක්. එනම්, මේ දෙදෙනා බේස්බෝල් ක්‍රීඩාවේ ක්‍රීඩා කරන්නේ ද එකම ස්ථානයේ.

xfge563
එබැවින් මේ දෙදෙනා ඔවුනොවුන් පිළිබඳව ප්‍රශ්න කිරීම අරුමයක් නෙවෙයි.

මේ ක්‍රීඩකයන් දෙදෙනාගේ සමාන හැඩරුව පිළිබඳව මිනිසුන් බොහෝ කලක් තිස්සේ ඔවුන්ට කියා සිටිම නිසා මීට පිළිතුරු සොයා ගැනීමට බ්‍රේඩීලා දෙදෙනාට උවමනා වුනා.

එහෙත් බොහෝ දෙනා විස්මයට පත් කරමින්, DNA පරීක්ෂණයෙන් අනාවරණය වී තිබෙන්නේ මේ දෙදෙනාගේ කිසිම සම්බන්ධයක් ඇත්තටම නැති බව.

දෙදෙනා දිගු කලක පටන් නැතිවී හෝ වෙන්වී සිටින සහෝදරයන් නොවන බවට DNA පරීක්ෂණයෙන් තහවුරු වූව ද, එයින් එක් සමානකමක් පෙන්වා දී තිබුනා.

මේ ක්‍රීඩකයන් දෙදෙනාගේ ජර්මානු පෙළපතක ලක්ෂණවල මට්ටම එක සමාන වී තිබුනේ දෙදෙනා ට ම සියයට 53ක ජර්මානු සම්භවයක් තිබෙන බවට තහවුරු වී තිබුනු බැවින්.

අනෙක් සෑම අංශයකින් ම වෙනස් වී සිටින මේ දෙදෙනාගේ එක ම සමානකම වී තිබෙන්නේ එය යි. මේ අනුව ඔවුන් කලක සිට නැතිවී එකිනෙකාගෙන් වෙන්ව සිටින සහෝදරයන් නොවන බවට අවසානයේ ස්ථිර වුනා.

මේ බ්‍රේඩීලා දෙදෙනාට අලුත් පවුලක් වීම උරුම නැතත්, එකිනෙකා මුණගැසීමට ලැබීම ගැන සතුටු වන ඔවුන් “එක්තරා අන්දමකට අපි තවමත් සහෝදරයන්” බව පවසනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

pe2024 2

worky sin

නවතම පුවත්