'පැරිස් 2024' ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව ඉහළ බලාපොරොත්තුවත් තබා සිටි ඉසව්වක් වූ තරුෂි කරුණාරත්නගේ කාන්තා මීටර 800

ඉසව්වේ අවසන් බලාපොරොත්තුවත් අද (03දා) සම්පූර්ණයෙන් බොඳවී ගියේය.

මෙම ඉසව්වේ මූලික වටය තරග මෙරට වේලාවෙන් ඊයේ (02දා) රාත්‍රියේදී පැවැති අතර, එහිදී තරුෂි 06වැනි මූලික තරගයට (Heat - 6) සහභාගි විය.

කෙසේ නමුත් එහිදී මිනිත්තු 2:07.76කින් තරගය අවසන් කළ ඇයට අවසන් ස්ථානයෙන් සැහීමට පත්වීමට සිදුවිය.

කෙසේ නමුත් එම තරගයේදී ඇය දැක් වූ කාලය අනුව අද දිනයේදී නැවත වරක් තරග වැඳීමේ දෙවැනි අවස්ථාවක් හිමිවිය.

ඒ අනුව එම තරගය මෙරට වෙලාවෙන් අද ප.ව. 3.15ට පැවැති අතර, එහි 04වැනි මූලික තරගයට තරුෂි සහභාගි විය.

කෙසේ නමුත් එහිදීද 07වැනි ස්ථානයෙන් සැහීමට ඇයට සිදුවිය. තරුෂි වාර්තා කළ කාලය දැක්වූයේ මිනිත්තු 2:06.66ක් ලෙසිනි.

තරුෂිට හිමිවූ මෙම දෙවැනි අවස්ථාව නැතිනම් Repechage round යනු මූලික වටයේ අසාර්ථක වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ලබාදෙන දෙවැනි අවස්ථාවක් වන අතර, ඔලිම්පික් ඉතිහාසයට මෙවන්නක් හඳුන්වාදුන් පළමු අවස්ථාව ලෙසින් මෙය සැලකෙයි.

තරුෂි සහභාගි වූ තරග ඉසව්වේ මූලික වටයේ සෑම අදියරකම පළමු, දෙවැනි හා තෙවැනි ස්ථාන හිමිකරගත් ක්‍රීඩිකාවන් 18 දෙනෙකු ඍජුවේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.

ඒ අනුව ක්‍රීඩිකාවන් 24 දෙනෙකුට අවස්ථාව හිමිවන මෙම වටයෙන් සෙසු ක්‍රීඩිකාවන් 06 දෙනා තීරණය වන්නේ තරුෂි තරගවැඳුණු මෙම දෙවැනි අවස්ථාව තරගයෙන්ය.

(adaderana.lk)

 

 


අද උදේ ඉදං මේ ෆොටෝ එක වෝල් එකේ සිය සිය වතාවක් දකින්න ඇති.

මම ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩා රසිකයෙක් නෙවෙයි. ඒත් මට අද උදේ ඉදං දස දහස් වචන එනව ලියන්න.
 
දුකක් එනවා.
හයියෙන් හුස්ම පිටවෙනවා.
සතුටක් එනවා.
මොරාල් එකක් එනවා.
ධෛර්යක් එනවා.
අත්පුඩි ගහන්න හිතෙනවා.
කඳුළු එනවා.
කෑ ගහන්න හිතෙනවා.......!

'එක එකා පහුකර කරලා; හැම එකා ම පහුකරලා මිස ආපහු හැරෙන්න එපා පුතේ. පස්ස නොබලා හයියෙන් දුවපන් මයේ පුතේ'
 
උඹ ලංකාවට ආවාම වළල ඒ. රත්නායක ඉස්කෝලේ පැත්තේ ඇවිත් යන්න එන්නම්. 
 
උඹේ කන්දෙකට ඇහෙන්න අප්පුඩියක් ගහන්න ඕන....!


(උපුල් ශාන්ත සන්නස්ගල ගේ සටහනක්)

උපුටා ගැනීම  : උපුල් සන්නස්ගල ගේ ෆේස්බුක් පිටුවෙන්...

worky sin

නවතම පුවත්